‘ගමේ හිටියොත් වගතුවක් නැහැ. හරියන්න නම් ගමෙන් යන්න ඕනි’ ‘මේ ගමනම් මට දිව්‍ය ලෝකයක්, ගම දාලා මම නම් යන්නෙ නැහැ’ ඔබටත්, මටත් මෙවැනි ප්‍රකාශයන් කොතෙකුත් අසන්නට ලැබී ඇත. ගම අතහැර නගරයට ගොස් දියුණුවේ හිණිපෙත්තටම ගිය ව්‍යාපාරිකයන් ගැන ඉතා ප්‍රසිද්ධ කතාද අප අසා ඇත. තවද පදිංචි ගමේ සිටියදීම බැබළෙන චරිත බවට පත්වූ අය මෙන්ම අපරාධකරුවන් බවට පත්වූවන් ගැනද අප අසා ඇත.
ඇත්තටම මෙහෙම වෙන්නේ කොහොමද? මෙහි ඇති රහස කුමක්ද? පදිංචි නිවෙසේ වාස්තු දෝෂවලට අමතරව, බලපානු ලබන තවත් සාධක තිබේද? ඉඩමක් මිලදී ගැනීමට පෙර එය කොතරම් ලාබද, නගරයට ළඟද, පාසල ළඟද, රෝහලට ළඟද, යන හේතුන් පමණක්ද වැදගත්ද. මේ සියල්ලටම පිළිතුරු පුරාණ වාස්තු ග්‍රන්ථවල සඳහන් වී ඇත. අද අප සූදානම් වන්නේ, ඔබ පදිංචි ගම, ඔබ ඉඩම මිලදී ගැනීමට බලාපොරොත්තු වන නගරය, ජීවත් වීමට සුදුසුද, නුසුදුසුද යන්න සොයා බැලීමයි. මේ සඳහා පළමුව නාම ලග්නය සහ ග්‍රාම ලග්නය සොයාගත යුතුයි. නමෙහි මුල් අකුරෙත්, නාම ලග්නය සොයාගත හැකිය. මේ සඳහා ඔබගේ නමෙහි වඩාත්ම භාවිත වන නම් කොටස ගතයුතුයි.
උදා – හේවාරාළලාගේ නිලන්ත ජයසිංහ
මෙම නමෙහි වඩාත් භාවිතවන කොටස ‘නිලන්ත’ යැයි සිතමු. නිලන්ත පදිංචි ග්‍රාමය ඇහැලියගොඩ යැයි සිතමු. මේ සඳහා පහත වගුව ප්‍රයෝජනයට ගතහැකිය.
ලග්නය නමට හා ගමට අදාළ මුල් අකුර ගතවූ ලග්න ගණන අනුව සුබ අසුබ
මේෂ චූ, චෙ, චො, ල, ලි, ලු, ලෙ, ලො, අ 1ක් නම් වෛරයි.
වෘෂභ ඉ, උ, එ, ඔ, ව, වි, වු, වෙ, වො 2ක් නම් සුබයි.
මිථුන ක, කි, කු, කෙ, කො, හ 3ක් නම් හානියි.
කටක හි, හු, හෙ, හො, ඩ, ඩි, ඩු, ඩෙ, ඩො 4ක් රෝගයි.
සිංහ ම, මි, මු, මෙ, මො, ට, ටි, ටු, ටෙ 5ක් නම් සුබයි.
කන්‍යා ටො, ප, පි, පු, පෙ, පො 6ක් නම් හානියි.
තුලා ර, රි, රු, රෙ, රො, ත, ති, තු, තෙ 7ක් නම් වෛරයි.
වෘශ්චික තො, න, නි, නු, නෙ, නො, ය, යි, යු 8ක් රෝගයි.
ධනු යෙ, යො, බ, බි, බු, බෙ 9ක් නම් සුබයි.
මකර බො, ජ, ජි, ජු, ජෙ, ජො, ෂ, ග, ගි 10ක් නම් සුබයි.
කුම්භ ගු, ගෙ, ගො, ස, සි, සු, සෙ, සො, ද 11ක් නම් සුබයි.
මීන දි, දු, දෙ, දො, ච, චි 12ක් නම් රෝගයි.
දැන් ඇහැලියගොඩ නිලන්තට ගම, සුබද, අසුබද යන්න අප සොයා බලමු. නිලන්තගේ නමෙහි මුල් අක්‍ෂරය ‘නි’ වෙයි. එය අයත් වන්නේ ‘වෘශ්චික’ ලග්නයටයි.
ඇහැලියගොඩ ගමේ මුල් අක්‍ෂරය ‘ඇ’ වෙයි. එය මේෂ ලග්නයට අයත් වෙයි. දැන් වෘශ්චික ලග්නයේ සිට මේෂ ලග්නයට, එම ලග්න දෙකද ඇතුළත්ව ගතවන ලග්න සංඛ්‍යාව ගන්න. එය 06කි. අංක 06ට අදාළ වන්නේ හානියයි. එනම් නිලන්තට ගම සුබ නැත.
මෙසේ ගමෙහි සුබ / අසුබ හොයන තවත් ක්‍රමයක් ඇත.
ඔබ පදිංචි ප්‍රදේශයේ අකුරු ගාන ගෙන එය හතරෙන් වැඩි කරන්න. දැන් ඔබගේ නමෙහි අකුරු ගණන එයට එකතු කරන්න. එම අගය හතෙන් බෙදන්න. ශේෂය අනව සුබ / අසුබ පහත වගුවෙන් සොයා ගන්න.
උදා : ඇහැලියගොඩ – නිලන්ත
ඇහැලියගොඩ – අකුරු 6කි. එය සතරෙන් ගුණ කරන්න.
නිලන්ත – අකුරු 4කි.
24 + 4 = 28/7 ශේෂය ‘0’ කි.
පුත්‍ර ලාභ සුබයි 5 සතුරන් නැසීම සුබයි.
ධන ලාභ සුබයි 6 රාජ්‍ය ලාභ සුබයි.
හානි අසුබයි 0 ශුන්‍යයි අසුබයි.
ආයුෂ සුබයි.
මෙම වගුව අනුවද නිලන්තට ඇහැලියගොඩ සුබ නොවේ.
දැන් දැන් මෙසේ ඔබගේ ගමත් ඔබට නුසුදුසු ග්‍රාමයක් ලෙස ප්‍රකාශ වන්නේ නම්, පළපුරුදු ජ්‍යොතිෂය / වාස්තුවේදියකුගේ උපදෙස් අනුව, ඔබගේ නිවෙසට, ඉඩමට, ව්‍යාපාරයට සුදුසු ලෙස සකස් කරගත හැකිය.
ගෘහ සැලසුම් හා
අංක විද්‍යා පර්යේෂක
අරෝෂ ජේ. වඩුගේ











