• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිත්ත අතහැර සුක්කානම අතට ගත් රන්දිව් සහ චින්තක

March 10, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පිත්ත අතහැර සුක්කානම අතට ගත් රන්දිව් සහ චින්තක
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන දිගින් දිගටම ඇහෙන්නේ එතරම් සුබවාදී කරුණු කාරණා නෙවෙයි. ක්‍රීඩා පිටියේදී අපේ කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත් වෙනවා. මේ සටහන ලියැවෙන්න ඔන්න මෙන්න තිබියදීත් ඒ පරාජයන් මාලාවට තවත් එකක් එකතු කරමින් පළමු වි/20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරලා පහසු ජයක් ලබන්න බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ මදිවට කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විනය පිරිහීම ගැන විශාල චෝදනාවක් තියෙනවා. ඒ අතරේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු ප්‍රවීණ ක්‍රීඩකයෝ පරිපාලනය ගැන ඉතාම කනගාටුවෙන් අදහස් දක්වනවා.

මේ හැම දෙයක් එක්කම අපේ මිනිසුන්ට ක්‍රිකට් කියන එක හොඳටම එපා වෙලා. පසුගිය වසර දෙක තුන ඇතුළත ඒ තත්ත්වය හොඳටම වර්ධනය වුණා කිව්වොත් හරි. ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවෙයි අපේ රට නියෝජනය කළ ඇතැම් ක්‍රීඩකයන්ටත් අපේ රට එපා වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඊට උදාහරණ සපයමින් තවමත් ජාත්‍යන්තරයේ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාව හැර දාලා වෙනත් රටවල පදිංචියට ගියා.

මේ අතරේ ශ්‍රී ලංකාව නියෝජනය කරලා පස්සේ ඕස්ටේ්‍රලියාවේ පදිංචියට ගිය ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සම්බන්ධ කතාබහකින් පසුගිය සතියේ සමාජ මාධ්‍ය උණුසුම් වුණා. ඒ සිදුවීම හරහා ක්‍රිකට් අමතක කරලා තිබුණු මිනිස්සු නැවතත් ක්‍රිකට් ගැන කතා කරන්න පටන් ගත්තා කිව්වත් ඒක වැරැදි නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහ සම්බන්ධ පුවතක් හරහා තමයි ඒ කතාබහ ඇති වුණේ. ඕස්ටේ්‍රලියාවේ එක්තරා ටී. වී වැඩසටහනක් තමයි ඒ කතාබහට මුල් වුණේ. ඔවුන් දෙදෙනාම මේ වෙද්දි ඕස්ටේ්‍රලියාවේ පදිංචිකරුවන්. කලක් ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ මේ ක්‍රීඩකයන් දෙන්නා මේ වෙද්දි ඕස්ටේ්‍රලියාවේ බස් රථ රියැදුරන් විදියට සේවය කරන බව තමයි එම රූපවාහිනී වැඩසටහන හරහා දැක ගන්න ලැබුණේ.

බස් රථ රියැදුරෙක් කිව්වම අපේ රටේ ජනතාව තුළ නම් මැවෙන්නේ එතරම් යහපත් ප්‍රතිරූපයක් නෙවෙයි. අපේ රටේ බොහෝ රියැදුරන් හැසිරෙන විදිය තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ.

ඒ හින්දම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෝ පිටරටක බස් එළවනවා කියන එක අපේ අයට හොඳ මාතෘකාවක් වුණා. බොහෝ අය ඒ ගැන බොහෝ දේවල් කතා කළා. කොහොම වුණත් ලෝකයේ කිසිම රස්සාවක් පහත් කරලා කතා කරන්න අපට බැහැ. විශේෂයෙන්ම ඕස්ටේ්‍රලියාව වගේ රටක බස් රියැදුරෙක් කියන්නේ ඉතාම උසස් රැකියාවක් විදියට සලකන එකක්. වගකීම් රාශියක් දරන එවැනි රැකියාවක් ලබා ගන්න එකත් ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම එය ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක්.

බස් රථ රියැදුරන් විදියට සේවය කළත් මේ ක්‍රීඩකයන් දෙදෙනාම තවමත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන එකත් කැපී පෙනෙන කාරණයක්. විශේෂයෙන්ම සුරාජ් රන්දිව් ඉදිරියේදී ඕස්ටේ්‍රලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට තමන්ට හැකියාව ඇති බවත් මෙහිදී සඳහන් කරනවා.

සුරාජ් රන්දිව් කියන්නේ කාලයක් අපේ රටේ බොහෝ කතාබහට ලක් වුණු ක්‍රීඩකයෙක්. පිට දඟ පන්දු යවන්නෙකු වූ සුරාජ්, මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා බවට පත් වනු ඇති බව ක්‍රිකට් විශේෂඥයන්ගේ අදහස වුණා. ඇත්තටම ඒ වගේ දක්ෂතාවයක් රන්දිව් සතුව තිබුණා.

