• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුදුන් වහන්සේ-‌ජේසු තුමා-නබි තුමා ‌‌දේශනා කළ ‌ලෝක විනාසය ‌මේකද?

April 1, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
බුදුන් වහන්සේ-‌ජේසු තුමා-නබි තුමා ‌‌දේශනා කළ ‌ලෝක විනාසය ‌මේකද?
Share on WhatsAppShare on Facebook

ගුප්ත විද්‍යාවේ ලොව සමතුලිත භාවය පිළිබඳව සිද්ධාන්තයක් ඇත. සෑම කෙනකුටම යමක් කළ හැකි ප්‍රමාණයක් එමගින් තීන්දු කර ඇත. එම ප්‍රමාණය කිසිවකුට හෝ ඉක්මවිය නොහැකිය. බුදුන් වහන්සේ ලොව පහළ වුයේ දුකින් පෙළෙන සත්වයන් ඉන් මිදවීම සඳහාය. එහෙත් උන් වහන්සේටද ඒ සඳහා සීමාවක් තිබිණි.
අශෝක, මහා ඇලෙක්සැන්ඩර්, ජූලියස් සීසර්, හිට්ලර් වැනි බලවත්තු දිග් විජයට ගියහ. එහෙත් බලයෙහි සීමාවක් තිබිණි.
බෲස් ලී බාහුමය සටන් කලාවේ ගුප්තමය සීමා ඉක්මවන්නට ගියේය. අවුරුදු තිස්දෙකක් වැනි කෙටි කාලයකදී ජීවිත ගමන අවසන් කරන්නට වූවේය.
ලෝක ජනගහනයේද සීමා මායිම් තිබේ. එය ස්වභාව ධර්මයා විසින්ම පාලනය කරනු ලබන්නේය.
ගංවතුර, භූ චලන, සුනාමි සහ සාගත වසංගත වැනි ස්වභාවික විපත්ද, මිනිසා විසින්ම හේතුකාරක කරගනු ලබන යුද්ධ ආදියෙන්ද කෙරෙන්නේ ලොව සමතුලිතභාවය රැකීමය.
අධර්මය, දූෂණය රජවී ධර්මය මිනිස්කම නැත්තටම නැතිවී යන කල්හි ලොව පාලනය කෙරෙන බලවේගය පෙරමුණට එන්නේය. (විශාලා මහනුවර තුන්බිය සහ එය මැඩලූ අන්දම සිහි කරත්වා) සියලු ආගම්වලින් වක්‍රව නොව ඍජුවම අනුදක්නේද එම සිද්ධාන්තයයි.

බෞද්ධ ධර්මයේ සහ බෞද්ධ සාහිත්‍යයේද කල්ප සහ ලෝක විනාශ ගැන දැක්වේ. කල්ප විනාශය අනුව විනාශ වන්නේ මිනිස් ලොවය. එහෙත් ලෝක විනාශය අනුව සමස්ථ ලෝකයමය. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව කල්ප ලෝක විනාශයට පෙර පුණ්‍යවන්තයෝ මෙලොව හැර පියා ගොස් ශුද්ධාවාසවල උපදිති.
කල්ප විනාශයට මාස තුනකට පෙර එක් බ්‍රහ්ම පුත්‍රයෙක් මිනිස් ලොවට අවුත් මාස තුනකට පසුව මෘගසං වර්ෂාව නමැති මහා වර්ෂාවක් සතියක් පුරා ඇද හැලෙන බව පවසන්නේය. එම වර්ෂාවට තෙමුණු අයෙකු වෙනත් කෙනෙකුට පෙනෙන්නේ සතෙකු (මෘගයකු) ලෙසට බවත්, වර්ෂාවේදී වැහි බිංදු වශයෙන් කඩු, දුණු ඊතල වැනි ආයුධ පොළොවට පතිත වන බවත් කියන්නේය.
ගුණධර්ම මනුස්සකම පිරිහී පාපය වර්ධනය වීම නිසා ඒ වනවිට මිනිසාගේ පරම ආයුෂ අවුරුදු දහයක්( 10) වී තිබේලු. මාංශ භක්‍ෂණයට හුරුවූ ඔවුහු වර්ෂාවට තෙමුණු අයකු ආහාරයට සුදුසු වන සතකු සේ දකින විට ළඟපාත ඇති අවි ආයුධවලින් පහරදී ඌ මරා ගැනීමට තැත් කරති. ඒ අනුව එකිනෙකා මරාගෙන කල්ප විනාශය සිදුවන්නේලු.
ලෝක විනාශය සිදු වන්නේ ධර්මය කුමක්ද යන්න පවා තෝරා ගැනීමට නොහැකි ලෙස පාපයට මිනිසා යට වූ විට හිරු (සූර්යා) හතක් එකවර පායා ලොව දැවී යාමෙන් බව සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ දැක්වේ.

