• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනාවෙන් රටේ ආර්ථිකය බිංදුවටම වැටෙන හැටි ‌මෙන්න

April 1, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
කොරෝනාවෙන් රටේ ආර්ථිකය බිංදුවටම වැටෙන හැටි ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතය නොහොත් ‘කොවිඞ් 19’ නමැති රෝගය මැඩපැවත්වීමේ අදහසින් රජය විසින් දිගින් දිගටම ඇඳිරි නීතිය පැනවීම සහ විශේෂ නිවාඩු ලබාදීමට ක්‍රියා කිරීම හේතුවෙන් සමාජයේත්, ආර්ථිකයේත් ප්‍රශ්න රැසක් ඇතිවන බවට වගකිවයුතු පාර්ශ්ව කරුණු පෙන්වා දෙයි. කෙසේ හෝ මෙම මාරක වසංගතය මැඩලීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම සිදුකළ යුතු වුවත් මෙසේ ශ්‍රී ලංකාවේ එදිනෙදා කටයුතු සම්පූර්ණ ලෙසින් අකර්මණ්‍ය කිරීමේ හේතුව නිසා දසලක්ෂ ගණනාවක් වන දෛනික වැටුප් උපයන්නන් සහ දහස් ගණනක් වූ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර දැඩි අකර්මණ්‍ය තත්ත්වයට පත්වන බැව්ද මෙම පාර්ශ්ව දැඩි ලෙස අවධාරණය කර සිටියි.
පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඞ් 19 කාර්ය සාධක බළකායේ රැස්වීමේදී සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද ප්‍රකාශ කර සිටියේ අද ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ දුෂ්කර ප්‍රදේශවල සිටින දෛනික වැටුප් ලබන සේවක පිරිස්වලට මෙම තත්ත්වය ඉතාමත් දරුණු ලෙස බලපාන බැව්ය. විශාල වශයෙන් ජනතාව ගැවසෙන කටුයතුවලින් ඉවත්ව සිටීම රජය මේ වන විට ජනතාවට උපදෙස් ලබාදී ඇත. මේ හෙයින් කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර දහස් ගණනින් පසුගිය දිනවලදී වසා දැමිණි.

