• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දක්ෂිණ අධිවේගියේ අවසන් ගමන් ගිය ඉන්දීය මහා සාහිත සලකුණ

December 29, 2019
in News, Politics
Reading Time: 1 min read
A A
දක්ෂිණ අධිවේගියේ අවසන් ගමන් ගිය ඉන්දීය මහා සාහිත සලකුණ
Share on WhatsAppShare on Facebook

දෙදාස් දහනවයේ දෙසැම්බර් 23 වැනිදා දක්ෂිණ අධිවේගයේ තවත් මාරාන්තික රිය අනතුරක් සිදුවුණා. ඉන් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවක් මාධ්‍ය වාර්තා කළේය. ඉන් තිදෙනෙක් විදේශිකයන් වූ අතර එක් අයෙක් ශ්‍රී ලාංකිකයෙකි. ඒ ගැන වැඩි හාවක් හූවක් නොවූ අතර හදිසියේම ඒ සිදුවීම මතකයට ආවේ සාහිත්‍යවේදී කපිල එම්. ගමගේ තැබූ ෆේස්බුක් සටහනක් සමඟය. ඒ මේ අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආචාර්ය ගංග ප්‍රසාද් විමල් බවය. හැබෑවටම සිදුව තිබුණේ ඒකය. ආචාර්ය ගංග ප්‍රසාද් ඔහුගේ දියණිය සහ මුනුපුරා සමඟ එසේ අවසන් ගමන් ගොස් තිබුණේය. ඔහු කවුදැයි කිසිවෙක් දැන උන්නේ නැත. නමුත් ආචාර්ය ගංග ප්‍රසාද් හින්දි සාහිත්‍යයේ නොමැකෙන සලකුණකි. ඔහු ලංකාවට ආ වේලාවේ මේ රටට අහන්නට ඕනෑ තරම් කවි ඔහු ළඟ තිබෙන්නට ඇත. මේ කවියේත්, කතාවේත් නෑදෑකම අප අතර තිබුණේය.. ඒ හිතවත්කම් අලුත්කර ගන්නට පෙරම ඔහු නික්ම ගියේය. අද අපට සටහන් තබන්නට සිදුව ඇත්තේ ඒ නික්මගිය ඔහු ගැනය.
ගංග ප්‍රසාද් මහතා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අතර මේ අනතුර සිදුව තිබුණේය. ඔහු ගමන්ගත් රථය පැදවූයේ ශ්‍රී ලාංකිකයෙකි. ඔහු ජීවිතක්ෂයට පත්වූ විශිෂ්ට මාධ්‍යවේදියෙක් වූ හේම නලින් කරුණාරත්න මහතාගේ සහෝදරයාය. ඔහුද මේ අනතුරෙන් ජීවිතක්ෂයට පත්විය. මේ අනතුරට සම්බන්ධ කන්ටේනර් රථය පැයට කිලෝමීටර් විසිපහක වේගයෙන් ගමන් කරමින් සිට ඇති බවක් කියැවෙයි. එසේම මේ අනතුරට මුහුණදුන් වෑන් රථයේ රියැදුරුට නින්ද ගිය බවක්ද කියයි. කතාව හරියටම දන්නේ ඔවුන්ම පමණි. නමුත් ඔවුන් යළි කිසිම දිනෙක ඒ ගැන කියන්නට පැමිණෙන්නේ නැත.
ගංග ප්‍රසාද් විමල් මහතා 1939 වසරේ උත්තරාඛණ්ඩ ප්‍රාන්තයේ හිමාලයානු නගරයක උපත ලැබූවෙකි. ඔහු සිය පාසල් අධ්‍යාපනය නිමා කරමින් හයිද්‍රාබාද් ඔස්මානියා සරසවියට ඇතුළත් වෙන්නේ උසස් අධ්‍යාපනය සඳහාය. සිය ශාස්ත්‍රපති විභාගයෙන් වාර්තා තැබූ ඒ මහතා පසුකාලීනව සරසවි ගණනාවක් හා සමඟ කටයුතු කර ඇතැයි පැවැසේ. වසර කීපයක් පන්ජාබ් සරසවියේ පර්යේෂණ සහකාර තනතුරක් දැරූ ඔහු දිල්ලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක පර්යේෂණ අධීක්ෂකවරයෙක් ලෙස කටයුතු කර තිබේ. පසුව ඔහු නවදිල්ලියේ ජවහල්ලාල් නේරු සරසවියේ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කර තිබේ. ඔහු මෙසේ හින්දි භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ දැනුම ඉන්දියානුවන් වෙත බෙදා දෙමින් ඔවුන්ට අමිල මෙහෙයක් සිදුකළ පුද්ගලයෙකි.
