පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ යාපනයේ ජනප්‍රිය පාසලක සිසුවෙකු එම ක්‍රීඩාවක සඳහන් ආකාරයට තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලකින් පැන 14 දා සියදිවි හානි කරගැනීමට තැත්කොට තිබේ.
වාසනාවකට මෙන් දැනට විදුලිය සපයා නැති පැරැණි විදුලි රැහැන් පද්ධතියක සිසුවා පැටලී බිම වැටීමට සෑහෙන කාලයක් ගතවූ නිසා ගරුවරුන්ට හා සිසුන්ට සුළු තුවාල ලැබූ සිසුවාව බේරාගෙන ගිලන් රථයකින් රෝහල්ගත කිරීමට හැකි වී තිබේ.
ඔහු එදින පාසලට රැගෙන එන ලද පොත් බෑගය පරීක්ෂා කිරීමේදී ඔහුගේ ජීවිතය හා පරිගණක ක්‍රීඩාව ගැන තොරතුරු සඳහන් කරමින් ඔහු ලියා තිබූ පිටු 7ක ලිපියක්ද ගුරුවරුන්ට හමුවී ඇත.
එම පරිගණක ක්‍රීඩාවේ නිරත වන පිරිස ඔහු වෙත ලබාදෙන යම් අභියෝගයක් භාරගත යුතුව ඇති අතර මේ සිසුවාද එවැනි අභියෝගයක් භාරගනිමින් පාසලේ තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැන තිබේ.
lankasara