• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාජහාන්- 19 සහ 20 (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 12, 2020
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 4 mins read
A A
සාජහාන්- 19 සහ 20 (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ලොව පුදුම හතෙන් එකක් වන ටජ්මහල හැදූ සාජහාන් රජ්ජුරුවෝ ටජ්මහල නිර්මාණය කළ ගෘහ නිර්මාණ ශිල්පියාගේ අතහෙි ඇගිලි කැපූ බවට කතාවක් තිබේ. ඔහු එලෙස ඇගිලි කපා ඇත්තේ ඔහු තවත් රජ කෙනකුට මෙවැනි නිර්මාණයක් කර දීම වැළැක්වීමට යැයි ඒ කතාවේ සදහන් වේ. ටජ්මහලත්, ගෘහ නිර්මාණ ශිල්පියාත් මතකයට එන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න රාජපක්ෂ ආණ්ඩුවට තියෙන හදිසිය දිහා බලන විටදීය.

රාජපක්ෂවරුන්ට වත්මන් ආණ්ඩුව වන් ටජ්මහල හදලා දුන්නේ අනෙකක් නොව 19 වන සංශෝධනයය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අධිකරණ විනිසුරන් පත්කරන්නේ ජනාධිපති නොව පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවය. මෙහි ආණ්ඩු පක්ෂය පමණක් නොව විපක්ෂය, විද්වතුන් සහ සිවිල් සංවිධානද නියෝජනය වෙයි. මෙම ව්‍යවස්ථාදායක සභාවෙන් පත්වන විනිසුරුවන් ජනාධිපතිට පක්ෂපාතී නොවන්නේ ඔවුන් පත්වන්නේ ආණ්ඩු පක්ෂය, විපක්ෂය, සිවිල් සංවිධාන නියෝජනය කරන සභාවකින් නිසාය. එවිට එම විනිසුරුවන්ට තමාව පත් කළේ ජනාධිපති යැයි සිතා ජනාධිපතිව පිනවන්න නඩු තීන්දු දීමට අවශ්‍ය නොවේ. මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේ උසාවිය වැඩියෙන්ම දුන්නේ විපක්ෂයට වාසිදායක තීන්දුය. හේතුව 19 වැනි සංශෝධනයය. 19 ගේන්න පෙර ජනාධිපතිවරු ඉදිරියේ නැමුණු විනිසුරුවන්ගේ කොන්ද කෙළින් කළ නිසාය. හොදම නිදසුන මෛත්‍රී-රනිල් ආණ්ඩුව ගෝඨාභයව අත්අඩංගුවට ගන්න කොයි තරම් නඩු පැටලුවත් අධිකරණය ඔහුව අත්අඩංගුවට ගත නොහැකි වන ලෙස වාරණ නියෝගයක් නිකුත් කළේය. එපමණක් නොව ගෝඨාභයට එරෙහි පුරවැසි නඩුව අධිකරණය විසි නොකළා නම් අද ගෝඨාභය ජනාධිපති පුටුවේ නැත.

19 ගේන්න පෙර ආණ්ඩුවකට එරෙහි දූෂණ චෝදනා එල්ල වී අධිකරණයට ගිය විට නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ ගන්නේ ආණ්ඩුව ආරක්ෂා කොට දූෂණ චෝදනාවලින් ආණ්ඩුව නිදොස් කරවන්නටය. ඒත් බැදුම්කරයේදී වූයේ නීතිපති දෙපාර්තමේන්තුව පමණක් නොව විගණකාධිපතිද මහබැංකූ මංකොල්ලය සම්බන්ධයෙන් ආණ්ඩුවට ඇගිල්ල දිගු කිරීමය. විගණකාධිපතිට ඒ බලය ලැබුණේ 19 වැනි සංශෝධනයේ විගණන කොමිසමෙන්ය. නීතිපති දෙපාර්තමේන්තුවට කොන්ද දුන්නේ නීතිපති පත්කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවට හිමිව තිබුණු නිසාය. විගණකාධිපතිවරයාගේත්, නීතිපති දෙපාර්තමේන්තුවේත් මේ කොන්ද නොවන්න මහබැංකු මංකොල්ලය ගැන ජනතාවට ඒත්තු ගන්වන්න විපක්ෂයට කොන්දක් ලැබෙන්නේ නැත. මහබැංකු මංකොල්ලය ගැන විපක්ෂය යටිගිරියෙන් කෑ ගැසුවත් ජනතාව එය විශ්වාස කළේ නැත. ජනතාව විශ්වාස කළේ ආණ්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති එය හොරකමක් කියන විටදීය. ගෝඨාභය ජනාධිපති වුණේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විගණකාධිපතිගේ කොන්ද නිසාය.

