ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තුන්වැනි රාජ්‍යතාන්ත්‍රීය සාකච්ඡාව පසුගිය සඳුදා ඩැකාවලදී පවත්වා තිබේ.
එම දීර්ඝ සාකච්ඡාවේදී ‘රාජ්‍යතාන්ත්‍රීය කරුණුවලදී උද්ගතවන ගැටලු පිළිබඳ සහයෝගිතාව සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතු අන්දම’ යන තේමාවට ප්‍රමුඛත්වය ලැබී තිබේ.
දෙරට බලවතුන් අතර දැඩි සම්බන්ධතා වර්ධනය, වීසා, අන්‍යොන්‍ය නීතිමය සහාය යන කරුණු අරමුණුකර “රාජ්‍යතාන්ත්‍රීය සාකච්ඡාමය යාන්ත්‍රණ වැඩසටහන” 2017 දී ආරම්භ කර තිබේ.
දෙරටෙහිම රඳවා තබාගෙන සිටින්නන් සිය රටවලට යළි යැවීම සම්බන්ධයෙන් මෙවර සාකච්ඡාවේදී විශේෂයෙන් සාකච්ඡා කළ බව මාධ්‍ය පවසන අතර රඳවාගෙන සිටින පිරිස අතර සිටින ධීවර ප්‍රජාවට ආපසු සිය රට යැවීමේදී ප්‍රමුඛස්ථානය හිමිවිය යුතු බවට දෙරටම එකඟවී ඇති බවද පැවසේ. සාකච්ඡා වටයේදී ඉන්දීය පාර්ශ්වයේ නායකත්වය ගෙන කටයුතු කළේ ආචාර්ය අවුසෆ් සාහීඩ්ය. බංග්ලාදේශ දූත කණ්ඩායමේ නායකත්වය තානාපති මෂ්ෆී බින්ටේ ෂෑම්ස් නියෝජනය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ. සිසුන්ට සංචාරකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන අන්දමට සංචාරක සංවිධාන කටයුතු යළි සංශෝධනය කළයුතු බවටද තීරණය කෙරී තිබේ. සංචරණ කටයුතු පහසු වීමට වීසා නිකුත් කිරීමේ කටයුතු ලිහිල් විය යුතු බවටද සාකච්ඡා කර තිබේ.
චන්ද්‍රසේන මාරසිංහ