• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

කිසිම මාධ්‍යයක් වාර්තා ‌නොකරපු හිරුණිකා බය නැතිව කළ ‌හෙළිදරව්ව

August 31, 2019
in Politics
Reading Time: 1 min read
A A
කිසිම මාධ්‍යයක් වාර්තා ‌නොකරපු හිරුණිකා බය නැතිව කළ ‌හෙළිදරව්ව
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පසුගිය අඟහරුවාදා අරලියගහ මන්දිරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවාය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇය වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනුත්, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙනුත් ආන්දෝලනාත්මක අදහස් රැසක් අනාවරණ කර සිටියාය. නමුත් මෙතරම් මාධ්‍ය නිදහසක් ලබාදී තිබියදීත් කිසිදු මාධ්‍යයක් හිරුණිකාගේ මේ එකදු කතාවක් හෝ පළ කළේ නැත. කොටින්ම කියනවා නම් ගෝඨාභය සම්බන්ධයෙන් ඇය කී කිසිදු කතාවක් පළ කළේ නැත. නමුත් සමබර මාධ්‍ය මෙහෙවරක නිරත වන අප එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය මෙන්ම විපක්ෂයේ අර්බුදයන්ද එක සේ වාර්තා කිරීමට කටයුතු කරමු. එබැවින් මේ පළවන්නේ මාධ්‍ය වාරණය කළ හිරුණිකාගේ එම කතාවයි.
මේ දවස්වල හැමෝගෙම කතාබහට ලක්වී තියෙන්නෙ ජනාධිපතිවරණය පිළිබඳවත්, රජයට මේ වන විට අවුරුදු හතරහමාරක් ගෙවීයන කාලය තුළදී මෙම රජය කරන ලද සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳවත් හැඳින්වීමක් සිදුකිරීමටයි මම අද ලෑස්ති වුණේ.
පළමුවෙන්ම හැමෝම අහන ප්‍රශ්නය තමයි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණ ලෑස්තිද කියන එක. අපි සියයට සියයක් ලෑස්තියි. අපි මේ වෙනකොට අවුරුදු හතරහමාරක කාලය තුළදී කිසිම රජයකින් කොකළ සංවර්ධන වැඩ රාශියක් කරල තියෙනවා. අවසන් කරලා තියෙනවා. කරගෙන යනවා. උදාහරණයක් හැටියට ලබන 15දා විවෘත කරන්න ඉන්න පලාලි ගුවන් තොටුපොළ කලාපීය ගුවන් තොටුපොළත් ලෙස පටන්ගෙන කලාපීය වශයෙන් ඉන්දියාව සමඟ සමගාමීව ඊළඟට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත්කිරීමට කටයුතු කරගෙන යනවා.
ඊළඟට ලබන 30දා තාක්ෂණික විශ්වවිද්‍යාලය කුලියාපිටියෙ අපි ආරම්භ කරනවා. කිසිම කෙනෙක් කතා කොකරපු පැත්තක් ඒක. විශේෂයෙන් අපේ තරුණ පරපුරට අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසුව ඉන් එහාට ඕලෙවල් හෝ ඒ ලෙවල් විභාගය පාස් වුණත් ඉන් එහාට රැකියාවක් සොයාගන්න දේශපාලනඥයන් පසුපස යෑම නවත්වල කාර්මික පැත්තෙනුත් දියුණු රටවල් වගේ ඒ රටවල තියෙන ආර්ථිකයත් සමඟ සමගාමීව ඔවුන් සමග කරට කර තරග කිරීමට හැකි වන පරිදි අපේ තරුණ පරම්පරාව තාක්ෂණික පැත්තෙන් කාර්මික පැත්තෙන් සංවර්ධනය කරන්න පළමු පියවර තමයි මේ කුලියාපිටියෙන් ආරම්භ කරන්නෙ. ඊට අමතරව ඔබ සියලු දෙනාම ගෙදරින් එළියට බැස්සොත් කොහෙ හරි තැනක ගම්පෙරළිය මුදල් යොදවල පාරක් හදනව. තමන්ගෙ පන්සලේ ඉදිකිරීමක් සිදුකරනව. ඒ වගේම වතුර බහින්නෙ නැති කාණුවක් තියෙනව නම් දැන් ඒක හදල ඉවරයි.
