• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මිනී මරන්නේ නැතිව පත්තර රස්සාව කරමුද?

March 10, 2021
in News, Politics
Reading Time: 6 mins read
A A
මිනී මරන්නේ නැතිව පත්තර රස්සාව කරමුද?
Share on WhatsAppShare on Facebook

අද 2021 මාර්තු 4 වෙනිදා. දැන් දෙදිනක් පුරා රටේ උණුසුම් කාලගුණය පාලනය කරන්නෙ වේල්ලවීදියෙන් හමුවුණු හිසසුන් කාන්තා මළසිරුර සහ ගෙලවැල ලාගෙන මරණයට පත්වූ මිනීමරුවයි ගැන මාධ්‍ය කියන විස්තරයි. මාධ්‍යයේ හැසිරීම කොච්චර ජුගුප්සාජනකද කියලා කියනවා නම්, එක මොහොතකට හරි මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළ බව කියන්න පවා ලැජ්ජා විය යුතුයි කියලා හිතෙනවා. අද විතරක් නෙවෙයි, මම මේ රටේ ජනමාධ්‍යවේදිනියක හා ඡායාරූප ශිල්පිනියක ලෙස කටයුතු කරන්න පටන් ගත්තු 1990 දශකයෙත් මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් තිබුණා.

ඒගැන මට පුද්ගලික අත්දැකීම් රැසක් තියෙනවා. අද වෙද්දි මුහුණු පොතද ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල හැසිරීමත් එක්ක ලෝකයට ගිනි තියන්න යන්නෙ අතිශය සුළු වෙලාවක් විතරයි.

ඒක දශමවලිනුත් දශම ගණනාවක් වෙන්න පුළුවන්.

පන්සිල් රකින්නෙ නැති සමාජයක් බිහි කරන්න මේ රටේ මාධ්‍ය ඉටු කරපු මෙහෙවර අනන්තයි. මම පුද්ගලිකව ඊට දායක නොවී සිටි බව විතරයි සතුට.

1990 අග දිවයින පත්තරේට සම්බන්ධ වෙලා ලියන්න පටන් ගත්තට පස්සෙ මට අවස්ථාවක් ලැබුණා නවලියට පින්තූරත්, ලිපිත් සපයන්න.

එක වතාවක නවලිය කතුවරියට අවශ්‍ය වුණා එවක (90‘දශකයේ මුල) කටුනායක වෙළෙඳ කලාපයේ තරුණ තරුණියන් වෙනුවෙන් ඇවරිවත්ත ප්‍රදේශයේ පවත්වන සංගීත රාත්‍රිය හා තරුණ තරුණියන් ගැන ලිපියක් ලියන්න.
ඒ වැඩේ බාරව එහි ගිය එවක ප්‍රකට ඡායාරූප ශිල්පියාත්, ලේඛකයාත් ඒ කටයුත්ත කළා. සංගීත රාත්‍රියට පසු පිටියේ තැන තැන තිබුණා යැයි කී යට ඇඳුම්වල පින්තූර පත්තරේ පළවුණාට පස්සෙ, එක්තරා තරුණියෙකුට මූණ දෙන්න සිදුවුණු අවාසනාවන්ත තත්ත්වය දරාගන්න බැරිව ඇය දිවි තොර කරගෙන තිබුණා.

කතුවරිය කියන ඕනෙම දෙයක් ලියන්න එකඟ නැති ගොඩේ හිටපු මටත් අභියෝගයකට මූණ දෙන්න සිදුවුණා.
ඒ තමයි ගම්පහ හෙනරත්ගොඩ හා පේරාදෙණිය මල්වතුවලට ගිහින් තරුණ තරුණියන්ගේ නොමනා, අවිනීත හැසිරීම් ගැන ලිපියක් ලියන්න.
මේ නොමනා හෝ අවිනීත කියලා තත්ත්වය නිර්ණය කිරීමේ මිනුම මට අදටත් ගැටලුවක්.

