මැයි පළමුවැනිදා කොළඹ පැවැති සියලු දේශපාලන පක්ෂ රැලිවලට සහභාගි වූ ජනතාවගේ නිල සංඛ්‍යාලේඛන මේ වන විට නිකුත් වී තිබේ.Sri Lanka Latest News
එම සංඛ්‍යාලේඛනවලට අනුව වැඩිම ජනතාවක් සහභාගි වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ චැතම් වීදියේ පැවැති සමගි ජන බලවේගයේ මැයි රැලියටය. ඊට 45,000ක ජනකායක් සහභාගි වී සිටි බව එම සංඛ්‍යාලේඛනවලින් අනාවරණ කොට තිබේ.
ඉන් අනතුරුව වැඩිම ජනතාවක් සහාභාගි වී ඇත්තේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලිප්ටන් වටරවුමේ පැවැති ජාතික ජන බලවේගයේ මැයි රැලියටය. ඊට සහභාගි වූ පිරිස 30,000ක් බව නිල වාර්තා මගින් අනාවරණ කර ඇත.
තෙවැනුව වැඩිම ජනතාවක් සහභාගි වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ පැවැති පොහොට්ටුවේ මැයි දින රැලියටය. එම සංඛ්‍යාව 15,000ක් බව අදාළ වාර්තාවල දැක්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්තේ පැවැති මැයි දින රැලියට සහභාගි වී ඇති ප්‍රමාණය 12,000කි.
කෙසේ වෙතත් සජබ මැයි රැලියට 45,000ක් සහභාගි වූ බව නිල සංඛ්‍යාලේඛන මගින් අනාවරණ කොට තිබුණද, ඊට වඩා විශාල ප්‍රමාණයක් එම රැලියට සහභාගි වීම සඳහා කොළඹ බලා පැමිණ තිබිණි. බස් රථ විශාල ප්‍රමාණයකින් පැමිණි සජබ පාක්ෂිකයන් හට එම මැයි රැලිය ආසන්නයට පැමිණීමට නොහැකි වීම සහ යම් යම් ස්ථානවලදී පොලිසිය විසින් සිදුකරනු ලැබූ බාධාකිරීම් හේතුකොට ගෙන ඔවුන්ට මැයි රැලියට සහභාගි වීමේ ඉඩකඩ අහිමි වී ගොස් අති බවද දැනගන්නට ඇත. මේ බව සජබ ප්‍රධානීන් විසින්ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තහවුරු කරනු ලැබීය.
කෙසේ වෙතත් දේශපාලන ක්ෂේත්‍රයේ සිදුකරන ගණන් හැදීමට අනුව ලක්ෂ 3 ඉක්මවූ ජනකායක් ඉකුත් මැයි 01 වැනි දින මැයි රැලිවලට සහභාගි වීම සඳහා කොළඹට ඇතුළු වී ඇති බව වාර්තා වේ. එය මෙතෙක් ඉතිහාසයේ මැයි රැලි සඳහා කොළඹට පැමිණි වැඩිම ජනකාය බවද දේශපාලන ක්ෂේත්‍රයේ මතය වී තිබේ.
මෙම ප්‍රමාණයන්ට අමතරව ජවිපෙ විසින් අනුරාධපුරයේ පැවැත්වූ මැයි රැලියට 20,000කට අධික සංඛ්‍යාවක්ද, මාතර පැවැත්වූ මැයි රැලියට 40,000කට අධික ප්‍රමාණයක්ද සහභාගි වී සිටි බව එම සංඛ්‍යාලේඛන මගින් දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.