• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බීලා විනාශ වෙන ලෙඩේ අපේ කලාකාරයොන්ටත් බෝ වෙයිද? I Sri Lanka Latest News

January 4, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාරියෝ ආනන්ද බේරුනේ කොහොමද?

ප්‍රේමයේ මිහිරියාව ගැන, ප්‍රේමයේ විරහව ගැන හිත කීරිගැහෙන සින්දු කියන ජනප්‍රිය ගායක චාමර වීරසිංහ හදිසියේම පසුගිය දවසක රෝගාතුර වුණා. මේ සටහන ලියන වෙලාවෙත් චාමර වීරසිංහ සිටින්නේ දැඩිසත්කාර ඒකකයේ බවට තොරතුරු සඳහන් වෙනවා. ආදරයෙන් බැඳුණු පෙම්වතුන් පෙම්වතියන් අතර වගේම වැඩිහිටියන් සහ බාල මහලු කොයි කා අතරත් ජනකාන්ත වූ චාමර ගැන චාමරගේ රෝගාතුර බව ගැන පෝය දවසේ ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේ නමක් බණ භාවනාව අතර මැදදීත් කතා කරලා තිබුණා. උන්වහන්සේ මොනවද චාමර වීරසිංහ ගැන දේශනා කළේ?(Sri Lanka Latest News)

ප්‍රවීණ ගායකයෙක් රෝගාතුරව ඉන්නවා. අපි ඒ උත්තමයට ඉක්මන් සුවය ලැබෙන්නය කියලා සෙත් පතමුයි කියලද?

නැහැ. උන්වහන්සේ දේශනාව අතරමැදදී කිව්වේ චාමර වීරසිංහගේ රෝගාතුර බව සෝෂල් මීඩියාවලින් වවාගෙන කන එක ගැනයි. යූටියුබ් කට්ටියයි, විවිධාකාර වූ සමාජ මාධ්‍යයයි තම තමන්ගේ වීව්ස් වැඩි කරගන්න චාමර වීරසිංහ කියන අතිශය ජනප්‍රිය ගායන ශිල්පියාගේ අසනීප තත්ත්වය මාර්කට් කරන එක කොයි තරම් අවිනීතයිද කියන කාරණය ගැන හාමුදුරුවෝ කතා කළේ බොහොම හිතේ අමාරුවෙනුයි. එතැනදී අදහස් කළේ සමාජය සහ මිනිසුන්ගේ පැවැත්ම කොච්චර නම් පහත්ද කියන එක මිසක උන්වහන්සේට චාමර වීරසිංහව විශේෂයි කියන එක නොවන වගත් මේ සටහන කියවන අය තේරුම් ගන්න ඕනෑ.

හැබැයි හාමුදුරුවෝ කිව්ව කතාව නම් සහතික ඇත්ත. මේ දවස්වල සෝෂල් මීඩියාවල චාමර වීරසිංහගේ අසනීප තත්ත්වය එකසිය ගානට මාර්කට් වෙනවා. මුහුණු පොතෙත් එහෙමයි. ‘ප්‍රවීණ ගායන ශිල්පී චාමර වීරසිංහ මොහොතකට පෙර අප අතරින් සමුගත්තා’ කියලත් පෝස්ට් පළවෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි. චාමර වීරසිංහට මෙහෙම වුණේ මතට ඇබ්බැහි වූ නිසාය කියලත් චෝදනා කරමින් පෝස්ටු පවා මුහුණු පොතේ හරහා මුදාහැරුණා. සෝෂල් මීඩියාවලත් එහෙම ඕපාදූප එහෙන් මෙහෙන් සටහන් වුණා.

ඇත්තටම චාමර වීරසිංහ දැඩිසත්කාර ඒකකයේ දවස ගෙවන තරමට අසනීප වුණේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටපු නිසාද?

ඒ කතාව හෝ චෝදනාව මෙතැනට අදාළ නැහැ. ඒ නිසා අපි චාමර වීරසිංහට ඉක්මන් සුවය පතන ගමන් ඔහුව මේ කතිකාවෙන් නිදහස් කරමු.

ඊළඟට අපේ කතාව යන්නේ කොතැනටද? ඊළඟට අපේ කතාව යන්නේ ගායක ගායිකාවෝ, එහෙමත් නැත්නම් කලාකරුවෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්නේ ඇයි කියන තැනටයි. ඇත්තටම කලාකාරයෝ මත්ද්‍රව්‍යවලට ඇඩික්ට් වෙනවද?

