තමන් මෙතෙක් එක්සත් ජාතික පක්ෂය තුළ දැරූ මහලේකම් තනතුරින් ඉවත් වීමට අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන ඇත.
අද (23) දින සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ ඉදිරියේදී නව මහලේකම්වරයෙක් පක්ෂයට පත්කිරීමට නියමිතය.