රට ලොක්ඩවුන්-බිස්නස් ෂට්ඩවුන්

මේ වන විට දිවයින තුළ සේවකයන් 10ට පහළ සංඛ්‍යාවක් සේවය කරන කුඩා ව්‍යාපාර ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් ඇත. සමස්ත කම්කරු බලවේගයෙන් මෙම ප්‍රමාණය 44%ක් පමණ වෙයි. මේ අතරම සේවකයන් 10 – 15ත් අතර ප්‍රමාණයේ සේවය කරනු ලබන කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර 70,000කට අධික ප්‍රමාණයක්ද ඇත. මෙම ආයතන සේවක ප්‍රමාණය කම්කරු බලවේගයෙන් 17%ක පමණ ප්‍රමාණයකි. මෙවැනි කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර වසා දැමීම හේතුවෙන් එම ආයතනවල සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට ප්‍රශ්න පවා පැනනැඟෙනු ඇත. එසේම එම ආයතන හාම්පුතුන් විසින් එසේ පඩි කප්පාදුවක් අනිවාර්යයෙන්ම සිදුකරනු ඇතිය.
සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තවලින් පසුව මහා පරිමාණ කර්මාන්තවලට මෙවැනිම අවාසනාවන්ත තත්ත්වයක් උදාවනු ඇත. එම කර්මාන්ත මූල්‍ය වශයෙන් ශක්තිමත්ව තිබුණත් වර්තමානයේ නිෂ්පාදන කටයුතු අඩාල වීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රාග්ධනය ක්ෂය වී යනු ඇත. මේ ආකාරයට පොදු සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම මහා කඩාගෙන වැටීමකට පත්වනු ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව ගෝලීය වශයෙන්ද බලපාන කරුණක් වුවත් දුප්පත් රටවලට මෙය දරුණු ලෙස බලපානු ලබයි.
නැවත අප අතිශය දැඩි ලෙස අවධානය යොමුකළ යුත්තේ දෛනිකව මුදල් උපයා ජීවත් වන සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාව කෙරෙහිය. මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම පැවතුණහොත් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අයට මහා අභාග්‍යසම්පන්න තත්ත්වයක් උදාවනු ඇත. අතේ මිටේ යහමින් මුදල් ඇති ධනවත් මිනිසුන්ට මේ ප්‍රශ්න බලපාන්නේ නැත. කොරෝනා වසංගතය මැඩීම සඳහා මෙවැනි ඇඳිරි නීති සහ නිවාඩු ලබාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය එකක් වුවද එදිනෙදා උපයාගෙන ජීවත් වන නොහොත් දෛනිකව වැටුප් ලබන ජනතාව ගැන රජය අතිශය අවධානය යොමු කළ යුතු බැව් වගකිව යුතු අංශ පෙන්වා දී ඇත. පසුගියදා මෙවැනි උද්වේගකර එමෙන්ම ශෝකීය සිදුවීමක් මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවාසවලින්ද දැකගන්නට හැකි වූයේය. ඉතා දුප්පත් ජන කොට්ඨාසයක් සිටින එම ජනතාව ඇඳිරි නීතිය දැමීම ගැන මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ තමන්ට කන්න, බොන්න ආහාර පවා නොමැති බවත්, කුසගින්නේ තමන් මියයා හැකි බවත්ය. පසුව යම් පාර්ශ්ව මැදිහත්ව එම පිරිස්වලට ආහාර සපයා දී තිබිණි. දිගින් දිගටම එය කළ නොහැක.
අද මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ එක් ස්ථානයක පමණක් නොවේ. පසුගියදා පැවැති කොරෝනා කාර්ය සාධක බළකායේ රැස්විමකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවා බොහෝ දැඩිව කියා සිටියේ මෙවැනි තත්ත්වයක් යටතේ සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වන බැව්ය. කොරෝනා රෝගය මැඬීමට මෙසේ කරන්නට සිදුවුවත් මෙය එකම විකල්පය නොවන බවත් ඔහු අවධාරණය කළේය. මෙවැනි ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබනවා නම් ජනතාවගේ එදිනෙදා ජීවන රටාව ගැනද දැඩි අවධානයක් යොමුකළ යුතු යැයි ජනාධිපතිවරයා වගකිවයුතු අංශවලට උපදෙස් දුන්නේය. කෙසේ හෝ අසම්පූර්ණ ක්‍රියාවලියක් ලෙස රජය විසින් නිවාඩු දින ප්‍රකාශ කරනවා වඩා, රෝගයට වඩාත් ව්‍යාප්ත වී ඇති නගර සම්පූර්ණයෙන්ම යම් කාලයකට අවහිර කිරීම නොහොත් ‘ලොක්ඩවුන්’ කිරීම වඩාත් උචිත යැයි කාර්ය සාධක බළකායේ රැස්වීමකදී ප්‍රකාශ විණි. ඉතාලියේ සිට පැමිණි විශාල පිරිසක් නීරෝධායනට ලක්නොවීම හේතුවෙන් රට තුළ කොරෝනා රෝගය ව්‍යාප්ත වූ බැව්ද අද තහවුරු වී ඇත.

විදෙස් රැකියා අහිමි වීමෙන් විනිමය අර්බුදයක්

ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවේ ආයතන ක්ෂේත්‍රයටද මෙම තත්ත්වය ඉතාමත් භයානක අතුරු ප්‍රතිඵල ඇතිකරනු ඇත. මෙහිදී අනිවාර්යෙන් ආයතන ප්‍රබල ලෙස කඩාවැටෙනු ඇත. විදේශ රටවලත් මෙම කොරෝනා තර්ජනය බලපා ඇති හෙයින් කඩා වැටෙන ආයතන ක්ෂේත්‍රය ලෙහෙසියෙන් ගොඩනැගීමට නොහැකි වනු ඇත. මේ තත්ත්වය යටතේ විදෙස් විනිමය ප්‍රබල ලෙස ක්ෂය වීමට හැකිවනු ඇත. තවද විදේශ විනිමය සඳහා අතිශය ප්‍රබල ලෙස බලපානු ලබන තවත් ප්‍රබල සාධකයන් දෙකක් වන සංචාරක ව්‍යාපාරය හා විදේශවල රැකියා නියුක්ත වීමද මහත් දැඩි අගාධයකට පත්වනු ඇත. කොරෝනා වසංගතය ප්‍රබලව ව්‍යාප්ත වුණු ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය ඇතුළු මැදපෙරදිග රටවලද ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් රැකියාව කළේය.

