• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ බලය අල්ලන්න එන ඊළග රාජපක්ෂ ගැන මහින්දගේ බාලපුතා මුල්වරට මව්රටට හෙළිකරයි EXCLUSIVE

March 10, 2021
in Exclusive, Uncategorized
Reading Time: 10 mins read
A A
රටේ බලය අල්ලන මීළග රාජපක්ෂ ගැන රෝහිතගෙන් ‘මව්රට’ට අතිවිශේෂ අනාවරණයක් EXCLUSIVE VIDEO
Share on WhatsAppShare on Facebook

රාජපක්ෂ පවුලේ බාලයා නොහොත් බඩපිස්සා රෝහිත රාජපක්ෂය. සිය සහෝදරයන් වූ නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ ඍජුවම සිය පියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධව සිටියත් රෝහිත එසේ ඍජුව සිය පියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවී පිටත සිට එම කටයුතුවලට සහාය දක්වමින් සිටියි. එසේ වුවත් රාජපක්ෂ පවුලේ දේශපාලනය සම්බන්ධයෙන් රෝහිතට හොඳ ඉවක් තිබේ. ඉදිරි දැක්මක් තිබේ. මේ පළවෙන්නේ රෝහිත ‘මව්රට’ පුවත්පතට දුන් අතිවිශේෂ සාකච්ඡාවකි. මෙම සාකච්ඡාවේදී රාජපක්ෂ පවුලේ ඊළඟ නායකයා සම්බන්ධයෙන්ද රෝහිත විශේෂ ඉඟියක් ලබාදී ඇත.

රගර් ගගහ, සින්දු කිය කිය හිටපු රෝහිත රාජපක්ෂ හිටපු හැටියෙ මිනිස්සුන්ට පේන්න නැතිව ගියා. මොකක්ද ඒකට හේතුව රෝහිත?
අපේ බබා ඉපදුණාත්ම එක්කම මම ගොඩක් කාර්යබහුල වුණා. ඒකත් සමග මගේ තාත්තට උදව් කරන්න මම හැම වෙලාවෙම ගම් පළාත්වල ඇවිදිනව. මියුසික්වලින්වත් වෙනත් දේකින්වත් එළියට එන්න බැරි වුණේ ඒ කාර්යබහුලත්වය නිසා.

ඒ කියන්නෙ රෝහිත දැන් හොඳ තාත්ත කෙනෙක්, හොඳ ස්වාමිපුරුෂයෙක් වෙන්න තීරණය කරලද තියෙන්නෙ?
කොහොමත් මම හොඳ ස්වාමිපුරුෂයෙක් සහ හොඳ තාත්ත කෙනෙක් තමයි. මේ ටිකේ කොවිඩ් හින්ද ගොඩක් ගෙදරටම හිර වෙලා ඉන්න සිද්ධවුණා. ඒත් එක්කම ගෙදර වැඩ ගොඩක් මට පැවරුණා. ඒ නිසා දැන් ඒත් එක්කම එල්ලිලා ඉන්න වෙනව. ආයෙත් ඒ අඩිය පස්සට ගන්න බැහැනෙ.

තාත්තගෙ වැඩ කරන්න ගමින් ගමට යනව කියන්නෙ ඔබත් දැන් ටික ටික දේශපාලනයට ඇතුළු වෙලා ඉන්නව කියන එකද කියන්නෙ?
ඇත්තටම මම දේශපාලනඥයෙක් නෙමෙයි. දේශපාලනයේ අර්ථය ගත්තම තියෙන්නෙ දේශය පාලනය කරන්න උත්සාහ දැරීමක්නෙ. මම කරන්නෙ සේවාවක්. මම කරන්නෙ තාත්තට ගමට ගෙනියන්න ඕනෙ පණිවුඩය, ගමට කරන්න පුළුවන් දේ මා හරහා සොයා බලා කරන්නයි. තාත්ත කියන්නෙ අගමැතිතුමා. ඔහු අගමැති වශයෙන් මුළු රටම බලන්න ඕනෙ කෙනෙක්. තාත්තට ඡන්දෙ දීපු කුරුණෑගල දිස්ත්‍රික්කයෙ ජනතාවට කරන සේවයක් හැටියට මට කියල තියෙන්නෙ ගිහිල්ල හොයල බලල ඒ මිනිස්සුන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් විසඳල ගෙන්න කියල. එහෙ වැඩියෙන්ම තියෙන්න ජල ප්‍රශ්නය. බොන්න වතුර නෑ, අලි වැටවල් සම්බන්ධ ප්‍රශ්න තියෙනව, රැකියා ප්‍රශ්න තියෙනව. කුරුණෑගල කියන්නෙ සෑහෙන්න දුෂ්කර ප්‍රදේශයක්. තාත්ත වෙනුවෙන් කරන කෘතගුණ සැලකීමක් හැටියට තමයි මම ඒ අයගෙ ප්‍රශ්නවලට මැදිහත් වීමක් කරන්නෙ. අපි ගමට යන්නෙ නතුව කොළඹට වෙලා හිටියොත් ගමේ ප්‍රශ්න දැනගන්න විදිහකුත් නෑ, ඒ අය ගත කරන ජීවිතය ගැන අවබෝධයක් ගන්න විදිහකුත් නෑ. අපි ඔවුන් ළඟට ගිහිල්ල ආශ්‍රය කරාම තමයි අපිට දැනගන්න ලැබෙන්නෙ මොන වගේ ලයිෆ් ස්ටයිල් එකක්ද මේ ගමේ තියෙන්නෙ කියල. මං ඒකට ඉතාමත්ම ආසයි. මම ඒ අයගෙ මට්ටමට ඇවිල්ල, ඔවුන්ට තේරෙන විදිහට කතා කරන්න තමයි උත්සාහ කරන්නෙ. මම ගම්වල යනකොට යන්නෙත් සෙරෙප්පු දෙකක් දාගෙන, කොට කලිසමක් ඇඳගෙන සාමාන්‍ය විදිහට. සමහර මිනිස්සු මගෙන් අහනව ඔයා දේශපාලනඥයෙක් හැටියට ඇයි මේ විදිහට එන්නෙ කියල. අපි යන්නෙ සමාජ සේවයක් කරන්න නම් අපි අඳින පළඳින විදිහ වැඩක් නෑ. සුදු ඇඳුමක් ඇඳගෙන මට දේශපාලනඥයෙක් විදිහට පෙනී ඉන්න ඕනෙ නෑ. මම ගමට ගියාම ඔවුන්ට හිතෙන්නෙ ඕනෙ මේ අපි වගේම සාමාන්‍ය කොල්ලෙක් කියල. තරුණ සමාජයත් එක්ක කරට අත දාගෙන කතා කරන්න පුළුවන්, ගමේ ඕනෙම ගෙදරට ගිහිල්ල බිම ඉඳගෙන ප්ලේන්ටී එකක් බොන්න පුළුවන් ලෙවල් එකට එන්න තමයි අපි උත්සාහ කරන්න ඕනෙ.

