පරිත්‍යාග අසල්වැසි දානපති මහාභාරතයෙන් පරිත්‍යාග වශයෙන් මේ අවස්ථාවේ ලැබුණු ගිලන් රථ හැත්තෑ පහත්(75)පාසල් බස්රථ දාහතත්(17)රටට මහත් අස්වැසිල්ලක් බව පවසන නේපාල අධ්‍යාපන අමාත්‍ය දේවේන්ද්‍ර පවුඩල් නේපාල වැසියන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා ගිලන්රථ විශාල ප්‍රයෝජනයක් බව ද පවසයි.
නේපාලයේ අගනුවර වන කත්මන්ඩු නගරයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය පවසන අන්දමට මේ පරිත්‍යාග නේපාලවැසියනට පහසුකම් සපයන විවිධ සංවිධාන උදෙසා පිරිනැමුනකි.
නේපාලයේ ඉන්දියියානු මහ කොමසාරිස් වශයෙන් නව පත්වීම ලද නවීන් සිරිවස්තව මහතා විසින් නේපාලයේ අධ්‍යාපන,විදා්‍යා සහ තාක්‍ෂණ අමාත්‍යදේවේන්ද්‍ර පවුඩල් මහතාට පරිත්‍යාග භාරදෙනු ලැබිණි.
චන්ද්‍රසේන මාරසිංහ