මේ මිම්මට අනුව සිප වැලඳ ගැනීම අශෝභන වන අතර මරණයට පත් කිරීම, අනියමින් හෝ ඊට දායකත්වය සැපයීම සහ මරණය විකුණාගෙන කෑම අතිශය සාමාන්‍ය තත්ත්වයක් විදියටයි මාධ්‍ය වරනගන්නෙ.

මමත්, ඡායාරූප ශිල්පි ප්‍රියන්ත හෙට්ටිගේත් කලින් කතිකා කරගත් පරිදි කෝටියක් සංවර ශීලය සමාදන් වූ තරුණ ජෝඩු සොයා ගොස් ප්‍රේමය උත්කර්ෂයට නැංවීම උදෙසාම ලියූ ලිපිය පළවුණේ “සංවර වූ ප්‍රේමය” හැටියටයි.
මට කරන්න බැරි දෙයක් හෝ මම එකඟ නැති දෙයක් අනුන් ලවා කරවීමට මම එකඟ නෑ.

එවක අවුරුදු 20කට වැඩි නොවූ මටත්, මෙවක පනස් වියැති මටත් ප්‍රේමය කෙරෙහි වූ ආකල්පය වෙනසක් වෙලා නෑ.
මම එදා ඉතාම පැහැදිලිව කිව්වා, තරුණ තරුණියන්ට එළිමහනේ හමුවීමේ වැට බැන්දොත්, ඔවුන් නිසැකවම කාමර සොයායාම වළක්වන්න බැරි බව.

මාධ්‍යයේ හැසිරීම විකාරරූපී වීම ගැන විස්සෝප වීමෙන් පමණක් මේ මජර ක්‍රමය වෙනස් කරන්න බැරි නිසයි මම යෝජනා කරන්නෙ, පන්සිල් රකින සමාජයක් බිහි කිරීම ප්‍රායෝගික නොවෙන තරම් සංකීර්ණ වුණු මිනිසුන්ට විකල්පයක් ඕනෙ කියලා.

මිනී මරන මාධ්‍ය උන්මාදයෙන් මොහොතකට නිදහස් වුණොත් ඔබට පෙනේවි මිනිසුන්ගෙ හැසිරීම වෙනස් කරන්න පුළුවන් කියලා.
උදේ, දවල්, රෑ නැතිව කුණුම මාකට් කරන එක වෙනුවට යහපත් දෙයක් කරන මිනිස්සු අගය කරන්න පටන් ගැනීම වටිනවා කියලා කියන්නේ ධනාත්මක ප්‍රවේශයක් ඕනෙ කාලෙක අපි ඉන්න නිසයි.

මම ලක්බිම පත්තරේ ෆොටෝ ජර්නලිස්ට් කෙනෙක් හැටියට රස්සාව කරපු කාලෙ නිමා වෙලා සබ් එඩිටර් කෙනෙක් හැටියට (උප සංස්කාරකවරියක ලෙස සේවය කරමින් ඉද්දි) අත්විඳි ඇතැම් සිදුවීම් දැන් මතක් වුණාමත් චී… කියලා හිතෙනවා..
මාධ්‍ය සදාචාරයට ගිනිඅවි සහ ගිනිකෙළි එකතු කරපු අනුර හොරේශස් හොරර් ෆිල්ම් එකකට ගැළපෙන වර්ගයේ ලිපි ලියන කාලෙ මේක වුණේ.

අනුර හොරේශස් ලියලා තිබුණා ඝාතනයක් ගැන. ඒ සිදුවීමෙන් මරණයට පත්වුණු තරුණියගෙ හැඟීම් සහ වේදනාවන් ලියන්නෙ කුණු කතා කියවන්න පාඨකයො කැමතියි කියලා තමයි අනුර එවකට එය සාධාරණීකරණය කෙරුවෙ.
අද මේ වෙමින් තියෙන්නෙත් ඒ කාලකණ්ණි මාධ්‍ය භාවිතයේ අහිකුණ්ඨික මනෝභාවයේ දිගුවක්ම තමයි.