සංචාරක ක්ෂේත්‍රය විනාශයි

මේ අතරම පාස්කු ප්‍රහාරයෙන් පසුව තවත් කඩාවැටුණු ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නැවත වරක් දැඩි කඩාවැටීමකට ලක්වන්නේය. සංචාරක ව්‍යාපාරයෙන් මෙම වසර තුළදී උපයා ගැනීමට බලාපොරොත්තු වන විදෙස් විනිමයද ඉතා අවදානම් තත්ත්වයක පවතී. ඩොලර් බිලියන 1.5ක පමණ විදේශ විනිමයක් මෙම වසර තුළදී සංචාරක ව්‍යාපාරය මගින් අහිමි වී යනු ඇතැයි විශ්වාස කරයි. 2018 වසරේදී ඩොලර් බිලියන 4.4ක්ව තිබූ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ විදෙස් විනිමය 2019 වසරේදී පාස්කු ප්‍රහාරය හේතුවෙන් ඩොලර් බිලියන 3.6 දක්වා පහත වැටිණි.

ණය ගෙවීමක් ගැන හිතාගන්නවත් බෑ

මෙසේ ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රයන් ප්‍රබල ලෙස කඩා වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු විදෙස් ණය ඩොලර් බිලියන ගණනක් ගෙවීමට නොහැකිව මහත් ආර්ථික අගාධයකට පත්වනු ඇත. මුලින් රට තිබුණු සාමාන්‍ය තත්ත්වය යටතේද මම විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකිව තිබියදී රට මෙවැනි අර්බුදයකට පත්වූ පසුව එය කෙසේ ඉෂ්ට කරන්නේදැයි සිතාබැලීම පවා අපහසුය.
මේ අතර විදෙස් රටවල රැකියා නියුක්ති ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමයද දැනට වසරින් වසර පහත බසින තත්ත්වයක් උද්ගතව ඇත. පසුගිය 2019 වසරේදී මෙම විදේශ සම්ප්‍රේෂණ මුදල් ඩොලර් මිලියන 300කින් පහත වැටී තිබිණි. ඉදිරියේදී කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල රැකියාවල් කරන ශ්‍රී ලාංකිකයන්ට අහිමිවනු ඇතැයිද පැවසෙයි. එසේම එම රටවල ගමන් තහංචිද පවතිනු ඇතිය.

සහනය තෙල්වලින් විතරයි

මෙසේ මහත් කඩාවැටීමකට ලක්වන ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යම් ආකාරයකින් සහනයක් ලබා ගැනීමට හැකිවනු ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටීමය. මෙතෙක් මෑත ඉතිහාසයේ කිසිදු ආකාරයකින් සිදු නොවූ පරිදි ජාත්‍යන්තර බොරතෙල් මිල පහත වැටුණු අතර, මේ වන විට තෙල් බැරලයක මිල ඩොලර් 25 -30 අතර ප්‍රමාණයකට එය දෝලනය වෙමින් පවතියි. මෙයට පෙර තිබුණු තෙල් මිල ගණන් අනුව ශ්‍රී ලංකාවේ අපනයන විනිමයෙන් 15% – 20% අතර විශාල මුදලක් බොරතෙල් සඳහා වැයවෙයි. එහෙත් දැන් මෙය විශාල ලෙස පහත බැසීම නිසා එසේ ආනයන වැය අඩුකර ගැනීම රජයට හැකිවනු ඇත. මෙසේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීමේ සහනය ශ්‍රී ලාංකිකයන්ටත් ලබාදිය යුතු වුවත් එහෙත් මේ අවස්ථාවේදී එය සිදුනොකළ හැකිය. කොරෝනා වසංගතය හේතුවෙන් බොරතෙල් මිල පහත වැටීම සිදුවිය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

බුදුන් වහන්සේ-‌ජේසු තුමා-නබි තුමා ‌‌දේශනා කළ ‌ලෝක විනාසය ‌මේකද?

Next Post

‘බ්‍රැන්ඩික්ස්’ ආරක්ෂක පියවර ගනී: ‌ලොක්කන්ගේ පඩි කපන්න තීන්දු කරයි

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.