• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

MCC බිල්ලා චිත්‍රෙ ඇවිත් ගිල්ලා

December 29, 2019
in News, Politics
Reading Time: 2 mins read
A A
MCC බිල්ලා චිත්‍රෙ ඇවිත් ගිල්ලා
Share on WhatsAppShare on Facebook

රට වටේ තාප්ප ලස්සන චිත්‍රවලින් සරසන එක රැල්ලක් වගේ අපේ රට ඇතුළේ පැතිරිලා ගියා. දකුණු පළාතෙන් ඇරඹුණු මේ රැල්ල කොළඹ, මහනුවර, කුරුණෑගල වගේ ලංකාවේ ප්‍රධාන නගරවලට විතරක් නෙවෙයි යාපනය ඇතුළු ලංකාවේ හතර දිග්භාගයටම පැතිරිලා ගියා. මේක රැල්ලක් නෙවෙයි කැරැල්ලක් කියලයි මේ වැඬේට සම්බන්ධ වුණු තරුණයන්ගේ අදහස වුණේ. මේ වෙද්දී ගොඩක් නගර වල චිත්‍ර ඇඳීම් අවසන් කරලයි තියෙන්නේ. ඒ ඇඳපු චිත්‍ර විවෘත කරන එකත් උත්සවාකාරයෙන් සිද්ධ වුණා. මේ අතරේ මෙහෙම ඇඳපු චිත්‍රයක් මකා දැමීම සම්බන්ධ සිදුවීමකුත් පසුගිය දවසක වාර්තා වුණා.

මිරිහානෙ ‌පොලිසිය දන්නෙත් නෑ: ඇදපු ‌කොල්ලො දන්නෙත් නෑ: නගරාධිපති සද්දයක්වත් නෑ

මේ චිත්‍රය ඇඳලා තිබුණේ පිටකෝට්ටේ නගර සීමාව ඇතුළේ. හරියටම කියනවනම් පිටකෝට්ටේ ඉඳන් තලවතුගොඩ යන පාරේ තාප්පයක තමයි මේ ඇඳලා තිබුණේ. ඇමෙරිකන් කොඩිය සහිත පසුබිමක ඉන්න මකරෙක් ලංකාව දෙසට ගිනි පිඹින අයුරුත් එම ගිනි නිවීම සඳහා ශ්‍රී ලාංකිකයන් පිරිසක් වතුර විදින ආකාරයත් තමයි ඒ චිත්‍රයේ දක්නට ලැබුණේ. තේරෙන විදියට කිව්වොත් රට ඇතුළේ ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙන එම්. සී. සී. ගිවිසුම තමයි ඒ චිත්‍රයෙන් නිරූපණය කරලා තිබුණේ. ඒ වගේ මතභේදාත්මක අදහසක් නිරූපණය කරපු චිත්‍රය මකා දැමීමත් රට ඇතුළේ ලොකු කතාබහක් ඇති කළා.
මේ චිත්‍රය ඇඳලා තිබුණේ කීල්ස් සුපර් වෙළෙඳසලක් ඉදිරියේ. ඒ තාප්පය අයිතිය හිමි වෙන්නෙත් කීල්ස් සුපර් ආයතනයට. ඒ හින්දා කීල්ස් සුපර් ආයතනය විසින් මේ චිත්‍රය මකා දැම්ම කියන එක වගේම කිසියම් ප්‍රබලයෙකුගේ නියෝගයක් හින්දා මේ චිත්‍රය මකා දැම්මා කියන මතයත් සමාජ ජාල ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වුණා. ඇමෙරිකානු කොඩිය සහිත ඒ වගේ චිත්‍රයක් අපේ රටේ ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය වෙන එක හොඳ නෑ කියන මතය දරන පිරිසකුත් හිටියා. ඒ වගේම මේ චිත්‍රය මැකුව එකට විරුද්ධ මත දරන බොහෝ දෙනකුත් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරලා තිබුණා.
මේ චිත්‍රය අඳින්න දායක වුණු තරුණයෝ කියන විදියට මේකේ වැඩ කටයුතු අවසන් වෙන්න මාසයකට අධික කාලයක් ගත වෙලා තියෙනවා. හැබැයි ඒ කාලය පුරාවට මේ වැඬේට කීල්ස් ආයතනයෙන් කිසිම විරෝධයක් පළ වෙලා නැහැ. ඒත් දැඩි පරිශ්‍රමයක් දරමින් සියලු වැඩ කටයුතු අවසන් කළාට පස්සේ තමන්ගේ උත්සාහය විනාඩි ගණනකින් මකලා දැම්ම එක ගැන ඒ තරුණයෝ ඉන්නේ දැඩි කනස්සල්ලකින්. ඒකට හේතු වුණු කාරණය ඒ තරුණයන්ටත් තවම හිතා ගන්න බැහැ.

