• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ලොන්තපෝල්ගේ නන්නපෝල් ඔට්ටුව

August 31, 2019
in Politics
Reading Time: 1 min read
A A
ලොන්තපෝල්ගේ නන්නපෝල් ඔට්ටුව
Share on WhatsAppShare on Facebook

ආශික්ලන්තෙ වැසියන්ට මේ දවස්වල නින්ද යන්නෙ නැති තරම්. ඒ නිදාගෙන නැඟිටිනකොට රටේ මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙන නිසා. රටවැසියන්ට රූප පෙට්ටිය නරඹන්න වුණත් පිරියාවක් නැහැ. ඒකෙ පෙන්නන්නෙත් එක එකා මරාගන්න හැටි නිසා.
ඔය අතරෙ ආශික්ලන්ත නරපතිතුමා රාජ සම්මන්ත්‍රණ ශාලාවේ ලොකු ආරක්ෂක වැඩමුළුවක් සංවිධානය කළා. රටේ ආරක්ෂක සේනා ලොකු හේවායො වගේම දේශ දේශාන්තරවලිනුත් ආරක්ෂක සේනා හේවායො ඒකට සහභාගි වෙන්න ආශික්ලන්තයට ඇවිත් හිටියා.
නරපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුව ආරම්භ කළා. දේශ දේශාන්තරවලින් ඇවිත් හිටපු හේවා භටයො කතා පැවැත්වූවා. ඒ හැමෝම කතා කළේ ආශික්ලන්තයෙ ආරක්ෂක විධිවිධාන ගැනයි. මුළු ලෝකෙටම ආදර්ශෙට ගන්න පුළුවන් ආරක්ෂාවක් ආශික්ලන්තෙ වැසියන්ට ලබාදීම ගැන ඔවුන් ප්‍රශංසා කළා.
නරපතිතුමත් සේනාධිනායකලා වටකරගෙන ඔළුව වනමින් ප්‍රශංසා කතා අහගෙන හිටියා.
“මේක ආරක්ෂක වැඩමුළුවක් වෙලත් ඔබතුමාගෙ ආරක්ෂාව භාර ඇමැතියි, උප ඇමැතියි මේකට ඇවිත් නැත්තෙ මොකෝ නරපතිතුමනි?”
වංකගිරි දේශයේ ආරක්ෂක ඇමැත්තා වැඩමුළුව යන අතරෙ නරපතිතුමාගෙන් ප්‍රශ්න කළා.
“ආ… ගනන් ගන්න එපා. එයාලා ඔක්කොම මෙතන්ට ආවම රටේ ආරක්ෂාව බලන්නෙ කවුද? ඒ හින්ද මං එයාලව රටවැසියන්ගෙ ආරක්ෂාව බලන්න යෙදෙව්වා”
නරපතිතුමා අහක බලාගෙන උත්තර දුන්නා.
“ආ… නියමයිනේ, වංකගිරියෙත් ඒ වාගේ ක්‍රමයක් හදන්න ඕන” වංකගිරි දේශයේ ආරක්ෂක ඇමැත්තා ඩයරියේ නෝට් ඩවුන් කරගත්තා.
“හැබැයි ඉතින් මොනව හරි වැරැද්දක් වුණොත් එයාල තමයි වගකියන්න ඕන. මේක මගේම ක්‍රමයක්. ඔය ක්‍රමේ ජම්බුදීපෙ රජතුමාට හෙම දැනගන්න තියන්න එපා. උණුත් කොපි කරයි” නරපතිතුමා වංකගිරි ඇමැත්තගේ කණට කොඳුරලා කිව්වා.
එක එක රටවල ආරක්ෂක ඇමැත්තො දේශන පවත්වන්න ගත්තා. ඔය අතරෙ නරපතිතුමාට විශේෂ රාජ ආසනේම නින්ද ගියා.
වැඩමුළුව අවසානයේ පිට දේශ දේශාන්තරවලින් ඇවිත් හිටපු ආරක්ෂක ඇමැත්තො, හේවා සමග එකතු වෙලා නරපතිතුමාට සම්මානයක් ප්‍රදානය කළා.
“තම දේශයේ ජනයා සුරක්ෂිතව තබන ලොව හොඳම නරපති” ඒ සම්මානයේ රන් අකුරින් මුද්‍රණය කර තිබුණා.
“මේ සම්මානය රැගෙන ගොස් මාලිගයේ මගේ සම්මාන රාක්කයේ සුරක්ෂිතව තබනු”
නරපතිතුමා සේවකයකුට අණ කළා. ඔය අතරේ ලොන්තපෝල් රටේ ඇමැතියත් එතැනට ආවා.
“ආ… මේ ලොන්තපෝල්නේ, කොහොමද ඉතින්. මොකෝ ආශික්ලන්තෙ පැත්තෙ එන්න හිතුණේ?” නරපතිතුමා ලොන්තපෝල් ඇමැතිතුමා සාදරයෙන් පිළිගන්න ගමන් ඇහුවා.