ඕගොල්ලො පොඩි කාලෙ තමයි අරලියගහ මන්දිරයට එන්නෙ. පොඩි කාලෙ ඉඳන් හැදිල වැඩෙන්නෙ මේ රජ ගෙදර ඇතුළෙ වෙන දේවල් එක්ක. එතකොට ඔබට ඇත්තටම දැනෙනවද පොඩි මිනිහගෙ දුක? ඔබගෙ මානසිකත්වය හැදිල තියෙන්නෙ රජ ගෙදර ඇතුළෙ හිටපු කෙනෙක් විදිහට නේද?
පොඩි කාලෙ ඉඳල අපි මෙහෙ හිටියට දුෂ්කර කාලයකුත් අපි ගත කළා. අපිට ගොඩක් අය ආශ්‍රය කරන්න ලැබෙන්නෙ අපේ පාසල් කාලයත් එක්ක. අපි ක්‍රීඩා කරනකොට අපිට හම්බුවෙන හැම කෙනාම එකම මට්ටමේ අය නෙමෙයි. ඉස්කෝලෙදි මගේ හොඳම යාළුව ඉස්කෝලෙ පියන්ගෙ පුතා. එයාගෙ ගෙදර තියෙන්නෙ වැල්ලවත්තෙ පොඩි ස්කීම් එකක. අපි එයාගෙ ගෙදරටත් යනව. වාහනේ පාරෙ දාල කිලෝමීටරයක් විතර දුරට වත්තෙ ඇවිදගෙන අපි ඒ ගෙදරටත් යනවා. ඒ කාලෙත් ඒ විදිහට තමයි අපි හිටියෙ. අපේ ඉස්කෝල පරිසරයත් එක්ක අපි සියලුම තරාතිරම්වල සමාජයන් ආශ්‍රය කළා. ඒ හින්දා දුක කියන දේ සහ සතුට කියන්නෙ මොකක්ද කියල අපි හරියට අවබෝධ කරගෙන තියෙනව. ඔවුන් එක්ක අපි කතා කරන්න ඕනෙ ඔවුන්ගෙ මානසික මට්ටම අනුව. අපි අඳින පළඳින විදිහ, අපි භාෂාව හසුරුවන විදිහ ඔවුන්ගෙ විදිහට කළේ නැත්නම් ඔවුන්ට ඒක තේරෙන්නෙත් නෑ. කවුරු හරි මනුස්සයෙක් අපිව දැක්කම අපිත් එක්ක කතා කරන්න බයක් ඇති කරනව නම් එහෙම ඒක අපි ඒ මනුස්සයට කරන අසාධාරණයක්. එහෙම වුණාම එයාගෙ පණිවුඩය හරියට අපිට දෙන්නත් බෑ. අපේ පණිවුඩය හරියට එයාට දෙන්නත් බෑ. අපි පොඩි කාලෙ ඉඳල ගමේදි අපේ අම්මල, තාත්තල අපිට පුරුදු කරල තියෙන්නෙ ගමට ගිහිල්ල කොල්ලොත් එක්ක ක්‍රිකට් ගහල, එල්ලෙ ගහල හැමෝම එක්ක එකට ඉන්න කියල. අපිව කවදාවත් වෙන් කළේ නැහැ ඔයා කොළඹ හතේ ඉන්න ඔයාගෙ යාළුවත් එක්ක විතරක් ආශ්‍රය කරන්න කියල. අපි වැඩිච්ච පරිසරය සෑහෙන්න උදව් වුණා සෑම සමාජ මට්ටමක්ම හඳුන ගන්න.

ඔබතුමාල ග්‍රෙගරි පාරෙ නිල නිවස ඉද්දි ඒ ගෙදර ගොඩක් සුරතල් සත්තු හිටිය. පවුලෙ තුන්දෙනාගෙන් කවුද වැඩියෙන්ම සත්තුන්ට කැමති?

මම තමයි ඇත්තෙන්ම සත්තුන්ට වැඩියෙන්ම ආදරේ කරන්නෙ. මට දැනටත් බල්ලො ඉන්නව. ගමේ හරක් ඉන්නව. ඕනම කෙනෙක් මුලින්ම ආදරේ කරන්න පටන් ගන්නෙ සතෙක්ගෙන්. අවුරුද්දයි මාස තුනක් විතර වෙන අපේ බබාටත් අපි පොඩි කාලෙ ඉඳන්ම පූසො, බල්ලො, වඳුරො වගේ සත්තු එක්ක ළං වෙන්න ඉඩ දීල තියෙන්නෙ. ගොඩක් අය ළමයින්ට සත්තු ළඟට යන්න දෙන්නෙ නෑ, බිම වාඩි වෙන්න දෙන්නෙ නෑ, තණකොළ පාගන්න දෙන්නෙ නෑ. අපි ඒ වැඩේ කරන්නෙ නෑ. අපි මුලින්ම ආදරේ කරන්න පටන් ගන්නෙ ගෝල්ඩ්ෆිෂ්ට හරි, පූසට හරි, බල්ලට හරි සුරතල් සතෙක්ට. ඒ දක්වන ආදරය, කරුණාව අනුව තමයි අපි වැඩෙද්දි අපි මිනිස්සුන්ට දක්වන්නෙ. ඒ වගේ පරිසරයක ඉන්න තමයි අපිටත් අපේ දෙමව්පියො ඉඩ සලසල දුන්නෙ. පාරෙ කොහෙ හරි ඉන්න කකුළෙක් හරි, හාවෙක් හරි දැකල ඉල්ලුවොත් ඒ සතාව ගේන්න අවස්ථාවක් අපිට තාත්ත හදල දෙනව. කවදාවත් ගෙදර කුකුළො දහයක් ඉන්නව, තව කුකුල්ලු මොනවටද වගේ ප්‍රශ්න අපෙන් අහල නෑ. අපේ දරුවන්ටත් ඒ දේම තමයි අපි දෙන්නෙ.

