පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා දීම සදහා තමන්ට දින 2ක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සදුදා (20) කතානායක කරු ජයසූරිය මහතා වෙත දැනුම් දී තිබුණද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව දැනගන්නට ඇත.
පසුගිය සදුදා දිනයේදී කතානායක කරු ජයසූරිය මහතා හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර කතානායක නිල නිවෙසේදී පැවැති සාකච්ජාවේදී කතානායකවරයා ඍජුවම වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණේ පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසටය.
එහිදී ඊට අවසන් පිළිතුරක් ලබා දීම සදහා තමන්ට දින 2ක කාලයක් ලබා දෙන ලෙස වික්‍රමසිංහ මහතා ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණ.
ඒ අනුව අද (22) දින උදෑසන එම කාලය අවසන් වුවත් මෙතෙක් වික්‍රමසිංහ මහතා ජයසූරිය මහතා වෙත කිසිදු දැනුම්දීමක් කර නොමැති අතර සාකච්ජාවක් සදහා වේලාවක්ද ලබා දී නොමැති බවක් දැනගන්නට ඇත.










