• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහනුවර පවුලම බිළිගන්න කලින් පුදුම හිතෙන ‌කෝල් එකක් දුන්නේත්-පොතක් ගෙනත් දුන්නේත් කොරෝනා මාරයාද?

July 7, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මහනුවර පවුලම බිළිගන්න කලින්  පුදුම හිතෙන ‌කෝල් එකක් දුන්නේත්-පොතක් ගෙනත් දුන්නේත් කොරෝනා මාරයාද?
Share on WhatsAppShare on Facebook

හන්තාන කඳු මුදුනේ පැටලුණු වලාකුළු රංචුවක් හති දාමින් උන්නේය. පාන්දර අහසෙන් වැටෙනා පුරුදු මල් තුහිනයක කඳුළක හීතල තිබේ. ඉර පායා එද්දී රෝස පාට වෙන මාලිගාවට ඉහළ අහසේ තිබුණේත් මූසල පෙනුමකි. බහිරව කන්ද උන්නේ බුම්මාගෙනය. වලාකුළු බැම්ම වටකර උන් නිසා නුවර වැවේ වතුර සර සර ගා සෙලවෙයි. හරියට පැනයන්නට දඟලනා සේය. වෙනදා තිබුණු විසිතුරු බව වෙනුවට නුවර උන්නේ හැඬුම්බරවය. කොවිඩ් මාරයා කඳු කපොලු පැන නුවර ඇවිත් තිබුණේය.මහයියාව සුසානය හැමදාම මිනිසුන්ගේ සුවඳ අහසට මුසු කළේය. අම්මලා අප්පච්චිලාගේ දෑස් අන්තිමට දුටු දිනය මතක නැති නුවර මනිස්සු සුසානය අසබඩ බලා හිඳී.

මල් ලියකමින් හැඩවුණු නුවර වීදි දිගේ මරණය ඔබමොබ සැරිසරයි. මේ කතාව ලියනා මොහොත වන්නට හායි ගා ඇර දැමූ රට වටා මිනිස්සු ඇවිද යමින් සිටිති. හව්හරණක් නැති මිනිසුන්ට ජීවත් වෙන්නට පාරට බැසිය යුතුමය. නීතියේ රැකවරණයෙන් රස්සාවට නොයා අල බතලයෙන් බඩ පුරවාගත් අහිංසකයන්ට සීතල කාමරවල වැඩවාසය කරනා ආයතන ප්‍රධානීන්ගේ ආඥාවන්ට පිටුපෑමට නොහැක. එසේ පිටුපෑ විට ජීවිතේ ඉදිරියේ ඔවුන් දණින් වැටිය යුතුය. වෙසක් මාසෙට පිපුණු වෙසක් මල් පෙති හැලී නිම කළ වෙසක් ගස් යට පරවෙමින් යන ජීවිතවලට වගකියන්නට කිසිවකුත් නොඑනා වග ඔබ මතක තබාගත යුතුය.

පාලම් තුනේ ගරාජය ගැන මේ කතාව ලියන්නට සිදුවෙතැයි මම කිසි දිනෙක නොසිතීමි. ජීවිතයේ බොහෝ දිනවල නුවර යන්නට සිදුව තිබුණු මට පාලම් තුනේ ගරාජය අරුමයක් නොවේ. සාමාන්‍යයෙන් නුවර යන එන කොයි කාටත් ඒක එහෙමය. විශේෂයෙන්ම පේරාදෙණිය සරසවියටත්, පේරාදෙණිය රෝහලටත් මේ ගරාජය හරිම මිත්‍රශීලීය. සරසවියේ ආචාර්ය මහාචාර්යවරුන්ටත්, රෝහලේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයටත් තමන්ගේ වාහනයකට ලෙඩක් කරදරයක් වූ හැම වෙලාවකම වාගේ පිහිටට ආවේ පාලම් තුනේ ගරාජයයි. ඒ නිසා මෙය අරුම පුදුම හිතවත්කම් ඇතිවෙනා තැනක් බවට පත්ව තිබුණේය.

“ඔය ධම්මික කියන්නේ මහ පුදුම කෙනෙක්. අපේ වාහනේකට මොනව වුණත් ධමමික ටක්ගාලා එනවා. ඇවිල්ල හදලා දෙනවා…”