ඒ ගෙදර හිටපු සමහර සත්තු නිසා දේශපාලන ප්‍රශ්නත් ඇතිවුණා නේද?
ඒ ගෙදර පොඩි වඳුරු පැටියෙක් හිටිය. එයා කූඩුවක දාල නෙමෙයි අපි හැදුවෙ. එයා ගිහිල්ල ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයගෙ ගෙදර තිබුණ එතුමගෙ කණ්ණාඩි දෙක, ප්‍රෙෂර් ටැබ්ලට් පවා අරගෙන තිබුණ. ඒ වගේම ගොඩක් එම්බසි එහෙම තමයි තිබුණෙ. ඒවයින් පවා නිතර නිතර එයා සම්බන්ධයෙන් කම්ප්ලේන් පවා අපිට ආව. ඒ වුණාට මේ සත්තුන්ට ඒ ප්‍රදේශයේ හැමෝම ආදරය කළා. ඒ හරහා අපිට උසස් අය පවා ආශ්‍රය කරන්න ලැබුණා. ලක්ෂ්මන් කදිරගාමර් මහත්තය එතකොට මට කියනව බලන්නකො චිචී බබා ඔයාගෙ වඳුර ඇවිල්ල අපිට හරි කරදරයක්නෙ කියල. ඒ සත්තු නිසා අපි ඒ තිබුණ පරිසරයෙ හැමෝම එක්ක එකතු වෙන්න පවා අවස්ථාවක් ලැබුණ. කම්පියුටර්වලටම, ෆෝන් එකටම කොටුවෙලා අපි හැදුනෙ නෑ. දැන් ගොඩක් දෙමව්පියො කරන වැරැද්දක් තමයි පොඩි කාලෙ ඉඳලම මොකක්හරි ස්ක්‍රීන් එකක් ඉස්සරහට ගෙනිහින් තමයි කෑම කවන එකේ ඉඳල හැම දෙයක්ම කරන්නෙ. මම ගොඩක් වෙලාවට අපේ බබාගෙන් ඒ හැම දෙයක්ම ඈත් කරල තමයි තියෙන්නෙ. මොකද ටී.වී. එක, කම්පියුටරේ කියන එක ඒගොල්ලො ලොකු වුණාම ඒ අයට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි දෙන්න ඕනෙ පාර දුවල පැනල, වැලි අතගාල, ගහක නැඟල වැටිල ඔය වගේ ක්‍රියාකරකම් කරන්න. ඒකෙන් තුවාල වුණත් ප්‍රශ්නයක් නැහැ. අපේ බබා තාර පොළොව ඉඳන් දණගානව. අපේ අම්මල සමහර වෙලාවට මට බණිනව ඕවට. මම එතකොට කියන්නෙ දැන් මේක පුරුදු වුණේ නැත්නම් ලොකු වුණාම මේක කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැනෙ. පොඩි කාලෙ ළමයින්ට අපි දෙන අත්දැකීම් තමයි ලොකු වෙලා ඒ අය ඉදිරියට ගෙනියන්නෙ.

ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි රාජපක්ෂ පවුලෙ අය හරි එකමුතුයි කියල. කොල්ලො තුන්දෙනෙක් ඉන්න පවුලක කොහොමද ඒ එකමුතුකම හැදුනෙ?
අපේ තාත්ත හරිම කාර්යබහුලයි. මම ඉපදෙනකොටත් එතුම ඇමැති කෙනෙක්. ඒ හින්ද තාත්ත අපිත් එක්ක ගෙදර හිටපු කාලය සෑහෙන්න සීමා වුණා. අපේ අම්මට පෙර පාසල් හයක් විතර තිබුණ. ඒ හින්ද එතුමියත් කාර්යබහුලයි. ඔය පෙර පාසල්වල තමයි අපි පොඩි කාලෙ හැදුනෙ වැඩුණෙ. මම ඉපදිච්ච දවසෙ ඉඳන්ම වගේ පෙර පාසල් ගියා. අපි තුන්දෙනාම පොඩි කාලෙ ඉඳලම හැදුණෙ පෙර පාසලේ ගමේ ළමයි එක්කමයි. තංගල්ලෙ අපේ ගෙදරම තමයි පෙර පාසල තිබ්බෙ. උදේ ඉඳන් හවස් වෙනකම්ම කොල්ලොත් එක්ක සෙල්ලම් කරල මඩ නාල තමයි හවසට එන්නෙ. පොඩි කාලෙ ඉඳලම ළමයෙක්ට ඕන කරන අවධානය අපිට ලැබුණෙ සහෝදරයන්ගෙන් සහ යාළුවන්ගෙන්. දැන් වුණත් ටි්‍රප් එකක් යනකොට වුණත් යාළුවො දහයක්, පහළොවක් එක්ක විතර තමයි අපි යන්නෙ. ඒ පරණ සෙට් එකම තමයි මොන දේකට වුණත් කෝල් එකක් දාපු ගමන් එන්නෙ. අපිට පොඩි කාලෙ ඉඳන්ම ගොඩනැඟිච්ච වෙනම ළමා ලෝකයක් තිබුණ. ඒ හින්ද එකමුතුකම කියන එක අපිට පොඩි කාලෙ ඉඳලම ලැබුණ.

සාමාන්‍යයෙන් පවුලක ඉන්නවනෙ සැරම කෙනා මෙයා, අහිංසකම කෙනා මෙයා කියල කියන්න පුළුවන් කෙනෙක්. මේ පවුලෙන් සැරම කෙනා කවුද? නාමල්ද? රෝහිතද? යෝෂිතද?
අපි තුන්දෙනාගෙන් ගත්තම සැරම යෝෂිත. මිනිහ තමයි පවුලෙන් අහිංසකමත් ඇත්තටම. ඒ අහිංසකකම නිසාම එයාගෙ සැර පරුෂභාවයත් පේනව. එයා පොඩි දෙයක් පවා හිතනව. ඇඳුම පාට හරි නෑ කියල කිව්වත් මිනිහ ඒ ගැන සෑහෙන්න හිතනව. ඒක හින්ද මිනිහට ඉක්මනට තරහ යනව. හැම පවුලකම ලොකුම අයියනෙ මොකක් හරි තීරණයක් ගන්න කලින් පොඩ්ඩක් හිතල බලල වැඩ කරන්නෙ. කොහෙ හරි ගමනක් යනකොට වුණත් හැම දෙයක්ම සැලැසුම් කරල තමයි මිනිහ කරන්නෙ. මේ වෙලාවට මෙතන ඉන්න ඕනෙ, මේ වෙලාවට කන්න ඕනෙ, කාලගුණය කොයි වගේද වගේ හැම දෙයක් ගැනම හොයල බලල තමයි එයා වැඩ කරන්නෙ. එහෙම බැලුවම හැම වෙලාවෙම එයා තමයි ඉස්සරහින් ඉන්නෙ. ඇත්තටම එයා තමයි අපිව ගයිඩ් කරන්නෙ. එයා රගර් ගහපු නිසා තමයි අපි රගර් ගහන්න පටන් ගත්තෙ. අපි මොනා හරි කරන්න කළින් එයා කිව්වොත් අපි දෙපාරක් හිතල තමයි ඒක කරන්නෙ. එයා කවදාවත් කියන්නෙ කියන්නෙ නැහැ කිසිම දෙයක් කරන්න එපා කියල. එයා කියන්නෙ මේක කළොත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්, හැබැයි ඔයා කැමති නම් කරල බලන්නකො කියනව. එතකොට අපිත් බලනවනෙ මේ මිනිහ නිකන් මේ වගේ දෙයක් කියන්නෙ නෑනෙ කියල. අපිට හැම වෙලාවෙම දෙපාරක් හිතන්න පුරුදු කරේ ලොකු අයිය.

