• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

දෙන්නෙක්ව කුරුසෙට තියලා ඇණ ගැහුවා! එක්කෙනෙක්ගේ සිරුර කැළණි ගඟේ පාවුණා! පැණි ධම්මිකට පසු රටම හොල්ලපු කට්ටඬියන් දෙන්නා!

July 6, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
දෙන්නෙක්ව කුරුසෙට තියලා ඇණ ගැහුවා! එක්කෙනෙක්ගේ සිරුර කැළණි ගඟේ පාවුණා! පැණි ධම්මිකට පසු රටම හොල්ලපු කට්ටඬියන් දෙන්නා!
Share on WhatsAppShare on Facebook

කොරෝනාවත් එක්කම කොරෝනාවට බෙහෙතුත් සොයාගෙන මතුවෙච්ච ධම්මික බණ්ඩාර කට්ටඬියාට දැන් සිදුවූ දෙයක් සොයාගන්නට නැත. කාලි අම්මාගේ නියෝජිතයා ලෙස පෙනීසිටිමින් ඔහු රටම ඇන්දුවේ කාලි මාතාව ඔහුට ලබාදුන් රහස් වට්ටෝරුවකින් එම කොරෝනා ඖෂධය සොයාගත් බව කියමිනි. කාලි මෑණියන්, නැතිනම් කාලි අම්මා, එසේත් නැතිනම් කාලි මාතාවටද අවමන් කරමින් කොරෝනාවට පැණියක් ගෙන ආ ධම්මික බණ්ඩාර අන්දන්න පුළුවන් හැමෝම ඇන්දුවේය. ඒ අය අතර රට කරවන අයද නැතුවාම නොවීය.

ධම්මික බණ්ඩාර කට්ටඬියාගෙන් පස්සේ අපේ රටේ වඩාත් අවධානයට යොමු වූ කට්ටඬියන් දෙන්නෙක් සිටිති. ඒ එක් කට්ටඬියෙක් වන්නේ අනියම් පෙම් පලහිලව්වක් නිසා කැලණි ගඟට බිලිවුණු කට්ටඬියාය. අනිත් කට්ටඬියා වන්නේ මහනුවර අම්පිටිය කන්දේදී තරුණයන් දෙදෙනෙක්ව කුරුසියේ තබා ඇණ ගැසූ කට්ටඬියාය. ඒ කට්ටඬියා නම් දැන් ඉන්නේ පොලිස් අත්අඩංගුවට පත්ව හිරේය.

කැලණි ගඟට බිලිවුණු කට්ටඬියාද හොඳ වැඩකාරයෙකි. ඒ, කට්ටකෛරාටික වැඩවලටය. නිධන් හෑරීම්වලට පවා ඔහුගේ සම්බන්ධකම් විය. මේ කට්ටඬියා හල්දුම්මුල්ලේය. එහෙත් ඝාතනය වන විට ඔහු සිටියේ හංවැල්ලේ ඇඹුල්ගමය. ඒ, සිය අනියම් බිරියත් සමග කාමරයක් කුලියට ගෙනය. කට්ටඬියාගේ වයස සඳහන් වන්නේ අවුරුදු පනස් හතරයි කියාය. අනියම් බිරියගේ වයස ඊට අවුරුදු දහපහළොවකට අඩුය. මේ අනියම් බිරියව ඔහු පන්නාගෙන එන්නේ හල්දුම්මුල්ලේ සිටය. ඒ ඇවිත් ඔහු ඇඹුල්ගම ඉන්නේ බෝඩිම් කාමරයකය. වසරක් තිස්සේම මේ දෙන්නා මේ බෝඩිමේ ගතකරන්නේ කුරුල්ලයි කිරිල්ලියි මෙන්ය. හැබැයි කුරුල්ලා තවත් කිරිල්ලියන් පස්සේ යන්නේ නැත්තේම නැත. කට්ටඬි වැඩකට ගියොත් නාඩි වැටෙන ගෑනු පරාණයක් දැක්කොත් කට්ටඬියා ඒ ගෑනු පරාණය අතහරින්නේද නැත. කිරිල්ලීද ඉතින් නිකම්ම සිටියේ නැත. ඇය තවත් කුරුල්ලෙක් සොයාගත්තේය. ඒ, ගල් වැඩපොළක රියැදුරෙක් ලෙස වැඩකරමින් සිටි තරුණයෙකි. තරුණයෙක් කීවාට ඔහුට වයස අවුරුදු හතළිස් හතරකි. මේ දෙන්නා මුණගැසී දැනහඳුනාගන්නේ කළුගල් වැඩපොළේදීය. ඒ, ඇය කිහිප විටක්ම එම කළුගල් වැඩපොළේ සේවයට ගොස් ඇති බැවිනි. දැන් ඒ දෙන්නාත් අනියම්ය. කට්ටඬියාටත් ඒ ගැන වගේ වගත් නැත.