බොහෝ දෙනකු කීවේ එහෙමය. වාහනේකට එන ඕනෑම භයානක රෝගයකට මේ මිනිස්සු ළඟ බෙහෙත් තිබුණේය. ඒ නිසාම මේ ගරාජය මුළු නුවරම ප්‍රසිද්ධව තිබුණේය. බාසුන්නැහැට උන්නේ එක පුතෙක් පමණි. ධම්මික කියන්නේ ඒ පුතාය. අම්මාත්, තාත්තාත්, පුතෙක් සහ දුවෙකුත් උන් ඒ ගෙදර කාලයත් එක්ක විශාල වෙන්නේ පුතා තව දුවෙකුත්, දුව තව පුතෙකුත් පවුලට එක් කළ නිසාය. නමුත් අද මේ ලිපිය ලියන මොහොත වන විට ධම්මිකලාගේ පවුලේ ඉතිරි වී ඉන්නේ එක් අයකු පමණි. ධම්මිකත්, ධම්මිකගේ තාත්තාත්, ධම්මිකගේ අම්මාත් කොවිඩ් මාරයා විසින් රැගෙන ගොස්ය. ඔබත්, මමත්, කිසිම අවදානමක් ගැන නොසිතා වීදි සරනා විට ඒ අම්මාත්, තාත්තාත්, පුතාත් රැගෙන ගිය කොවිඩ් මාරයා ඔබ අසලම විය හැකිය. හැකි පමණ ආරක්ෂා විය යුත්තේ ඒ නිසාය.

මේ පවුල සොයාගෙන එන කොවිඩ් මාරයාට මුලින්ම මුණගැසෙන්නේ ලොකු බාසුන්නැහේවය. ඒ කියන්නේ ධම්මිකගේ තාත්තාවය. තාත්තා රෝහල්ගත කර ටික දවසකින් අම්මාටත් කොවිඩ් වැලඳී තිබේ. තාත්තා මුලින්ම රෝහලේදී ජීවිතයෙන් සමුගෙන යන අතර අම්මාටද තාත්තා සමග පිටත් වන්නට සිදුවේ. මේ අතර මේ සියලු වෙදනා ඉවසමින් උන් ධම්මික හුස්ම ගැනීමේ අපහසුතාව මත රෝහලට ඇතුළත් කරයි. ඔහුටද වැඩි වේලාවක් කොවිඩ් මාරයා සමග සටන් කරන්නට හැකි වෙන්නේ නැත. සියලුම දෙනා කම්පා කරවමින් ධම්මිකටත් ආදරණීය මවුපියන් ගිය මඟ දිගේ පිටත්ව යන්නට සිදුවෙයි. ධම්මිකගේ පවුලේ අද ඉතිරිව ඉන්නේ ධම්මිකගේ නැගණියත්, ඔහුගේ බිරියත්, දරු දෙදෙනාත් පමණි. ධම්මිකගේ බිරියට සහ දරු දෙදෙනාටත් කොවිඩ් ආසාදනය වී තිබුණමුත්, දැන් ඔවුන් සුවවී නිවෙස බලා ගොස්ය.

පේරාදෙණිය සරසවියේ සිංහල අධ්‍යයනාංශයෙ මහාචාර්ය සාලිය කුලරත්නයන් මේ පවුල ඉතා ළඟින් ඇසුරු කළ කෙනෙක්. ඔහු මේ තාත්තගෙ මරණයත් එක්ක දිනක් මගෙත් එක්ක අපූරු කතාවක් කියනවා. ඒ, ඔය ධම්මික සම්බන්ධව.

“ඔය ධම්මික තාත්තගෙ මරණයත් එක්කම වගේ මට කතා කළා. එදා මට ධම්මික මහ පුදුම කතාවක් කිව්වා. ධම්මික කියපු විදියට ධම්මිකගෙ තාත්තා නැතිවෙලා තියෙන්නෙ හවස දෙකට විතර. ධම්මිකට තාත්තගෙ ෆෝන් එකෙන් කෝල් එකක් ආවලු හවස එකයි තිහට විතර. තාත්තගෙ කටහඬින්ම කිව්වලු, ‘පුතේ අරකෙ වැඩ ටික ඔක්කොම හරි, ගෙනියන්න කියන්න’ කියලා. හැබැයි එහෙම කියලා පැය භාගයක් යනකොට මට අහන්න ලැබුණා තාත්තා නැතිවුණා කියලා කිව්වා. ධම්මික ඕක කාටවත් කියලා තිබ්බෙ නෑ. ඒත් ධම්මික ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඕක කිව්වම එයාලා දිගින් දිගටම කියලා තිබුණා, එහෙම වෙන්න බෑ. තාත්තා ඔය කියන වෙලාව වෙනකොට හිටියෙ කතාකරන්න පුළුවන් තත්ත්වයක නෙමේ කියලා. ධම්මික මට කිව්වා, ‘සර්, මම ඕක කාටවත්ම කියන්න ගියෙ නෑ. කවුරුත් විශ්වාස කරන එකක් නැති නිසා’ කියලා. ‘ඒත් සර් සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් විශ්වාස කරනවනෙ’ කියලත් කිව්වා.”

මහාචාර්ය සාලිය කුලරත්න මහත්තයා මට ඔය කතාව කියන්නෙ ධම්මිකගෙ මරණයට කලින්. මම එහෙම කිව්වෙ මේක මනුස්සයෙක් මැරුණට පස්සෙ ඔහුගෙන් අහන්න බැරි නිසා. එදා සාලිය මහත්තයා මේ කතාව කියන මොහොතෙ අවශ්‍ය නම් අපට එදා ධම්මිකට කතා කරලා මේ කතා අහන්න තිබුණා.