පවුලෙන් දේශපාලනයට එන්නෙ කවුද කියන තීරණය ගන්නකොට ඔක්කොම එකතු වෙලාද නාමල් මුලින් දේශපාලනයට එන්න ඕනෙ කියන තීරණය ගත්තෙ?
ඇත්තඑම එහෙම කිසිම තීරණයක් අරන් නැහැ. එහෙම දෙයක් මේ වෙනකල් කතා වෙලත් නෑ. එයා ආස කරපු සබ්ජෙක්ට් එක තමයි දේශපාලනය. එයා තමයි පොඩි කාලෙ ඉඳන්ම දේශපාලන ආශ්‍රය තිබුණෙ. මෑන් පොඩි කාලෙ තාත්ත දේශපාලන රැස්වීම්වලට යද්දි මෑන්ගෙ අතින් අල්ලගෙන එක්කන් යනව. හැබැයි අපි ගොඩක්ම හැදුණෙ අම්මත් එක්ක. තාත්තට තනියට හරි සමහර වෙලාවට එක්කන් යනව අයියව. මම පොඩි එක්කෙනා හින්ද අපේ අම්මනම් මාව ඕවට යවන්නෙම නෑ. මගේ තනියට දෙවැනි එක්කෙනාව තියාගන්නව. ඒත් එක්කම අයියට පොඩි කාලෙ ඉඳන්ම දේශපාලනය කියන දේ ඇඟට ඇවිල්ල තිබ්බ. හැබැයි අපි දෙන්නට දේශපාලනය කියන දේට වැඩි ඇල්මක් තිබුණෙ නෑ. මම දේශපාලනය කරන්න කැමැති නෑ. හැබැයි මම සමාජ සේවාව කරනව. මම ඉපදිච්ච දවසෙ ඉඳන්ම හිටියෙ දේශපාලනයත් එක්ක. දේශපාලනය කරද්දි මට හැඟිච්ච දේ තමයි අපි කොච්චර සාධාරණත්වයක් කරන්න උත්සාහ කළත්, කවුරු හරි කෙනෙක්ට එක පැත්තකින් අසාධාරණයක් වෙනව. පොදුවේ අපි ගොඩ දෙනෙක්ට සාධාරණයක් කරනව. ඒකෙන් පොඩි හරි අසාධාරණයක් වෙන පොඩි හරි ප්‍රතිශතයක් තියෙනව. මගේ අතින් එහෙම දෙයක් වුණොත් පොඩි ප්‍රතිශතයට පවා මට මුහුණ දෙන්න බැහැ. ගොඩක් වෙලාවට අපිට කතා කරල ජොබ්ස් එහෙම ඉල්ලනව. රජයේ රැකියාවලට අපිට බලපෑම් කරන්න බැහැ. ඒ හින්ද මම ප්‍රයිවට් කම්පැනීස්වලට කතා කරල පුළුවන් විදිහට සපෝට් එකක් දෙන්න උත්සාහ කරනව. එහෙම කළාම ඒක දකින වෙන කෙනක්ට හිතන්න පුළුවන් ඇයි මම ඉද්දි මෙයාට ඒ ජොබ් එක දුන්නෙ වගේ එකක්. ඒ වගේ පොඩි පොඩි හිත් තැවුල් වෙන වැඩ හැම වෙලේම වෙනව. ඒ හින්ද තමයි මේ දේශපාලනයට කියන එකට මම ඍජුවම සම්බන්ධ වෙලා වැඩ කරන්න ඕනෙ කියන මතයට යන්න අකමැති.

පොඩි කාලෙ ඉඳලම ජනාධිපති මන්දිරයෙ ඉඳල තාත්ත තුන්වැනි වතාවට ජනාධිපතිවරණයට ඉල්ලල පරදිනව කියල දැනගත්තම බාල පුතා වශයෙන් ඔයාට මොකක්ද එක පාරට ආපු හැඟීම?
මම තමයි තාත්තට මුලින්ම ඡන්දෙ තියන්නත් කලින් මේ පාර පරදිනව කියල කිව්වෙ. ඒ කාලෙ ගංවතුරක් ආව. මම කිව්ව මේ ගංවතුර ප්‍රශ්නය හින්ද දැන්ම ඡන්දය තියන්න එපා. ඡන්දය කල්දාමු කියල. තව අවුරුද්දක් විතර තියෙද්දිනෙ අපි කලින් පැන්නෙ. අපි බජට් එක කියල සතියක් ඇතුළත ඡන්දෙට යනව. බජට් එකෙන් ලැබෙන ප්‍රතිලාභ මිනිස්සුන්ට සතියකින් ලැබෙන්නෙ නැහැ. එතකොට මට මතකයි තාත්ත පාර්ලිමේන්තුවෙ කියනව ‘කොහොමද බයියන්ගෙ වැඩ’ කියල. ඔය කතාව කියපු අන්තිම පාර අපි පරාද වුණේ. බයියන්ගෙ වැඩ දකින්න මිනිස්සුන්ට කාලෙ දුන්නෙ නැහැ. මම එතකොට ඉස්කෝලෙ යනව. ඒ වුණාට මම ඒ කතාව එදා තාත්තට කිව්ව. අපි දැනට වුණත් මොකක් හරි තේරුණාම තාත්තට කියනව. ගොඩක් වෙලාවට තාත්තත් අපි කියන දේවල්වලට ඇහුම්කන් දෙනව. එදා තාත්ත වටේ හිටපු කට්ටිය තාත්තගෙ බ්‍රේන් වොෂ් කරල තාත්ත ඡන්දෙ ඉල්ලන තැනට ගෙනල්ල තිබුණෙ. ඒ හින්ද තාත්තට ඒ ඡන්දෙට යන්න වුණා. අපි තව අවුරුද්දක් හිටියනම් සියලු ප්‍රතිලාභ ජනතාවට ලැබිල, ඡන්දෙ පරදින්නෙත් නැතුව, රට සෑහෙන ඉහළ මට්ටමකට ගේන්න තිබ්බ. මොකද ඒ වෙනකොට සිස්ටම් එකක් හැදිල තිබුණෙ.

ඒ කියන්නෙ ඔබට ඒ පරාජයට මුල්වුණ සියලුම සාධක පියාට පැහැදිලි කිරීමේ හැකියාවක් තිබුණද?
මම ඒ කාලෙ ඉඳන්ම ඕව තමයි කළේ. මගේ අධ්‍යාපන කටයුතුත් එක්කම මම ගොඩක්ම කරන්නෙ ඔය වගේ දත්ත විශ්ලේෂණ කරන එක තමයි. මම ගොඩක් ක්වොන්ටම් භෞතික විද්‍යාව අධ්‍යනය කරන කෙනෙක්. සිතුවිලි සංඛ්‍යාමය වශයෙන් වැඩ කරන්නෙ කොහොමද කියන එක පිළිබඳව මම වැඩිදුර කියවනව. මම එකතු කරගත්ත දැනුම සහ මට හැඟෙන දේ තුළින් මට අවබෝධ වෙන දේවල් තමයි මම හැම වෙලාවෙම තාත්තට කියන්නෙ. කවුරුත් කියන පළියට කිසි දෙයක් මම කියන්නෙ නැහැ. ඕනෙම සබ්ජෙක්ට් එකක් ගත්තොත් ඒ ගැන සෑහෙන්න කියවනව. ඒ දේ මම තේරුම් ගත්තට පස්සෙ තමයි තව කෙනෙක්ට ඒ ගැන කියන්න යන්නෙ. දැන් ගොඩක් සමාජෙ වෙන්නෙ තමන් තේරුම් ගන්න කලින් තව කෙනෙක්ට කියල දෙන්න යනව. තමන් වැරැදි අවබෝධයෙන් ඉඳගෙන තව කෙනෙක්ට ඒ වැරැදි දේම අවබෝධ කරන්න යනව. ඒක තමයි දැන් ඉන්න ගොඩක් දේශපාලනඥයන්ට වෙලා තියෙන්නෙ.