ගම්පෙරළිය හරහා ලක්ෂ තුන්දහසක මුදලක් සෑම ආසනයකටම ලබවාදී තියෙනවා. ඒවා දැන් සමහරක් කරල ඉවරයි. සමහරක් ඒවා මේ වන විට කරගෙන යනවා. ඉතින් මේ තරම් වැඩ කොටසක් කරල තියෙද්දී සමහරු මගෙන් අහනව ජනාධිපතිවරණයකට අපි බයයිද කියලා. අපි ජනාධිපතිවරණයකට හොඳට සන්නද්ධ වෙලා තියෙන්නෙ. අපේ වටේ නිකම් මේ තමන්ගෙ සැමියයි බිරිඳයි ඉන්න පක්ෂ වගේ නෙවෙයි ලක්ෂ සංඛ්‍යාත ජන කොට්ඨාසයක් නියෝජනය කරන නායකයන් පිරිසක් ඉන්නවා. ඔවුන් සමඟ ලොකු ගමනක් අපට යා හැකියි. ඔවුන් එදා දින 52දීත් අගමැතිතුමා සමඟ කරට කර ඉඳල අගමැතිතුමා ආරක්ෂා කළා. ඒ වගේම ජනාධිපතිවරණයෙදිත් අගමැතිවරයා සමඟ එක්සත් ජාතික පෙරමුණට සන්ධානයේ සිටින සියලුම නායකයන් එදා වගේම අදත් ශක්තිමත්ව ඉන්නවා.
පොහොට්ටුව සමඟ සන්ධානගත වුණු පක්ෂ දිහා බැලුවොත් සමහර පක්ෂ අප දැක්කා පක්ෂ සාමාජිකයා පමණයි ඉන්නෙ. ගෙදර ඡන්දෙත් නැහැ. එහෙම අය සමඟ සන්ධානගත වෙන්න ඕනෙ කෙනකුට පුළුවන්. අපි බලන්න ඕනෙ ලංකාවෙ ඇත්තම ජන කොට්ඨාස මුස්ලිම් හෝ වේවා දෙමළ හෝ වේවා ඕනෑම ජන කොට්ඨාසයක් නියෝජනය කරන ප්‍රබලම පක්ෂ ටික කොහෙද ඉන්න? ඉන්නෙ අපිත් එක්ක.
එහෙනම් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය කියල කියන්නෙ හරි ලෙහෙසි පහසු ගමනක් මේක. සටනක් ඇත්තෙම නැහැ. ගොඩක් අය බයවෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තය ආවහම අපට ඔහු අභියෝගයක් කියල. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මම නම් පෞද්ගලිකව හිතන්නෙ මෙතැන ඉන්න මාධ්‍යයෙ අයත් පිළිගනීවි කලින් වැඩියි ඉදිරිපත් වුණා. දැන් වෙනකොට ඒ පක්ෂයෙ ඉන්න ගොඩක් දෙනාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාකට් කරන්න උස්සල තියන්න දැන්නම් අපහසු වේගන එනවා.
මේ ජනාධිපතිවරණය කියන්නෙ මීටර් 100ක තරගයක්. මේක මැරතන් එකක් වගේ දුවල හරියන්නෙ නැහැ. ජනාධිපතිවරණයෙ ගිය සැරේ ඔබ දන්නව 2015 අපි ඡන්දයට ඔන්න මෙන්න කියල තමයි අපේක්ෂකයා පෙන්නුවෙ. මේ සැරෙත් ඒ විදියම තමයි. අපේ අපේක්ෂකයා කවුරු වුණත් අපි ජයග්‍රහණය කරනවා. කිසිම ගැටලුවක් නැහැ. මොකද ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂයට තනිව දිනන්න පුළුවන් එකක් නෙවෙයි. අපට විතරක් නෙවෙයි අනිත් ඕනෑම පක්ෂයකට මෙවර තනියම ගමනක් යන්න අමාරුයි. ඒ නිසා අපි මේ වනකොට සන්ධානගත වෙලා තියෙනවා. සන්ධානගත වෙලා ඉන්න නායකයො සමඟ සාකච්ඡා අවසන් කරල තියෙනවා. ඔවුන් ඉතා කැමැත්තෙන් සහ වුවමනාවෙන් එකට සිටගෙන ඉන්නවා. ඔවුන්ගෙ උපකාරයෙනුත් එක්සත් ජාතික පක්ෂයේ, පක්ෂයට ආදරය කරන සියලු දෙනාගේම උදව්වෙන් උපකාරයෙන් මේ රටේ විශේෂයෙන් අපි කියනව අලුත් ඡන්ද ලක්ෂ 17ක් තියෙනවා. මේ ලක්ෂ 17 ගන්න තමයි පොහොට්ටුවත් එක්සත් ජාතික පෙරමුණත් දෙපැත්තම දඟලන්නෙ. මේ අලුත්ම ඡන්ද ටික මම කියන්න කැමැතියි මේ අලුත්ම තරුණ තරුණියන්ට මීට අවුරුදු පහකට හයකට කලින් තිබ්බ ආණ්ඩුව මතක නැහැ. එතකොට ඔබ අවුරුදු 11ක 12ක තරුණ ළමයි. මම ඒක ඔබට මතක්කර දෙන්නම්.