• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අග්ගල කං ඩෝං පුතා… හෙළේ නගින් ඩෝං පුතා I Sri Lanka Latest News

January 4, 2024
in Exclusive, News
Reading Time: 20 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 වසර සඳහා වන සිරිපා වන්දනා සමය ආරම්භ වුයේ දෙසැ. 26 වැනිදාට යෙදී ඇති උඳුවප් පොහොයත් සමගය. ගෞතම බුදුන්වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටි බව සැලකෙන ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගැනීම සඳහා බෞද්ධ සැදැහැවත්හු මෙන්ම දෙස් විදෙස් වන්දනාකරුවෝද එක්වෙති.(Sri Lanka Latest News)

  1. සිරිපා වාරය සහ අවාරය

උඳුවප් පොහොයෙන් ආරම්භ වන මෙම සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ලබන වසරට යෙදෙන වෙසක් පොහොයත් සමගය. සෑම වසරකම සිරිපා වන්දනා වාරය උඳුවප් පොහොයෙන් ආරම්භ කෙරෙන්නේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සිට සිරිපා මළුව තෙක් වැඩම කරවීමෙන් අනතුරුවය. පැල්මඩුල්ල, රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී නල්ලතන්නිය හරහා උඩමළුව කරා ගමන් කරන පෙරහැර ශ්‍රී ලංකාවේ දිගම පෙරහැර වේ. එය සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම යන පළාත් තුනකට අයත් රත්නපුර, කොළඹ, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හතරක් හරහා ගමන් කරනු ලැබේ.

සුමන සමන් දෙවියන් ශ්‍රී පාදස්ථානයේ වැඩවාසය කරන බව සලකා ‘සමන්ත කූට’ යන නමින්ද ශ්‍රීපාදස්ථානය හඳුන්වයි. මීට අමතරව ‘රත්නගිරි’ යන නමින් ද ශ්‍රීපාදස්ථානය හඳුන්වනු ලබයි.

‘ඇඩම්ස් පීක්’ ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වන ශ්‍රී පාදය බෞද්ධ සැදැහැවතුන්ගේ පමණක් නොව හින්දු හා ඉස්ලාම් බැතිමතුන්ගේ ද පුදබිමකි. ඉස්ලාම් බැතිමතුන් ඔවුන්ගේ දෙවියන් විසින් මෙලොවට මැවූ පළමු පුද්ගලයා වන ආදම්ගේ පාදයේ සටහන එහි ඇති බවට විශ්වාස කරන අතර, හින්දු බැතිමතුන් ශිව දෙවියන්ගේ පාදයේ සටහන එහි ඇති බවට විශ්වාස කරයි.

මැයි මාසයට යෙදෙන වෙසක් පොහොයෙන් පසු නැවතත් දෙසැම්බර් මාසයේ උඳුවප් පොහොය දක්වා වූ කාලය සිරිපා වන්දනාවේ නොයෙදෙන අවාරය ලෙස හැඳින්වේ. සිරිපා සමය අවසන් කෙරෙන්නේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාදස්ථානයේ වූ සලපතල මළුවේ සිට පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය දක්වා නැවත වැඩම කරවීමෙන් අනතුරුවය.

  1. සිරිපා වන්දනාවේ යෙදෙන මාර්ග මොනවාද?

සිරිපා වන්දනාව සඳහා මාර්ග සයක් පමණ ඇති නමුත් බොහෝ දෙනා ප්‍රධාන ප්‍රවේශ මාර්ග තුනක් ඔස්සේ වන්දනාවේ යෙදෙති.

හැටන් – නල්ලතන්නිය මාර්ගය
රත්නපුර – පලාබද්දල මාර්ගය
කුරුවිට – එරත්න මාර්ගය

දැනට වැඩි පිරිසක් සිරිපා වන්දනාවේ යෙදෙන්නේ හැටන් – නල්ලතන්නිය මාර්ගය ඔස්සේය. ගමන් මාර්ගය පහසුවීම හා කෙටි වීම ඊට හේතුවයි. තවත් පිරිස් පැරණි මාර්ග ඔස්සේ සොබා අසිරිය විඳගනිමින් සිරිපා කරුණාවේ යෙදීමට උත්සුක වේ.