ගංග ප්‍රසාද් මහතා ශබ්දකෝෂ හා භාෂා දැනුම හා සම්බන්ධ බොහෝ ව්‍යාපෘති සඳහා ද සිය දැනුම යොදාගෙන තිබේ. ඔහු ඉන්දියානු භාෂාවන්ට අදාළ පනත් සහ ප්‍රතිපත්ති තීරණය කරන බොහෝ රාජ්‍ය ආයතනවල කටයුතු කර ඇත.
කාව්‍ය ජනතා සම්මානය (1978); රෝමයේ කලා විශ්වවිද්‍යාලයෙන් ඩිප්ලෝමාව (1979) සොෆියාහි ජාතික සාහිත්‍ය කෞතුකාගාර රන් පදක්කම (1979) බිහාර් රජයෙන් පිරිනමන ඩින්කාර් සම්මානය (1987) ස්කොට්ලන්ත විවෘත ජාත්‍යන්තර කාව්‍ය ත්‍යාගය (1988), ඉන්දියානු භාෂා සම්මානය (භාරතීය භාෂා පරාෂාද්) (1992) සහ උත්තර ප්‍රදේශ් මහත්මා ගාන්ධි සම්මානය (2016) ආදිය ඔහු විසින් දිනාගෙන තිබේ.
ඔහු ලන්ඩනයේ බීබීසී ගුවන් විදුලිය ඇතු`ඵ ලෝකයේ විවිධ ආයතනවල සිය දැනුම යොදාගෙන කටයුතු කළ අයෙකි. කලෙක සිට හින්දි සාහිත්‍ය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් කළ ඒ මහතා ජීවිතයෙන් සමුගෙන යනවිට ලියා තිබූ කෘති ගණන විශාල ප්‍රමාණයකි. ඒ අතර විදෙස් භාෂාවලින් කරන ලද පරිවර්තන ද විශේෂ වේ. මේ අපරිමිත සාහිත්‍යධරයා මේ ලංකා පොළොවේ අවසන් හුස්ම පොද වාතලයට මුහු කරද්දී ඔහු විසින් ලියූ කෘතීන්ගේ දැවැන්ත නාම ලේඛනයද අප මෙසේ පළකරනුයේ ඔහුගේ වර්ණනාවිෂයාතික්‍රාන්ත සාහිත්‍ය මෙහෙවර අගයන්නටය.
කාව්‍ය සංග්‍රහ
විජ්ජාප් (1967), බෝධි වර්ක්ෂ් (1983), ඉට්නා කුච් (1990), තලිස්මන්, කවි සහ කතන්දර, ඩුවල් ටෙක්ස්ට් (1990), සනේට් සේ මුත්බෙඞ් (1994), මේන් වහාන් හූන් (1996), අලිඛිත්-ආදිඛට් (2004), කුච් ටු හයි (2006), කබ්රෙන් යූර් ආන්යා කවිතයන් (2010), පචාස් කවිතයන් (2015), තලිස්මන් (කවි සහ කථා, ද්විත්ව පෙළ, ලන්ඩන් (1990).
කෙටිකතා සංග්‍රහ
කොයි ෂුරුවාට්, (1972), ආටීට් මේන් කුච්, (1973), ඉධාර් උදාර්, (1980), බහාර් නා භීතාර් (1981), චාර්චිත් කහානියන් (1983), මේරි කහානියන් (1983), කොයි හුයි තාටි (1994), චාර්චිත් කහානියන් (1994), සමග්‍රා කහානියන් (2004), ඉක්කිස් කහානියන් (2010), මේන් භි අවුන්ගා (2015)
නවකතා
අප්නේ සේ ඇලග් (1969), කාහින් කුච් අයූර් (1971), මාරෙචිකා (1978), මිරිගන්තක් (1978), මනුෂ්කෝර් (2013).
සංස්කරණ
