ලංකාවේ දූෂණ හා වංචා පිළිබදව විශේෂ වාර්තාවක් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් පසුගිය සතියේ නිකුත් කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන මෙම වාර්තාව තුළ අඩංගු වන්නේ 2023 වසරට අදාලව රට තුළ තත්ත්වයයි.
වාර්තාව මගින්, දූෂණ වැලැක්වීමට අදාලව රජය විසින් ගෙන එන ලද නව නීති පැසසුමට ලක් කර තිබෙන නමුත්, එම නීති ක්‍රියාත්මක කිරීමේ දී ඵලදායී ලෙස එය සිද්ධ නොවන බවට චෝදනා කර තිබේ.
“රජයේ ඉහළ ම තැන්වල සිට පහළටම දූෂණය ක්‍රියාත්මක වෙමින් පැවතී ම බරපතල ගැටළුවක් බවට පත්ව තිබේ. රේගු නිශ්කාශන කටයුතුවල දී සිට රජයේ ප්‍රසම්පාදනය දක්වා වූ සෑම කටයුත්තක දී ම අල්ලස් ඉල්ලීම සිදු වන බව ජාත්‍යන්තර සමාගම් චෝදනා කරයි”; එක්සත් ජනපද වාර්තාවේ එසේ සදහන්වන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
පාර්ලිමේන්තුව ජූලි මාසයේ දී සම්මත කර ගන්නා ලද නව දූෂණ විරෝධී පනත පිළිබදව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන එකී වාර්තාව පැසසුමකට ලක් කර තිබේ.
කෙසේ වෙතත්, මූල්‍ය අපරාධ සම්බන්ධ සංකීර්ණ නඩු විසදීම සදහා පොලිසියට සහ අධිකරණයට නිසි පුහුණුවක් නොමැති වීම පිළිබදව ද එම වාර්තාව අවධානය යොමු කර තිබේ.
මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියාව සිටි සජීන් වාස්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ පැවති නඩුවක් පසුගිය වසරේ මාර්තු මාසයේ ඉවත් කරගැනීම පිළිබදව ද එම වාර්තාවේ සදහන් ය.
එම නඩුව 2016 වසරේ දී අල්ලස් හා දූෂණ විරෝධී කොමිසම මගින් සජින්ද වාස්ට එරෙහිව පවරා තිබුණේ ඔහු මිහින් ලංකා ප්‍රධාන විධායකව සිටිය දී රුපියල් මිලියන 883 කට ආසන්න මුදලක් අවභාවිතා කර ඇති බවට චෝදනා කරමිනි.