ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි ශ්ලෝමි (Shlomi) නගරයේ විශේෂ ආරක්ෂක සාකච්ඡාවක නිරත වෙමින් සිටින ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟම, එම කලාපය ඉලක්ක කරගනිමින් හෙස්බුල්ලා සංවිධානය විසින් දරුණු ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදේශීය තොරතුරු මූලාශ්‍ර වාර්තා කරයි. Sri Lanka Latest News
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා දේශසීමා බළකායන්හි ප්‍රධානීන් හමුවෙමින් ශ්ලෝමි නගරයේ රැඳී සිටි මෙසමයෙහි, හෙස්බුල්ලා සංවිධානය විසින් මෙම අනපේක්ෂිත ප්‍රහාරය දියත් කර තිබේ.
රාජ්‍ය නායකයින් දෙපළ එම දේශසීමා නගරයෙන් පිටත්ව ගිය වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්ලෝමි (Shlomi) සහ බෙට්සෙට් (Betzet) ඇතුළු බටහිර ගලීලයේ (Western Galilee) ප්‍රජාවන් ගණනාවක සතුරු ගුවන් යානා ඇතුළුවීමේ අනතුරු ඇඟවීමේ සිරෙන් නාද වී ඇති අතර, ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ හෙස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමී ඩ්‍රෝන යානා තුනක් ඊශ්‍රායල ගුවන් සීමාවට ඇතුළු වී ඇති බවයි. මෙම සිදුවීමත් සමඟ උතුරු දේශසීමාවේ පවතින දැඩි යුදකාමී උණුසුම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ලෙබනනයේ හෙස්බුල්ලා ඉලක්ක වෙත සිය ගුවන් ප්‍රහාර තීව්‍ර කිරීමට පියවර ගෙන ඇත.