හැටන් හරහා පැමිණෙන වන්දනාකරුවන්ට හැටන් නගරය හරහා නල්ලතන්නිය වෙත පැමිණ සිරිපා කරුණාව ආරම්භ කළ හැකිය.

රත්නපුර මාර්ගයේ ගමන් ගන්නා සැදැහැවතුන්ට රත්නපුරයට පැමිණ, පලාබද්දල මාර්ගයේ පලාබද්දල වෙත පැමිණ සිරිපා කරුණාව ආරම්භ කළ හැකිය.

කුරුවිට මාර්ගයේ ගමන් ගන්නා වන්දනාකාරුවෝ කුරුවිට එරත්න ඔස්සේ සිරිපා වන්දනාව අරඹති.

සිරිපා වන්දනාව දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පියගැටපෙළ දහස් ගණනක් නැගිය යුතු අතර සිරිපා උඩමළුව වෙත ළඟා වීමට පැය කිහිපයක් ගතවේ.

  1. සිරිපා වන්දනාව හා බැඳුණු වත්පිළිවෙත් මොනවාද?

සිරිපා වන්දනාව හා බැඳුණු සාම්ප්‍රදායික වත්පිළිවෙත් පවතියි. සිරිපා කරුණා කරන අතරතුර සැදැහැවත්හු තුන්සරණේ කවි හා විවිධ ජනකවි ගායනා කරති. පළමුවර වන්දනාකරු ‘කෝඩුකාරයා’ ලෙස හඳුන්වන අතර ඔහු ‘සීත ගඟුල’ යනුවෙන් හඳුන්වන දොළ පහරෙන් ස්නානය කළ යුතුය. එමෙන්ම බොහෝ වන්දනාකරුවෝ ‘ඉඳිකටු පාන’ යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් දවටා යති.

සිරිපා කරුණාවේ යෙදෙන පිරිස් ඔවුන්ගේ විඩාව නිවාගැනීම සඳහා අග්ගලා වැනි සාම්ප්‍රදායික ආහාර මෙන්ම කොත්තමල්ලි, රණවරා ආදී පාන ද රැගෙන යාමට උත්සුක වන්නේ පැරැන්නන් ද එවැනි ආහාර පාන රැගෙන ගිය බවට ජනප්‍රවාදයේ සඳහන් වන නිසාය.

සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසුකළ යුතු ස්ථාන කිහිපයකි. ඒ, මකර තොරණ, ලිහිණි හෙළ, කටුකිතුල වංගුව, ධර්මරාජ ගල, සීත ගඟුල, ගෙත්තම්පාන, හැරමිටිපාන, අහස්ගව්ව, මහගිරි දඹය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා‍ දොළොස් මහේ පහන ආදියයි.
සිරිපා උඩ මළුවට පැමිණි පසු තමන් ශ්‍රී පාදස්ථානය වන්දනාකර ඇති වාර ගණන අනුව වන්දනාකරුවෝ එහි ඇති ඝණ්ටාරය නාද කරති.

  1. සිරිපා වන්දනාවේ දී භාවිතා කෙරෙන විශේෂ යෙදුම්

සිරිපා කරුණා කිරීමේ දී ‘කට ප්‍රවේශම්කර ගන්නැ’යි පැරැන්නෝ නිරතුරුවම කියා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වී තිබේ. කටමැත දෙඩවීම හෝ පුරසාරම් කියූ පුද්ගලයන්ට සිරිපාදය කරුණා කිරීමට ඉඩ නොලැබුණු පුවත් සහ එවැනි පුද්ගලයන්ට විවිධ අනතුරුවලට මුහුණ දෙන්නට සිදුවී යැයි පැරැන්නනන් පැවසූ බව සිරිපා අඩවියේ වැඩිහිටියෝ පවසති.