අභිවාක්ටි, නූතන හින්දි කාව්‍ය සංග්‍රහයක් (1964), ඒජියා කා රච්නා සන්සාර්, (ද ඒජියාගේ ලෝකය) (1966), මුක්තිබෝද් කා රච්නා සන්සාර් (ගජානන් මාධව් මුක්තිබෝද්ගේ නිර්මාණාත්මක ලෝකය – මුක්තිබෝද් (1966) , ලාවා නූතන ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහයක් (1974) සංස්කරණය කරන ලදි, අද්නුනික් හින්දි කහානි සහ ප්‍රවීණ මහාචාර්යවරුන්, විචාරකයන් සහ නිර්මාණාත්මක ලේඛකයන් විසින් රචිත නූතන කෙටි ප්‍රබන්ධ රචනා පිළිබඳ ග්‍රන්ථයක් (1978), ක්‍රාන්තිකාරි සනූහාගන් එස්. ස්වාමි සමඟ විප්ලවීය ගීත පිළිබඳ කුඩා ග්‍රන්ථයක්, ( 1979), නාග්‍රි ලිපි කි වජ්නනික්තා (නාග්‍රි ලිපි පරාෂාඞ්, නවදිල්ලිය), වාක්‍ය විචාර් (2002).
ඉංග්‍රිසි පරිවර්තන
හියර් ඇන්ඞ් දෙයාර් සහ වෙනත් කථා, ඉංග්‍රීසියෙන් කෙටිකතා එකතුව (1978), මිරාජ්, තලිස්මන් (1987), නො සූනර්, ඉංග්‍රීසි පරිවර්තනයේ කවි එකතුව (1987), හූ ලයිව්ස් කොහෙද සහ වෙනත් කවි (2004), ලිඛිත හා නොපෙනෙන ( 2010), ටයිගර් ටැන්ට්රා (2010).
හින්දි ගද්‍ය කෘති
සමකාලන් කහානි කා රච්නා විධන් (සමකාලීන කෙටි ප්‍රබන්ධයේ විවේචනාත්මක ඇගයීම) (1968), ප්‍රේම් චන්ද් (ලේඛක ප්‍රේම් චන්ද්ගේ විප්ලවය) (1968), අද්හුන්ක් සහී කේ සඳර්බ් මෙයින් (1978), අද්නුකතා උත්තර් අද්නුකතා (2011), අජිත් කුමාර් සංචයන් ( 2011), චන්ද්‍රකුන්වර් බරත්වාල් සංචයන් (2012), හින්දි කි අරම්බික් කහානියන් (2012), සංඛලිත් කහානියන් (2013),
හින්දි පරිවර්තන
ගඩියා සමකලීන් කහානි කා රච්නා විධන් (1968), ප්‍රේම් චන්ද් (1968), ආධුනික් සාහිත්‍ය කේ සඳර්බ් මෙයින් (1978).
වෙනත් භාෂාවලින් හින්දියට කළ පරිවර්තන
ඩුරන්ට් යාත්‍රයන් (එලිසබෙතා බග්‍රයානා; 1978), පිට්රා භූමිෂ් (හිස්ටෝ බොටෙව්; 1978), ඬේව් කේ ටේල් (අයිවන් වාසොව්; 1978), ප්‍රසන්තක් (විසිලිසි විස්ටසිට්; 1979), හාරා ටෝටා (මිකෝ ටකියාමා; 1979), ජන්ම් භූමි සහ වෙනත් කවි. (නිකොලා වප්ට්සරොව්; 1979), උබොමර්ගේ කවි (1982), ලචෙසර් එලෙන්කොව්ගේ කවි (1983), උඞ්ගම් (කමෙන් කල්චෙව්ගේ නවකතාව; 1981), බොසිලොව් බොෂිඩාර්ගේ කවි (1984), යොර්ඩාන් යොව්කොව්ගේ කවි (1984) මිලෙව් (1995), තමම්රාත් ආග් (1996), මාග් (ජර්මානු ඩුගන් බ්‍රූඞ්ස්ගේ කවි; 2004)

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

MCC බිල්ලා චිත්‍රෙ ඇවිත් ගිල්ලා

Next Post

දෙයියන්ගෙ මල්ලිත් එක්ක හැප්පෙන්න මහින්දගෙ මල්ලිට පුළුවන්ද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.