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නෙ, එතුමා කතාකරනකොට නින්දෙන් ඇහැරිලා කතාකරනව වගෙයි කියලයි මට දැනෙන්නෙ. අපි ඕනෑ කෙනකුට දැනෙන්නෙ මේ ඉන්න මාධ්‍ය මිතුරන් හැම කෙනාටම හොඳ පාඩමක් මේ ළඟදිම කියා දුන්නනෙ. ඔහු කෙළින්ම කියනව ඔහුගේ කැම්පේන් එකේ අලුතින් ප්‍රශ්න අහන්න බැහැ. ඔහු කියන දේ පමණයි අහගෙන ඉන්න පුළුවන්. ඒ ඔක්කොම පැත්තකින් තියන්නකො. මම ඊයේ පෙරේදා දැක්ක මේ මාධ්‍ය මිතුරන් නෙලුම් පොකුණට ගිහින් වේළි වේළි ඉන්නවා. සියලුම මාධ්‍ය මිතුරන්ට ඇතුළට යන්න දෙන්නෙ නැතිව.
පොඞ්ඩක් මතක් කරගන්න කොහොමද එදා මාධ්‍යයට සැලකුවෙ කියල. දැන් ඉන්න තරුණ තරුණියන්ට කිසි දෙයක් ගැන ලොකු දැනුමක් නැහැ. හේතුව ඒ අය ඒ කාලෙ ඉස්කෝලෙ යන ළමයින් නිසා. ඒත් අපට හොඳ මතකයක් තියෙනවා.
ගිය ආණ්ඩුවේ ඝාතන රැල්ලේ හොඳ වින්දිතයෙක් මම. මම පෞද්ගලික වින්දිතයෙක්. පෞද්ගලික අත්දැකීමක් මට තියෙනවා. ඔය විදියටම මේ අනෙක් සියලු දෙනාටම මේ රටේ මේ වගේ මුහුණදීපු අය ඉන්නවා. ඔවුන් සමඟ එකට කාපු බීපු ගුටි කාපු මාධ්‍යවේදීන් ඇති. ඔබ සමඟ කාපු බීපු මාධ්‍යවේදීන් ඇති. ඒ නිසා මේව මතක් කරගන්න. මොකද සමහර මාධ්‍ය ආයතන ඔවුන්ගේ මල්ලි බේරගන්න, වෙනත් වෙනත් බිස්නස් වැඩි කරගන්න මේ පුද්ගලයා ගේන්න දත කනවා. මේ පුද්ගලයගෙ කැම්පේන් එක උස්සන්න හදනවා. ඒත් අවාසනාවක මහත මේ පුද්ගලයාගෙ කැම්පේන් එක උස්සන්න හරි අමාරුයි. මොකද ඔතන තියෙන පෞද්ගලික පවුලේ ප්‍රශ්න විසඳන්න මේ පුද්ගලයා දැම්ම මිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ හිත දන්නව මෙයා අපි සමඟ වැඩ කරන්නෙ කියල. මොන දේ වුණත් ගමේ රටේ මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තය කොච්චර තරහ ගියත් ඒ වෙලාවෙ තරග ගිහින් කනට ගැහැව්වත් පසුව කරට අත දාලා මනුස්සයකු බදාගෙන කොහොමද ඉන්නෙ කියලා. තරහ ගියත් කතාකරන මනුස්සයෙක්. ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ හරියට අලිය වගේ මිනිහා. මේ දැන් මොකක් හරි වෙන දේ තවත් අවුරුදු ගණනක් ගිහින් මතක තියාගෙන තමයි පලිගන්නෙ. ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාත් දන්නවා. ගෝඨාභය රාජපක්ෂ ආවොත් නාමල් රාජපක්ෂ මැතිතුමාගෙ අනාගතය එතැනින් ඉවරයි. පොදුජන පෙරමුණ කියන්නෙ ඔවුන්ගෙ පක්ෂය. ඔවුන්ගෙ පවුලෙ පක්ෂය. ඒක හැදුවෙ නාමල් රාජපක්ෂගෙ අනාගතය වෙනුවෙන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉල්ලනවා කියන්නෙ ඔහු පරාජය වුණොත් ඇමෙරිකාවට යයි. ඒ වුණාට එතැනින් පස්සෙ නාමල්ගෙ දේශපාලන අනාගතය ගැන ප්‍රශ්නයක් වෙනව. ඒක කවදාවත් මහින්ද රාජපක්ෂ මහතා කාටවත් ආදරයට ගෝඨාභය රාජපක්ෂ මහතා දැම්ම නෙවෙයි.
