• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

June 20, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන්ගේ සහයෝගයෙන් බලයට පැමිණි, මෙරට සිවුවැනි අග්‍රාමාත්‍යවරයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකට එකී පංච මහා බලවේගයේ පළමු බලවේගයට අයත්වූවකු විසින් වෙඩිතබන ලද සිදුවීම පෙරකී අවස්ථාවන් අතරින් විශේෂ තැනක් ගනියි. එකී භික්ෂුවගේ ඉතිහාසය පිළිබඳ එකල සමාජය දැන සිටි නමුත්, වත්මන් පරම්පරාව එම සිදුවීම හෝ ඝාතකයා පිළිබඳ වැඩිමනක් නොදනියි. 1915 අගෝස්තු මස 27 වැනි දින අයිසෝ හාමි සහ රතුගම රාළගේ ඩයරිස් අප්පුහාමි යුවළට දාව උපත ලැබූ සෝමාරාමගේ ගිහි නම වූයේ, තල්දූවේ රතුගම රාළගේ වේරිස් සිඤ්ඤෝය. තල්දූව ද්විතීයික පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති බවට සැලකෙන වේරිස් සිඤ්ඤෝ, 1936 වසරේ ජුනි මස මහනුවරදී ‘තල්දූවේ සෝමාරාම’ නමින් පැවිදි වී ඇති බව සඳහන්ය. Sri Lanka Latest News

එවක කැලණිය රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් සමග සම්බන්ධතා පැවැත්වූ සෝමාරාම භික්ෂුව, නිතර කැලණිය රාජමහා විහාරස්ථානයට ආගියේය. මාපිටිගම බුද්ධරක්ඛිත යනු බණ්ඩාරනායකගේ මැතිවරණ ව්‍යාපාරයට ධනයෙන් සහ බලයෙන් සහයෝගය දැක්වූ භික්ෂුවකි. බුද්ධරක්ඛිත හිමියන් බණ්ඩාරනායකට සහයෝගය දැක්වූවද, බලයට පත්වීමෙන් පසු බණ්ඩාරනායක එම හිමියන් සිදුකළ ඉල්ලීම්වලට එකඟ වූයේ නැත.

දිනක් සෝමාරාම භික්ෂුව බොරැල්ලේ ආයුර්වේද බෙහෙත් ශාලාවේ සිටියදී, මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් සහ ඔහුගේ සහායකයකු වූ එච්.පී. ජයවර්ධන මෝටර් රථයකින් පැමිණ, සෝමාරාම භික්ෂුව රථයට කැඳවා ගත්හ. වැරැදි පාලනය නිසා රට පිරිහෙන බවත්, කටයුතු මෙලෙසම සිදුවුවහොත් ලංකාවට බරපතළ තත්ත්වයකට මුහුණදීමට සිදුවිය හැකි බවත් පැවැසූ බුද්ධරක්ඛිත හිමියන් සෝමාරාම භික්ෂුවට යෝජනා කළේ, ඊට විසඳුමක් ලෙස බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ‘යම්කිසි තීරණයක්’ ගතයුතු බවයි. එහි වගකීම ඔහු සෝමාරාම භික්ෂුවට පැවරීය.

කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමේ යෝජනාවට එක්වරම කැමැති නොවූ සෝමාරාම භික්ෂුව බුද්ධරක්ඛිත හිමියන්ගෙන් විමසා සිටියේ, එවැනි දෙයක් සිදුකිරීමෙන් පසුව ඇතිවන ඵල විපාකයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමෙන් පසුව, ඔවුන්ට ගැලවීමට අවශ්‍ය සියලු කටයුතු ඒ වනවිටත් සූදානම් කර ඇති බවයි. යම්හෙයකින් සෝමාරාම භික්ෂුව බන්ධනාගාරගත වුවහොත් සතියක් හෝ දෙකක් වැනි කාලයක් ඇතුළත ඔහුව බේරාගැනීමට අවශ්‍ය සැලැසුමක් ද සකස් කර තිබෙන බව බුද්ධරක්ඛිත හිමියන් සෝමාරාම භික්ෂුවට පවසා ඇත. සියලු දේ සූදානම් කර තිබෙන බවත්, මෙම කාර්යය සඳහා බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවත් නැවත නැවත සඳහන් කළ බුද්ධරක්ඛිත හිමියන්, අවසානයේ සෝමාරාම භික්ෂුව බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සඳහා කැමැති කරවා ගැනීමට සමත් විය.

තමන් විසින් විහාරාධිපතීත්වය දරන විහාරස්ථානයක් තිබෙන බවත්, ගෝල හිමිවරුන් දෙදෙනකු සිටින බවත් සෝමාරාම භික්ෂුව මෙහිදී පවසා තිබේ. ඒ අවස්ථාවේ බුද්ධරක්ඛිත හිමියන් සහ ජයවර්ධන සඳහන් කර තිබුණේ, ඒ සියලු දේ පිළිබඳ වගකීම ඔවුන් විසින් භාරගන්නා බවයි. දිනක් හෝ දෙකක් වැනි කාලයක් ඇතුළත අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සඳහා පිස්තෝලයක් ගෙනැවිත් දෙන බවද ඔවුන් සෝමාරාම භික්ෂුවට පැවැසුවේය.

