• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මහ රණ්ඩු නැති මහ ඇත්තන්ගේ ඉසව්ව

March 11, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
මහ රණ්ඩු නැති මහ ඇත්තන්ගේ ඉසව්ව
Share on WhatsAppShare on Facebook

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිහි වූ තවත් එක් ජාතික වනෝද්‍යානයක් වන මාදුරුඔය ගැන තමයි අද කැලෑ කොලම හරහා අපි කතා කරන්නේ. එක් පැත්තකින් නැඟෙනහිර පළාතටත්, අනෙක් පසින් ඌව පළාතටත් මැදිව පිහිටා ඇති මාදුරුඔය ජාතික වනෝද්‍යානයට කොළඹ සිට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 270ක් පමණ වෙනවා.
කොළඹ සිට හබරණ, පොළොන්නරුව, අරලගංවිල හරහා ගමන් කිරීම තමයි මාදුරුඔය වෙත ළඟා වෙන්න ඇති පහසුම මාර්ගය වෙන්නේ. ඊට අමතරව මහිංයගණය හරහාත් මේ වෙත ළඟා වෙන්න පුළුවන්.

1983 නොවැම්බර් 09 වැනිදා නිල වශයෙන් ආරම්භ කළ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් හෙක්ටයාර් 58,850ක් පමණ වෙන බව සඳහන්. මෙහි පරිපාලනය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මහවැලි ව්‍යාපාරය යටතේ අවතැන් වූ සතුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් තමයි මේ උද්‍යානයත් ඉදි වෙලා තියෙන්නේ.

ශ්‍රී ලංකාවේ වාරිමාර්ග තාක්ෂණයේ සුවිශේෂී සලකුණක් විදියට සැලකෙන විශාල වේල්ලකින් යුතු මාදුරුඔය ජලාශය පිහිටා ඇත්තේ මේ ජාතික වනෝද්‍යානය තුළයි. මාදුරුඔය ජලාශයත් මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිවූ තවත් එක් ජලාශයක්.

මේ ජලාශය ඉදිකිරීමේදී මතු වූ සාධක හරහා අපේ රටේ පුරාණ ඉංජිනේරුවන්ගේ වික්‍රමය ලෝකයට පෙන්නුම් කිරීමේ අවස්ථාවත් උදා වූ බව මතක් කළ යුතුයි. මහවැලි ව්‍යාපාරය යටතේ මේ ජලාශය ඉදි කිරීමේදී නූතන විද්‍යාව යටතේ වේල්ල සැලසුම් කළ ස්ථානයේම පැරැණි වේල්ලත් ඉදි කර තිබූ බව සොයා ගැනීමට හැකියාව ලැබුණේ ලොවම පුදුම කරවමින්. එය අපේ අතීත වාරි ශිල්පයේ දියුණුව හෙළි කළ ප්‍රබල සාක්ෂියක් බවට පත් වුණා.

ප්‍රධාන වශයෙන් මෙහිදී දැක ගත හැකි සත්ව කොට්ඨාසය වෙන්නේ අලි ඇතුන්. වියළි කලාපීය දැවැන්තයන්ගේ ක්ෂේම භූමියක් විදියට මාදුරුඔය සැලකෙනවා. මාදුරුඔයදී දැක ගත හැකි පිරිමි අලි ඇතුන් ශරීරයෙන් ඉතා විශාල වීමත් සුවිශේෂී කාරණයක්. නමුත් වෙනත් වනෝද්‍යානවලදී මෙන් විශාල වශයෙන් එකතු වුණු අලි රංචු මෙහිදී දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ වනෝද්‍යානය පුරා බොහෝ තැන්වල ඉලුක්, මාන යාය පැතිරී තිබීම එලෙස රංචු වශයෙන් අලි ඇතුන් ගැවසීම අවම වීමට හේතුවක්. නමුත් 10- 15කින් සමන්විත අලි රංචු මෙහිදී දැක ගන්න පුළුවන්.
අලි ඇතුන්ට අමතරව දුර්ලභ සතෙකු විදියට සැලකෙන කබල්ලෑවා දැක ගත හැකි තවත් එක් ස්ථානයක් විදියට මාදුරුඔය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම දියබල්ලා, ගෝනමුව කොටියා, තාරකා ඉබ්බා වැනි දුර්ලභ ජීවී විශේෂද මෙහිදී දැක ගන්න හැකියාව තියෙනවා.

ඒක දේශික පක්ෂි විශේෂ ගණනාවකුත් මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වෙලා තියෙනවා. වත් රතු මල් කොහා, තිත් හොට පස්තුඩුවා, රජ අළු මසුකුස්සා, පෙරළි කොණ්ඩකුස්සා, ආසියානු විවර තුඩුවා, හැඳි මානාවා, සිළු සර්පකුස්සා වැනි පක්ෂි විශේෂ ඒ අතරේ ඉන්නවා. ඒ වගේම දුර්ලභ මත්ස්‍ය විශේෂ වන යෝධ ගුරාමි, තිලාපියා, කැට් ෆිෂ් ඇතුළු වර්ග කිහිපයකුත් මෙහි ජීවත් වෙනවා.