දැන් ඊයෙ ජී.ඇල්. පීරිස් කියනව ගෝඨාභය රාජපක්ෂ වමත් පොහොට්ටුවෙ සාමාජිකයෙක් නෙවෙයි කියලා. පව් අර පොහොට්ටුවට ඡන්දය දෙන මිනිස්සු ටික. ඒ මිනිස්සු පෝලිමේ ගිහින් අපේක්ෂකත්වය අරං පොහොට්ටුවේ සාමාජිකත්වයවත් නැති අයකුට ඡන්දය දෙනවා. මොන විහිළුවක්ද මේ? අපිට ඔහුත් සමඟ තරගයක් නැහැ. පැහැදිලිව තරගයක් නැහැ. කවුරුන් හෝ කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහතා තරගයක් කියල ඔහු තරගයක් නෙවෙයි. ගමේ මිනිස්සු ඔහු ගැන ලොකු දැනුමක් නැහැ. ගමේ මිනිස්සු දන්නෙ මහින්ද රාජපක්ෂ මහතා ගැන පමණයි. කොළඹ මිනිස්සුන්ට ඔහු ගැන ලොකු දැනුමක් තියෙනවා. වනාතමුල්ල පැත්තෙ බොරැල්ල පැත්තෙ කොලොන්නාව පැත්තෙ මැද කොළඹ පැත්තෙ ගියොත් ගෙවල් පහකින් එක ගේකින් හරි තරුණයෙක් සුදු වෑන් එකකින් උස්සල තියෙනවා. ඒකයි ඇත්ත කතාව.
පොඞ්ඩක් මතක් කරල බලන්න කැමැති නම් බලන්න රටේ ඉන්න අගමැතිතුමාට, ජනාධිපතිතුමාට සතුන්ගෙ මුහුණු දාලා පින්තූර දාලා තියෙනව. අගමැතිතුමාට ජනාධිපතිතුමාට හදන නම්… මේ වගේ නිදහසක් කලින් තිබුණද? එක දවසක ගෝඨාභය ජනාධිපති වෙලා ආයෙ පරණ ආණ්ඩුව ආවා නම් ඔබතුමන්ලට මතක් වෙයි, රටේ ජනතාවට මතක් වෙයි. කොහොමද ජීවත් වුණේ කියලා. බලන්න ජනපතිට අගමැතිට කිය නම්. ඕව ඉස්සර කියන්න පුළුවන්ද? ඇත්තටම මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ලැබිල නැහැ. ඔබ ඍජුව අදටත් සජිත් ප්‍රේමදාසට රනිල් වික්‍රමසිංහට පිටුපසින් ගිහින් මයික් එක කටේ ගහන්න පුළුවන් බය නැතිව. ගෝඨාභයට මයික් එක කටට ළං කරන්න බයයි නේද? රටක ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගන්න තැන තමයි මාධ්‍ය කියල කියන්නෙ. ගෝඨාභය යනකොට ගිහින් එක එක ප්‍රශ්න අහනවද? නැහැ.
රටක නායකයන්ගෙ ඇස් අරවන තැන තමයි මාධ්‍ය කියල කියන්නෙ. මාධ්‍ය ඇයි බයවෙන්නෙ. ඇයි ඔවුන් ඔවුන්ගෙ මතය ප්‍රකාශ කරන්න බය වෙන්නෙ? අද අපේ රටේ ආණ්ඩුවට ඉස්සරහින් මාධ්‍ය ඉන්නවා. මාධ්‍ය තමයි රටේ හැම දෙයක්ම තීරණය කරන්නෙ. මහජනයාගෙ ඡන්දය දෝලනය වන තැන තියෙන්නේ මාධ්‍ය අතේ.
මම පසුපෙළ මන්ත්‍රීවරියක්. මගේ මුල සිටම පක්ෂයේ නායකත්වයත් එක්ක එච්චර හොඳ යාළුකමක් තිබුණෙ නෑ. හැබැයි දැන් මට ප්‍රශ්නයක් තිබෙනවා. අගමැතිවරයා, කතානායකවරයා, සජිත් ඇමැතිතුමා හෝ කවුරු අපේක්ෂකයා විදියට දැම්මත් මේ ආණ්ඩුව අපහසුතාවට පත් කළ ජනාධිපතිවරයා එක්ක ඩීල් තියෙන කිසිම පුද්ගලයකු වෙනුවෙන් මම හිටගන්නෙ නෑ. ජනාධිපතිවරයා අපේ ළඟට ගත්ත එකෙන් තියෙන ඡන්දෙත් අපට අඩුවෙනවා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න අපට ඕන තරම් ඡන්ද තියෙනවා.