අනෙක 19 ගේන්න පෙර ලංකාවේ කිසිදු ජන්දයක් සර්ව සාධාරණව පැවැත්වුණේ නැත. නිදහස් හා සාධාරණ ජන්ද පවත්වන්න පටන් ගත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසම නිදහස් සහ ස්වාධින කොමිසමක් බවට පත් කළ නිසාය. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් යටතේ පවත්වන පළාත් පාලන ජන්ද ආණ්ඩුවක් පෙන්වන්නේ හයිය පෙන්වලාය. 19 ගේන්න පෙර පවැති පළාත් පාලන ජන්දවලද හොරකම් මැරකම් මෙන්ම මිනිස් ඝාතනද සිදුවිය. ඒ ජන්දවලදී හන්දිවල පෝස්ටර්, කටවුට්, බැනර් ගැහුවේ ආණ්ඩුවය. විපක්ෂය සිටියේ අසරණ වෙලාය. ඒ්ත් 2018 පුංචි ජන්දයේදී ඒ තත්ත්වය වෙනස් විය. ස්වාධීන මැතිවරණ කොමිසමෙන් වැඩියෙන්ම බැට කෑවේ ආණ්ඩුවය. 2018 පුංචි ජන්දයෙන් පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයක් ලබන්නේ ඒ නිදහස් සාධාරණ මැතිවරණ වටපිටාව තුළය. ගෝඨාභය ජනාධිපති වන්නේත්, මහින්දට තුනෙන් දෙකක බලයක් ලැබෙන්නේත් ඒ පුංචි ජන්දයේදී ලබපු ජය නිසාය. ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසම නාමයෝජනා අවස්ථාවේ ගෝඨාභයගේ පුරවැසි ප්‍රශ්නය ප්‍රශ්න කරනු ඇතැයි ආණ්ඩුව බලා සිටියත් කාගේවත් බළල් අතක් බවට කොමිසම පත් නොවූයේ 19න් දුන්න කොන්ද නිසාය.

‘ඉතින් එහෙම 19යෙන්ම සජිත්ලාගේ සමගි ජන බලවේගයට ටජ්මහල් හදන්න ආණ්ඩුව ඉඩ දෙයිද…?”

ආණ්ඩුව 19 අහෝසි කරන්න දත කන්නේ තමන් මෛත්‍රී – රනිල් ආණ්ඩුව වැට්ටුවා සේ විපක්ෂ තමන්ගේ ආණ්ඩුව වට්ටවයි කියන බයටය. රාජපක්ෂ ආණ්ඩුව හිතන්නේ ජේ.ආර්.ගේ විධායක ජනාධිපති බලය යළි අතට ගතහොත් ශක්‍රයාටවත් තමන්ව වට්ටවන්න බැහැයි කියාය. එවිට අධිකරණයත් ආණ්ඩුවේය. මැතිවරණ කොමිසමත් ආණ්ඩුවේය. විගණකාධිපතිත් ආණ්ඩුවේය.