පැවැසූ පරිදි දින දෙකක් හෝ තුනක් ඇතුළත, අඩියක් පමණ දිග, උණ්ඩ හයක් පමණ දැමිය හැකි පිස්තෝලයක්ද රැගෙන බුද්ධරක්ඛිත හිමියෝ සහ ජයවර්ධන සෝමාරාම භික්ෂුව හමුවීමට පැමිණියෝය. ඔවුහු මුතුරාජවෙල ප්‍රදේශයේදී වෙඩි තැබීම සඳහා පුහුණු වූ බවද පසුකාලීන විමර්ශනවල දී අනාවරණ වී තිබේ. එයින් පසුව බුද්ධරක්ඛිත හිමියන් හා ජයවර්ධන නිතරම සෝමාරාම භික්ෂුව මුණගැසෙන්නට පැමිණියහ. ඉන් එක් දිනයක කොළොන්නාව නගර සභාවේ සභාපති අමරසිංහ නමැති පුද්ගලයාත් බුද්ධරක්ඛිත හිමි සමග සෝමාරාම මුණගැසීමට පැමිණියේය. ඝාතන සැලැස්ම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ ඔවුහු 1959 සැප්තැම්බර් මස 25 වැනි දින අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට තීරණය කළෝය.

1959 සැප්තැම්බර් මස 25 වැනි දින උදෑසන සෝමාරාම භික්ෂුව අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සඳහා සිතේ ධෛර්යය ඇතිකර ගැනීමට ඔහු විසින්ම සකස් කරගත් යම්කිසි බෙහෙතක් පානය කළ බව කියැවේ. ඉන් පසුව ඔහු බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ජීවත් වූ කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ පිහිටි රොස්මිඩ් නිවෙස (වර්තමාන ටින්ටජල් හෝටලය) වෙත ගියේය.

එදින උදෑසන ඔහු එහි යන විට අග්‍රාමාත්‍යවරයා නිවසේ ආලින්දයේ සිට මහජනයා හමුවෙමින්, ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයාබලමින් සිටි අතර, සෝමාරාම භික්ෂුව එහි යන අවස්ථාවේ තවත් භික්ෂුන්වහන්සේ කිහිප නමක් ද එහි සිටි බව කියැවේ. චීවරයක් හැඳ සිටි නිසා පරීක්ෂා කිරීමකින් තොරව අග්‍රාමාත්‍යවරයා වෙතට ප්‍රවේශ වීමට ඔහුට ඉඩ ලැබුණු අතර භික්ෂුන්වහන්සේ නමක් පැමිණ ඇති බව ආරක්ෂකයන් විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙනු ලැබිණි. මෙනිසා පැමිණ සිටි ගිහි පාර්ශ්වයට පෙර අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා සෝමාරාම භික්ෂුවට අවස්ථාව හිමිවූ හෙයින්, ඔහු ආයුර්වේද විද්‍යාලයේ පවතින ගැටැලුවක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළේය. ඒ පිළිබඳ සොයාබැලීම සඳහා එවක සෞඛ්‍ය අමාත්‍ය ඒ.පී. ජයසූරිය මහතාට දැනුම් දෙන්නම් යැයි අග්‍රාමාත්‍යවරයා සෝමාරාමට පොරොන්දු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් යම් ලියවිල්ලක් වේ නම් එයද තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. උදෑසන 9.45ට පමණ සෝමාරාම භික්ෂුව ලිපිගොනුවක් මේසය මත තබා ඉන් එක් ලියවිල්ලක් අග්‍රාමාත්‍යවරයා අතට ලබාදීමට සැරසුණේය.

කෙසේ නමුත්, ලියවිල්ල දෙනවා වෙනුවට සිය ඉණේ සඟවාගෙන සිටි පිස්තෝලය එක්වරම පිටතට ගත් මේ භික්ෂුව අග්‍රාමාත්‍යවරයාගේ පපු පෙදෙසට වෙඩි උණ්ඩයක් තැබීය. වෙඩි උණ්ඩය සිරුර පසාරු කරගෙන ගිය පසු එතැනම ඇදවැටුණු අග්‍රාමාත්‍යවරයා නැවැතත් අපහසුවෙන් නැගී සිට නිවස තුළට දිවයාමට තැත් කළද, පසුපසින් හඹා ගිය සෝමාරාම තවත් කිහිප වරක් බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාට වෙඩි තබනු ලැබීය. සියල්ල මෙසේ සිදුවෙද්දී එම ස්ථානයේ රැඳී සිටි, පොළොන්නරුව ප්‍රදේශයෙන් පැමිණි තවත් හිමිනමක් කලබලයට පත් වූ අතර, සෝමාරාම එම හිමි නම වෙතද පිස්තෝලය එල්ල කළේය. පසුව අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් සෝමාරාම භික්ෂුවට වෙඩි කිහිපයක් තැබූ අතර, ඉන් තුවාල ලැබූ ඔහු වරාය පොලිසිය වෙත රැගෙන යන ලදී.

