මිලියන 250ක ගොවි ණය කපාහැරීම සදහා වසර දෙකකට අධික කාලයක් ගත් ආණ්ඩුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අලුත්වැඩිය කිරීම සදහා රුපියල් මිලියන 400ක මුදලක් එක දිනකින් සම්මත කොට ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
කෙසේවෙතත් මෙහිදී වහාම පාර්ලිමේන්තු සබාගැබට පැමිණි ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරුන් පමණක් නොව ජනාධිපති වැන්දඹුවන්ද ආණ්ඩුව විසින් නඩත්තු කරන බව කියා සිටියේය.
එහිදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් එම ප්‍රකාශයට විරෝධය පළවන ආකාරයක්ද දැකගත හැකි විය.