මේ කියන තරුණයා විවාහකය. ඔහු හොරිවිල පළුගස්වැව පැත්තේ පදිංචිකරුවෙකි. නාවික හමුදාවේද ඔහු කලක් සේවය කර ඇත්තේය. ඔහුද හංවැල්ලට ඇවිත් අවුරුද්දක් නැති තරම්ය. මේ දෙන්නාගේ අනියම් ආලයටද මාස දෙක තුනකට වඩා කල් නැති තරම්ය. කට්ටඬියාගේ අනියම් බිරියට ඔහු කොතරම් වහවැටී සිටියේදැයි සඳහන් කළහොත් කට්ටඬියා මරාදමා හෝ ඇයව අත්පත්කර ගන්නට තරම් සිතක් මේ හිටපු නාවික සෙබළාට විය. ඇය ඇත්තටම දුටුවන්ගේ නෙත් වශී කරන නැතැත්තියක්ද නොවූවද ඔහු ඇයට තදින්ම බැඳී සිටියේය. ඒ නිසාම ඔහු තීරණය කරන්නේ කට්ටඬියාව මරාදමා හෝ ඇයව තමාගේම කරගන්නටය. එදා ජුනි 23 වැනිදාය. හෝමාගම පදිංචිව සිටින සිය ඥාති සහෝදරයෙක්ද සමග මේ විශ්‍රාමික නාවික සෙබළා යතුරුපැදියක නැඟී හංවැල්ලට එන්නේ යම් සැලසුමකට අනුවය. ඔහු දම්වැලක් මෙන්ම ඊට දමන්න ඉබි යතුරුද හංවැල්ලේම හාඩ්වෙයාර් එකකින් ගත්තේය. ඊට අමතරව බෝල මිටියක්ද සූදානම් කරගෙන තිබුණේය.

එදා රෑ 10.30ට පමණ මේ නාවික සෙබළා ඇඹුල්ගම සිය අනියම් බිරිය රැඳී සිටි බෝඩිමට එන්නේ පොලිස් වෙස් ගෙනය. කට්ටඬියා ඒ වන විට සිටින්නේ නිවෙසේය. බෝඩිමේ හිමිකරුවන්ගේ නිවෙසට මුලින්ම යන ඔවුන් දෙදෙනා තමන් පොලීසියේ බව කියමින් බෝඩිමට ගියේය. කට්ටඬියා මේ අය දුටුවිට එකවරම කාමරයෙන් එළියට පැන දිවයන්නට ගත්තේය. එහෙත් ඔහුට වැඩි දුරක් දිවයන්නට ඉඩක් නොවීය. නාවික සෙබළා ඔහුගේ පස්සෙන් පන්නා ගොස් බෙල්ලෙන්ම අල්ලාගත්තේය. අනතුරුව ඔහුගේ දෑත්වලට දම්වැල දමා හිරකරන්නේ දඟලන්නට බැරි වන්නටය. අනතුරුව යතුරුපැදියේ ඔහුව මැද තබාගෙන එතැනින් ඉවත් වන්නේ වටේ පිටේ සිටි අයටද පොලිස් පාට් එකක්ද දමාගෙනය. කට්ටඬියා ඒ ගියා ගියාමය. දින දෙක තුනකට පසු ඔහුගේ මළ සිරුර හමුවන්නේ කැලණි ගඟේ රණාල පැත්තේ පාවෙමින් තිබියදීය. දම්වැල්වලින් ගැටගසා ඉබියතුරු දමා තිබුණු එම මළ සිරුරේ හිසෙහි ලොකු සිදුරු දෙකකි. එවන් සිදුරක් ඇති වන්නේ වෙඩි තැබීමකදීය. ඒ නිසා ඒ ගැන පරීක්ෂණ පවත්වන විට අධිකරණ වෛද්‍යවරයා සඳහන් කරන්නේ එය වෙඩිතැබීමක් නොව, මොට ආයුධයකින් හිසට පහරදීමකින් සිදුවූ තුවාල බවකි. ඔහු මියයන්නේ ඒ පහරදීම්වලිනි.