ඔව්. කලාකාරයෝ, විශේෂයෙන් ගායක ගායිකාවෝ මත්ද්‍රව්‍යවලට ඇඩික්ට් වෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි බොලිවුඩ්, කොලිවුඩ්වල වගේම හොලිවුඩ්වලත් ඒක එහෙමයි. ඒ වගේම ගායක ගායිකාවෝ මත් රසයට ඇඩික්ට් වෙන එක සිද්ධ වුණේ අද ඊයේ නෙවෙයි. ඒකට තියෙන හොඳම නිදසුන තමයි බොබ් මාලේගේ කතන්දරේ. උමතුවක් විලාසිතාවක් වෙච්ච රෙගේ සංගීත ශෛලියට මිනිස්සුන්ව හීන ලෝකෙක නන්නත්තාර වෙන සයිස් එකට බොබ් මාලේ සින්දු කිව්වේ සුපිරි පන්නයේ සූස්තියක් ඇදලා පදම් වුණාට පස්සෙයි කියන එක ඔහුට වහවැටුණු රසිකයන් හැමෝම වගේ දන්නවා.

බොබ් මාලේ සූස්ති උරන්න ගත්තේ ඔහු අදහන්නට ගත් ‘රස්තා’ නම් දහම ගංජාවලට ගෞරව කළ නිසාය. රස්තා දහම අදහන අය විශ්වාස කරන්නේ ගංජා පැලෑටිය ප්‍රඥාවන්තකමේ සංකේතයක් කියාය. එය එසේ වුවද සූස්තියක් උරන්නේ නැතිව තමාට සින්දුවට අවශ්‍ය ගැම්ම සහ තාලය ගන්න බැරි බවට වූ හැඟීමක් සහ අදහසක් බොබ් මාලේ තුළ තිබුණු බවද ඔහු ගැන ලියවුණු පොතපතක සඳහන්ව තිබුණා.

කොහොමත් සම්මාන රැසකට හිමිකම් කී මේ අසමසම රෙගේ සින්දුකාරයා 1981 අවුරුද්දේ, ඔහුට වයස අවුරුදු 36ක් තරම් තරුණ වයසෙදී අකාලයේ මරු තුරුලට ගියේ මෙලනෝමා නම් වූ පිළිකා තත්ත්වයට ගොදුරු වූ නිසයි. තරුණ අවදියකදී බොබ් මාලේ එවැනි කනගාටුදායක ඉරණමකට ගොදුරු වීමට මුල්වූ කරුණක් වූයේ පාදයේ හටගත් සුව නොවූ තුවාලයක් සහ ඔහු අසීමිත ලෙස ගංජා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වෙලා සිටි නිසාය යන මතය ඒ දවස්වල ලොව පුරාම පැතිර ගියා.

විට්නි හුස්ටන්ද දැඩි ලෙස මතට ලොල්ව සිටියා. ‘හඬ’ යන අන්වර්ථ නාමයකින් ඉතා ගෞරවනීයව හඳුන්වනු ලබන රිදී සීනුවක් ලතාවට වැයෙන ආකාරයට මිහිරි හඬකින් ගී ගයන විට්නි කොකේන්වලට තදින් ඇබ්බැහි වී සිටියා. තරුණ කෙල්ලක කාලේ ඉඳන්ම කොකේන් සමග ජීවිතය බෙදාගත් ඇය ඒ ඇබ්බැහිය නිසාම හෘද රෝගියකු වූවා. ඈට වයස අවුරුදු 50ක්ව සිටියදී නාන තටාකයක ගිලී ඇය මරණයට පත්වූවා. තම මිහිරි හඬට සොඳුරු සහ මනමෝහනීය ස්වරයක් ආරූඪ වන්නේ කොකේන් ටිකක් ඇඟට දාගත්තොත් පමණය කියන හීනමානය විට්නිගේ සිත තුළ පමණක් නොව ආත්මය තුළද නිධන්ගතව තිබිණි.