ජනාධිපතිවරයා අපේ කැම්පේන් එකට දාගන්නවා කියන්නේ අපි තියෙන ඡන්දත් නැතිකරගන්නවා කියන එක. එතුමා එක්ක අපේ කාටත් ඩීල් අවශ්‍ය නැහැ. ඔහු එල්ලෙන්න වැල් නැතිව ඉන්නෙ. ඔහු මේකට එල්ලෙන්නේ කොහොමද කියල බලන්නෙ. එක්සත් ජාතික පක්ෂයේ සමහර සාමාජිකයන් එක්ක හොරෙන් හොරෙන් සාකච්ඡා කරනවා. අවසානයේදී කොහේට හරි එල්ලෙන්න ඔහුට ඕනෙ වෙලා තියෙන්නේ.
මේ පක්ෂය කඩන්න එතුමට අවශ්‍යයි. සමහර කට්ටිය ගිහින් කතා කළාට පස්සෙ මම ඔයාට අගමැතිකම දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් මාව අහවල් තැනට පත්කරන්න කියලා එතුමා කතාකරගෙන තියෙනවා. ඒ නිසා සමහර කට්ටිය මේ පක්ෂය ඇතුළේ වැරැදි මාර්ගවල යනවා. ඒ වැරැදි මාර්ගවලට අපිවත් අදින්න හදනවා. මේ නිසා පසුපෙළ කට්ටිය සැන්ඞ්විච් වගේ මැද ඉඳන් හිරවෙලා ඉන්නෙ. අපට පැත්තක් ගන්න බැරිව අපහසුතාවට පත්වෙලා තියෙනවා.
අපේ පක්ෂයේ සියලු නායකයන්ගෙන් ඉල්ලන්නෙ එක වටමේසයක ඉඳගෙන සාකච්ඡා කරන්න. මේ අය අවුරුදු ගණනාවක් තිස්සේ එකට වැඩකරපු කට්ටිය. අපි පසුපෙළ නිසා අපට ඒ තීරණය ගන්න බැහැ. පක්ෂ නායකත්වය ලැබෙන්නේ කාටද, කාවද ඉදිරිපත් කරන්නේ කියලා සාකච්ඡා කරල අපට දැනුම් දෙන්න. අපට හොඳ අපේක්ෂකයෙක් දෙන්න. අපේ කර උඩට දාන්නේ මොන අපේක්ෂකයද, එයා දිනවන්න අපි කැම්පේන් එක කරගෙන යනවා.
අප සමග සිටින අනෙකුත් පක්ෂ නායකයන්ට ජනාධිපතිවරයා අදටත් ගහන්නේ දින 52දී සල්ලි මොන තරම් දෙන්න හැදුවත් ඒ උදවිය අගමැතිවරයාව දාලා ගියේ නැති නිසා. කවුරු හරි පක්ෂ නායකයෙක් ඔහුගේ මන්ත්‍රීවරු ටික එක්ක දින 52දී අනිත් පැත්තට ගියා නම් අපි වැටෙනවා. ඒක සමහරුන්ට අමතකයි. ඒ මිනිස්සු නැතිව අපට ගමනක් යන්න බැහැ. ඔවුන් එක්ක කතාබහ කරගෙන, ඔවුන්ගේ සහයෝගය ඇතිව, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කරගෙන ගමන යන්න ඕනෙ. පොදුජන පෙරමුණ සමග ඉන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් සාමාජිකයෝ ඉන්න ඇහින්දාස් පක්ෂ. අපිත් එක්ක ඉන්නේ අවුරුදු ගණනාවක් හොඳ ඉතිහාසයක් තියෙන, විශාල ජන කොට්ඨාසයක් නියෝජනය කරන පක්ෂ. මේ උදවියගේ හිත් කැඩෙන්න කලින් ගමන යන්න ලෑස්ති විය යුතුයි.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේ ලිස්සන තීන්ත ගෑවේ මහින්ද වට්ටන්නද රනිල් වට්ටන්නද?

Next Post

අමෙරිකන් සුද්දන්ව බය කළ ලංකාවේ ලැනරෝල්

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.