ඒ වන විටත් කට්ටඬියාගේ අනියම් බිරිය හංවැල්ල පොලීසියේ කට්ටඬියාගේ අතුරුදන්වීම ලියැවී තිබුණේය. ඒ සිය සැමියාව පොලීසියේ යැයි කියා දෙන්නෙක් රැගෙන ගිය බව අනියම් බිරිය ඊට පසුදින කළ පැමිණිල්ලකට අනුවය. කට්ටඬියාව රැගෙන ගියේ සිය අනියම් පෙම්වතා බව ඇය දැන සිටියත් එය පොලීසියට සැඟවූවාය. ඇය කියන්නට වූයේ හදිහූනියම් පලහිලව්වක් නිසා එසේ පැහැර ගැනීමක් සිදුවන්නට ඇතැයි සැකකරන බවය. පොලීසියත් ඒ දේවල් ලියාගත්තා මිස ඔහුව සොයන්නට එතරම් උනන්දුවක් නොවීය. ඒ මෙවන් පැමිණිලි ලැබීම් පොලීසියට සාමාන්‍ය දෙයක් වන නිසාය. එහෙත් හංවැල්ල පොලීසියේ නිලධාරීන්ට තරු පේන්නේ කැලණි ගඟෙන් හමුවූ මළ සිරුර කට්ටඬියාගේ බව දැනගැනීමෙන් අනතුරුවය.

එතෙක් ඔහුව සොයන්නට පොලීසිය මහන්සි වූ පාටක් නොවීය. මේ බව දැනසිටි නිසාම කට්ටඬියාගේ ඝාතන විමර්ශනය පැවරෙන්නේ මිරිහානේ පිහිටි කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයටය. නවගමුව පොලීසියේ නිලධාරීන්ද වැඩේ අතහැරියේ නැත. ජයගන්නේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ය. හිසට පහරදුන් මිටියේ සිට ඝාතනයට යොදාගත් සියල්ලක්ම සොයාගත්තේය. ඝාතකයා මෙන්ම ඔහුගේ සහායකයාද අත්අඩංගුවට ගත්තේය. මේ සියල්ලක්ම දැන කරුණු සැඟවූ අනියම් බිරියත් අවසානයේදී අත්අඩංගුවට ගත්තේය. කට්ටඬියාගේ ඝාතනය වැළලෙන්නට නොදී පොලීසිය ගොඩදැම්මේ එසේය.

හංවැල්ලේ කට්ටඬියාගේ ප්‍රශ්නය එසේ විසඳෙන විට තවත් කට්ටඬියෙක් පොලීසියට වද දෙන්නේ ජුනි 26 වැනිදාය. ඔහු පෙනීසිටින්නේ ධම්මික බණ්ඩාර මෙන් කාලි මාතාවගේ නියෝජිතයකු ලෙසිනි. මෙම කට්ටඬියා දුෂ්මන්ත ප්‍රනාන්දුය. පදිංචිව සිටින්නේ අම්පිටිය ගාලතැන්නේය. මේ කට්ටඬියා හිටි හැටියේම කෝටිපතියෙක් වූවෙකි. නිවෙස වටා උස් තාප්ප බැඳ ඇති අතර ආරක්ෂක කැමරාද ඒ වටේට සවිකරගෙන ඇත. කාලයක්ම පොලීසිය මේ කට්ටඬියාගේ පස්සේ පැන්නුවේ මත්කුඩු ජාවාරමකට ඔහුගේ නම කියැවෙන්නට වූ නිසාය. එහෙත් මත්කුඩු සමග ඔහුව අල්ලාගන්නට නම් ඉඩක් නොවීය. නමුත් ඔහු වටේ සිටින්නේ මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වූවන් පිරිසක් බව කියැවෙයි. ඒ අය ඉන්නේ මෙම කට්ටඬියාගේ ආරක්ෂකයන් ලෙසින් බවද පැවැසෙයි. ඒ එක් අයෙක් වන්නේ කඩු අසිතය. කට්ටඬියාගේ සහෝදරයකුගේ පුතෙක් වන ඔහු ගමේ ප්‍රසිද්ධව සිටින්නේ සිල්ලර කඩෙනුත් විහාරස්ථානයෙනුත් කප්පම් ගන්නා අයකු ලෙසිනි. එහෙත් ඔහුට එරෙහිව කිසිවකුත් පොලීසියට පැමිණිලි කරන්නට ඉදිරිපත් වන්නේ නැත. ඒ ඔහුගේ කඩු හරඹයෙන් පීඩා විඳීන්නට බැරිකම නිසාය. එහෙත් වරක් දෙවරක්ම ඔහු පොලීසියට කොටුවී ඇත්තේය.

