කොංගෝවේ සාමසාධක මෙහෙයුම් කටයුතු සඳහා ස්ථාපිත එක්සත් ජාතීන්ගේ කඳවුරුවල සම්පත් කොල්ලකෑම සඳහා එරට ස්වදේශික (කොංගෝ) සන්නද්ධ සාමාන්‍ය වැසියන් පිරිසක් ගනු ලැබූ උත්සාහයක් ඉන්දියානු හමුදා භට පිරිසක් විසින් සාර්ථකව වළක්වනු ලද බව ඒ.ඇන්.අයි. ප්‍රවෘත්ති සේවය කියයි.
කුපිත වූ කොංගෝ සන්නද්ධ කල්ලිය එක්සත් ජාතීන්ගේ කාර්යාල සංකීර්ණ කීපයක් කඩාබිඳ දමනු ලැබ ඇතැයිද ප්‍රවෘත්ති සේවය නිවේදනය කර තිබේ.
එහෙත් මේ තත්ත්වය සමනය කළ බව ඉන්දීය හමුදාවේ උසස් නිලධාරියෙක් ඒ.ඇන්.අයි. ප්‍රවෘත්ති සේවයට පැහැදිලි කෙළේය.
එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ මෙන්ම එම සංවිධානයේ වටිනා බඩු භාණ්ඩවලද ආරක්‍ෂාව තමන් සැපයූ බව ඉන්දියානු හමුදා නිලධාරියා එසේ පැවසුවේය.
චන්ද්‍රසේන මාරසිංහ