මිනීමැරුමක් කරන විදියෙ ඉඳලා ඔක්කොම ගෙදර සාලෙට ගේන ෆිල්ම් පෙන්නන ටෙලිවිෂන් චැනල් සිප ගැනීමකදි කොටු දාලා ඒ රූප රාමුව වහනවා.

මේ තරම් මස්තබාල්දු මාධ්‍ය සදාචාරයක් තියෙන වෙන කිසිම රටක් ලෝකෙ නැතිව ඇති.

මාර්තු 8 කියන්නේ, ජාත්‍යන්තර කාන්තා දිනය.
කාන්තා හෝ පිරිමි හෝ කියලා බෙදීමක් නැතිව අපි මනුස්සයො කියන තැනින් වගකීම බෙදාගන්න කාලෙ හරි.
ආදරය කසාදයකින් කෙළවර වෙන්න ඕනෙ කියලා හිතන තැනම අවුල්නෙ. මං හිතන්නෙම ආදරය පවතින්න පටන් ගන්න ඕනෙ, පවුලක් හැටියට කියලායි. මිනිස්සු බහුතරයක් හිතනවා වාගෙම අද වෙද්දි ආදරය කසාදයෙන් කෙළවර වීමේ ඛේදවාචක තමයි අපි අත්දකිමින් ඉන්නෙ.

ආදරය හෝ ප්‍රේමය කියන්නේම එකිනෙකා සෙනෙහසින් දරාගැනීමට හා ඉවසීමට හැකිවීමටයි. එය කොන්දේසි විරහිත මානව සම්බන්ධතාවක්. ප්‍රශ්න කරන්න පටන් ගත්තු තැන ඉඳලම විශ්වාසය මියැදෙන්න පටන් ගන්නවා.
සාමකාමී මනෝභාවයන් මැරෙනවා. මිනීමැරුමකට පස්සේ මිනිස්සු මාධ්‍ය ඔස්සේ මරණයත්, මිනියත් ආයෙ ආයෙත් දූෂණය කරලා විකුණගෙන කනවා. ඒ මිනිස්සු ජීවතුන් අතර ඉද්දි කී වතාවක් මැරි මැරි ජීවත් වෙලා ඇතිද?

අඩු තරමෙ මිනීමැරුමක් දක්වා දුරදිග නොයවා එකිනෙකා අතැර වෙනම ජීවත්වීමට අවශ්‍ය මග පෙන්වීම කරන්න අපේ මාධ්‍ය සදාචාරය සම්මාදම් වෙලා තියෙනවද?

ඉකුත්දා කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පවුලක තරුණ පුතෙක් පෞද්ගලික රෝහලක උඩුමහලකින් පැනලා දිවි තොර කරගත්තා. ඊට ටික කලකට කලින් නීතිඥ දෙමාපිය දෙපළකගෙ තරුණ පුත්‍රයාත් උඩුමහලකින් පැනලා ජීවිතයට සමුදුන්නා. මේ කිසිම කෙනෙකුට ජීවත් වෙන්න බැරි තරම් අගහිඟකම් තිබුණු උදවිය නෙවෙයි. මිනිසුන්ට මිල මුදල් හෝ දැන උගත්කම සහිත පවුල් පසුබිමක් තිබීම පමණක් සෑහෙන්නෙ නෑ කියලා පැහැදිලි වෙන උදාහරණ ඕනෙ තරම් ඇති.

ඒවා කොයිතරම් මාධ්‍ය මගින් ප්‍රචාරය වුණත් අපි උගත් පාඩමක් තියෙනවද?

මම පුද්ගලිකව අවුරුදු 15ක් කරපු සමීක්ෂණයක් මගින් ඔප්පු වුණේ මෑත ඉතිහාසයේ වැඩි දෙනෙක් සූදානම් වෙන්නෙ මංගල සාදයට මිසක් පවුල් ජීවිතයක් ගත කරන්න නොවෙන බවයි.