ඇමෙරිකාව සමඟ අස්සන් කිරීමට නියමිතව තිබූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම් හෙවත් එම්. සී. සී. ගිවිසුම මකරෙක් කියන එක රටට ඒත්තු ගන්වන්න පසුගිය මැතිවරණ කාලයේදී එවකට විපක්ෂයේ හිටිය දේශපාලන නායකයෝ ලොකු උත්සාහයක් දැරුවා. හැබැයි එම්. සී. සී. ගිවිසුමට දැඩි සේ විරුද්ධ වුණු ඒ නායකයොම ආණ්ඩු බලය ගත්තට පස්සේ එම්. සී. සී. ගිවිසුමේ කොටසක් හොඳයි වගේ කතා කියනවත් පසුගිය දවස්වල දකින්න ලැබුණා. කොහොම වුණත් ඉදිරියේදී රැස්වන නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා හැටියට කටයුතු කරන්න ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නෙත් මේ ගිවිසුම ඉරා දාන්න ඕනේ කියලා. මේ අතරේ පසුගිය සතියේ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වපු බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහත්තයා එම්. සී. සී. ගිවිසුමේ ප්‍රවාහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතුම බව දැඩිසේ අවධාරණය කෙරුවා. හැබැයි තාමත් මේ ගැන කිසිම දෙයක් රජය නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ.
මෙහෙම තත්ත්වයක පිටකෝට්ටේ තාප්පයක ඇන්ද ඇමෙරිකානු මකරා මකලා දැම්මේ කාගේ වුවමනාවකටද කියන එක ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රදේශය අයත් වෙන්නේ මිරිහාන පොලිස් වසමට. ඒ හින්දා මේ ගැන තොරතුරු දැන ගන්න අපි මිරිහාන පොලිස් ස්ථානයට කතා කළා. “මේ ගැන අපි කිසිම දෙයක් දන්නේ නැහැ. අපිට මේ ගැන කිසිම පැමිණිල්ලක් ලැබිලත් නැහැ. ඒ හින්දා මේ ගැන මොකුත් කියන්න අපි දන්නේ නැහැ.” මිරිහාන පොලිසියෙන් අපිට උත්තර ලැබුණේ එහෙමයි. ඊට පස්සේ අපි මේ ගැන දැන ගන්න කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහත්තයා සම්බන්ධ කර ගන්න කිහිපවරක්ම උත්සාහ දැරුවා. කොහොම වුණත් මාධ්‍යයට අදහස් දක්වන්න නගරාධිපතිතුමාගේ වැඩි කැමැත්තක් නැති බව තමයි අපිට පේන්න තිබුණේ.
මේ චිත්‍රය මැකුව හේතුව සහ ඒකට මුල් වුණේ කවුද කියන එක සමහරවිට හැමදාටම හොයා ගන්න බැරි රහසක් වේවි. ඒත් එම්. සී. සී. ගිවිසුමට මොකද වෙන්නේ කියන එක නම් තව ටික දවසකින් රටටම එළි වේවි. ඒකෙයි මේකෙයි තියෙන සම්බන්ධය මොකක්ද කියන එකත් තීරණය කර ගන්න එදාට හැමෝටම හැකියාව ලැබේවි.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ගෝඨාගේ ‌දෙවැනි ගමන චීනෙට

Next Post

දක්ෂිණ අධිවේගියේ අවසන් ගමන් ගිය ඉන්දීය මහා සාහිත සලකුණ

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.