නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” හෙට (15) දිනයේදී මෙරටට රැගෙන එන බව පොලීසිය පවසයි.
ඔවුන් දෙදෙනාව අද (14) දිනයේදී මෙරටට ගෙන ඒමට නියමිතව තිබුණත් ගුවන් යානා ප්‍රමාදවීම හේතුවෙන් ගෙනඒමට හැකිවී නොමැත.
‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ ඇතුළු පිරිසක් පසුගිය මාර්තු 01 වනදා මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ මෙරට ආරක්ෂක අංශ ලබාගෙන තිබූ ජාත්‍යන්තර රතු නිවේදනවලට අනුවය.
අනතුරුව ‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ව මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙක් පසුගිය සෙනසුරාදා මැඩගස්කරය බලා ගිය අතර ඔවුන් ‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ සමග කෙන්යාවේ නයිරෝබී නුවර වෙත පැමිණ තිබුණි.
ඒ මෙරටට මැඩගස්කරයේ සිට සෘජු ගුවන් ගමන් නොමැතිවීම හේතුවෙනි.
පසුව ඔවුන් දෙදෙනාව අද අලුයම තවත් ගුවන් යානයකින් ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.
ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් මේ වනවිට එහි රැඳී සිටින ‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ ව හෙට දිනයේදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.
ඔවුන්ව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන යනු ලබන්නේ එම දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පළපුරුදු විමර්ශන කණ්ඩායමක් විසිනි.
අනතුරුව එම කණ්ඩායම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතව තිබේ.