අද රට පාලනය කරන්නේ වැඩ බැරි කර්මාන්ත කෘෂිකර්මාන්තය හා සේවා අංශය දියුණු කරන්න බැරි වැරදි දත්ත මත තීන්දු තීරණ ගන්නා රජයක් බවත් පසුගිය දිනවල රජයේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව එක් පුද්ගලයකුට දින 30ක් ජීවත් වීමට අවම මුදල පෙන්වා දුන් බවත් ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ දින 30ක් ජීවත් වන්න මසකට රු16367ක් ප්‍රමාණවත් බවට පවසන බවත් මේ මුදල ප්‍රමාණවත්ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
බදුල්ල දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයකුට දින 30ක් ජීවත් වීමට රු.17244ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රු.17315කින් මාසයක් එක් අයකුට ජීවත් වීමට ප්‍රමාණවත් බවට පවසන බවත් මේ ආකාරයට ඇති හැකි පරතරය තෝරන රජය මැතිවරණ සමයේ ගොයම් කකා වීවලට රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් දැන් සහතික මිල රු 120ක් බවත් රජය රු. 17ක් පාඩු කර ගොවියාට සහතික මිලක් දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බුත්තල දී පැවැති සමගි වනිතා බලවේගයේ සමුළුව අමතමිනි.
රජය ගොවියා ණය මර උගුලේ සිරකර ඇති බවත් රට සුරක්ෂා කරනවා කියා පාද යාත්‍රා පවා ගිය මේ රජය තනතුරු ලබා ගෙන පොඩි මිනිහාගේ ජීවිත නැති කරමින් යන බවත් රටේ ජනතාවට කළ හැකි ලොකුම දේශපාලන වංචාව කරමින් තනතුරු දරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කාන්තාව යනු රටේ සංවර්ධනයේ ගාමක බලවේගයයි
කාන්තාව රටේ දේශපාලන ගමනේ බලවේගයේ වැදගත් කාර්යක් ඉටු කරන බවත් රටේ ගාමක බලවේගය වන 52%ක් වන කාන්තාවන්ට වරප්‍රසාද ලත් සුළු කොට්ඨාසයක් හැරුණු කොට බරපතළ පීඩනයකට අභියෝග රැසකට මුහුණ දෙන බවත් කාන්තාව වැඩබිමේ මහමගදී නිවසේ දී හිංසනයට ලක්ව කාන්තා අයිතිය උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කාන්තාවගේ සේම දරුවන්ගේ ද අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතු යි
කාන්තාව සේම දරු පරපුරේද අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් කුඩා කල සිට දරුවන්ගේ සුරක්ෂිතභාවය රැකවරණය ආරක්ෂාව ලබා දෙන්නේ මව බවත් කාන්තා අයිතිය සේම දරුවන්ගේ අයිතිය ද එකට බද්ද වී ඇති බවත් එක් පැත්තකින් කාන්තාවන්ගේ අයිතිය උල්ලංඝනය වන විට දරු පරපුර හිංසනයට පීඩනයට ලක්ව මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කාන්තා හා ළමා අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් විය යුතුයි
මේ වන විට අපයෝජනයට ලක්වූ දරුවන 46000කගේ පැමිණිලි ළමා ආරක්ෂක අධිකාරියේ ඇති බවත් තවමත් මොවුන්ට යුක්තිය සාධාරණත්වය ඉටුව නැති බවත් ඒ නිසා මේ ගැන අවධානය යොමු කරනවා සේම කාන්තාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කරන්න කටයුතු කිරීම යනු දරුවන්ගේ ද අයිතිවාසිකම් සුරක්ෂා වන බවත් අනාගතයේ දී සමගි ජන බලවේග රජයක් තුළ කාන්තා හා ළමා අයිතිවාසිකම් මූලික අයිතිය බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ගෘහනිය ඉලක්ක කර ගත් ආර්ථික සංවර්ධනයක් කරා යා යුතුයි
පීඩාවට පත් සවිබල නොගැන්වූ අසහනයට හිංසනයට තර්ජනයට ලක්වු කාන්තාව රැක ගැනීම අපගේ යුතුකම නිසා මේ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් නිවසේ ප්‍රධාන ආදායම් උත්පාදනය කරන්නේ පිරිමියා නම් ගෘහනිය කේන්ද්‍ර කර ගෙන ආර්ථික සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළක් කරා කාන්තාව යොමු කර නිවසේ ආදායම් ප්‍රවර්ධනය කළ හැකි බවත් නිශ්චිත පුහුණු වීම් තුළ කාන්තාව සවිබල ගන්වා ඔවුන්ගේ නිපුණතාවය කේන්ද්‍ර කර ගෙන නිවසේ ආදායම ශක්තිමත් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එදා හැදු ඇගලුම් කම්හල් අද වැසෙමින් යනවා
රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇගලුම් කම්හල් 200 වැඩසහන තුළින් ආදායම් උත්පාදනය කර රැකියාවක් ලබා දී කාන්තාවගේ අභිමානය සුරක්ෂිත වන ආකාරයට ස්වාධීන ආදායම් මාර්ගයක් නිර්මාණය කළ බවත් අද වන විට මේ කර්මාන්තශාලා වැසී යන බවත් එදා මේ කම්හල්වලට අපහාස අවලාද නැගු විවේචනය කළ මුත් අප රටට ඩොලර් ගෙන එන වැදගත් ප්‍රවාහය බවට මේ කම්හල් පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හදනවා කිව්ව පොහොසත් රට අද නෑ
එදා ගෘහනියට සවියක් වූ මේ ඇගලුම් කර්මාන්ත ශාලා වැසී යන බවත් මොවුන් ඉන්දියාවේ බංගලිදේශයේ මේ කර්මාන්ත ශාලා නැවත ස්ථාපිත වන බවත් සෞභාග්‍යය නිර්මාණය කරනවා කියා ක්‍රමයේ වෙනසක් ඇති කර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරනවා කිව්වත් අද මේ කර්මාන්ත ශාලා වැසී යනවා නම් ඒ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය වනවාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ රජය දිගින් දිගටම කාන්තාව රවටනවා
අද අප රටේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය 34-36%ක් යැයි පැවසුවත් දියුණු රටවල ශ්‍රම බලකායේ කාන්තා 46-48%ක් බවත් මේ ඉලක්කය කරා යන්න නොහැකි වී ඇති බවත් වත්මන් රජය දිගින් දිගටම කාන්තාව රවටා ඇති බවත් කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කිව්වත් කර්මාන්ත ශාලා වැසී යාම නිසා කාන්තාවන්ගේ රැකියාවට ඇති අයිතිය දිනපතාම උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.