ජස්ටින් බීබර් නම් ඇමෙරිකානු යොවුන් ගායකයා ගැන දුක්බර කතාවක් ලියන්නට තිබූ ඉරණමට තිත වැටුණේ ඔහුගේ වාසනාව නිසාම වන්නට ඇත. මෑත කාලයේ බීබර් ඉතාම අඩු වයසකදී අංශභාග රෝගියකු බවට පත්වූයේ මත්ද්‍රව්‍යවලට අසීමිතව ඇබ්බැහිව සිටි නිසාය. එය ඔහුගේ දින චර්යාව සමග තදින් බැඳී තිබුණු පුරුද්දක් විය. සංගීත ප්‍රසංගයකට සහභාගි වීමට පළමුව සිදුවන රිහසල්වලදීද බීබර්ට මත්ද්‍රව්‍ය නැතිව බැරිවිය. කසිප්පුවලට ඇබ්බැහිව සිටින ගම්වල මිනිස්සු උදෑසන තේ හෝ කෝපි කෝප්පය වෙනුවට කසිප්පු වඩියක් කටට හලාගන්නවා වාගේ ජස්ටින් බීබර් රිහසල්වලට හෝ සංගීත සංදර්ශනයකට යන්න පළමුව මතින් පදම් වූයේ සුවහසක් සිය සංගීත ලෝලීන්ගේ සිත් ඔකඳ කිරීමට අවැසි උමතු ස්වරය ලබාගැනීමටය.

සිතූ සේම එය ඔහුට ලැබිණි. පාට පාටින් පෙනෙන මතින් බර ලොවක ඉඳගෙන ඈත අහසේ වලාවක පාවෙන තාලයට ඔහු ගී ගැයුවේය. කදිමට රැඟුවේය. නමුත් සීමාව ඉක්මවමින් ඔහුගේ සිරුර මත් රකුසා වෙලාගත් හෙයින් නොසිතූ ලෙස මේ යොවුන් ගායකයා රෝගාතුර වී සිටියේය. කෙසේ වුවද මොකක්දෝ වාසනා මහිමයකට හෙතෙම දෛවයේ සරදමට පයින් ගසා නැවත සුපුරුදු සින්දු ජීවිතයට සෙමෙන් සෙමෙන් ප්‍රවිෂ්ට විය.

සුවය ලැබූ බීබර් නැවත මත සොයා යන්නට ගත්තාද?

එහෙම කටකතාද ඇත. නමුත් ඒවායේ සත්‍ය අසත්‍යතාව අපි නොදන්නෙමු. අන්තර්ජාලය ඇසුරෙන් සොයාගත් එකම එක කතාවක් තිබේ. ඒ, බීබර්ට දැන් ඉස්සර වාගේ හැඩට තාලයට වේදිකාව පුරා දුවමින් නටන්නට බැරි බවය. කන්කළු හඬින් සින්දු කියන්නට තාල අල්ලන්නට බැරි බවය. ඒ අදහස ලොවට කියාපාන්නට ගත්තේද බීබර්ට අදටත් ආදරය කරන බීබර්ට පිස්සු වැටී සිටින සංගීත ලෝලීන් විසින්මය.

සුපිරි ගී තරු මතට ඇඩික්ට් වූ ශෝචනීය කලාව ගැන කියන්නට ඒ නිදසුන් ටික හොඳටම ඇති නේද? ප්‍රසිද්ධියේ නම්ගම් ලිවීම සහ කියාපෑම මාධ්‍ය සදාචාරයට හොඳ මදි නිසා අකුරු කරන්නට බැරි වුණාට ශ්‍රී ලාංකේය ගී තරු අතරද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නැතැයි කියන්නට බැරිය. ඇමෙරිකාවේ සුපිරි ගී තරු ගැන ඕපාදූප ටික ලිව්වේ අපේ අය ගැන එහෙම නිදහසේ ලියන්නට අවකාශය නැති නිසාය. නායකයන් මෙන්ම අපේ ප්‍රවීණය කියන සමහර ගී තරුද වේදිකාවට නගින්නේ මත්ද්‍රව්‍ය භාවිත කර යැයි කියන ඕපාදූපය අහන්නට ලැබුණේ අද ඊයේ නොවේය. ළඟකදී මාධ්‍ය කතිකාවකට පැමිණි ප්‍රවීණ සංගීත ශිල්පී ග්‍රේෂන් ආනන්දගේ පුත් මාරියෝ ආනන්ද පවසා සිටියේ,

‘සින්දුවක් කියන්න එන්න කලින් මොනවත් ගන්නෙ එහෙම නැද්ද?’ කියා ප්‍රවීණ ගායන ශිල්පියකු තමාගෙන් ඇසූ බවකි. එක් අයකු නොව කිහිප දෙනකුම ඒ විදියට තමාගෙන් කිහිප විටක්ම අසා ඇති වගක් මාරියෝ කියා සිටියේය. සින්දුවක තාල අල්ලන්නට ගායකයකුට මත්ද්‍රව්‍ය වුවමනා වන්නේ ඇයිද කියන හේතුව තමන්ට හිතාගන්නට බැරි යැයි එම කතිකාව තුළදීම එහු කියා තිබුණේ කනස්සලු හැඟීමෙනි.

