ඩොලරයට සමගාමීව රුපියලේ අගය අඩුවීමේන් මේ දක්වා කිසිදු බලපෑමක් සිදුවී නැතැයි ද ඊට බලපෑ හේතු පිළිබඳව විමර්ශනයේ යෙදෙන බව ද ඉන්දියාවේ මුදල් ඇමති නිර්මලා සීතාරාම් ප්‍රකාශ කළාය.
ඉන්දියාවේ මහ බැංකුව දේශීය මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් නියාමනයේ යෙදී සිටින බවට ද ද්‍රවශීලීතාවක් අතිවුයේ වීනම් වහා මැදිහත් වන බවට ද ඇය රාජ්‍ය සභාව දැනුවත් කළාය.ඉන්දියානු රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමේ අපේක්‍ෂාවක් නැති බව ද පාවීමට ඉඩ හැර ඇති බව ද ඕ ප්‍රශ්ණ කාලයේදී ප්‍රකාශ කළාය.
අවශ්‍ය වූ විටෙක මහ බැංකුව මැදිහත්වීමේ සූදානමෙන් සිටින බව ද නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු වශයෙන් මුදල් ඇමතිවරිය කීවාය.මේ කරුණ සම්බන්ධයෙන් මහ බැංකුව මැදිහත්ව ඇතත් ඉන්දියන් රුපියලේ වටිනාම් වැඩිකිරීමට හෝ අඩුකිරීමට හෝ මෙතෙක් තීරණය කර නැති බව ද විස්තර කළාය.
වෙනත් බොහෝ රටවල් මෙන් ඉන්දියාව මුදල් අනවශ්‍ය අන්දමින් ස්ථාවරව පවත්වා ගෙනයමක් නැත.අපට අවශ්‍ය මූල්‍යමය ශක්තිය පමණයි.වටිනාකම පහල වැටීම සම්බන්ධව නැගුණු විමසීම්වලට පිළිතුරුවශයෙන් මුදල් ඇමතිවරිය කීවාය.
චන්ද්‍රසේන මාරසිංහ