මාදුරුඔයදී දැක ගත හැකි සර්ප විශේෂත් බොහෝයි. ඒ අතරින් කළු නැට්ටක් සහිත පිඹුරු විශේෂය කැපී පෙනෙනවා. ඊට අමතරව නයි සහ පොළොඟුන් අඩුවක් නැතිව මෙහි සැරිසරනවා.

ශාක විශේෂ ගැන කතා කිරීමේදී වියළි කලාපයට ආවේණික දැවමය අතින් වටිනා ශාක වර්ග සියල්ලම මෙහිදී දැක ගන්න පුළුවන්. මිනිස් ක්‍රියාකාරකම් අවම වීම හේතුවෙන් අදටත් නොඉඳුල් සුන්දර වනෝද්‍යානයක් විදියට මාදුරුඔය පවතිනවා.

මාදුරුඔය ජාතික වනෝද්‍යානය ආසන්නයේ හෙන්නානිගල ඇතුළු ආදිවාසී ජනතාව ජීවත් වන ගම්මාන කිහිපයක්ම පිහිටා තියෙනවා. අතීතයේ පටන්ම එම ජනතාවගේ ජීවිතවලට මාදුරුඔය හරහා විශාල රැකවරණයක් සැලසිලා ඇති බවත් සඳහන් කළ යුතුයි.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයට එන සංචාරකයන් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන එක් බංගලාවක් පවත්වා ගෙන යනවා. බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මඟින් ඒ සඳහා පහසුකම් සලසා ගන්න පුළුවන්. ඒ වගේම මාදුරුඔයට යන සංචාරකයෙකුට වෙනත් ජාතික වනෝද්‍යානයකදී අත් විඳින්න හැකියාව නොලැබෙන සුවිශේෂී අත්දැකීමකුත් විඳ ගන්න පුළුවන්. ඒ තමයි බෝට්ටු සවාරිය. නමුත් මේ සඳහා කල් තියාම ඔවුන් දැනුවත් කිරීම සිදු කළ යුතු වන බවත් මතකයේ තබා ගත යුතුයි. මැයි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය මෙහි සංචාරයට සුදුසුම කාලය ලෙසත් සඳහන් කළ හැකියි.

දැව ජාවාරම සහ දඩයක්කරුවන්ගේ ප්‍රශ්නය තමයි මාදුරුඔයටත් එල්ල වී ඇති ප්‍රධානම තර්ජන වෙලා තියෙන්නේ. ඒ තර්ජන හමුවේ මාදුරුඔය රැක ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ නිලධාරීන් දැඩි කැපවීමකින් ක්‍රියා කරනවා. එයට අපේ ගෞරවය හිමි විය යුතුයි.

ඒ වගේම අපි මීට පෙර කතා කළ නිල්ගල වනාන්තරය සහ මාදුරුඔය එකතු කොට වනගත කොරිඩෝවක් නිර්මාණය කිරීමේ යෝජනාව දැන් බොහෝ කාලයක සිට කතාබහට ලක් වෙලා තියෙනවා. එවැනි කොරිඩෝවක් ඇති කිරීම අලි ඇතුන් ඇතුළු සියලු සත්ව වර්ගයන්ගේ සංරක්ෂණයට ඉතාම වැදගත් වන බවට වනජීවී විශේෂඥයෝ පවසනවා. ඒත් හමස් පෙට්ටියේ බහා තිබෙන එම යෝජනා ක්‍රියාත්මක වීම දිනෙන් දින පමා වනවා. වනාන්තර එළි පෙහෙලි කිරීම සඳහා ඇති උනන්දුව මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නොමැති වීම කනගාටුවට කරුණක්.

මාදුරුඔය කියන්නේ එතරම් පහසුකම් සහිත ජාතික වනෝද්‍යානයක් නෙවෙයි. එහි සංචාරය සඳහා අවශ්‍ය ජීප් රථ පවා සොයා ගැනීම කල් තියා කළ යුතු දෙයක්. නමුත් ජීවිතයේ එක්වරක් හෝ සංචාරය කළ යුතු, ජීවිතයට අමතක නොවන අත්දැකීම් රැසක් එකතු කර ගත හැකි සුවිශේෂී ස්ථානයක් ලෙස අවිවාදයෙන් මාදුරුඔය හඳුන්වන්න පුළුවන්.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

පිත්ත අතහැර සුක්කානම අතට ගත් රන්දිව් සහ චින්තක

Next Post

මිහිඳු හිමි ඇත්තටම වැඩියේ මිහින්තලයටද?

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.