• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළඟ මාස 12 අමාරුයි! අමාරුයි! අමාරුයි! I Sri Lanka Latest News

December 22, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර සමීක්ෂණ ලංකාව ගැන දෙන අනාවැකි මෙන්න…

ඉදිරි මාස 12ක කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කුමන තත්ත්වයකට පත්වන්නේද? එනම් ආර්ථිකය යහපත් අතට හැරෙනවාද? එසේත් නැත්නම් දැනට තිබෙන තත්ත්වයෙන්ම තිබෙනවාද? එම ක්‍රමවේදයන් දෙකම නොමැතිව ඉතා දුෂ්කර අන්ත තත්ත්වයකට පත්වන්නේද? මෙම සමීක්ෂණයට සහභාගි වූ පිරිස් විසින් ප්‍රකාශ කරන මත සියයට ප්‍රතිශතයකින් සොයා බලමු.(Sri Lanka Latest News)

● ආර්ථිකය යහපත් අතට හැරෙනු ඇත – 13% සිට 17%
● ආර්ථිකය තිබෙන අයුරින්ම නොවෙනස්ව පවතිනු ඇත – 21% සිට 25%
● ආර්ථිකය අන්ත දුෂ්කර තත්ත්වයකට පත්වනු ඇතිය – 62% සිට 64%

ඉදිරි මාස 12ක කාලයක් යැයි මෙම සමීක්ෂණයේදී අර්ථවත් වන්නේ මෙම 2023 නොවැම්බර් සිට 2024 නොවැම්බර් දක්වා වන වසරක කාලයකටය. මෙහිදී මෙරට ආර්ථිකයට අදාළව සහ එම විෂය වෙනස් මානයන් කිහිපයකට ආශ්‍රිතවද සමීක්ෂණ ප්‍රතිඵල එළිදක්වා තිබෙයි. එම ක්ෂේත්‍රයන් ගැනද සොයා බලමු.

ඔබ විසින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුත්තකදී එම ව්‍යාපාරයේ විකුණුම් ධාරිතාව ඉදිරි මාස 12ක කාලය තුළදී කුමන ත්ත්වයකට පත්වෙයිද?

● ව්‍යාපාර ප්‍රගතිය යහපත් අතට පත්වනු ඇත – 31% සිට 32%
● ව්‍යාපාර ප්‍රගතිය තිබෙන අයුරින්ම නොවෙනස්ව පවතිනු ඇත – 22% සිට 26%
● ව්‍යාපාර ප්‍රගතිය අන්ත දුෂ්කර තත්ත්වයකට පත්වනු ඇත – 43% සිට 47%

පසුගිය 2022 වසරට අදාළව ඔබගේ ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය කුමක්ද?

● ව්‍යාපාර ප්‍රගතිය ඉහළ නැගීමකට පත්ව ඇත – 16% සිට 25%
● ව්‍යාපාර ප්‍රගතිය එම තත්ත්වයේම පැවැතිණි – 15% සිට 16%
● ව්‍යාපාර ප්‍රගතිය අන්ත දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත – 60% සිට 69%

ඉදිරි වසරේ ප්‍රථම කාර්තුව (මාස 3 තුළ) වන විට ඔබගේ ව්‍යාපාරයේ විකුණුම් ධාරිතාව කුමන තත්ත්වයකට පත්වෙයිද?

● විකුණුම් ධාරිතාව යහපත් අතට පත්වනු ඇත – 15% සිට 19%
● විකුණුම් ධාරිතාව තිබෙන අයුරින්ම නොවෙනස්ව පවතිනු ඇත – 40% සිට 42%
● විකුණුම් ධාරිතාව අන්ත දුෂ්කර තත්ත්වයකට පත්වනු ඇතිය – 41% සිට 43%