සිරිපා වන්දනාවේ යෙදෙන විට ආදි කාලයේ සිට භාවිත කළ ඇතැම් වචන තවමත් අපේ බස් වහරේ අඩංගු වේ. එලෙස භාවිත කරන වචන කිහිපයක් සහ ඒවායේ තේරුම් පහත දැක්වේ.
කරුණාවයි – සිරිපා වන්දනාවේදී තම නඩයේ සේම වෙනත් නඩයක පිරිස සමග ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හිදී ආශීර්වාද කරගන්නේ ‘කරුණාවයි’ කියමිනි. මෙමගින් ගමනේ විඩාව නිවෙන බවට විශ්වස කෙරෙයි

නඩේ ගුරා – ඈත අතීතයේ පටන් දුෂ්කර වූ සිරිපා කරුණාවේ දී නඩයක් එකතුකර ගන්නා පුද්ගලයා ‘නඩේ ගුරා’ ලෙස හඳුන්වයි. වන්දනාවේ යන කණ්ඩායම ‘නඩය’ ලෙස හඳුන්වන අතර, නඩේ ගුරා විසින් නිසි පිළිවෙත් ඉටු කරමින්, නඩයට නායකත්වය ලබාදෙමින් සිරිපා කරුණාව සිදුකරනු ලබයි.

සංහිඳේ – සිරිපා කරුණාවේ දී මග අවහිර වන විටදී ඉතා සුහදශීලී ලෙස තවත් අයකුගෙන් ඉඩ ඉල්ලන්නේ ‘සංහිඳේ’ ලෙස අමතමිනි.

‘දෙන්න අපට සංහිඳේ
දුන්න අයට පිං පිරේ…’

කෝඩුකාරයා – පළමුවරට සිරිපා කරුණා කරන අය හඳුන්වන්නේ ‘කෝඩුකාරයා’ ලෙසිනි. කෝඩුසිරිපා කරුණාව වලංගු වන්නේ සිරිපා වාරයේ කරුණා කිරීමෙන් පමණි.

කිරිකෝඩු – ප්‍රථම වරට සිරිපා වන්දනා ගමනට එක්වන කුඩා දරුවකු හෝ දැරියක හඳුන්වනු ලබන්නේ ‘කිරි කෝඩු’ ලෙසිනි.

දඬුකෝඩු – ප්‍රථම වරට සිරිපා වන්දනා ගමනට එකතුවන වැඩිහිටියකු හඳුන්වන්නේ ‘දඬුකෝඩු’ ලෙසයි.

පේවීම – වන්දනාකරුවන් සිරිපතුල වඳින්නට පෙර පිරිසිදු වීම ‘පේවීම’ ලෙස හැඳින්වේ. හිසේ දෙහි කැබැල්ලක් ගා, සීත ගඟුලෙන් නා, සුදු පිරුවටයක් ඇඳිය යුතුය. එලෙසම මස්මාංශ අනුභව නොකර පෙර සිටම මෙම ගමනට සූදනම් විය යුතුය.

ඉර සේවය – හිමිදිරි පාන්දර නැගෙනහිරින් හිරු උදාවීම සිරිපා උඩ මළුවේදී හඳුන්වන්නේ ‘ඉර සේවය’ ලෙසිනි. මෙම ස්වභාවික සිදුවීමේදී සිරිපා කන්දේ සෙවනැල්ල ත්‍රිකෝණාකාරව බටහිර ප්‍රදේශයට පතිත වෙයි.

සිරිපා කරුණාව ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

දෙසැ 26 ඇරඹෙන සිරිපා වන්දනා සමය 2024 වසරේ මැයි මස 24 වැනි දින දක්වා පවත්වන බව රත්නපුරේ දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න පවසයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කර සිටින්නේ සිරිපා වන්දනා සමය පිළිබඳ නියෝග ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

  1. වන්දනාකරුවන්ට පනවා ඇති රෙගුලාසි

සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන්, වෙළඳාම්කරුවන් සහ සේවා සැපයීමට සූදානම් වන පිරිස් අනුගමනය කළ යුතු රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අස්සනින් යුතුව නිකුත්කර තිබේ.

