බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News
මෙසේ මන්ත්‍රී ධූර අහිමි වී ඇත්තේ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ කණ්ඩායම් නායක නිහාල් මෙන්ඩිස්, මොහොමඩ් නිශාර්ඩ්, කාන්ති පැළවත්ත, අයේෂා චාමලී සහ පුෂ්පා සමරසිංහ යන මන්ත්‍රීවරුන්ටයි.
බුලත්සිංහල ප්‍රාදේශීය සභාව පිහිටුවීමේදී මෙම මන්ත්‍රීවරුන් මුදල් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, ඊට අදාළ සාක්ෂි ඇතුළත් වීඩියෝ පටයක් බුලත්සිංහල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලබා දී තිබෙනවා.
එම වීඩියෝ සහ හඬ පටවල අදාළ මන්ත්‍රීවරුන්ගේ කටහඬවල් මඟින්ම මුදල් ලබාගත් බව තහවුරු වන බැවින්, මන්ත්‍රී ජගත් විතාන විසින් දිගින් දිගටම සිදුකළ විධිමත් පරීක්ෂණයකින් අනතුරුව මෙම දැඩි තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.