බොහෝ පැහැදිලිව ඔබට ලියාතැබූ මෙම කතාන්දරය කුමක්දැයි ඔබට දැන් යමක් අවබෝධ වනු ඇත. මෙම වගතුග පසුගියදා හෙළිකර තිබුණේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ඉංග්‍රීසි ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව විසිනි. දැනට වසර 30ක පමණ කාලයක් පුරා නොකඩවා ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශිතවූ මෙම ව්‍යාපාරික සඟරාව බොහෝ ජාත්‍යන්තර පිළිගැනීමකටද ලක්ව ඇති ප්‍රකාශනයකි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමකට ලක්ව තිබෙන මෙම ප්‍රකාශනය විසින් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට අදාළව විවිධ සමීක්ෂණයක් සිදුකරයි. ඉහත ඔබට වගතුග හෙළිකළ ව්‍යාපාරික සමීක්ෂණයද මෙයට මාසයකට පෙර සිදුකරන ලද නවතම සමීක්ෂණයකි. පසුගිය නොවැම්බර් මාසයේදී මෙහි ප්‍රතිඵල එළිදැක්වීම සිදුකරන ලදී. Lanka Monthly Digest නමින් මුලින් හැඳින්වූ LMD සඟරාව මේ වනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයේම වැජඹෙන මාසික ප්‍රකාශනයකි. මෙම ප්‍රකාශනය මුද්‍රිත සහ ඩිජිටල් යන මාධ්‍ය දෙකෙන්ම තම මාධ්‍ය මෙහෙවර ඉටුකරයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි වසරක ආර්ථිකයට අදාළව සිදුකරනු ලැබූ මෙම පුළුල් සමීක්ෂණයේ වගතුග ගැන තවත් කරුණු සොයා බලමු. සමාජයෙන් ලබාගත් පුද්ගල නියැදී දහස් ගණනක් ආශ්‍රිත කරගෙන මෙම යටකී සමීක්ෂණය සිදුකර ඇත. එය තවදුරටත් මෙසේ කියයි.

‘ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම තවදුරටත් අඳුරු තත්ත්වයක් ගන්නා බව අපගේ මෙම නවතම සමීක්ෂණයට අනුව පෙනීයනවා. ආර්ථික දර්ශක කිහිපයක යම් ප්‍රගතියක් දක්නට ලැබුණද ශ්‍රී ලංකාවේ ආර්ථික වාතාවරණය පිළිබඳ සංජනනය තවදුරටත් අඳුරු වලාවක් යටතේ පවතිනු ඇතැයි නිරීක්ෂණය කළ හැකියි. මෙතැන් සිට ඉදිරි මාස 12ක් තුළ ජාතික ආර්ථිකය දියුණු වනු ඇතැයි විශ්වාස කරන ව්‍යාපාරික විධායකයන්ගේ ප්‍රතිශතය පසුගිය සැප්තැම්බර් මාසයේදී 4% සිට 17% දක්වා වැඩිවී ඇති බව පෙනෙන්නට තිබෙනවා. එහෙත් එයට මාස 06කට පෙර තුනෙන් එකකට වඩා, එනම් 34%ක පමණ ප්‍රතිශතයක් ආර්ථික ඉදිරි දැක්ම ගැන විශ්වාසය පළකර තිබිණි.

ලෝක බැංකුවේ ආර්ථික සංවර්ධන යාවත්කාලීන කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය 2022දී 7.8%කින් සහ 2023 පළමු භාගයේදී පමණක් එය 7.9%කින්ද හැකිළී ගියේය. ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය මෙම 2023 අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 3.6 සිට සැප්තැම්බර් මාසය වනවිට ඩොලර් බිලියන 3.5 දක්වා පහත වැටී ඇතැයි ගණන් බලා ඇති බව මහබැංකුව ප්‍රකාශ කරයි.