  1. නවාතැන් ගැනීම

එහි පළමු රෙගුලාසිය ලෙස සිරිපා අඩවියේ තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යෑම සිදු නොකළ යුතුය. නවාතැන්පොළවල් ලෙස භාවිත කළ යුත්තේ ලිහිණිපොළ, පලාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගගුල, මැදහින්න, ඉඳිකටුපාන යන විශ්‍රාමශාලා සහ අම්බලම් බව එම ගැසට් නිවේදනයේ සඳහන්ය.

  1. ගොඩනැගිලි ඉදිකිරීම

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියකුගේ අවසරයකින් තොරව සිරිපා වන්දනා සමය තුළදී එම භූමි ප්‍රදේශයේ ස්ථිර, තාවකාලික ගොඩනැගිල්ලක් හෝ නවාතැන්පොළවල් ඉදිකිරීම තහනම් කර තිබේ.

  1. යාචකයන්

සිරිපා මළුව හෝ අම්බලම් ආශ්‍රිතව සිඟමන් ඉල්ලීම හෝ සිඟමන් ලබාදීම හෝ බෙදාදීම් තහනම් කොට ඇත.

  1. නෑම සහ සේදීම

වන්දනාකරුවන් දියනෑම හෝ රෙදි සේදීම සඳහා භාවිතා කළ යුත්තේ දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන විසින් නම්කර ඇති ආරක්‍ෂිත ස්ථානවල පමණක් ලෙස දැනුම් දී තිබේ. පෞද්ගලික ආයතන විසින් වන්දනාකරුවන්ගේ පහසුව පිණිස දිය නෑමට හෝ රෙදි සේදීම සඳහා පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතනවලින් ලිඛිත අවසරයන් ලබාගත යුතුවේ.

  1. වාහන සහ ගමන් මාර්ග

ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතන විසින් වෙන්කර ඇති ස්ථානවල හැර අනෙකුත් ස්ථානවල වාහන නැවැත්වීම සපුරා තහනම් කර තිබේ.

වන්දනා සඳහා වෙන්කර තිබෙන ප්‍රධාන මාවත් වන්නේ රජමාවත (පලාබද්දල මාර්ගය), හැටන් නල්ලතන්නි මාර්ගය හා කුරුවිට එරන්ත මාර්ගය බව දැනුම් දී සිටියි.

  1. පරිසරය හා සනීපාරක්ෂාව

වන්දනාකරුවන් විසින් ශ්‍රී පාදස්ථාන මළුව, වන්දනා මාර්ගය හෝ විශ්‍රාම ශාලාවන් හා ඒ අවට පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර නොකිරීමට වගබලා ගන්නා ලෙස දැනුම්දී ඇත.

ශ්‍රී පාද අඩවිය තුළ ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල හෝ ගිනි දැල්වීම සිදුනොකළ යුතුය.

එමෙන්ම වන්දනා කාලය තුළදී අපද්‍රව්‍ය බැහැර කිරීම සහ වන්දනා මාර්ගයේ වූ අත්වැට විෂබීජහරණයට ලක්‌කිරීමේ වගකීම පළාත් පාලන ආයතන වෙත පවරා ඇත.

  1. වෛද්‍ය පහසුකම්

පෞද්ගලික ආයතන පැවැත්වීමට අදහස් කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහ පළාත් පාලන ආයතනවල නිසි අනුමැතිය ලබාගත යුතුවේ.

  1. වෙළෙඳාම සහ දන්සැල්

සිරිපා මළුව, විශ්‍රාම ශාලා පිහිටි ප්‍රදේශ මෙන්ම වන්දනා මාර්ගයේ සංචාරක වෙළෙඳාම තහනම් කර තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරයා හෝ වෙනත් බලයලත් නිලධාරියෙකු ලබාදී ඇති අවසරය ඇති ස්ථානවල හැර වෙනත් කිසිදු ස්ථානයක පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය විකිණීම තහනම් වේ. එමෙන්ම මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය විකිණීම, වෙළෙඳසල්වල තබාගැනීම හෝ වන්දනා මාර්ගයේ රැගෙන යාම තහනම් කර තිබේ. සෑම වෙළෙඳසලක සහ ගොඩනැගිල්ලක කසළ බඳුනක් තැබීම අනිවාර්ය කර ඇත.