කට්ටඬියාද කිහිප විටකදීම පොලීසියට හසුවී ඇත්තේය. ඒ නිධන් ජාවාරම් සම්බන්ධයෙනි. ඔහු වැඩ කරන්නේ බලවතුන්ගේද සම්බන්ධකම් ඇතිවය. ඒ නිසාම ඔහු වටා බලවතුන්ගේ රස්නය ඇතැයි කියයි. ඒ බලවතුන් මහනුවර පැත්තේ අය බව කියැවෙයි. මේ කට්ටඬියා කට්ටඬි වැඩ කරන්නේ දඹුල්ල පැත්තේය. දේවාලය ඇත්තේ කණ්ඩලම පාරේය. එම දේවාලය කාලි දේවාලයකි. දේව දරුවෙක් ලෙස පෙනී සිටින මේ කට්ටඬියා දරුපල නොමැති කාන්තාවන්ට දරුපල ලබාදීමේ රුසියෙක් බවද කියැවෙයි. දේව බලයෙන් ඔහු දරුවන් ලබාදෙන්නේ කෙසේදැයි දන්නේ ඒ කාන්තාවන්ම පමණි. ඒ රහස දැනගත් අයෙක් ඒ බව ෆේස්බුක් මගින් එළියට දැම්මේ මෑතකදීය. එය දුටු මේ කට්ටඬියාට ආරූඪ වූයේ කාලි අම්මා නොව, යක්ෂයාය. ඒ වැඩේට ඔහු සැකකරන්නේ බලගොල්ලේ සිටින ඔහුගේ ගෝලයන් දෙදෙනෙක්වය. රහස් දැන සිටියේ ඔවුන්ය. එදා 26 වැනිදා අලුයම කඩු අසිත ඇතුළු පිරිසක් වෑන් රථයකින් ඔහු බලගොල්ලට පිටත් කර යවන්නේ සැකයට තුඩුදුන් ගෝලයන් දෙදෙනාව රැගෙන එන්නටය. නිවෙස්වලට පැන අත්පා ගැටගසා ඒ අය ඔවුන් දෙදෙනාව කුදලාගෙන එන්නේ අම්පිටියේ ගාල්තැන්නේ පිහිටි කට්ටඬියාගේ නිවෙසට යාබදව ඇති කඳු මුදුනකටය. එහිදී ඔවුන් දෙදෙනා අමානුෂික වද හිංසනයන්ට ලක්කරමින් අවසානයේදී ජේසුස්වහන්සේට ඇණ ගැසූ ආකාරයට කුරුසියකට තබා ඇණ ගැසුවේ දෑත් දෙපසට තබාය.

පොලීසියට මේ ගැන තොරතුරු ලැබෙන්නේ ඔවුන් දෙදෙනාව කුරුසියේ මැරෙන්නට හැරදමා තිබියදීය. පොලිසිය එහි යන විටත් කට්ටඬියාගේ ගෝලබාලයන් එතැනින් පලාගොස් බොහෝ වේලාවක් ගොසිනි. පණ අදිමින් සිටි කුරුසියේ ඇණ ගැසූ දෙදෙනා පොලීසිය එහි නොයන්නට මියගොසිනි. මේ වන විට ඔවුන් දෙදෙනා සිටින්නේ මහනුවර රෝහලේය.