“අපි ඉතින් ලෝකෙම ඉන්න හොරු අල්ලල දෙන උදවියෙන. ආශික්ලන්තයේ පිට දීපංකරවලට ගිහින් ඉන්න හොරු ටික අපිට අල්ලල දෙතෑකි” ලොන්තපෝල් ඇමැතියා නරපතිතුමාට එහෙම කිව්වා.
“අනේ කොච්චර දෙයක්ද? අර සිංගප්පූරුවට පැනල ඉන්න අපේ මහා භාණ්ඩාගාර හොරදෙටුවා අල්ලල දෙන්නකො” නරපතිතුමා පිටුපසින් හිටපු පුරෝහිතයා පැනලා ඇහුවා.
“ආ, මේ දවස්වල හැටියට අපිට ඕකව ඕනෙමයි” නරපතිතුමත් කිව්වා.
“ලොන්තපෝල් චරපුරුෂ සේවෙට ඕක මහ කජ්ජක්ද නරපතිතුමෝ. ඒක කරල දෙන්න ඔබතුමාගෙ රටේ දැන් අවුරුදු හතරක් තිස්සෙ අල්ලගන්න බැරිව ඉන්න හොරමුලෙන් එකෙක් හරි අල්ලල පෙන්නනවද?” ලොන්තපෝල් ඇමැතියා ඔට්ටුවක් දැම්මා.
“හී… හී… ඔට්ටුව පරදිනවා සිකුරුයි නරපතිතුමෝ. ලොන්තපෝල්ගෙ චැලේන්ජ් එක ගැන අහපු ගමන් නරපති දේවිය නරපතිතුමාට විහිළු කළා.
“ඇත්තනෙ යෝදියේ, එකෙක් ඇල්ලුවොත් අනිත් එකා තරහ වෙනවා. මුං ටික තරහ කරගෙන මං රාජ්‍යය කරගෙන යන්නෙ කොහොමද? මේ සිංහාසනේම අර හිටපු රජුයි, යුවරජායි දෙන්නම ඇහැගහගෙන ඉන්නෙ. එහෙනම් ලොන්තපෝල් අර සිංගප්පුරේ ඉන්න එකා ඔහේ හිටපුදෙන් තව ටික කාලයක්” ඒක අහපු ගමන් ලොන්තපෝල් නන්නපෝල් වෙලා යන්න ගියා.
නරපතිතුමාත් අස්ස කරත්තෙට නැඟලා රජ මාලිගාවට යන් පිටත් වුණා. නරපතිතුමා මාලිගාවට ඇතුළු වෙනකොටම ඔට්ටුපාල මග බලාගෙන මිටි ආසනේකට වෙලා ඉන්නවා නරපතිතුමා දැක්කා.
“ආ… ඔට්ටුපාල මොකෝ මූණ බෙරි කරගෙන?”
“බලන්නකො නරපතිතුමෝ. අර සෙල්ලම් ඇමැතියා මට තහනමක් පනවලානේ”
“ඒකට කොහෙමද එච්චර හයියක්?” නරපතිතුමා ඇඳුම් උණල නාන ටැංකියට බහින ගමන් ඇහුවා.
“බලන්නකො නරපතිතුමෝ මෙච්චර කාලෙකට කවුරුවත් මට නොකරපු දෙයක්නෙ. මට පිට්ටනියකටවත් බහින්න තහනම්ලු. ඔය අර යුවරජතුමාගෙ වැඩක්නෙ”
“ඒ මදිවට අපි වියදම් කරපුවත් හාර හාර හොයනවා”
“බය නැතිව ඉඳින් ඔට්ටුපාලයෝ මං ඕකට හොඳ වැඩක් කරන්නම්. මං අදිනවා මහ භාණ්ඩාගාරෙ මහ දවල් මංකොල්ලෙ මුල ඉඳලම ආයෙත්”
නහය වහගෙන වතුර ටැංකියෙ ගිලෙන ගමන් නරපතිතුමා කිව්වා.
“වහාම අර හිටපු භාණ්ඩාගාර ඇමැතියා ප්‍රශ්න කරන්න කියලා චර පුරුෂ ලොක්කට අණ කරනවා” වතුර ටැංකියෙන් ගොඩ එන අතරෙ නරපතිතුමා රාජ පුරුෂයකුට අණ කළා.
“හූ… හූ… හූ… රජ්ජුරුවො හූ…” කියලා මාලිගාව ළඟින් පෙර පාසල් යන කොල්ලො කුරුට්ටො ටිකක් හූ කියනව ඇහුන. නරපතිතුමා ඉක්මනට සළුවකින් හෙළුව වහගත්තා.

SendShareShare
Previous Post

ගෝඨා ඝාතන මාධ්‍ය කුමන්ත්‍රණ අතේ පත්තු ‌වෙයි

Next Post

පාර්ලිමේන්තුවේ ලිස්සන තීන්ත ගෑවේ මහින්ද වට්ටන්නද රනිල් වට්ටන්නද?

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.