ජනාධිපතිවරණයෙන් පැරදුනා කියල දැනගත්තම මොකක් හරි බයක් ඇතිවුණාද?
ඇත්තටම මට කිසිම බයක් ඇතිවුණේ නෑ. ඒ කාලෙ බයක් ඇති වෙන්න තරම් කිසිම දෙයක් මම කරල තිබුණෙ නැහැ. වැරැද්දක් කරල තිබුණොත්නෙ බයක් ඇති වෙන්න ඕනෙ. ඒ වෙද්දි මට තිබුණ ලොකු ප්‍රශ්නය තමයි මගේ හිටපු සත්තු ටික කොහෙටද යවන්නෙ කියන එක. එතකොට මට බල්ලො හිටිය, කුරුල්ලො හිටිය. මට ඔළුවට ආවෙම ඔය ප්‍රශ්නය. මිනිස්සු විදිහට අපිට යමක් හිතන්න පුළුවන්. නමුත් සත්තු මොකක්ද එතකොට කරන්නෙ.

ඒ වෙලාවෙ සත්තු කොහෙද හිටියෙ?
සත්තු හිටියෙ ජනාධිපති මන්දිරයෙ. එහෙම මගෙ බල්ලො කීපදෙනෙක් හිටිය. ඊට අමතරව කුරුල්ලො, මාළු හිටිය. මට තිබුණ ප්‍රශ්නය තමයි මේ බල්ලො ටික කාටද දෙන්නෙ කියන එක. ඒ වෙද්දි අපිට කොළඹ ඉන්න ගෙයක් තිබ්බෙ නැහැ. අපි යන්න ඕනෙ වීරකැටියෙ. අපි වීරකැටියෙ යද්දි සත්තු ටික මොකද කරන්නෙ. අපිට මැසේජ් එකක් එවල තිබුණ පැයක් ඇතුළත ගෙදරින් අයින් වෙන්න කියල. සෑහෙන අසාධාරණ විදිහට වාහනවලින් කට්ටියක් ඇවිල්ල කිව්ව අස්කරගන්න කියල. අපේ අම්මලගෙ ඇඳුම් පවා තියල එදා අපිට එහෙන් යන්න වුණා. එතකොට මට ඇතිවුණ ප්‍රශ්නය තමයි කොහොමද පැයක් ඇතුළත මේ සත්තු ටික ප්‍රවාහනය කරන්නෙ කියන එක. අපිට හැම සමාජ මට්ටකම හොඳ යාළුවො සෙට් එකක් හිටිය. මම බල්ලො දෙන්නෙක් අරගෙන අනිත් බල්ලො ටික යාළුවො ටිකකට බෙදල දුන්න. කුරුල්ලො ටික හම්බන්තොට යැව්ව. මාළු ටැංකිය විතරයි ගේන්න බැරි වුණා. තාම මාළු ටැංකිය ජනාධිපති මන්දිරයෙ තියෙනව. හැබැයි ඒ මාළු ටික නම් දැන් මැරිල. වෙන මාළු ටිකක් දාල එහෙ තියෙන්නෙ. මම හිතන්නෙ ඒ දේ කාටවත් කළ යුතු දෙයක් නෙමෙයි. අපි බලයෙ ඉඳල බලය නැතිවුණ වෙලාවෙ ඇදල පාරට දැම්ම හා සමාන දෙයක් තමයි එදා සිදුවුණේ. මේ පාර ජයග්‍රහණයෙන් පස්සෙත් මම තාත්තට කිව්වෙ මේ වගේ දේවල් අපි කරන්න ඕනෙ නෑ. මොකද කවද හරි දවසක අපෙත් බලය නැති වෙනව අපි හිතන්න ඕනෙ අපිට බලය නැතිවුණාට පස්සෙ මේ මිනිස්සු මොනාද අපි ගැන හිතන්නෙ කියල. එහෙම යනව නම් යන්න යම්කිසි කාලසීමක් දෙන්න ඕනෙ. රජයෙන් දෙන නිවස දෙන්න ඕනෙ. ඒ දෙන්න ඕනෙ වරප්‍රසාද ටික දීල, ගෞරවයක් දීල තමයි එතැනින් යන්න කියන්න ඕනෙ. රටේ ජනාධිපතිවරු කියන කට්ටිය හැමදාම බිහිවෙන්නෙ නැහැනෙ. ජීවතුන් අතර ඉන්නෙත් දෙන්නයි, තුන්දෙනයිනෙ. ඔවුන්ට ඒ සැලකිල්ල දෙන්න බැරි නම් මොකක්ද තියෙන වැඩේ. දේශපාලන සංස්කෘතිය කියන දේ අපි හදන්න ඕනෙ. ඕක එක පාරට 2015 නැති වුණානෙ. හැබැයි ඔවුන් එදා ගත්ත ක්‍රියාමාර්ගයම අපි අද ගත්ත නම් අපිටත් තව අවුරුදු පහකින්, දහයකින් ආයෙත් ඒ දේම වෙන්න පුළුවන්. අපි ඒක හිතන් තමයි හැම තිස්සෙම වැඩ කරන්න ඕනෙ. මට පේන විදිහට අපේ ගොඩක් දේශපාලනඥයන්ට බලයෙ ඉද්දි බලය නැති වුණාට පස්සෙ වෙන දේවල් පේන්නෙ නෑ. හැම වෙලේම හදන්නෙ අපිට රිද්දෙව්ව නම් අපි රිද්දන්න ඕනෙ කියන මතයෙ තමයි ඉන්නෙ. අපි ඒ මතයෙන් ඈත්වෙලා තමයි දේශපාලනය කරන්න ඕනෙ. එතකොට තමයි මිනිස්සුන්ට සේවයක් කරන්න පුළුවන්.

ගිය ආණ්ඩුව කාලෙ නාමල්, යෝෂිතට හිරේට යන්න වුණා. එළියෙ හිටපු එකම කෙනා රෝහිත විතරයි. ඒ වෙලාවෙ පවුල ඇතුළෙ සහ ඔබට මොනවගේ දෙයක්ද හිතුනෙ? වෛරයක් ඇතිවුණාද? පළිගන්න හිතුනද?
ඇත්තටම මට නම් කිසිම වෛරයක් හෝ පළිගැනීමක් ඇතිවුණේ නෑ. මොකද මම දැනගෙන හිටිය මේ අය ඉදිරිපත් කරපු චෝදනා සියල්ලම ඔප්පු කරන්න බැරි දේවල් කියල. බොරු කතා හදල දැම්ම. අපිත් එක්ක එකට ඉඳල, අපිත් එක්ක කාල බීල හිටපු අපේ හොඳම යාළුවෙක්ව අපි මැරුව කියල චෝදනා කළා. අපි සතෙක්ටවත් හිංසා කරන්නෙ නැති මිනිස්සු. ඒ වගේ බොරු කතා හදල දැම්මට පස්සෙ මම හිතාගත්ත කවදාවත් මේක ඔප්පු කරන්න බැරි දේවල් කියල. මට නම් ඒ කරන දේවල් දැක්කට පස්සෙ හිතුන දේ තමයි මේ දේවල් කරන නිසාම තමයි අපිට කවද හරි ජයග්‍රහණය කරන්න පුළුවන් කියල. සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක් පැරදුණාට පස්සෙ ඔහු ගැන කතා කරන්නෙ නැහැ. හැබැයි පත්තරේ, ටී.වී. එකේ හැමදාම රාජපක්ෂ, රාජපක්ෂ කියල මතුරනව වගේ කියනකොට මිනිස්සුන්ගෙ ඔළුවෙ ඒක සටහන් වුණා. රාජපක්ෂ වාසගම තියෙන ඕනෙම කෙනෙක්ට ඡන්දයක් දිනන්න පුළුවන් කියන මට්ටමට ඒක ආව. ඒ හින්ද විශේෂයෙක් කැම්පේන් කිරීමේ අවශ්‍යතාවක් ඇතිවුණේ නෑ. මට ඒ අවස්ථාවෙ හිතුණ එකම දේ ඒක තමයි.