කට්ටඬියා පස්සේ පොලීසිය පන්නන්නට ගත්තේ ගමෙන් ලද තොරතුරුවලට අනුව මේ පුද්ගලයන් දෙදෙනාව පැහැරගත් දෙදෙනෙක් අල්ලා පොලිස් සැලකිලි දෙන විට කට්ටඬියාගේ අණින් කුරුසියේ ඇණ ගැසුවේ යැයි කීම නිසාය. ඒ වන විටත් කට්ටඬියා සිටියේ මහනුවරිනුත් පලාගොසිනි. එහෙත් ඇණ ගැසූ දෙදෙනා කවුරුන්දැයි ඒ වන විටත් පොලීසිය හඳුනාගෙන සිටියේය. එහෙත් උන් දෙන්නාත් සිටියේ පලාගොසිනි. ඒ දෙන්නාව අල්ලාගන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ මහනුවර කඳවුරේ නිලධාරීන්ය. ඒ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියාට ලද තොරතුරකට අනුව බව කියති. කෙසේ වෙතත් ඒ දෙන්නාගෙන් පමණක් පොලීසිය සෑහීමට පත්වූයේ නැත. මේ ඇණ ගැසීමට ගෑවුණු සෑම පුද්ගලයෙක්ම අල්ලාගැනීම පොලීසියේ සැලසුම විය. පළාගොස් සිටි කට්ටඬියා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායද දැඩි වෙහෙසක් ගනිමින් සිටියේය. ඒ අතර මහනුවර පොලීසිය කඩු අසිතව අත්අඩංගුවට ගන්නේ තවත් අයෙක් සමගිනි. ඔහුද මෙහි ප්‍රධාන සැකකරුවෙකි. එහෙත් කට්ටඬියා අත්අඩංගුවට ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඒ අතර කට්ටඬියා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ එළියට එමින් සඳහන් කරන්නේ ඒ අපරාධයට තමාගේ කිසිදු සම්බන්ධකමක් නොමැති බවකි. මහනුවර ක්‍රියාත්මක මත්කුඩු ජාවාරමක් ගැන තොරතුරු හෙළිකිරීම නිසා උරණ වූ ජාවාරම්කරුවන් පිරිසක් තමාට එරෙහිව මඩගසන බවත් චරිතය ඝාතනය කරන බවත් වෙඩිතබා මරාදැමීමට උත්සාහ ගන්නා බවත් එහි සඳහන් විය. ඇණ ගැසූ තරුණයන් දෙදෙනාද මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් බවත්, ඒ අයව එයින් මුදාගත්තේ තමන් විසින් බවත් ඔහු එහි සඳහන් කර ඇත්තේ එම ඇණගැසීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි කියමිනි. ඒත් එක්කම ඔහු එහි සඳහන් කර ඇත්තේ තමා කපුවෙක් නොවන බවකි. පැණි ධම්මික මෙන් ඔහුද දේව දරුවෙකි. දෙවියන්ව නියෝජනය කරන්නෙකි. මේ සියල්ලක්ම කරන්නේ දේව නියමයට අනුව බවය.

මේ ෆේස්බුක් සටහන ඔහු තබන්නේ ජුනි 30 වැනිදාය. පොලීසියට භාරවන බවද එමගින් කීවේය. ඒ වෙන කිසිවක් නිසා නොව, තවදුරටත් ඔහුට සැඟවී සිටින්නට ඉඩක් නොමැති බව දැන සිටි බැවිනි. මහනුවර දේශපාලන බලවතුන් පවා එම පුද්ගලයාට තමන්ගේ සම්බන්ධයක් නැති බවද ඒ අතර කියන්නට ගත්තේය. ඒ අනුව භාරවීම හැරුණු කොට ඔහුට වෙන කිසිදු රැකවරණයක් නොවීය. පසුදින එනම් 01 වැනිදා ඔහු භාරවන්නට එන්නේ පල්ලෙකැලේ පොලිස් ස්ථානයටය. කුරුසයට ඇණ ගැසූ කතාවටද නැවැතීමේ තිත ඒත් සමග තැබුණේය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

හැමතැනම අනාගනිද්දී ජනමාධ්‍යයේ ජයන්ත හරියටම එන්නත ගැහුවේ කොහොමද?

Next Post

මහනුවර පවුලම බිළිගන්න කලින් පුදුම හිතෙන ‌කෝල් එකක් දුන්නේත්-පොතක් ගෙනත් දුන්නේත් කොරෝනා මාරයාද?

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.