අනියම් බිරිඳක් ඕනෙ වෙන්නෙ ඇයි පුරුෂයෙකුට. අතීතයේ පවුලක් රැකුණෙ පිරිමියා හරි හම්බ කරපු ධනයෙන්. දැන් වාගෙ පිරිමිත්, ගැහැනුත් හනිමුණින් දාගෙන, දරුවො අතින් ඇදගෙන හැල්මෙ දුවපු කාලයක් නෙවෙයි ඒක.
කාන්තාවක් දරුවො ඇති දැඩි කරගෙන, උයා පිහාගෙන, මැහුම් ගෙතුම් කරගෙන නිස්කලංකව ගෙදර ඉන්න දැන් කාලෙ කාන්තාවන්ට නිදහසක් නෑ. ඔවුන් අතින් නිතැතින්ම මගහැරෙන්නෙ ලිංගික ජීවිතයයි. ඒ හිඩැස වෙනත් විකල්පයකින් පිරෙනවා. ඒක නොදන්නවා වාගෙ කසාද බිරිඳට ඉන්න සිද්ධ වෙනවා. තමුසෙ කොහෙ ගියත් ගෙදර එන්න එපායැ වාගෙ පාරම්බෑමක් එක්කයි.

මේවා වෙනුවෙන් විනිශ්චය දෙන්න හෝ පළවෙනි ගල ගහන්න පුළුවන් කිසිම සුද්දවන්තයෙක් මේ රටේ ඉඳියි කියලා හිතෙන්නෙ නෑ.
මිනිස්සු කොච්චර විෂම වුණත්, අනෙකාට පරිභව කිරීමට මග බලා සිටියත් අන්තිමට මනුස්සයො හැටියට හැමෝම යම්තාක් දුරකට අසරණ වෙලා ඉන්නෙ. ඒකට ගෑනියෙක් හරි පිරිමියෙක් හරි වීමවත්,
පක්ෂය,
පාට,
කුලය මොකුත් අදාළ කරගන්න බෑ.
අම්මලා, තාත්තලා තමන්ගෙ ගේ ඇතුළෙම පුරුෂාර්ථ සහිත දරුවො හදන්න කැපවුණේ නැත්නම් නමට යටින් ටයිටල් හැටියට නීතිඥවරුන්, ඉංජිනේරුවන්, දොස්තරලා, ගුවන් නියමුවන් ඇතුළු නන්විධ වෘත්තිකයින් බිහිවේවි. හැබැයි මනුස්සකම් පෑල දොරින් පැන යාවි.
මනුස්සයො වෙන්න අමතක වේවි.
මරණයට පත්වූ තැනැත්තාගේ හෝ මරණය සිදුකළ පුද්ගලයාගෙ පවුල්වල ජීවතුන් අතර ඉන්න මිනිසුන්ට පාරෙ බැහැලා යන්න ඉඩ තියමු.
ආදරණීය මාධ්‍ය සගයිනි,
අපි එකට එකතුවෙලා රැල්ලක් හදමු.
මේ රටේ යහපත් විදියට ජීවත් වෙන්න උත්සාහ කරන,
ආපිට කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර අනෙකා වෙනුවෙන් උදව් කරන මිනිස්සු ගැන ලෝකෙට හඬගා කියමු.
ඔවුන් වැනි දරුවන් මේ රටේ සිටීමේ ගෞරවය බෙදාගමු.
ඒ වෙනුවෙන් ඔබේ මාධ්‍යයේ ඉඩක් වෙන් කරමු.
අනෙකාගේ දොස් දකිනවා වෙනුවට යහපත අගයමු.

කවින්ධ්‍යා ජයසේකර

SendShareShare
Previous Post

රටේ බලය අල්ලන්න එන ඊළග රාජපක්ෂ ගැන මහින්දගේ බාලපුතා මුල්වරට මව්රටට හෙළිකරයි EXCLUSIVE

Next Post

කළු ඉරිදාවට සහභාගි වෙන්න සජිත්ට කිසිම අයිතියක් නෑ: හකීම්-රිෂාඩ්ලට කොන්ද පණ නෑ

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.