• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නමට ‘‌ෆ්‍රෙෂ්’ වුණු කුණු කෑම ගබඩාව: හිටපු-ඉන්න ‘කැරවන්’ ‌ලොක්කෝ කතා කරති

February 8, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
නමට ‘‌ෆ්‍රෙෂ්’ වුණු කුණු කෑම ගබඩාව: හිටපු-ඉන්න ‘කැරවන්’ ‌ලොක්කෝ කතා කරති
Share on WhatsAppShare on Facebook

නවීන පන්නයේ ආපනශාලාවකින් ආහාර ලබා ගැනීම සඳහා බොහෝ දෙනකු පෙලඹෙන්නේ එය වර්තමානයේ විලාසිතාවක් වී තිබීම හේතුවෙනි. නමුත් පසුගියදා වත්තල හැඳල ප්‍රදේශයෙන් වාර්තා වූයේ එවැනි පාරිභෝගිකයන් තිගැස්මකට ලක් කරන ප්‍රවෘත්තියකි. එම පුවතට අනුව අනාවරණය වූයේ වත්ත හැඳල ප්‍රදේශයේ සුපිරි අවන්හලකින් කල් ඉකුත් වූ ආහාර තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාට ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීම සඳහා විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක කෝසල ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනකුගේ සහාය හිමි වී තිබිණි.
එම වැටලීමේදී ලංකාවේ ජනප්‍රිය අවන්හල් ජාලයකට අයත් අවන්හලකින් කල් ඉකුත් වූ බේකරි අමුද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට පත් වූ බව අනාවරණය වූ අතර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කරන අවස්ථාවේදී කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබල් වෙනස් කරමින් නව ලේබල් අලවන ආකාරයද හසු කර ගැනීමට සමත් වූ බවද අනාවරණය විය. එලෙස අත්අඩංගුවට පත් වූ ආහාර ප්‍රමාණය ටොන් 17.5ක් (කිලෝ 17500) බවද සඳහන් වූ අතර කේක් සෑදීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, කස්ටඞ් පවුඩර්, පාන් සෑදීම සඳහා භාවිත කරන වෝල් කෝර්න්, මර්ෆින් මික්ස්, පේස්ටි්‍ර සඳහා භාවිත කරන බටර් වර්ගයක් ඇතුළු තවත් බොහෝ දේ ඒ අතර වූ බවද සඳහන් විය.
2019-05-13 සහ 2019-12-06 අතර කාලයේදී කල් ඉකුත් වූ එම ආහාර ප්‍රමාණයේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 15 (කෝටි එකහමාරක්) බවද අනාවරණය විය. පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළ පරිදි අදාළ ආයතනය ආහාර නිෂ්පාදන සහ අවන්හල් ජාලයක් පවත්වා ගෙන යෑමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ ප්‍රධාන පෙළේ සමාගමක් ලෙසද කටයුතු කර ඇත. ඇමෙරිකාව, ඩුබායි සහ ජර්මනිය වැනි රටවලින් ආනයනය කරන එම අමුද්‍රව්‍ය අදාළ ආයතනය විසින් මෙරට ප්‍රධාන පෙළේ හෝටල් වෙත බෙදා හැර ඇත. කල් ඉකුත් වූ නිෂ්පාදනවලට අලුත් ලේබල් අලවා අසුවූ ගබඩාව භාරව සිටි නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇප බැඳුම්කරයක් මත මුදාහැර ඇති අතර අදාළ ගබඩාව මුද්‍රා තබා වත්තල පොලිසියේ භාරයට පත් කර ඇත.
සිදුවීමට අදාළ අවන්හල් ජාලය පිළිබඳ විවිධාකාරයේ ආරංචි රට පුරා පැතිර යන්නට වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේද ඒ පිළිබඳ දැඩි කතාබහක් ඇති විය. මේ අතර මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක් තම ප්‍රවෘත්ති විකාශය ඔස්සේ සඳහන් කර සිටියේ එලෙස කල් ඉකුත් වූ ආහාර අත්අඩංගුවට පත් වූයේ මෙරට ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන ආයතනයක් වන මදීනා ෆුඞ්ස් පුද්ගලික සමාගමට අයත් කැරවෑන් නමැති සන්නාම නාමය යටතේ පවත්වා ගෙන යන අවන්හලක් තුළදී බවය. රට පුරා බොහෝ තැන්වලට ව්‍යාප්තව ඇති කැරවෑන් අවන්හල් ජාලයේ අති විශාල පාරිභෝගික පිරිසද එම ආරංචියෙන් දැඩි කැලඹීමට පත් විය. වසර ගණනාවක් පුරා කැරවෑන් නාමය පිළිබඳ තබා තිබූ පාරිභෝගික විශ්වාසය මොහොතකින් බිඳ දැමීමට එම ප්‍රවෘත්තියට හැකි විය.

