• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරියාවට-ජපානයට චීනය එපාම වෙයි

November 23, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
කොරියාවට-ජපානයට චීනය එපාම වෙයි

Workers in uniforms at a LED lighting factory in Dongguan, China

Share on WhatsAppShare on Facebook

දශක ගණනාවක් පුරා චීනය තුළ බොහෝ ස්ථාවරව නිෂ්පාදන කටයුතු කරමින් සිටි සුවිශාල විදේශීය සමාගම් රැසක් චීනයෙන් ඉවත්ව යෑමට පටන්ගෙන ඇත. දැනට වසරක පමණ කාලයක සිට උද්ගතව ඇති මෙම අර්බුදය දැන් දිනෙන් දිනම උග්‍ර වෙමින් පවතියි. මෙසේ චීනයෙන් විදේශීය සමාගම් ඉවත්ව යෑම වැඩිවීම හේතුවෙන් චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය දැඩි අපහසුතාවයකට පත්ව සිටින අතර, එවැනි සමාගම් පිහිටි ප්‍රදේශවල ප්‍රාදේශීය නායකයන්ට රජය බලකර ඇත්තේ මෙම තත්ත්වය විසඳා ගැනීම සඳහා වහාම ක්‍රමෝපායක් සකස් කරන ලෙසය. එවැනි සමාගම්වල කැමැත්ත දිනාගැනීම සඳහා වහාම නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසට පළාත් නායකයන්ට රජය නියෝග කර ඇත. එහෙත් එම අර්බුදයේ අඩුවක් මෙතෙක් දක්නට නොහැකිය.
පසුගිය 2019 ඔක්තෝබර් මාසයේදී චීනයේ ග්වැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ හුයිෂු කර්මාන්ත නගරයේ පිහිටි විශාලතම කොරියානු කර්මාන්ත ශාලාවක් වූ ‘සැම්සුන්ග්’ ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදනාගාරය මුළුමනින්ම වසා දැම්මේය. මේ හෙයින් එම කර්මාන්ත ශාලාවට අනුබද්ධිත සේවා සපයන උප සහායක කර්මාන්ත ශාලා කිහිපයක්ද වසා දැමුණු අතර, සේවකයන් දහස් ගණනකගේ රැකියා අහිමි විය. මෙම සේවක පිරිස් සඳහා නවාතැන් සැපයූ ස්ථාන මෙන්ම භෝජනාගාර පවා මේ නිසා වසා දැමීමට සිදුවිය. ස්මාර්ට් ජංගම දුරකතන ලෝකයට හඳුන්වා දීමටත් ප්‍රථමව 1992 වසරේ සිටම මෙම ‘සැම්සුන්ග්’ කර්මාන්ත ශාලාව චීනය තුළ පැවතීම විශේෂත්වයක් විය. මෙම විශාල කර්මාන්ත ශාලාව වසාදමා දැනට අවුරුද්දක් ගතවී ඇති අතර, පසුගිය සමයේදී කොවිඞ් 19 වසංගතය හේතුවෙන්ද එම හුයිෂු නගරය කබලෙන් ළිපට වැටිණි.
හුයිෂු කර්මාන්ත නගරය තුළ දකුණු කොරියානු සමාගම් වන ‘සැම්සුන්ග්’ සහ ‘එල්.ජී’ ප්‍රධානව තවත් විවිධ කොරියානු සමාගම් සහ කර්මාන්ත ශාලා 280ක් පිහිටා ඇත. එහෙත් මෙම වසරේ ජූලි මාසය වන විටදී මෙයින් සමාගම් 96ක් සම්පූර්ණයෙන්ම චීනයෙන් ඉවත් කරගෙන ගොස් ඇත. මෙය චීනයට බලවත් පහරක් වන අතර, ඒ අනුව සමස්ත කොරියානු සමාගම් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්ම චීනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන ඇත.