බරපතළ තුවාල ලැබූ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා සිය බිරිඳ වූ, පසුකාලීනව ලොව පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත්වූ, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට, ‘සිරිමා, මෝඩ මිනිහෙක් මට වෙඩි තිව්වා. ඒ මිනිහට අනුකම්පා කරන්න. කරදරයක් නම් කරන්න එපා’යැ යි පැවැසූ බව එම සිද්ධිය ඇසින් දුටුවන් පසු කලෙක පවසා තිබේ. වෙඩි තැබීමෙන් පැය 22කට පසු අගමැතිවරයා අභාවප්‍රාප්ත වූයේය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනකුට විරුද්ධව, 1959 නොවැම්බර් 29 දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනුකරන ලදී. එකී විත්තිකරුවන් අතර එක් අයකු වූයේ සෝමාරාම භික්ෂුවය. ඔහු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමට අමතරව අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනාවට ලක්විය. මෙම ඝාතන සිද්ධියේ පරීක්ෂණ කටයුතු සඳහා බි්‍රතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියෙන්ද පරීක්ෂකවරුන් මෙහි පැමිණ සිටියේය.

1959 වසරේ සැප්තැම්බර් මස 25 දින රොස්මිඩ් නිවස, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ දී එවක අග්‍රාමාත්‍යවරයා වූ බණ්ඩාරනායක ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෝමාරාම භික්ෂුව වැරදිකරු බවට තීරණය කෙරිණි. ඔහු, එවක අළුගෝසු තනතුර දැරූ සුබතේරිස් අප්පු සහ ඔහුගේ සහායක ලුවිස් සිඤ්ඤෝ විසින් වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරාදමනු ලැබුවේ 1962 ජූලි මස 06 වැනිදාය. මාපිටිගම බුද්ධරක්ඛිත හිමි සහ ජයවර්ධන යන දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. බුද්ධරක්ඛිත හිමි සිර අඩස්සියේදී අපවත් වූ අතර, ජයවර්ධන නියමිත කාලයට මඳකට පෙර නිදහස් කෙරිණි.

එල්ලා මැරීමට දෙසතියකට පෙර සෝමාරාම භික්ෂුව සිය සිවුර අතහැර දැමූ අතර, ඔහුව එල්ලා මැරීමට දින දෙකකට පෙර කිතුනුවකු ලෙස බව්තීස්ම වූයේ කොළඹ 07 කිංසි පාරේ පිහිටි ශාන්ත පාවුළු පල්ලියේ පූජක මැතිව් පීරිස් පියතුමා විසිනි. මැතිව් පීරිස් පියතුමා ද, ඔහුගේ බිරිඳ වූ යුනිස් පීරිස්, සහ ඔහුගේ පෙම්වතිය වූ ඩැල්රීන් ඉන්ග්‍රැම්ගේ සැමියා වන රසල් ඉන්ග්‍රැම් යන දෙදෙනාට දියවැඩියාවට ලබා දෙන ඖෂධ අධි මාත්‍රාවෙන් ලබාදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් 1979 දී වැරැදිකරු බවට පත්විය.

අනුෂ්ක මදුශාන් රාමනායක

SendShareShare
Previous Post

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

Next Post

‘මව්රට’ කලින්ම කියූ හෙළිදරව්ව හරියටම හරි! මාලිමාව හදපු උපුල් කුමරප්පෙරුමව ජවිපෙ මාතරින් පරද්දපු හැටි පුතාගේ මරණයෙන් පසු හෙළිවෙයි! හිතාමතාම මාතර පොඩිම ආසනයට දැම්මා! වෙන ආසනවල රැස්වීම්වලට ගියාම ටිල්වින් වහාම යන්න කිව්වා! අනුරට මචං කියපු එකත් දිරෙව්වේ නෑ! එදා ටිල්වින් ජනිත් විපුලගුණට කළේත් මේ දේමයි! Sri Lanka Latest News

MORE NEWS

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News
Exclusive

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Exclusive

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News
Exclusive

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News
Exclusive

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News
Exclusive

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

Load More
ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News
Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

යුද පරාජයක් යනු යුද්ධයකදී හෝ යම් සටනකදී යම් පාර්ශ්වයක් තම ප්‍රතිවාදියා හමුවේ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් හෝ පසුබෑමට, අඩපණ වීමට...

Read more
ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.