දන්සල් ලබාදීමට නම් පවතින සෞඛ්‍ය තත්ත්වයන්ට අනුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියකුගේ පූර්ව අවසරයක් මත පමණක් සිදුකළ යුතුවේ.

  1. වසංගත තත්ත්වයන්

රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිරිපා වන්දනා කටයුතුවල නියැලීම සිදුකළ යුතුවේ.

ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රීපාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.

  1. ශ්‍රී පාද අඩවියේ පරිසර විද්‍යාත්මක වැදගත්කම

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ශ්‍රීපාදය ආශ්‍රිත නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, ‍ලෝක උරුමයක් ‍ලෙස නම්‍‍‍කොට ඇති වනයකි. රක්ෂිතය අවේනික ශාක විශේෂ මෙන්ම කෘමීන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන්, සහ ක්ෂීරපායීන් ඇතුළු සුවිශේෂ, දුර්ලභ ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

ශ්‍රී පාද අඩවියට පරිසර විද්‍යාත්මක වශයෙන් ද ඉතා ඉහළ වටිනාකමක් ලැබේ. ශ්‍රී ලංකාවේ උරගයන් සහ උභයජීවීන්ගේ වැඩිම විවිධත්වය සහිත පරිසර පද්ධතිය ශ්‍රී පාද අඩවියයි.
එමෙන්ම ශ්‍රී ලංකාවට අවේණික කුරුලු විශේෂ සියල්ලම වාර්තා වන එකම පරිසර පද්ධතිය ද මෙය වේ. මෙය පහතරට තෙත් කලාපීය වනාන්තර සිට වලාකුළු වනාන්තර දක්වා අඛණ්ඩ වන වැස්මක් දක්නට ලැබෙන පරිසර පද්ධතියක් වීම තවත් විශේෂත්වයකි.

කළු සහ කැලණි යන ප්‍රධාන ගංගා දෙක සමනල අඩවියෙන් ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපය තුළ විශාලම අලි ගහනය සමනල අඩවිය තුළ ජීවත් වේ. එමෙන්ම තවමත් සොයා නොගත් ජීව විශේෂ සමනල අඩවිය තුළ වෙසෙන බවට පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.

  1. ගෙන යන දේ නැවත ගෙන එන්න

සිරිපා කරුණා කරන ඇතැමුන්ගේ නොමනා ක්‍රියා කලාපය නිසා අද වන විට පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය ටොන් ගණනින් තැන තැන එකතු වී, මේ සුවිශේෂ පාරසරික පද්ධතිය විනාශයට ලක්වන අයුරු ශ්‍රී පාද වන්දනා සමයේ දී දැකගත හැකි බව පරිසරවේදීන් පවසයි.

පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභා සේවකයන්, මධ්‍යම පරිසර අධිකාරිය, ආරක්ෂක අංශ, ස්වෙච්ඡා සේවකයන් මෙන්ම ඇතැම් තරුණ තරුණියන් ඉටුකරන මෙහෙය බෙහෙවින් අගය කළ යුතු බවට ඔවුන් පවසයි.

BBC සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ඔන්ලයින් පනත ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට ගේන්න පොලිස් ඇමැති ලෑස්ති වෙයි! කිසිම බලපෑමකට මම යටත් වෙන්නේ නෑ! අඩියක්වත් පස්සට තියන්නේ නෑ! PHOTOS I Sri Lanka Latest News

Next Post

බීලා විනාශ වෙන ලෙඩේ අපේ කලාකාරයොන්ටත් බෝ වෙයිද? I Sri Lanka Latest News

MORE NEWS

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!
Exclusive

අඩු කළා..! අඩු කළා..! සතොසට ගියොත් සතොසින් එන්න පුළුවන්! I Sri Lanka Latest News

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

Load More
මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

පසුගිය කාලයේ රටට සිදුවූ සෑම ජාතික ව්‍යසනයක් සම්බන්ධයෙන්ම විපක්ෂනායක සජිත් කල් තියා දැක ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ බව වෘත්තීයවේදීන්ගේ සහ...

Read more
රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!

අඩු කළා..! අඩු කළා..! සතොසට ගියොත් සතොසින් එන්න පුළුවන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.