• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටි මෙල්ල කරන්න JR ගෙනා PTA එකෙන් රනිල් අන්තරේ මෙල්ල කරන හැටි…!

August 29, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
කොටි මෙල්ල කරන්න JR ගෙනා PTA එකෙන් රනිල් අන්තරේ මෙල්ල කරන හැටි…!
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය 2009 වසරේ මැයි මාසයේදී නන්දිකඩාල් කළපුවෙන් නිමාකර දමූ බවට උදම් අනමින් සිටින පෙරදිග මුතුඇටයෙන් යළිත් ත්‍රස්තවාදය පිළිබඳ කතා ඇසෙන්නට පටන් ගෙන තිබේ. ලංකාවේ සමාජ මාධ්‍ය, ජනමාධ්‍ය ඔස්සේ පමණක් නොව ලංකාව ගැන උනන්දුවක් දක්වන විදෙස් මාධ්‍යවල පවා ලංකාවේ ත්‍රස්තවාදය සහ ඊට එරෙහිව පවත්වාගෙන යන අණ පනත් පිළිබඳ මේ දිනවල නිතර කතාබහ කරයි. ඊට හේතුව කලකට පෙර ජාතිකවාදී දේශපාලනඥයන් සිය පැවැත්ම උදෙසා නිර්මාණය කළ උදාන පාඨයක් වූ ‘කොටි නැඟිටීම’ යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් ලංකාවේත්, ලංකාව ගැන කතාකරන ලෝකයේත් අවධානය යළි ‘ලංකාවේ ත්‍රස්තවාදය’ දෙසට යොමුවීමට හේතුව පසුගිය වසර කිහිපයේ පුස්කමින් තිබූ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ’ පනත සක්‍රීය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කිරීමය.

දශක ගණනාවක් තිස්සේ ලෝකය හමුවේ ශ්‍රී ලංකාව හෑල්ලුවට පත්කළ මෙකී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු 1979 දී ජේ.ආර්. ජයවර්ධන රජය විසින් තාවකාලික පදනමින් හඳුන්වා දුන් එකකි. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලෙසින් ගෙන ආ එකී පනත 1982 අංක 10 දරන සංශෝධිත පනත ලෙසින් පසුකාලයක ස්ථිර පනතක් ලෙස සම්මත කරගන්නා ලදී. අනතුරුව 1988 අංක 22 දරන සංශෝධිත පනත ලෙස බලාත්මක වූ මෙකී පනත උතුරු – නැගෙනහිර යුද සමයේ ත්‍රස්තවාදීන්ට වඩා සිවිල් සමාජය වඩාත් බියගැන්වූ මර උගුල විය.

ත්‍රස්ත්වාදය වැළැක්වීමේ පනත ජේ.ආර් ජයවර්ධන රජය හඳුන්වා දෙනුයේ ද්‍රවිඩ බෙදුම්වාදීන්ගේ ත්‍රස්ත ක්‍රියා මැඬීමට වුවත් ඉන් සැබැවින්ම වඩාත්ම පීඩාවට පත්වූයේ උතුරු – නැගෙනහිර සිවිල් සමාජය බව නොරහසකි. මෙකී පනත මගින් පොලීසියට පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට, විමර්ශනය කිරීමට, රඳවා තබාගැනීමට අසීමිත බලයක් ලැබෙන අතර එකී බලය නිසා අදටත් විශාල පිරිසක් චෝදනා ගොනුකිරීමකින් තොරව රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටිති. ඇතැම් පුද්ගලයන් වසර දහය පහළොව මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා ගැනීමෙන් ඔවුන්ගේ පවුල් සබඳතා බිඳවැටී වෙනමම කතා කළයුතු මානව ඛේදවාචකයක් නිර්මාණය වී ඇත.

මේ පනතේ ඇති අගතිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර රඳවාගැනීමට ඇති ඉඩකඩ පමණක් නොවේ. ඉන් එහා ගිය බරපතළ කරුණු එහි වෙයි. ඉන් එකක් ලෙස අත්අඩංගුවට පත් සැකකරුවෙක් ඉහළ පොලිස් නිලධාරියෙක් ඉදිරිපිට කරන පාපොච්චාරණය අධිකරණයේදී ඔහුට එරෙහි සාක්ෂියක් ලෙස පිළිගන්නට අවැසි ප්‍රතිපාදන මෙම පනතේ අඩංගු වීමය. ගොරකා දඩමස් කරන්නට නම් දැරූ පොලීසියක් සිටින රටක මෙවන් පනතක් කෙතරම් හානිදායක දැයි අමුතුවෙන් කිවයුතු නොවේ.