හැබැයි ජේ.ආර්.ගේ මේ විධායක බලයට යළි හුස්ම පිඹීන විස්ස 19ටත් වඩා භයානක බව ආණ්ඩුවට නොතේරීම පුදුමයකි. ජේ.ආර්. හැර මේ විධායක බලය පාව්ච්චි කරන්න ගිය හැමෝම විනාශ වූයේ විපක්ෂයෙන් නොව තම ආණ්ඩුව සහ තම පක්ෂ තුළින්ම පැන නැගුණු කැරලිවලින්ය. විධායක බලයේ මේ භයානක පැත්ත ජේ.ආර්. දැන සිටියේය. ඔහු 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගෙන විධායක ජනපති වී සහභාගී වූ පළමු උත්සවය වූ කොළඹ විශ්වවිද්‍යාල උපාධි ප්‍රදාන උත්සවයේදී තමන් විධායක ජනාධිපති පදවිය දරද්දී අනුගමනය කරන පූර්වාදර්ශ 10ක් ප්‍රකාශයට පත් කළේය. එම පූර්වාදර්ශ දහයේ පළමුවැන්න ‘මම පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරුකරමින් හැමවිටම අමාත්‍ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුව මාර්ගයෙන් ක්‍රියා කරමිය’ යන්නය. දෙවැන්න ‘තමා ඇතුලු ‘ජනාධිපති ගොල්ල’ යනුවෙන් හැදින්විය හැකි ස්ත්‍රී පුරුෂ කිසිම කණ්ඩායමක් ඇති නොකරමි’ යන්නය.

ජේ.ආර්. මේ පූර්වාදර්ශ 10 අකුරට රැක්කේය. ඒත් ඔහුට පසු ජනාධිපති වූ ප්‍රේමදාස, චන්ද්‍රිකා හෝ මහින්ද මේ පූර්වාදර්ශ රැක්කේ නැත. ප්‍රේමදාස, චන්ද්‍රිකා හා මහින්ද යන තිදෙනාම ඇමැති මණ්ඩලය, පාර්ලිමේන්තුව මායිම් නොකර ජනාධිපති ගොල්ල යනුවෙන් හැදින්වෙන කුස්සි කැබිනට්ටු හදාගෙන ආණ්ඩුව ඇතුළේත්, පක්ෂය ඇතුළේත් හතුරෝ හදාගත්හ.

1991 ප්‍රේමදාසට එරෙහිව ලලිත් හා ගාමිණී දෝෂාභියෝගයක් ගේන්න‌ේ එහි ප්‍රතිපලයක් වශයෙන්ය.

2001 චන්ද්‍රිකාට එරෙහිව චන්ද්‍රිකාගේ දේශපාලන මුගලන් ලෙස හැදින්වූ ශ්‍රිලනිප මහලේකම් එස්.බී., ජී.එල්. ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් ගණනාවක් විපක්ෂය සමග එක්ව චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්නේ එහි ප්‍රතිපලයක් වශයෙන්ය.

2015 මහින්දට එරෙහිව ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල ආණ්ඩුවේ ප්‍රබල ඇමැති පිරිසක් කඩාගෙන ජනාධිපතිවරණයට එන්නේ එහි ප්‍රතිපලයක් වශයෙන්ය.

ඇත්තටම 19 හතුරෝ හැදෙන්න‌ේ එළියෙන්ය. 20 හතුරෝ හැදෙන්නේ ඇතුළෙන්ය. 20 නොහොත් ජේ.ආර්. ගේ විධායක බලයට එරෙහිව ආණ්ඩුව හෝ පක්ෂය ඇතුළෙන්ම හතුරෝ හැදෙන්නේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයේ මහලේකම් මුල්කරගෙනය. ලලිත් සහ ගාමිණී ප්‍රේමදාසට එරෙහි දෝශාභියෝගය ගෙන එන්නේ පක්ෂය බැලන්ස් කළ රන්ජන් ඝාතනයට පසු ප්‍රේමදාස සිරිසේන කුරේව පක්ෂ මහලේකම් කිරීමෙන් පක්ෂයේ බැලන්ස් එක නැතිවුණ නිසාය. 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගෙන එන්නේ පක්ෂ මහල‌ේකම් එස්.බී.ය. 2015 මහින්දට එරෙහිව ජනාධිපතිවරණයට එන්නේ පක්ෂ මහලේකම් මෛත්‍රිපාලය. බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ලේකම් ධූරයට තමාට විශ්වාසවන්ත අප්‍රකට අයෙක් පත්කර ගත්තේ මේ ඉතිහාසය අධ්‍යයනය කරලාද කියන්න දන්නේ නම් නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

එක එක විදියට කතා කරන වාස්තුවේ මූලික රහස් මෙන්න

Next Post

මහා පර්වතයක් මැද ඉදිකළ මාලිගාවකින් හමුවුණු රාවණ

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.