යෝෂිත රාජපක්ෂ හිරේට දාපු වෙලාවෙ ඔබ දාපු ට්විටර් පණිවුඩය ගොඩක් ජනප්‍රිය වුණා. ‘සිංහයගෙ වලිගෙ පෑගුවහම වෙන දේ දන්නෙ නෑ’ කියල. ඒ වෙලාවෙ මොකක්ද ඒකෙන් අදහස් කළේ?
ඒ වෙලාවෙ මම දැක්ක දෙයක් තමයි අපේ අම්මගෙයි, තාත්තගෙයි ඇස්වල තිබුණ වේදනාව. තමන්ගෙ ලෙයින් උපන් දරුවන්ට ඒ වගේ දෙයක් වෙද්දි ඒ වේදනාව දෙමවුපියන්ට මිසක් අපිට තේරෙන්නෙ නෑ. ඒ වේදනාව අපි දැක්ක ගෙදර. වසර තිහක් තිබුණ යුද්ධය ඉවර කරල අපේ තාත්ත කී දෙනෙක්ට අභය දානය දුන්නද. ඒ වගේ දෙයක් රටට කරපු කෙනෙක්ගෙ දරුවෙක් අරන් හිරේට දාන්න තරම් ඔවුන් පෙළඹුණා. පරාජය කරන්න බැහැ කියල කියපු එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කරපු නායකයෙක්ට තමයි ඒ දේ කළේ. එදා ඒ දේ කළේ නැත්නම් සමහර විට අපේ තාත්ත ආයෙත් දේශපාලනයට නොඑන්නත් ඉඩ තිබුණ. ඒ වගේ දේවල් කරපු හින්ද තමයි එතුමටත් ශක්තිය ලැබුණෙ. නැවත බලයට ඇවිල්ල ඒගොල්ලන්ට කියන්න පුළුවන් වුණේ රාජපක්ෂ කියන්නෙ කකුලෙන් පාගල පැත්තකට දාල තියන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියන එක. ඒක තමයි මම ඒ වෙලාවෙ ඒ මැසේජ් එකෙන් අදහස් කළේ.

ජ්‍යොතිෂ්‍ය වගේ අපේ සංස්කෘතිය සමඟ බැඳිච්ච දේවල් ගැන ඔබතුමාගෙ විශ්වාසයක් තියෙනවද?
මම ජ්‍යොතිෂ්‍ය විශ්වාසය කරන්නෙ නැහැ. තාත්තත් ලොකුවට ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරන එක්කෙනෙක් නෙමෙයි. හැබැයි මට වුණත් මගේ වටේ ඉන්න යාළුවො ඇවිල්ල කිව්වොත් මේක තමයි හොඳම වෙලාව, මේක තමයි කරන්න ඕනෙ කියල අපි වුණත් කියනවනෙ ආ එහෙනම් මේ මිනිහ කියන නිසා කරමු කියල. ජ්‍යොතිෂ්‍ය සම්බන්ධයෙන් ඒ වගේ මානසිකත්වයක් තමයි මම හිතන්නෙ අපි ඔක්කොටම තියෙන්නෙ. කවුරු හරි අපිට අත්පලඳනාවක් දීල ඒක පැලඳුවෙ නැත්නම් ඒක ඔහුගෙ හිතට හරියන්නෙ නැහැ. අපේ තාත්තට ඔය වගේ දේවල් ගොඩක් ලැබෙනව. මම හිතනව අපේ තාත්තටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නය තමයි. ඒ දෙන හැම එකම තාත්ත අතේ දාගන්නව. තාත්ත දේශපාලනඥයෙන් විදිහට මේකෙ අන්තයටම ගිහිල්ල මේක විශ්වාස කරන්න ඕනෙ නැහැ. කාගෙ හරි හිත සතුටු කරනව කියන්නෙ ඔහුගෙන් ලැබෙන ආශිර්වාදය තමන්ගෙ ශරීරයට බලපානවා. මම ඒ වගේ සිතුවිලි ගැන සෑහෙන විශ්වාස කරනවා. ඕනෑම පුද්ගලයෙක්ගෙ සිතුවිල්ල ශක්තිමත් නම් ඒකෙන් යම්කිසි බලපෑමක් ඇතිවෙනව. ඒක විද්‍යානුකූලවත් තහවුරු කරල තියෙනව.

නැවත වරක් බලය ලබාගැනීම සඳහා සැලැසුම් සකස් කරද්දි ඔබේ පියාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නීතිමය ප්‍රශ්නයක් තිබුණ. ඊළඟට ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ කවුද කියන එක ගැන පවුලෙ කතාබහක් ගියාද?
ඇත්තටම අපිට ඒ වෙලාවෙ ජනාධිපතිවරණයට එන්න ඕනෙ කියල අදහසක් තිබ්බෙ නෑ. එතුම කිව්වනෙ නිකම්ම නිකන් මහින්ද වුණත්, ජනාධිපති වුණත්, අගමැති වුණත් මහින්ද මහින්ද තමයි කියල. එතුමා ඉන්න තනතුර හෝ දරණ නාමය වැදගත් වෙන්නෙ නැහැ. එතුම ඉන්න තැන වැඩේ හරියට වෙනව කියන එක මම දන්නව. මේ රටට සහ මිනිස්සුන්ට කරන අසාධාරණය නවත්වන්න තමයි එතුම එදා පෙළගැසුණෙ. ඒ සැලැසුම ක්‍රියාත්මක කරන්න තමයි අපි උදව් කළේ. නැත්නම් මෙතුමව ජනාධිපති කරන්නවත්, අගමැති කරන්නවත් කිසිම උවමනාවක් තිබුණෙ නෑ. හැබැයි එවෙලෙ මිනිස්සු ඉල්ලපු දෙයක් තිබුණ. ඒ මිනිස්සු ඉල්ලපු දේ අපි දුන්නෙ නැත්නම් ඡන්දයක් හෝ කිසිම දෙයක් අපිට ලබාගන්න බෑ. මාකට් එකේ ඉල්ලීම මොකක්ද කියල හඳුනගෙන ඒකට හරියන දේ සප්ලයි එක අපි දෙන්න ඕනෙ. ඒ වෙලාවෙ ගොඩක් දෙනෙක් කතාවුණා අපි ලොකු තාත්ත දානවද, ගෝඨාභය මහත්තය දානවද, වෙන කෙනෙක් දානවද කියල. ඒ වෙලාවෙ මිනිස්සුන්ට වැඩිපුරම ගිහිල්ල තිබුණ නම වුණේ රාජපක්ෂ නාමය. ඒ නමින් ඉස්සරහට එන්න ඕනෙ කියන මතයෙ තමයි අපි ඒ වෙලාවෙ හිටියෙ. ඒ වෙලාවෙ ආණ්ඩු පක්ෂයෙ තිබුණ ලොකුම දුර්වලතාවය තමයි කවුරුත් ඍජු තීරණ ගත්තෙ නැති එක. ඒකෙන් එක මතයක ආණ්ඩුව නෑ කියන එක සමාජගත වෙලා තිබුණ. විදේශීය බලපෑම්වලට ඔළුව නමනව, ඒ අය කියන ඕනෙම දෙයක් කරනව, රට දෙකඩ කරන්න කිව්වොත් ඒකට සැලැසුම් කරනව, හම්බන්තොට වරාය සම්පූර්ණයෙන්ම දීල දැම්ම. යූ.ඇන්.පී. එකේ තිබුණ දැක්ම තමයි පෞද්ගලීකරණය. යූ.ඇන්.පී. එක යන ගමන සම්බන්ධයෙන් මට තිබුණ දැනුමත් එක්ක මම තාත්තව දැනුවත් කරනව මොකක් ගැනද එළියෙදි කතා කරන්න ඕනෙ කියල. මිනිස්සු ඉල්ලුවෙ වැඩක් කරන්න පුළුවන් ඍජු නායකත්වයක්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියල අපි හඳුනගත්ත කෙනාව තමයි අපි ඒ වෙලාවෙ තරගයට ඉදිරිපත් කළේ.