ඒ වගේම පහුගිය කාලයේ අවසාන සති කිහිපය තුළ ධම්මික සාලිය සර්ට තෑග්ගක් දීලා තිබුණා. සාමාන්‍යයෙන් ධම්මික කියන්නෙ පොත් පත් කියවන කෙනෙක් නෙවෙයි. හැබැයි එදා ධම්මික, සාලිය සර්ට තෑගි දෙන්නෙ පොතක්. ඒ පොත මහ පුදුම පොතක්. සාලිය සර් ඒ පොත මතක සටහනක් විදියට “සිරිපාල ගරාජයේ, ධම්මික මල්ලීගෙන් තිළිණයකි” කියලා ලියලා තියාගන්නවා. ඒ සටහනත් එක්ක අදත් ඒ පොත තියෙනවා. ඒත් අවාසනාවකට ධම්මික අද නෑ වගේම සිරිපාල ගරාජයේ කවුරුවත්ම නෑ. හැබැයි මේ ධම්මික, සාලිය සර්ට තෑගි දෙන්නෙ, “මරණය නිතර සිහිකළ යුතු බව” කියලා පොතක්. ඒ පොත තෑගි දීලා ටික දවසකින්ම ධම්මිකත් පවුලේ හැමෝමත් නික්ම යනවා. මේක මහ පුදුම දෙයක්. සාමාන්‍ය ජීවිතේ අනිත් අය වෙනුවෙන් උපරිමයෙන්ම මනුස්සකම් ඉටුකරපු මේ මනුස්සයා, කොහොමත් කා අතරත් ජනප්‍රිය චරිතයක්. ඔහුගෙ විනෝදාංශය වෙන්නෙ පරණ වාහන ගෙනල්ලා, හොඳටම හදලා ඒවා ආශාවෙන් පාවිච්චි කරලා, හොඳ මිලක් ආවොත් විකුණන එක. ඒක සාමාන්‍ය විකිණීමක් නෙවෙයි.

“මේක මම බොහොම පරිස්සමට පාවිච්චි කළේ. හොඳට හදලා තියෙන්නෙ. වෙන කෙනෙක්ට විකුණනවා නම් මටම කියන්න. වෙන කෙනෙක්ට දෙනවා නම් මම ගන්නවා. මොකද මේවා දකින්න හරි තියෙන්න ඕනනෙ…” ඔහු සාමාන්‍යයෙන් වාහනයක් දෙනකොට කියන්නෙ එහෙම. ඒක ප්‍රෝඩාවක් නෙමේ කියලා හැමෝම කියනවා.

මේ සිරිපාල ගරාජ් එක කියන්නෙ රට වටේම මිනිස්සු නුවරදි එකතුවෙන තැනක්. විශේෂයෙන්ම ස්මාජයෙ උගතුන් යැයි සම්මත බොහෝ දෙනෙක් මෙතැනදි මුණගැහෙනවා. පේරාදෙණිය සරසවියෙ ආචාර්ය මහාචාර්යවරු, පේරාදෙණිය රෝහලේ දොස්තර මහත්තුරු මෙතැන දි මුණගැහෙනවා. මහාචාර්යතුමන් අපිත් එක්ක කියන විදියට ඔහුට මේ ගරාජ් එකේදි ගොඩනැඟුණු සබඳතා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ විදියට සිරිපාල ගරාජයට යන එන කා වෙනුවෙන් වුණත් ඔහු වාහන හදනවට අමතරව බොහෝ කටයුතුවලට උදව් වෙනවා.

නමුත් අද වෙනකොට මේ මිනිස්සු කවුරුවත් ජීවත් වෙන්නවුන් අතර නෑ. ධම්මිකත් නෑ, සිරිපාල මහත්තයත් නෑ. මේ වෙනකොට සිරිපාල ගරාජ් එක වහලා දාලා. ඒත් මේ මරණ ඉතිරි කරලා ගිය පණිවුඩය හරි පුදුම එකක්. ඒ විතරක් නෙවෙයි, අබිරහස් දුරකතන ඇමතුමත් වගේම, මරණය පිළිබඳ කලින්ම සිහිපත් කරපු මේ තෑග්ගත් මේ මරණ තුනත් එක්ක බැඳුණු නොවිසඳුණු ගැටලුවක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දෙන්නෙක්ව කුරුසෙට තියලා ඇණ ගැහුවා! එක්කෙනෙක්ගේ සිරුර කැළණි ගඟේ පාවුණා! පැණි ධම්මිකට පසු රටම හොල්ලපු කට්ටඬියන් දෙන්නා!

Next Post

රසායනික පොහොර ගහපු බීට් කිලෝව 270යි! කාබනික නම් 630යි! මිල එකට තුනක් වැඩියි! කාබනික වගාවෙන් ‌මිනිස්සුන්ට කන්නවත් නැති වෙයිද?

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.