කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා මතුව ඇති ආර්ථික අවපාතය මුල් කරගෙන ලංකාවේ විශාලතම ඇගලුම් අපනයන සමාගම වන බ්‍රැන්ඩික්ස් ආයතනය මූලික ආරක්ෂණ පියවරක් ලෙස සිය සේවකයන්ගේ වැටුප් කපා හැරීම ඇතුලු දැඩි තීන්දු රැසක් ක්‍රියාත්මක කිරීමට තීන්දු කොට ඇත.
එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රෝෆ් ඔමාර් මහතා අවධාරණය කොට ඇත්තේ සියලු විධායක ශ්‍රේණියේ නිලධාරීන්‌ගේ වැටුුප් තල ප්‍රමාණය අනුව 5% සිට 60% දක්වා ප්‍රතිශතයකින් එය සිදු කෙරෙනු ඇති බවකි.
මීට අමතරව සියලු ප්‍රාග්ධන වියදම් අත්හිටුවීමටත්, සියලු කොන්ත්‍රාත්කරුවන් සහ උපදේශකවරුන්ගේ සේවය අත්හිටුවීමටටත්, තාවකාලික සේවකයන්ගේ සේවය දීර්ඝ නොකිරීමටත්, අතිරේක වියදම් සියල්ල අත්හිටුවීමටත් ආදී වශයෙන් තීන්දු රැසක් ගෙන ඇති බවද ඔමාර් මහතා සදහන් කර තිබේ.
බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් 60,000ක් පමණ සිටින අතර ඉදිරි දින කිහිපය ඇතුළත මෙම තීන්දු සියල්ල සේවකයන් වෙත දැනුම් දීමටද නියමිතය.










