• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හතේ ‌පොතට හතේ හත වදියිද?

January 5, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
හතේ ‌පොතට හතේ හත වදියිද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව යනු සාක්ෂරතාවයෙන් ඉතා ඉහළ මට්ටමක පවතින රටක් වුවද, ලිංගික අධ්‍යාපනය අතින් ඉතා පහළ මට්ටමක පවතින රටක් බව විචාරකයන් පවසන්නේ බොහෝ කාලයකට පෙර සිටය. එබැවින් මෙරට තුළ විධිමත් අයුරින් ලිංගික අධ්‍යාපනය ලබා දීම ආරම්භ කළ යුතු බවට වන ගැඹුරු සංවාදය ආරම්භ වූයේද දැනට වසර කිහිපයකට පෙරදීය. ඒ සඳහා විවිධ උත්සාහයන් කිහිපයක්ම ගත් නමුත් ඒ කිසිවක් සාර්ථක වූයේ හෝ නියමාකාරයෙන් ක්‍රියාත්මක වූයේ නැත.
ලිංගික අධ්‍යාපනය පිළිබඳ කතාබහ එලෙස ඇල්මැරුණු ස්වභාවයක් ගත්තද, මෙරට තුළ සිදුවන ළමා ලිංගික හිංසන සහ ස්ත්‍රී දූෂණයන්හි තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර පිළිබඳ පුවත් දිනෙන් දිනම ඉහළ ගිය අතර එවැනි ඛේදාන්තයන්ට ලක්වූ කුඩා දරුවන්ගේ හද කම්පා කරවන පුවත් සමාජය තුළින් ඕනෑ තරම් සොයා ගත හැකිය. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ වාර්තා අනුව මෙරටෙන් වසරකට වාර්තා වන ළමා හිංසන ප්‍රමාණය දස දහසකට අධිකය. මීට අමතරව වාර්තා නොවන මෙවැනි හිංසන බොහෝ ප්‍රමාණයක්ද ඇත.
ළමා ලිංගික අධ්‍යාපනය පිළිබඳ කතාබහ නැවත වරක් අලුත් වූයේ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් දරුවන් සඳහා නිකුත් කළ “අපේ හතේ පොත” අධ්‍යාපනික පොතත් සමඟිනි. කෙසේ නමුත් ඒ කතාබහ ඇරඹෙන්නේ වසර ගණනාවක අධීක්ෂණයන්ට පසු නිකුත් කළ පොත දරුවන්ට ලබා නොදිය යුතු බවට එල්ල වන චෝදනාවක් සමඟිනි. එම චෝදනාව පළමුව එල්ල කරනු ලැබූයේ මැදගොඩ අභයතිස්ස හිමිපාණන් විසිනි. පසුගිය 24 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ “අපේ හතේ පොත” කිසිසේත්ම දරුවන්ට ලබා නොදිය යුත්තක් බවය.
“7 ශ්‍රේණියේ දරුවන්ට ලබා දුන්නා හතේ අපේ පොත කියලා පොතක්. දුවලා පුතාලාට අපෙන් කියලා මේ පොත ලබා දෙන්නේ රාජිත සේනාරත්න සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා සහ අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමැතිවරයාගේ මෙහෙයවීමක් මත වසන්තා පෙරේරා ලේකම් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය, පත්මසිරි ජයමාන්න ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශය යන අයගේ අස්සනින් යුතුව තමයි මේ පොත ලබා දෙන්නේ. 7 දරුවන්ට තමයි මේ පොත ලබා දීල තියෙන්නේ. ඊයේ දිනයේදී තමයි මේ පොත අපිට ලැබුණේ. ඒ ලැබුණු වහාම අපි මේ ගැන අදාළ බලධාරීන් දැනුවත් කළා. වහාම මේ පොත තහනම් කරන්න කියන බලකිරීම අධ්‍යාපන අමාත්‍යවරයාට ලබා දෙන්න තමයි අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. තහනම් කරන්න විතරක් නෙවෙයි. මේ පොත නිර්මාණය කිරීම සඳහා වගකිව යුතු ඊට සම්බන්ධ කණ්ඩායම පිළිබඳව කොමිසමක් පත් කරලා සොයා බලන ලෙසටත් අපි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.” ඒ ආකාරයෙන් මාධ්‍ය හමුව ආරම්භ කළ ස්වාමීන් වහන්සේ එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූයේ මෙසේය.