මේ අතර අනෙක් විශාලතම අර්බුදය වී ඇත්තේ කොරියානු සමාගම් පමණක් නොව ජපානයේද විවිධ සමාගම් රැසක්ද මේ වන විට චීනයෙන් ඉවත් වෙමින් සිටියි. ජපානයේ අති සුවිශාල ප්‍රකට සමාගම් වන සෝනි, රිකෝ, ශාර්ප් සහ තවත් ප්‍රකට ජපාන සමාගම් කිහිපයක්ම මේ වන විට තමන්ගේ විශාල කර්මාන්ත ශාලා සහ අනෙකුත් ව්‍යාපාරික ආයතන චීනයෙන් ඉවත් කරගෙන ඇත. මෙම සමාගම්ද දැනට දශක ගණනාවක සිට චීනය තුළ තම නිෂ්පාදන කටයුතු සිදුකරමින් සිටියේය. පසුගිය 2019 වසරේදී සිට මෙම අර්බුදය ඇතිවන්නට පටන් ගත්තේ ඇමෙරිකානු – චීන වෙළෙඳ යුද්ධයේ ආදීනව හේතුවෙනි. මේ නිසා ඇමෙරිකාවේ සහ චීනයේ බදු ක්‍රමවේදයන් අධික වූ අතර විදෙස් සමාගම් රැසක් වෙනත් රටවල් කරා යන්නට විය. චීනයේ මෙතෙක් තිබුණු කර්මාන්ත ශාලා ඔවුන් එම රටවල් තුළදී පිහිටුවා ගැනීමට කටයුතු කර ඇත. ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ මෙම ඇමෙරිකානු – චීන වෙළෙඳ යුද්ධය උග්‍ර විය.
මේ වන විට චීන බලධාරීන් මෙම තත්ත්වයෙන් ගැලවීමට උපරිම උත්සාහයක යෙදී සිටිති. මෙම තත්ත්වය තව තවත් උග්‍ර වුවහොත් දැනට චීනය මුහුණදී ඇති ආර්ථික අර්බුදය උත්සන්න වනු ඇතැයි බලධාරීන් අවධාරණය කර ඇත. දැනටද චීනයේ රැකියා විරහිතභාවය ඉතාමත්ම උත්සන්න වී ඇති අතර, මෙවැනි අර්බුදයක් යටතේ රටෙ දේශීය ඉල්ලුමද පහත වැටෙනු ඇතිය. මේ අතර ග්වැන්ග් ඩොන්ග් ප්‍රාදේශීය පක්ෂ කමිටුව විසින් හුයිෂු නගරයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ මෙසේ ගිලිහී යන ජපාන සහ කොරියානු ආයෝජන රැක ගැනීම සඳහාත් එම ආයෝජන නැවැත ඇතිකර ගැනීම සඳහාත් වහාම සුදුසු වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසය. ජපාන සහ කොරියානු සමාගම්වල නියෝජිතයන් නිරන්තරයෙන් චීනය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසද බලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇත. දකුණු කොරියාවේ සහ ජපානයේ ආයෝජන කාර්යාල හුයිෂු කර්මාන්ත නගරය තුළ විවෘත කිරීමටත්, එමගින් ඍජුවම දේශීය කණ්ඩායම් සමඟ කටයුතු කිරීමටත් අවස්ථාව සලසන ලෙසට උපදෙස් ලැබී ඇත. චීන කොමියුනිස්ට් පක්ෂය පාලනය මෙම අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල ප්‍රශ්නයකට මැදිව සිටියි. කෙසේ හෝ මෙම තත්ත්වයෙන් මිදීමට ඔවුන් හැකි සෑම දෙයක්ම සිදුකරති.
මේ හෙයින් චීනය මේ වන විට තමන්ගේ යාබද දියුණු වෙළෙඳ ආර්ථිකයක් ඇති රටවල් සමඟ හිතවත්කම් වර්ධනය කර ගැනීමට මහත් වෙහෙසක් ගනියි. ජපානය, දකුණු කොරියාව මෙන්ම සිංගප්පූරුවද ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා රටවල් වෙයි. මේ වන විට චීන බලධාරීන් එම රටවල් තුළ පුළුල් මාධ්‍ය ප්‍රචාරණයක්ද මෙහෙයවමින් සිටියි.

පරිවර්තනය ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අකිල ඉල්ලා අස්වෙයි

Next Post

බෝලෙ ගන්න වත්තට ආපු සිසුවාට මහරගම දොස්තර වෙඩි තියලා

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.