2009 වසරේ දෙසැම්බර් 18 වැනිදා තමයි සුරාජ් තමාගේ පළමු එක්දින තරගයට ක්‍රීඩා කළේ. ඒ ඉන්දියාවට එරෙහිව. ඊට පස්සේ 2010 ජුලි 26 වැනිදා ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගන්නත් සුරාජ් සමත් වෙනවා. 2011 ලෝක කුසලාන තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට සුරාජ් රන්දිව් ඇතුළත් නොවීම ඒ දවස්වල දැඩි මතභේදයට තුඩු දුන් කාරණාවක් වුණු බවත් අපට මතකයි. කොහොම හරි අවසන් පූර්ව තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක් වීමත් එක්ක ඉන්දියාව එක්ක පැවැති 2011 ලෝක කුසලාන අවසන් තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව රන්දිව්ට උදා වුණා. ඒ අවසන් මහා තරගයේදී තමා යැවූ මුල් පන්දුවාර කිහිපයේදී ඉන්දීය පිතිකරුවන්ට දැඩි තර්ජණයක් එල්ල කරන්නත් රන්දිව් සමත් වුණා. කොහොම වුණත් එක්දින ජාත්‍යන්තර තරග 31කදි, ටෙස්ට් තරග 12කදී සහ වි/20 ජාත්‍යන්තර තරග 7කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ රන්දිව්ව කාලයත් එක්ක හැමෝටම අමතක වෙලා ගියා. ඒ මතක නැවත අලුත් වුණේ පසුගිය සතියේ සිදුවීමෙන් පසුවයි.

රන්දිව් එක්ක ඕස්ටේ්‍රලියාවේ බස් එළවන අනෙක් ක්‍රීඩකයා තමයි චින්තක ජයසිංහ. පළමු පෙළ තරගාවලිවලදී වසර ගණනාවක් පුරා දක්ෂතා දැක්වුවත් චින්තකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩක් ලැබුණේ බොහෝ කාලෙකට පස්සේ. 2009 වසරේදී ජාත්‍යන්තර වරම් දිනූ චින්තක වි/20 ජාත්‍යන්තර තරග 5කදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න සමත් වෙලා තියෙනවා.

රන්දිව් සහ චින්තක දෙන්නටම ඕස්ටේ්‍රලියාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන මගීන්ගෙන් යහපත් ප්‍රතිචාර තියෙන බවත් ඒ වැඩසටහන හරහා දැක ගන්න ලැබුණා. රන්දිව් සහ චින්තක ඕස්ටේ්‍රලියාවේ බස් එළවද්දී, ඒ වගේම වෘත්තියක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තවත් ක්‍රීඩකයෙකු සම්බන්ධයෙනුත් මීට කාලෙකට කලින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

ඒ තමයි ඉන්දික ගාල්ලගේ. ඕස්ටේ්‍රලියාවේ ජීවත් වෙන ගාල්ලගේත් පූර්ණ කාලීනව ෆෝක් ලිෆ්ට් රියැදුරෙකු විදියට සේවය කරන බව තමයි ඒ හරහා වාර්තා වුණේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් 1999 වසරේදී ටෙස්ට් වරම් දිනූ ගාල්ලගේ එක් ටෙස්ට් තරගයකට සහ එක්දින ජාත්‍යන්තර තරග තුනක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. ඒ වගේම ගාල්ලගේගේ පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයෙකු වූ තිලකරත්න දිල්ශාන්ගේද පළමු ටෙස්ට් තරගය වීමත් සුවිශේෂී කාරණයක්.

කොහොම වුණත් කාලයත් එක්ක මේ ක්‍රීඩකයන් ක්‍රිකට් දෙවැනි තැනට දාලා තමන්ගේ පළමු වෘත්තිය විදියට වෙනත් රැකියාවක් තෝරා ගෙන තියෙනවා. ඒ අතරේ තවමත් 36 වැනි වියේ පසු වන රන්දිව් ඉදිරියේදී බිග් බෑෂ් තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවනවා. මීළඟ අයි. පී. එල්. තරගාවලිය සඳහා එකදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ තෝරා නොගැනීම හරහා අපේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තරයේ ඇති ඉල්ලුම මොන වගේද කියන එක හොඳට පැහැදිලි වෙලා තියෙනවා. එවැනි පසුබිමක රන්දිව්ට බිග් බෑෂ් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වුණොත් ඒක ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ලබන තවත් ජයග්‍රහණයක් විදියට අපට සලකන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජීවිතයේ අරමුණු හඹා යන මොවුන් හැම දෙනාටම ආදර්ශයට ගත හැකි චරිත ලෙසත් හඳුන්වන්න පුළුවන්.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පරවියෙක් පුත්තලමේ තිදරු පියකු මරයි

Next Post

මහ රණ්ඩු නැති මහ ඇත්තන්ගේ ඉසව්ව

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.