පවුල් දෙකක් සහ හමුදා ආඥා දායකයින් ගතවූ හැට වසරක(60) කාලය තුළ පාකිස්තානය පාලනය කිරීමෙන් මුළු රටම නැති භංගස්ථාන කර ඇති බව එරට“ටෙහෙරීක් ඊ ඉන්සෆ්” සංවිධානයේ (පක්‍ෂයේ)සභාපති”ඉම්රාන් ඛාන් කියයි.
එම සංවිධානයේ නව සභාපති වශයෙන් ඔහු මෙවරත් පත්වීමෙන් පසුව එ සේ කීවේය.ඔහු හා තරග වැදීමට “ඕමර් සෆ්රාස් චීමා”සහ ” නෙක් මොහමඩ්”යන දෙදෙනා ද ඉදිරිපත් වුවත් පසුව ඔවුහු ඉල්ලා අසුවූහ.
ඒ අනුව ඉම්රාන් ඛාන් නිතරගයෙන සභාපති ධූරයට පත්විය.
“ෂා මොහමඩ් කුරේෂි”සහ“අසාද් උමාර්” යන දෙදෙනා පිළිවෙළින් පක්‍ෂයේ උප සභාපති සහ මහලේකම් යන ධූරවලට පත්වූහ.
පවුල් දෙක සහ හමුදා ආඥා දායකයින් රට පාලය කළ ගතවූ හැට වසරක(60) කාලය තුළ සෑම දසවසරක් ගෙවෙද්ද්ී ම රට රට එන්නන එන්නම අගාධයට ඇද වැටුණු බව ද ඉම්රාන් ඛාන් කීවේය.
“වසර තිහ 30 බැගින් හමුදා ආඥා දායකයින් සහ පවුල් දෙක පාලනය කරමින් රට කෑවා.පාලන ව්‍යුහය වෙනස් කිරීමට අප කොතෙක් උත්සාහ කළත් අසාර්ථක වුණා”ඉම්රාන් ඛාන් වැඩිදුරටත් සඳහන් කෙළේය.





