Barbar Azam, Shaheen Shah Afridi, James Neesham, Tim Southee සහ Ish Sodhi වැනි ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් 400කට අධික පිරිසක් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.Sri Lanka Latest News
ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ අදියර සඳුදා අවසන් වීමට නියමිත අතර, සංවිධායකයින් විසින් ලැයිස්තුව ආසන්න වශයෙන් 150 ක් දක්වා අඩු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
වෙන්දේසිය මැයි 16 වැනිදා කොළඹ සුපිරි තරු පහේ හෝටලයකදී පැවැත්වීමට නියමිතය.
ලංකා ප්‍රිමියර් ලීග් 2024 පස්වැනි අදියර මේ වසරේ ජූලි 1 සිට 21 දක්වා පැවැත්වේ.