රජ පවුලක ලොකු ආකර්ෂණයක් තියෙන තරුණයෙක් විදිහට තවත ටිකක් ආදරය කරල, එන්ජෝයි කරල බැන්ද නම් හොඳයි කියල හිතුනෙ නැද්ද?

ඇත්තටම මම එහෙම ලොකුවට එන්ජෝයි කරන්න ඕනෙ කියල උවමනාවක් තිබුණෙ නෑ. මම ටට්යාන බඳින්න කලින් අවුරුදු 10ක් යාළුවෙලා හිටිය ඒ ළමයත් එක්ක. ඉස්කෝලෙ යන කාලෙ ඉඳින්ම තමයි මම එයත් එක්ක යාළුවෙලා හිටියෙ. එන්ජෝයි කරනව කියන එක අපි අර්ථකතනය කරන්නෙ එක එක පුද්ගලයාට අනුවනෙ. මට මානසික සහනය තමයි ගොඩක්ම වැදගත් වෙන්නෙ. ලව් කියන්නෙ මානසික සහනයත් සමඟ එන දෙයක්. හැමතිස්සෙම ඒක බාහිර ආකර්ෂණයද, මානසික ආකර්ෂණයද කියල එක එක පුද්ගලයා අනුව වෙනස් වෙනව. පොඩි කාලෙ ඉඳලම අපි යාළුවෙ. ඉතින් අවුරුදු දහයක් දොළහක් එකට ඉන්නකොට මම දන්නව මෙයාව හැඩගස්වන්න ඕනෙ විදිහ. පොඩි කාලෙ ඉඳන්ම අපි කියන දේවල් අහන් ඉඳල, අපිත් එක්කම, අපේ සිතුවිලිත් අනුව තමයි එයා වැඩුණෙ.

දැන් බඳින්න ඕනෙ කියන තීරණය ගත්තෙ කවුද?

ඒ තීරණය ගත්තෙ මම. මොකද මගේ අයියල දෙන්න බැන්දෙ නෑ. මං බැන්දෙ නැත්නම් ඒ දෙන්න තාම බඳින්නෙ නැහැ. තාත්ත ගොඩක් වයසට ගිහිල්ල තාත්තට බබාලත් එක්ක සෙල්ලම් කරන්න බැරි කාලෙක බබෙක් හදන එක තාත්තටත් කරන අසාධාරණයක්නෙ. මම ගිහිල්ල තාත්තට කිව්ව අර දෙන්න නම් බඳින පාටක් නෑ, මම හරි බඳින්නද කියල. තාත්ත කිව්ව හරි එහෙනම් බඳින්න කියල. ඊට පස්සෙ හාමුදුරු කෙනෙක් ළඟට ගිහිල්ල වෙලාව බලන්න දුන්නම දුන්නෙ 2021 තමයි බඳින්න ඕනෙ කියල. මං ඊට පස්සෙ ඒ හාමුදුරුවන්ට කිව්ව එච්චර කාලයක් හිටියොත් අපේ අනිත් අයියල දෙන්නත් බඳින්නෙ නැහැ. ඒ හින්ද මාස තුනක් ඇතුළත වැඩේ කරන්න වෙලාව හදල දෙන්න බැරිද කියල මම ඒ හාමුදුරුවන්ගෙන් ඇහුව. එහෙනම් හදල දෙන්නම් කියල හාමුදුරුවො මාස තුනක් ඇතුළත වෙඩින් එකට වෙලාවක් හදල දුන්න. ඊට පස්සෙ ඉතින් වෙඩින් එක ගත්ත. ඊට පස්සෙ තමයි අනිත් දෙන්නත් ඉක්මනටම බැන්දෙ. අපේ තාත්තට අපේ පොඩි ළමයි එක්ක ඉද්දි දැනෙන්නෙ අපි පොඩි කාලෙ හිටිය වගේ සහනයක්නෙ. අපි හැමතිස්සෙම දකින්නෙ තාත්ත අනිත් අයගෙ ළමයි වඩාගෙන හුරතල් කරනව. තාත්ත හරි ආදරෙයි ළමයින්ට. අපි බඳින්න කළිනුත් අපිට හින්ට් ගහනව කවද්ද මට සීය කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නෙ, හැමදාම තාත්ත තාත්ත කියනවට ඇරෙන්න කවද්ද මට සීය කියල අහගන්න පුළුවන් වෙන්නෙ වගේ දේවල් කිය කිය. ඇත්තෙන්ම තාත්තට තමයි අපිව බන්දන්න වැඩියෙන්ම ඕනකම තිබුණෙ.