“ප්‍රජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍රනාන්දු බලපිටිය මහත්මිය, වෛද්‍ය එස්. වී. ඒ. සමරවික්‍රම මහතා සහ වෛද්‍ය ජීවරංග ගුණසේකර මහතා එකතු වෙලා තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඡායාරූප සහිතව ළමයින්ට මේක කියවන්න ආකර්ෂණයක් ඇති වෙන විදියට තමයි මේ පොත ලියලා තියෙන්නේ. නව යොවුන් වයසට ආව දරුවන්ගේ සිද්ධ වෙන වෙනස්කම් ගැන තමයි මේකෙ සඳහන් කරලා තියෙන්නේ. ඒක හොඳයි. ලිංගික අධ්‍යාපනය දරුවන්ට යම් අවස්ථාවලදී ලබා දීම මේ ලෝකේ සිද්ධ වෙන දෙයක්. හැබැයි මේක ඒ වයසේ දරුවන්ට නොගැළපෙන, විශේෂයෙන්ම ඔවුන්ගේ ගුණ ධර්මවලට බලපාන, ඔවුන්ගේ ජීවිතවලට අනවශ්‍ය කුතුහලයක් ජනිත කරවන ආකාරයට තමයි මේ පොත නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම වැඩිහිටියන් විදියට අපිවත් දැනුවත් නැති කාරණා මේ පොතේ සඳහන් වෙනවා.” එලෙස පැවසූ ස්වාමීන් වහන්සේ පොතේ ඇතුළත් දෙබස් කිහිපයක්ද ගෙනහැර දැක්වීය.
“මේ පොත අනුව ස්වයං වින්දනය කියන එක සාමාන්‍ය දෙයක්. ඒක ගැහැනු ළමයි වගේම පිරිමි ළමයිනුත් කරනවා. නිතර නිතර කරලා අධ්‍යාපනයට බාධා කර ගත්තොත් තමයි හොඳ නැත්තේ. එහෙම තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. දැන් බලන්න මේ වැඩිච්ච මිනිස්සු ලිංගික අධ්‍යාපනය කියලා මොනවද මේ දරුවන්ට උගන්වන්නේ. මව්පියන්ගේ තුරුලේ හැදෙන දරුවන්ට තමන්ගේ නිදහස නැති කරලා ඒ වෙනුවට අර සංකර සංස්කෘතියකට අරන් යන්න තමයි මේ හදන්නේ.” පොත පිළිබඳව එලෙස විස්තර කළ ස්වාමීන් වහන්සේ පොත නිර්මාණය කිරීමට හේතු වූ කරුණු පිළිබඳ තම මතය පැහැදිලි කළේ මෙලෙසය.
“අපේ මේ සමාජයේ තියෙන සම්බන්ධතා පිළිබඳව ටිකක් නරක පැත්තට මිනිස්සු අරගෙන යන කතාවකුත් මේකේ තියෙනවා. ඒකේ මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. ඔයාල දන්නවද මේ අතවර ගොඩක් සිද්ධ කරන්නේ ඔයාලා දන්න කියන ළඟින් ඇසුරු කරන අයයි. ඔයාලා ආස දේවල් තෑගි විදියට දීල, බොරුවට වර්ණනා කරලා නොයෙක් උපක්‍රමවලින් ඔයාලත් එක්ක යාළු වෙලා ඔයාලව වැරැදි වැඩවලට යොදා ගන්න හදනවා. එතකොට මේ කියන්නේ අල්ලපු ගෙදර අංකල් ගැන. මේ හරහා මුළු මහත් සමාජයේම දරුවන් අනෙක් අය දිහා සැකයෙන් බලන තත්ත්වයක් ඇති වෙනවා. අපේ සමාජය රාජිත සේනාරත්නගේ, අකිල විරාජ්ගේ වගේ වනචර සිතුවිලි තියෙන සමාජයක් නෙවෙයි අපිට තියෙන්නේ. දරුවෝ දිහා ඒ විදියට කාමුක සිතුවිල්ලෙන් බලන නැන්දලා මාමලා මේ රටේ නැහැ. මේ සෞඛ්‍යය අමාත්‍යංශයට වැරැදිලාවත්, අධ්‍යාපන අමාත්‍යාංශයට වැරැදිලාවත් කරපු වැඩක් නෙවෙයි. හිතාමතාම ඔවුන් සිද්ධ කරන අපේ රටේ සංස්කෘතික ඝාතනයේ එක කොටසක් තමයි මේ.”
තම පන්සලේ පොඩි හාමුදුරුවන්ට ලැබුණු පොත උන්වහන්සේට කියවිය නොහැකි ලෙස තමන් වහන්සේ අගුළු ලා සඟවා තැබූ බවද එහිදී මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
කෙසේ නමුත් මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණේ හත ශ්‍රේණියේ සිසුන් සඳහා ලබා දුන් “අපේ හතේ පොත” නැවත එකතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දී තිබියදීය. එම පොත සිසුන්ට ලබා නොදෙන ලෙසත්, පාසල්වලට ලැබුණු සියලුම පොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොරි වෙත ලබා දෙන ලෙසත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. ජයන්ත වික්‍රමනායක මහතා සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවද අනාවරණය විය. අදාළ පොත සහ එය සකස් කළ ආකාරය පිළිබඳ පූර්ණ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත බාරදුන් බවටද මාධ්‍ය වාර්තා පළවිය.
