ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රෙෂ්ඨාධ්කරණය තීන්දු කළේය.Sri Lanka Latest News
ශ්‍රෙෂ්ඨාධ්කරණය එලෙස තීන්දු කළේ විජිත් මලල්ගොඩ, කුමුදුණී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය.
ශානි අබේසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රමුඛ නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ තමාව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2019 නොවැම්බර් මාසයේදී අත්තනෝමතික ලෙස ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ සහකාර ලෙස ස්ථාන මාරු කළ බවත්, ඉන් පසු අත්තනෝමතික ලෙස වැඩ තහනම් කළ බවත් ඒ මහතාගේ පෙත්සමේ සඳහන් වේ.
හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිසම සහ එහි සාමාජිකයන්ද, නීතිපතිවරයා ද ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.