ඔයාට තේරෙන විදිහට මේක ඊළඟට බැටන් එක ගන්න රාජපක්ෂ කවුද?
මම දන්නව ඊළඟට බැටන් එක ගන්න රාජපක්ෂ කවුද කියල. හැබැයි මට මේ වෙලාවෙ ඒක කියන්න බෑ. මොකද තාම මම රාජපක්ෂ පවුල ඇතුළෙ සාමාජිකයෙක්. මේක කළින්ම එළියට දැම්මොත් මට කරන්න තියෙන දේවලුත් කරගන්න බැරි වෙනවා. මම හිතන්නෙ රාජපක්ෂ කියන බැටන් එක අපි ඉල්ලපු දෙයක් නෙමෙයි. මිනිස්සු ඉල්ලන දෙයක්. අපි ඒක බලෙන් දෙන්න හදනව නම් ඒක අසාධාරණයි. මිනිස්සු තවත් රාජපක්ෂ කෙනෙක් ඉල්ලුවොත් අපි දැනගන්න ඕනෙ කවුද ඊළඟට දෙන්නෙ කියල. 2025, 2030දි හරි රාජපක්ෂ කෙනෙක්ට මාකට් එකේ ඩිමාන්ඩ් එක හැදෙනව නම් අපි සප්ලයි එක දෙන්න ඕනෙ. එහෙම නොවුණොත් අපි මෝඩයො වෙනව. ඒ අවස්ථාව වෙද්දි අනිවාර්යෙන් රාජපක්ෂ කෙනෙක් එනව. මේ ආණ්ඩුව ඇවිල්ලත් තාම අවුරුදු දෙකයි. දැනටත් මිනිස්සු එපාවෙන තැනට කතා වෙනවනෙ. ඒ වුණාට මේක ඇතුළෙ තියෙන දේ සහ බාහිර පුද්ගලයන්ට පේන දේ සම්පූර්ණයෙන් වෙනස්. මේ සිස්ටම් එක කියන දේ අපිට එකපාර හදන්න බැහැ. මැතිනියගෙ කාලෙ ඉඳල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු නිලධාරීන්ම තමයි මාරු වෙවී මාරු වෙවී ඇවිල්ල තාත්තට බලය ලැබෙනකොටත් හිටියෙ. එතකොට ඒ යට ලේයර් එක, එක මතයකට හිතන කණ්ඩායමක්. එතකොට තාත්තට යන්න ඕනෙ තැනට යන්න ඒක පහසුවක් වුණා. මේක මැදින් කඩාකප්පල් වුණාට පස්සෙ ඒ ඉන්න නිලධාරීන්, පියන්ලගෙ ඉඳන් ඔක්කොම වෙනස් කරල තියෙන්නෙ. අපි ආපු ගමන් ඒගොල්ලන් කළා වගේ ඒ කට්ටියව අයින් කරල දාන්න බැහැනෙ. මේ වෙනස් කරපු කට්ටියගෙ මානසිකත්වය කවදාවත් හැදෙන්නෙ නැහැ. ඉතින් ඒ නිලධාරීන්ගෙ ඉඳල මේ සිස්ටම් එක හදන්න ටිකක් කල් යනව. ඒ කල් යන හින්ද තමයි අපි කරන දේවල් සමාජගත වෙන්නෙ නැත්තෙ. බලන්න දැන් ලංකාවෙ හැම තැනම වැඩ කෙරෙනව. හැබැයි බෝඩ් ගහන්නෙ නැහැ. දේශපාලනයෙදි මාකටින් කියන එකත් එන්න ඕනෙ දේශපාලනයත් එක්ක. අපි කරන දේවල් ගැන මාධ්‍ය කතා කරන්නෙ නැත්නම්, බෝඩ් එකක් නැත්නම් ගමේ මිනිහ දන්නෙ නැහැ කවුද පාර හදල ගියේ කියල. ඒ වගේ දේවල් සිස්ටම් එකෙන් ඈත් කරන්න ඕනෙ කියන එක ඇත්ත. හැබැයි අපේ මිනිස්සු ඒ වගේ හිතන්න ඒ තරම් දියුණු නැහැනෙ පිටරටවල වගේ. අපි කරන වැරැද්දක් තමයි මාකටින් කියන එක අත්ඇරල සම්පූර්ණයෙන්ම වැඩේ විතරක් කරන්න හදනව.

ඊළඟට එන රාජපක්ෂ මේ ඔක්කොම හොඳින් හඳුනගෙන වැඩ කරන රාජපක්ෂ කෙනෙක් කියලද අපි හිතන්න ඕනෙ?
රාජපක්ෂ කෙනෙක් නෙමෙයි ඕනෙම කෙනෙක් තනතුරට එද්දි මේ හැමදේම හොයල බලල තමයි එන්නෙ. හැබැයි තනතුරට ආවට පස්සෙ ඒ දේවල් අමතක වෙනව. අපේ තාත්තටත් ඔය දේ වුණා ඒ කාලෙ. මෛත්‍රිපාල ජනාධිපතිතුමාටත් වුණා. එයා හිටපු කාලෙ එයාට උදව් කරපු මිනිස්සුන්ට එයා උදව් කළා නම් එයා අද ඔය තත්ත්වයට වැටෙන්නෙ නැහැ. අපේ තාත්ත මෛත්‍රිපාල මැතිතුමාට කොච්චර උදව් කරපු කෙනෙක්ද. එයා ජනාධිපති වුණ ගමන් තාත්තව එළියට ඇදල දාන්න ඕන වගේ කතා කියන්න ඕනෙ කෙනෙක් නෙමෙයිනෙ. මම හිතන්නෙ තව අවුරුද්දක් දෙකක් යද්දි මිනිස්සුන්ට ලැබෙන අවබෝධයත් එක්ක ඔක්කොම සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා 2025 වෙද්දි හැම දේකම ලොකු සංවර්ධනයක් දකින්න පුළුවන් වෙයි. අපේ විරුද්ධ පක්ෂය ගොඩක් දුර්වලයි. විපක්ෂය ගොඩක් දුර්වල වුණාම ආණ්ඩු පක්ෂයටත් ටිකක් අමාරුයි. අපේ විරුද්ධ පක්ෂය ශක්තිමත් එකක් වුණොත්නෙ අපිටත් හිතෙන්නෙ, උන් දිනන්න පුළුවන් තව වැඩ කරන්න ඕනෙ කියල. දැන් අපේ ඇමැතිවරු හරි රිලැක්ස්නෙ. කවුද බන් අරුන්ගෙන් එන්න ඉන්නෙ කියල අහනව. මම කියන්නෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරි පාර්ලිමේන්තුවට ගේන්න ඕනෙ. අපිට කිසිම චැලේන්ජ් එකක් නැතිකම තමයි දැන් තියෙන්නෙ.

මේ වෙනකොට සින්දු කියන එක සම්පූර්ණයෙන් නවත්තලද?
තව දවස් කීපයකින් මගේ අලුත් සින්දුවක් එළිදක්වනව. මේ සින්දුවෙන් මගේ සමාජ ව්‍යුහය සහ මම ලෝකෙ දකින විදිහ ගැන තමයි කතා කරල තියෙන්නෙ. මේක ආශාවන් සහ කර්මය ගැන පොඩ්ඩක් ගැඹුරට කතා කරන සින්දුවක්. සින්දු කීපයක්ම කරල තියෙන්නෙ. කොවිඩ් තත්ත්වයත් එක්ක වීඩියෝ කරන්න බැරි හින්ද තමයි ඒව එළිදක්වන්නෙ නැතුව ඉන්නෙ. මොකද සින්දුවක් දැන් මියුසික් වීඩියෝ එකක් නැතුව එළියට දැම්මහම හිට් වෙනව අඩුයි.

සංවාදය – තුෂාර ගුණරත්න / සටහන – ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

කුරුවිට තරුණියගේ දේහය ගමට අරන් එයි: අවසන් ගෞරව දක්වන්න විශාල සෙනගක් ඇවිත් (VIDEO)

Next Post

මිනී මරන්නේ නැතිව පත්තර රස්සාව කරමුද?

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.