ශ්‍රී ලංකාව තුළ කැරවෑන් අවන්හල් ජාලය ආරම්භ වූයේ මීට බොහෝ කාලයකට පෙරය. බොහෝ දෙනකු දන්නා පරිදි එහි මුල් හිමිකරු වූයේ ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන යසසිරි කස්තුරි ආරච්චි මහතාය. කස්තුරි ආරච්චි මහතා කැරවෑන් ආයතනයේ අධිපති ලෙස කටයුතු කළේ මීට වසර 10කට පෙරදීය. කැරවෑන් නාමය රටේ ආන්දෝලනයක් ඇති කර තිබෙන මෙවැනි මොහොතකදී ඒ සම්බන්ධයෙන් විමසා බැලීමට යසසිරි කස්තුරිආරච්චි මහතා සම්බන්ධ කර ගැනීමට අප අදහස් කළේ කැරවෑන් ඉතිහාසය සහ වර්තමානය පිළිබඳව හරියටම තොරතුරු දැන ගැනීම සඳහාය.
“කැරවෑන් අවන්හල් ජාලය මම ඉතාම අපහසුවෙන් තමයි ගොඩ නැඟුවේ. නමුත් 1995-2000 අතර කාලය වන විට ඒ ව්‍යාපාරය ආහාර නිෂ්පාදන ව්‍යාපාර අතර ඉදිරියට ගෙන එන්න අපිට පුළුවන් වුණා. ඒත් ඒ කාලයේදී මට දේශපාලන වශයෙන් විශාල බාධක එල්ල වෙන්න පටන් ගත්තා. මට පෞද්ගලිකව එල්ල වූ බාධක ව්‍යාපාරයටත් තදින්ම බලපෑවා. මට මතක විදියට මම කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරයට තරග වැදීම තමයි ඒකට ප්‍රධානම හේතුව වුණේ. එවකට රටේ ප්‍රධාන දේශපාලන බලවන්තියකගේ හිතවතෙක් තමයි මාත් එක්ක ඒ ධුරයට තරග වැදුණේ. නමුත් මට පුළුවන් වුණා ඔහුව පරද්දන්න. ඒකෙන් ඒ දේශපාලන බලවන්තියට මාත් එක්ක දැඩි තරහක් ඇති වුණා. ඇය ඒකට මගෙන් පළිගන්න හැකි සෑම දේම කළා. ඒකෙන් තමයි මගේ ව්‍යාපාරයටත් කණ කොකා හඬන්න පටන් ගත්තේ. මේවා තාත්තයි පුතයි ඉඩම් නඩු කියනවා වගේ දිග්ගැස්සෙන දේවල්. ඒ හින්දා මම හිතුවා මේ ව්‍යාපාරය විකුණා දමන්න. ඒ අනුව තමයි ඩුබායි රාජ්‍යයේ ජාත්‍යන්තර ව්‍යාපාරික ජාලයකට මේ ව්‍යාපාරය මම විකුණා දමන්නේ.” කස්තුරි ආරච්චි මහතා අදහස් දැක්වූයේ එසේය.
කෙසේ නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව දැන ගැනීම සඳහා අප කොළඹ අවට කැරවෑන් අලෙවිහල් කිහිපයකින් කරුණු විමසීමට කටයුතු කළ අතර ඒ හරහා කැරවෑන් අවන්හල් ජාලයේ සාමාන්‍යාධිකාරී ඒ. පද්මනාදන් මහතා සම්බන්ධ කර ගැනීමටද අපට හැකි විය. එහිදී පද්මනාදන් මහතා සඳහන් කර සිටියේ එලෙස මුද්‍රා තබා ඇත්තේ කැරවෑන් අවන්හල් ජාලයට අයත් මාස්ටර්ස් බේකර්ස් නමැති ආයතනයේ ගබඩාවට බවය. එම ආයතනය සහ කැරවෑන් ආයතනය නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ වෙන වෙනම බවද ඒ මහතා සඳහන් කළේය. කෙසේ නමුත් මුද්‍රා තබා ඇති වත්තල මාස්ටර්ස් බේකර්ස් ගබඩාව පිහිටි ඇති භූමිය තුළම කැරවෑන් අවන්හලක්ද පිහිටා ඇති බව ප්‍රකාශ කළ පද්මනාදන් මහතා ඒ සඳහා ඇතුළු විය යුත්තේ එකම ගේට්ටුවකින් බවද සඳහන් කර සිටියේය. එහෙත් කැරවෑන් අවන්හල් ජාලයේ නිෂ්පාදන සම්බන්ධයෙන් එය කිසිම ආකාරයකින් බලපා නැති බවද පද්මනාදන් මහතා සඳහන් කර සිටියේය.