ශුද්ධ බයිබලයේ ලෝක විනාශය පිළිබඳව මතෙව් පරිච්ඡේද විසි හතරේ (24) ද, මාක් පරිච්ඡේද දහතුනේ (13) ද, ලූක් පරිච්ඡේද විසි එකේ (21) ද සඳහන් කර ඇත.
එහි දැක්වෙන පරිදි එ වන් දිනයක් පිළි බඳව සියල්ලන් කම්පා නො වී සතුටු විය යුතුය. මන්ද ක්‍රිස්තු ලබ්ධිකයන්ගේ පරම අපේක්‍ෂාව තම ගැලවුම්කරුවාණන් දැකීමය. ඒ අනුව විනාශයෙන් පසුව එක් එක් පුද්ගලයා විනිශ්චය කිරීම සඳහා උන්වහන්සේ පැමිණෙන බැවිනි. එසේ විනිශ්චය සඳහා උන්වහන්සේට කෙනෙකුගේ ආගමක් වැදගත් වන්නේ නැත. සෑම කෙනකුම දෙවියන් ඉදිරියේ එක සමානය. උන් වහන්සේ ප්‍රශ්න කරන්නේ සමාජයේ ජීවත් වූ අයුරු පිළිබඳවය. අසල්වැසියාට කළ උපකාර මොනවාද? දුබල වූවනට පිහිට වූවේද? නැති බැරි උනට පිළිසරණ වූවේද යන පරිදි ජීවත්ව සිටි සමයේ කළ සමාජ මෙහෙවර පිළිබඳවය.
ජේසුස් ස්වාමි දරුවාණෝ මෙලොවට පැමිණ සියලු දෙනා ජීවත් විය යුත්තේ කවර ආකරයෙන් දැයි දේශනා කළහ. සුංගම් (පොලී) ගැනීමේ දීමේ, පරදාර සේවනයේ, සොරකමේ ආදි වශයෙන් සියල්ලේ විපත්තිය පහදා දුන් සේක. සතා සිවුපාවාට පවා කරුණාව දැක්විය යුතු අන්දම කියා දුන්හ.
උන්වහන්සේගේ ඒ ප්‍රකාශ වචනවලට පමණක් සීමා නොකර ප්‍රායෝගිකවද පෙන්වා දුන්හ. උන් වහන්සේ ජීවිත දානය කළේද එබැවිනි. ඒ නිසා කෙනකුට තමා කිසි දෙයක් ගැන දැනුවත්ව සිටියේ නැතැයි විනිශ්චයේදී කිව හැකි නොවේ.
ලෝක විනාශ දිනය කවරදා පැමිණෙන්නේ දැයි යන්න ගැන කිසිවකු බියෙන් සිටිය යුතුද නොවේ. සමාජයට වින කළ උන් විනා සෙත සදමින් යහපත් ජීවිතයක් ගත කළ උන් කිසිසේත්ම බිය විය යුතු නැත. ශුද්ධ වූ බයිබලයේ සඳහන් අන්දමට ලෝක විනාශය සිදුවන්නේ මිනිසා විසින් කරන ලද සහ ස්වභාවික විපත්වලිනි.