“අපේ හතේ පොත” තහනම් කිරීමට බලපෑම් එල්ල කිරීම සහ එය සිසුන්ට ලබා නොදී නැවත එකතු කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක්ද රට පුරා ඇති විය. අලුත් පියාපත් සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීතිඥවරියක සහ සමාජ ක්‍රියාකාරිනියක වන කෞශල්‍යා ප්‍රනාන්දු ප්‍රකාශ කළේ මෙම පොත සිසුන්ට ලබා නොදීම සම්බන්ධයෙන් රටක් ලෙස අප ලැජ්ජාවට පත් විය යුතු බවය.
“සෘණාත්මකව වුණත් මේ මාතෘකාව සමාජ ගතවුණු එක හොඳ දෙයක් විදියටයි අපි දකින්නේ. හැබැයි පාසල්වලට යවපු පොත නැවත කැඳවලා කියන එකත් මේ වෙද්දි අපි දන්නවා. මේ පොත ළමයින්ට සුදුසු නැහැ කියන එක තමයි ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන තර්කය වෙන්නේ. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ වාර්තා අනුව අවුරුද්දකට 10,000කට ආසන්න ප්‍රමාණයක් ළමා හිංසන, ළමා අපරාධ ලංකාවෙන් වාර්තා වෙනවා. අපිට තියෙන තොරතුරු අනුව මේවයින් 90%ක් විතර සිද්ධ වෙන්නේ තමන් දන්නා වැඩිහිටියන් අතින්. මව්පියන් විසින් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් විශ්වාසවන්තව තියලා යන වැඩිහිටියන් අතින් තමයි බොහෝ වෙලාවට මේක වෙන්නේ. තමන්ගේම පියාගෙන් වෙන්න පුළුවන්, ඥාතියකුගෙන් වෙන්න පුළුවන්, අසල්වැසියකුගෙන් වෙන්න පුළුවන් ඒ දේ වෙන්නේ. කියන්න කනගාටුයි. සමහර වෙලාවට උසාවියට එන ළමයා තමන්ට සිද්ධ වුණේ මොකක්ද කියලා කියන්න දන්නේ නැහැ. සමහර වෙලාවට අවුරුදු එකහමාරේ දෙකේ ළමයිනුත් මේ අතවරවලට ලක්වෙනවා. ලංකාවේ ඔය කියන තරම් පිවිතුරු, සදාචාර සම්පන්න සමාජයක් ළමයින් සම්බන්ධයෙන් තියෙනවා කියන කාරණය බොරුවක්. අනිත් එක තමයි මේක ඇමැතිතුමාට හරි වෛද්‍යවරයකුට හරි එක පාරට හිතිලා උඩින් පාත් වුණු පොතක් නෙවෙයි. මේක අවුරුදු තුන හතරක් තිස්සේ පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් හරියටම කිව්වොත් කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවිතය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් තමයි මේක සිදු කරලා තියෙන්නේ. මන්ත්‍රීවරුන් 20 දෙනකුගෙන් සමන්විත ඒ කමිටුව ලංකාවේ සියලුම වැඩ කරන අංශවල අදහස් අරගෙන තමයි මේ පොත හදලා තියෙන්නේ. ළමයින් නව යොවුන් වියේදී තමන්ගේ සහ තම යහළුවන්ගේ ශරීරය තුළ සිදු වෙන අභ්‍යන්තර වෙනස්කම් හඳුනන්නේ නැහැ. ඒ නිසා ඔවුන් බොහොම ගැටලුවලට, මානසික පීඩාවන්ට සහ කම්පනයන්ට ලක් වෙනවා කියන එක ඒ කමිටුව හඳුනගෙන තියෙනවා. ඒ වගේම ශරීරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව ඉගෙන ගන්න නිසි ක්‍රමවේදයක් නොමැති වීම හින්දා අන්තර්ජාලය හෝ වෙනත් අවිධිමත් ක්‍රමයකින් ඒ දේවල් සොයා යන්න ඔවුන් පෙලඹෙනවා කියන එකත් එහිදී සොයා ගෙන තියෙනවා. ඒ අනුව තමයි ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා විධිමත් පොතක් අවශ්‍යයි කියන එක කමිටුව තීරණය කරන්නේ.” එලෙස අදහස් දැක්වූ කෞශල්‍යා ප්‍රනාන්දු නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම මත ශ්‍රී ලංකාවේ දරුවන් මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව මේ ආකාරයෙන් අදහස් දැක්වීය.
“පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව වයස අවුරුදු 20ට අඩු දැරියන් විසි දහසක් ලංකාවේ වාර්ෂිකව ගැබ් ගන්නවා. මේක බොහොම බරපතළ කාරණයක්. අවුරුදු 13ත්, 16ත් අතර දැරියන් විශාල පිරිසක් ඒ අතර ඉන්නවා. ජාතික යෞවන සමීක්ෂණ වාර්තාව අනුව 50%ක් යෞවනයන් නිසි ලිංගික සහ ප්‍රජනන අධ්‍යාපනයෙන් තොරයි කියන එක හොයා ගෙන තියෙනවා. ඊට අමතරව තමන්ගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳ නොදැනීම නිසා ලිංගික රෝග, මන්ද පෝෂණය, ළදරු මරණ අනුපාත, නීති විරෝධී ගබ්සා, මාතෘ මරණ, අධ්‍යාපන කඩා වැටීම් සහ දරුවන් ලිංගික ශ්‍රමිකයන් බවට පත් වෙන බව සොයා ගෙන තියෙනවා. අවුරුදු 15ට අඩු දරුවන් 75 දෙනෙක් 2015 වසරේදී එච්. අයි. වී. රෝගයට ගොදුරු වෙලා තියෙනවා. මං හිතන්නේ අපි ලැජ්ජා වෙන්න ඕනේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය උගන්වන්න නෙවෙයි. මේ වගේ කටුක ජීවිතයක් මේ ලංකාවේ ළමයින්ට උරුම කරලා දීම ගැන තමයි අපි සියලු දෙනාම ලැජ්ජා විය යුත්තේ. ඒ නිසා මේ පොත නැවත ළමයින් අතර බෙදා හැරලා විධිමත් ගුරු පුහුණුවකින් අනතුරුව ඒ දැනුම ළමයින්ට ලබා දෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.” ඒ කෞශල්‍යා ප්‍රනාන්දුගේ අදහස්ය.
“අපේ හතේ පොත” සකස් කිරීම සඳහා ආයතන ගණනාවක සහභාගිත්වය හිමි වී ඇත. පවුල් සංවිධාන සංගමය, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ඒඞ්ස් නිවාරණ අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරන විශේෂඥයන් රැසකගේ උපදෙස් මත සකස් කළ මේ පොතට නිර්දේශ ලබා දී ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය විසිනි. වසර ගණනාවක සිට දියත් කළ වැඩපිළිවෙළක් එක් වරම හකුළා ගැනීම එක් අතකින් ජාතික අපරාධයකි. රටේ ජාතික ධනය නිරපරාදේ විනාශ කිරීමකි. එහෙත් මේ හරහා කුඩා දරුවන්ගේ මනස විකෘති කිරීමක් සිදු වන්නේ නම් එයද බරපතළ අපරාධයකි.
මේ අතර “අපේ හතේ පොත” පිළිබඳව ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශ සමඟ සාකච්ඡා කොට මේ සඳහා සුදුසු පියවරක් ගන්නා බවය. මේ පොතේ යම් ගැටලුවක් වෙතොත් එය සාකච්ඡා කොට අත්හදා බැලීම් සහිතව නැවත වෙනස්කම් සිදු කරමින් ළමයින් සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය. “සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ එහි විද්වතුන් එකතු වෙලා කාලයක් තිස්සේ කතා කරලා ඇති කරපු අත්පොතක් තමයි ඔය පොත. ලිංගික අධ්‍යාපනය කියන්නේ යොවුන් වියේ දරුවන්ට අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් අපේ සංස්කෘතික තත්ත්වයන් තුළ ගොඩක් අමාරුයි ඒක ක්‍රියාත්මක කරන්න. ඒ නිසා විවිධාකාර විදියට බැලුවට මේක හරියට ක්‍රියාත්මක කර ගන්න බැරි වෙලා තියෙනවා. බටහිර සංස්කෘතික තත්ත්වයන් තුළ ඕක හරිම පහසුයි. මව්පියොත් පිළිගන්නවා, සමස්ත සමාජයත් පිළිගන්නවා. මේ පොත සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන තත්ත්වය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් එකතු වෙලා සාකච්ඡා කරලා විසඳුමක් ගන්න තමයි අපි අදහස් කරන්නේ.” වෛද්‍යවරයා අදහස් දැක්වූයේ එසේය.
මේ ලොව වටිනාම වස්තුව වන්නේ දරු දැරියන්ය. එබැවින් ඔවුනට පැහැදිලිවම බලපාන සංවේදී කාරණාවක් සම්බන්ධයෙන් තීන්දු ගැනීම හැකි ඉක්මනින්ම සිදු කළ යුතු බව අපේ අදහසය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ලංකාවේ ආර්ය ජනාවාස ඇරැඹුම

Next Post

රනිල්ගේ ඉරණම බදාදා තීන්දුයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.