අපගේ සමීක්ෂණයේදී කාර්තුවකට වඩා අඩුවෙන් එනම් 21% සිට 25%ක පමණ ප්‍රතිශතයක් දක්වා ආර්ථිකය එලෙසම පවතින බවට මත ප්‍රකාශ කර ඇති අතර, එහෙත් බහුතරයක් වූ 62%ක විශාල ප්‍රමාණයක්ම ඉදිරියේදී ආර්ථිකය අන්ත දුෂ්කර තත්ත්වයකට පත්වන බව ප්‍රකාශ කර ඇත. ඉදිකිරීම්, නිෂ්පාදන ක්‍රියාවලිය, දේපළ වෙළෙඳාම්, සැපයුම් දාම සහ මූල්‍ය සේවා ඉතා අයහපත් ලෙස බලපෑමට ලක්ව ඇතැයි මෙම සමීක්ෂණය පෙන්වා දී ඇත. ආදායම් හැකිළීම් සහ රැකියා අහිමිවීම්වල තත්ත්වයද ඍණාත්මක බලපෑම්වලට ලක්ව ඇත…’

එම තත්ත්වය කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමස්ත උද්ධමන අනුපාතිකය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇති බවද පෙන්වා දෙයි. එනම් 2022 වසරට සාපේක්ෂව එම ප්‍රතිශතය 2023 වසරේදී පහත වැටී ඇත. මෙහිදී සමස්ත උද්ධමනය 4%ක අගයක් පෙන්නුම් කරන අතර, එහිදී ආහාර උද්ධමනය 4.8% සිට 5.2%ක්ද, ආහාර නොවන අයිතමවල උද්ධමනය 4.7% සිට 8.7% දක්වාද පෙන්නුම් කර ඇත. කෙසේ හෝ මෙම උද්ධමන ප්‍රතිශතයන් මාසයෙන් මාසය බොහෝ වෙනස්වීම්වලට ලක්වනු ඇත.

මෙලෙස ආර්ථික ලෝකයේ ප්‍රකටත්වයට පත්ව තිබෙන LMD සඟරාව විසින් සිදුකර ඇති මෙම පුළුල් සමීක්ෂණයේ ප්‍රතිඵල මේ වන විට බොහෝ පිරිසකගේ දැඩි අවධානයට ලක්ව ඇත. එම සමීක්ෂණයේ අවසාන සමස්ත නිගමනය ලෙස ප්‍රකාශ වී ඇත්තේ ඉදිරි මාස 12ක කාලය තුළදීද ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඳුරු වලාවකින් වැසී තිබෙනු ඇති බවයි. මෙම LMD සඟරාවට අමතරව පසුගිය මාස 03ක පමණ කාලයක් තුළදී තවත් ජාත්‍යන්තර මට්ටමේ සමීක්ෂණ ආයතන 03ක් මගින්ද මෙරට ඉදිරි සමයේ ආර්ථිකය ගැන සමීක්ෂණ සිදුකර තිබිණි.

එම සියලු සමීක්ෂණ මගින්ද ප්‍රකාශ වී තිබුණේ ඉදිරි කාලය තුළදීද මෙරට ආර්ථිකය යහපත් අතට නොහැරෙනු බවය. සමහර දර්ශකයන්හි යම් යහපත්භාවයක් පෙන්නුම් කළද සමස්තයක් ලෙස ඉදිරි වර්ෂය තුළ මෙරට ආර්ථිකය යහපත් නොවනු ඇතැයි එම නිගමනයන් ප්‍රකාශ කර තිබිණි. එම සමීක්ෂණ සිදුකළ අනෙක් සංවිධාන තුන මෙසේය.

● වෙරිටේ රිසර්ච් (Verité Research) සංවිධානය.
● UNDP (එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන) සංවිධානය.
● CPA (විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය) සංවිධානය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

එක එක වෙසින් එක එක තාලෙන් සල්ලි හොයන ගොබ්බ යක්කු I Sri Lanka Latest News

Next Post

නත්තල්-අලුත් අවුරුද්ද අත ළඟයි! බොම්බයි ළූණු 700යි! I Sri Lanka Latest News

MORE NEWS

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

Load More
මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

නි.ඇමති නාමල් කරුණාරත්නගෙන්ගොවීන්ට වටිනා කියන පාඩමක්, "මම මෙතනට එනකන් දන්නෙ නෑමෙහෙම ප්‍රෝගෑම් එකක් කියලා..." "මේක ඇත්ත ගොයම් ගහක් නෙවෙයි, ගලවන්න...

Read more
බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.