ඒ, ‘මොනවත් ගන්නේ එහෙම නැද්ද?’ කියා ඇසූ කතාවේ අරුත අපේ ගායක ගායිකාවන්ද මත් උවදුරට ඇබ්බැහිව සිටිනවා කියන එකද? බොහෝ විට එය නිසැකය. එහෙම නැත්නම් සැක සහිතය. ඒ සැකයට ප්‍රබුද්ධ මෙන්ම ප්‍රබුද්ධ නොවන සුපිරි තරුද ඇතුළත් වන්නට බැරි නැත.

‘ඇයි දන්නේ නැද්ද? පොර සින්දු කියන්න ස්ටේජ් එකට එන්නේ කුඩු ගහලා…’

‘ශාස්ත්‍රීය තාලෙට මිනිහා ඔය අගේට සින්දු කියන්නේ කුඩු අරගෙන. එයා කුඩු පප්පෙක්…’

බස්වල කෝච්චිවල වාගෙම කඩපිලේ කන්තෝරුවේද අද ඒ වාගේ කතා සුලබව ඇහෙන්නේ ඒවා ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන නිසා වෙන්න බැරිද? මාරියෝ ආනන්ද කියනවා වාගේ දක්ෂකම කරපින්නාගත් ගායකයකුට ලස්සනට සින්දුවක් කියන්න මත්ද්‍රව්‍ය ඕනෑද? කුඩු කියන්නේ ඔවුන් ඕනෑකමින් හොයාගෙන යන ඇබ්බැහියක් නොවේද? එය ඔවුන් තම තමන්ගේ සිත් තුළ මවාගත් හීනමානයක් නොවෙයිද? ඒ මොනවා වුණත් එය විනාශයකි. අපරාධයකි. එහෙමත් නැත්නම් මහා ශෝකාන්තයකි.

සොබාදහමට අනුව නම් ලස්සන ගීතවත් හඬක් ලැබෙන්නේ සරස්වතී දේවියගේ බැල්ම නිසාය. විද්‍යාවට අනුව නම් එවැනි සහජ හැකියාවක් ලැබෙන්නේ ජානවල බලපෑමෙනි. ඉතින් ඇඟෙන්ම ආ ඒ උපන් හැකියාව ඔවුන් සතු හොඳම අවිය නොවේද? හඬ හැඩකාර වන්නට, රිදම් එක ගැම්ම කොලිටි වීමට මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිද්ධ වෙන්නේ ඒ සොඳුරු අවියෙහි තියුණු බව හෝ මුවහත මොටවී යෑම නොවෙයිද? එයට ඇබ්බැහි වූවන් එකී සත්‍යය තේරුම් ගන්නේ කවදාද? මත් උවදුර යනු පාට පාට මායාවක් බව වැටහෙන විට එයට ඇබ්බැහි වූවන් විනාශ වී ඉවරය.

ඉතින් අපි කුමක් කරමුද?

අපි බලා සිටිමු. ඒ, මතට ඇබ්බැහි වූවන් විනාශ වන ආකාරය දෙස නොව, මත් පෙත්තක රසය නොදන්නා, ඒ රසය මොන වගේදැයි උරගා බලන්නට වෙහෙස නොවන ගී තරු තම උපන් හැකියාවෙන් අපූරුවට සින්දු කියන ලස්සන දිහාවේ අපි බලා සිටිමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අග්ගල කං ඩෝං පුතා… හෙළේ නගින් ඩෝං පුතා I Sri Lanka Latest News

Next Post

නිවාඩු දාලා උද්ඝෝෂණ කරන ‌සේවකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා! විදුලි බල මණ්ඩලයෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

Load More
මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

නි.ඇමති නාමල් කරුණාරත්නගෙන්ගොවීන්ට වටිනා කියන පාඩමක්, "මම මෙතනට එනකන් දන්නෙ නෑමෙහෙම ප්‍රෝගෑම් එකක් කියලා..." "මේක ඇත්ත ගොයම් ගහක් නෙවෙයි, ගලවන්න...

Read more
බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.