“ඉර අඳුරු වන්නේය. සඳ එහි එළිය නොදෙන්නේය. තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය. අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය. මහත් භූමිකම්පාද සාගත හා වසංගතද වන්නේය. මුහුදෙත් රැළි ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවෙ ජාතින්ට දුක් වේදනා ද වන්නේය”
ඉස්ලාම් ධර්මයෙහි කියැවෙන්නේ මෙසේය.
ලොවට පහළ වූ නබිවරුන් එක් ලක්‍ෂ විසි හතර දහසක් (1,24,000) දෙනාට පසුව අදට වර්ෂ එක් දහස් පන්සියයකට (1500) පෙර පහළ වූ මොහමඞ් නබි තුමාගේ ධර්මය ඉස්ලාම් නම් වේ.
ලෝක විනාශය පිළිබඳව උන්වහන්සේ ශුද්ධවූ කුරානයේ (අල් කුරාන්) මෙසේ සඳහන් කර ඇත්තාහ.
‘මනුෂ්‍යයින්ගේ මනුෂ්‍යත්වය පිරිහී අමනුෂ්‍යත්වය මතු වූවේද, ආචාර ධර්ම සැඟවී අනාචාරය සමාජ ගතවීද, අවංකත්වය වල්වැදී වංකත්වය රජ වූයේද, ධාර්මික පාලනය වෙනුවට අවපාලනය බිහිවුයේද, නායකත්වය දුර්නායකත්වයට යටවීද, සුදුස්සන් කොන්වී නුසුදුස්සන් බලවත් වීද, කාන්තාවන් පුරුෂයන් හා සමතත්වයට පත් වුවේද, කාන්තාවන් ප්‍රසිද්ධියේ අඩ නිරුවත ප්‍රදර්ශනය කරන්නෙම් වේද, මහා මාර්ග අසල පවා ගාම ධර්මයේ (ලිංගික සංසර්ගයේ) යෙදෙන්නේද, පොලියට මුදල්දීම හා ගැනීම ඉහළ අගයකට පත්වීද, ව්‍යාපාර වංචාවෙන් ඉස්මතුවීද, එදිනට ලෝක විනාශය සිදු වන්නේය.’
මෙතෙක් පහළ වු නබිවරුන් එක්ලක්‍ෂ විසි හතර දහස (1,24,000) අතරින් ධර්මය සොයාගත් නබිවරුන් සිව් දෙනකි. ආරම්භයේදී ”මුසා” අලයිහිස් සලාම්තුමා “සෙව්රාත්” ධර්මය ගෙනාවේය. දෙවනුව දාවුද් අලයිහිස් සලාම් තුමා සබූර් ධර්මයද, තෙවනුව “ඊසා” අලයිහිස් සලාම්තුමා ඉන්ජිල් ධර්මයද, සිව්වැනි “මහම්මත්”අලයිහිස් සලාම්තුමා ඉස්ලාම් ධර්මයද ගෙනාවේය.
තෙවනුව ඉන්ජීල් ධර්මය ගෙනා ඊසා අලයිහිස් සලාම් තුමා ලෝක විනාශය ආරම්භ වීමට පෙර ජෙරුසලමේ බයිතුල් මුකද්දස් සිද්ධස්ථානයට අප්‍රසිද්ධව පැමිණෙන්නේය. ඉන් පසු වැනිදා පෙරදිගින් (නැගෙනහිරින්) උදාවී (පායා) අවර ගිරින් (බස්නාහිරින්) බැස ගිය හිරු එතැන සිට බස්නාහිරින් පායා නැගෙන හිරින් බැස යන්නට පටන් ගන්නේය.
මේ සියල්ල සිදු වූ පසුව (මිනිසුන් පිරිහුණු පසුව) ඉස්රසීල් නමැති මලායිකාවරයා (දේව දූතයා) කුලල් නමැති හක් ගෙඩිය පිඹින්නේය. ඒ සක් (කුලල්) හඬ පැතිරීමත් සමගම ලෝක විනාශය ඇරඹෙන්නේය. නුබ ගැබ පුපුරා තරු කැබැලිවලට පැලී විසිරෙන්නේය. මුහුද ගොඩ ගලන්නේය. මිනීවළවල් උඩු යටිකුරු වී මළ මිනී විසිවන්නේය. හිරු (සූර්යයා) ඇකිලී යන්නේය. (අන්තර්ධාන වේ) මිහිතලය ගුගුරන්නේය. එක පිට එක භූමි කම්පා ඇති වන්නේය. සුළඟ චණ්ඩ ප්‍රචණ්ඩ වී බිහිසුණු වන්නේය. කඳු පුපුරා සුන්නද්දූවිලි බවට පත්වන්නේය. (ශුද්ධ වු කුරානයේ අසූ දෙවැනි (82) සුරාව (වගන්තිය)
මේ ආදී වශයෙන් බුදුදහමේද, ක්‍රිස්තු දහමේද, ශුද්ධ වූ අල් කුරානයේද ලෝක විනාශය පිළිබඳව කියවෙන පුවත් සිහියට නැගුණේ මේ දිනවල ලෝකය පුරාම එක සීරුවට පැතිරී යන කොරෝනා වසංගතය දෙස බලන විටදීය. මුලින්ම චීනය මුල්කරගෙන ව්‍යාප්ත මෙම කොරෝනා වසංගතය මේ වනවිට චීනයද අභිභවා යමින් ඉතාලිය, ප්‍රංශය ආදී යුරෝපාකරයම වසාගෙන පැතිරී යන ආකාරයක් දැකගන්නට තිබේ. දැනටමත් ලොව පුරා මරණ 20,000ට ආසන්න වී ඇති අතර ලක්ෂ 5කට අධික ජනතාවකට වයිරසය ආසාදනය වී ඇති බව කියවේ. තවමත් හරහමන් ඖෂධයක් හෝ ඊට සොයාගෙන නැත. රෝග ව්‍යාප්තියේ නිමාවක් දක්නටද නැත. බොහෝ රටවල ඇඳිරි නීතියය. සමහර රටවල් සම්පූරණයෙන්ම වසා දමාය. මිනිසුන් කන්න නැතිව ගෙවල් ඇතුළේ සිරවෙලාය. බොහෝ දෙනා මේ ලෝක විනාසය යැයි හඳුන්වන්නේ මේ නිසාය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ලෝකයම විනාශ කළ කොරෝනාව පරද්දපු ජපන් පෙත්ත ‘එවිගන්’දැන් ලංකාවට ඇවිත්

Next Post

කොරෝනාවෙන් රටේ ආර්ථිකය බිංදුවටම වැටෙන හැටි ‌මෙන්න

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.