කැරවෑන් සහ මාස්ටර්ස් බේකර්ස් ආයතන දෙකක් බව පද්මනාදන් මහතා ප්‍රකාශ කළද, එහි පරිපාලන කටයුතු සිදුවන්නේ එක් පරිපාලනයක් යටතේ බව පිළිගැනීමට පද්මනාදන් මහතාට සිදු විය. එක් පරිපාලනයක් යටතේ පාලනය වන එකම භූමියක පිහිටි ආයතන දෙකක ආහාර නිෂ්පාදනය සඳහා එකම අමුද්‍රව්‍ය යොදා නොගන්නේ යැයි පැවසීමේ හැකියාවක් කිසිවකුට නැත. එබැවින් මාස්ටර්ස් බේකර්ස් ආයතනය තුළ තිබී අත්අඩංගුවට පත් වූ කල් ඉකුත් වූ ආහාර කැරවෑන් අවන්හල් ජාලයේ ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගත්තේ දැයි යන සැකය අප තුළද ඇත. කෙසේ නමුත් ඒ බව තහවුරු කර ජනතාවට ප්‍රකාශ කිරීම පාරිභෝගික සේවා අධිකාරියේ වගකීමය.
මාස්ටර්ස් බේකර්ස් ආයතනයේ පරිපාලනය සහ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පද්මනාදන් මහතා අදහස් දැක්වූයේ මෙසේය.
“මුද්‍රා තබා ඇත්තේ අප ආයතනයට අයත් මාස්ටර්ස් බේකර්ස් ගබඩාවටයි. එයත් මගේ පරිපාලනය යටතේමයි තියෙන්නේ. ඒ පිළිබඳව පසුගිය 05 වැනිදා පාරිභෝගික සේවා අධිකාරිය මඟින් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. එය යළි විභාගයට ගන්නේ ලබන මාර්තු 19 දායි.”
මේ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා මෙම ආයතනය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරියා යැයි එහි සේවකයන් පැවසූ මොහොමඞ් නමැත්තා සම්බන්ධ කර ගැනීම සඳහා ඔහුගේ 071-5356550 දරන දුරකතනයට අප කිහිප වරක්ම උත්සාහ කළ නමුත් ඒ උත්සාහය අසාර්ථක විය.
කොයි හැටි වෙතත් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ දක්ෂතාව මත මේ වන විට කල් ඉකුත් වූ ආහාර ජනතාව වෙත ලබා දීමට සූදානම් වූ ආයතනයක් මුද්‍රා තබා ඇත. එයට සම්බන්ධ වූ සියලුම දෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබා දීම බලධාරීන්ගේ වගකීමය. මුදල් ගෙවන ජනතාවට ජරාව ලබා දීමට තැත් කරන වෙනත් ආයතන ඇත්නම් ඔවුනද පාඩමක් ඉගෙන ගන්නේ එවිටය. මේ අතර ලංකාවේ බොහොමයක් ජනප්‍රිය හෝටල් ආශ්‍රිතව සිදු කෙරෙන තවත් ජාවාරමක් පිළිබඳ තොරතුරුද මේ ඔස්සේ අනාවරණය වෙමින් ඇත. එම තොරතුරුවලට අනුව හෝටල් තුළ මුළුතැන්ගෙයි කටයුතු කරන පිරිස් මෙවැනි ආකාරයේ නිෂ්පාදන අඩු මුදලට මිලදී ගන්නේ කල් ඉකුත් වීමට ඉතා ආසන්නව තිබියදීය. ඇතැම් විට එම ද්‍රව්‍ය ජනතාවගේ ආහාරයට එකතු වන්නේ කල් ඉකුත් වූ පසුවය. එබැවින් මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳව සොයා බැලීමද පාරිභෝගික සේවා අධිකාරියේ වගකීමය.
කෙසේ වෙතත් පොදු මහජනතාවටද මේ සම්බන්ධයෙන් දැඩි වගකීමක් ඇත. ජනතාවගේ ඒ වගකීම ඉටු කිරීම සඳහා සහාය ලබා දීමට පාරිභෝගික සේවා අධිකාරියද සූදානමින් ඇත. ඒ අනුව ඕනෑම ආකාරයක පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් කඩවීමක් 1977 දරන අංකය ඔස්සේ පාරිභෝගික සේවා අධිකාරිය වෙත දැනුම් දිය හැක.

ප්‍රේමලාල් විජේරත්න- චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මෛත්‍රිගෙ මල්ලි ඩඩ්ලි ‘අරලිය ‌හෝටලේ’ ගත්තේ ‘තග’ දාලාද?

Next Post

කොරෝනා චීන මකරා ගිලගනියිද: ලෝකෙට කියන්නේ ‌බොරුවක්ද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.