එලෙස සැකකරුවන් අමානුෂික වධ බන්ධනයට ලක්කරමින් ලබාගන්නා ප්‍රකාශ සාක්ෂි ලෙස ඉදිරිපත් කරන බව මේ පනතට එරෙහිව කරුණු දක්වන දෙස් විදෙස් මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ කලක සිට පවසති. මෙම කරුණ සම්බන්ධව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වැඩබලන පොලිස්පති ධුරය දැරූ සමයේ ඔහු වෙත ලිපියක් යොමුකරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශන භාර කොමසාරිස් රමණී මුත්තෙට්ටුවේගම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට තම වරද පිළිගන්නා බවට ප්‍රකාශ කරන මෙන් පොලිස් නිලධාරීන් බලකරන බවත්, සැකකරුවන් පොලිස් මූලස්ථානයට ගෙන ගොස් කලින් ලියා තිබෙන ප්‍රකාශවලට අස්සන් කිරීමට බලකරන බවට තම ආයතනයට තොරතුරු ලැබී ඇති බවත් කියා සිටී.

කෙසේ වෙතත් මේ හදිසියේ ලංකාවේ බොහෝ දෙනකුට ත්‍රස්ත්වාදය වැළැක්වීමේ පනත සහ එහි බිහිසුණු බව සිහිවීමට හේතුව එහි ඇති ඉහත සඳහන් මිනිස්කමට නිගා දෙන වගන්ති හෝ නීති රීති නොවේ. එමෙන්ම මෙකී පනතින් ලාංකේය ද්‍රවිඩ සහෝදර ප්‍රජාව පත්වූ පීඩාවන්ද නොවේ. එසේ නම් නින්දෙන් අවදි වූවා සේ මුළු ලංකාවම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතාකරන්නට හේතුව කුමක්දැයි අප සිතා බැලිය යුතුය. සැබැවින්ම ඊට හේතුව අද වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් දඩයක්කරු දඩයම බවට පත්කරගෙන තිබීමය.

මෙතුවක් කල් මෙම පනතේ අතිමහත් බහුතර වින්දිතයන් ප්‍රමාණයක් නියෝජනය කළේ මෙරට ද්‍රවිඩ ප්‍රජාවය. එහෙත් මේ සතියේ ඊට බිලිවූ තිදෙනාම නියෝජනය කරනුයේ බහුතර සිංහල බෞද්ධ ප්‍රජාවය. ඒ මදිවාට ඒ අතර බෞද්ධ භික්ෂුවක්ද සිටී. ඒ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියෝය. අනෙක් දෙදෙනා වනුයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ හසන්ත ජීවන්ත ගුණතිලකය. මේ තිදෙනා දින 90ක රැඳවුම් නියෝග මත තංගල්ල බන්ධනාගාරයේ රඳවා ඇත. පසුගිය මාස හතරක කාලයේ රටේ නිතරග වීරයන් බවට පත්ව සිටි අරගලකරුවන් තිදෙනෙක් මේ ආකාරයෙන් ඩී.ඕ. ගසා තුන් මාසයක් රඳවා ගැනීම වූ කලී අරගලය නිසා ඉමහත් උත්තේජනයකට ලක්ව සිටි ලාංකේය සමාජය උස්සා පොළොවේ ගැසීමක් බඳු අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් මේ ආකාරයේ රඳවාගැනීමේ නියෝග නැතහොත් ඩී.ඕ. ගසා අදටත් බන්ධනාගාරවල දුක් විඳින ද්‍රවිඩ ජාතික රැඳවූවන් දහස් ගණනක් සිටින බව අප අමතක නොකළ යුතුය. ඒ රැඳවූවන් වෙනුවෙන් උගුර අඬවන්නට මැළිවූ සිංහල බෞද්ධ සමාජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනුවෙන් පාදඩ පනතක් බුදුන් වැඩි රාජ්‍යයේ ක්‍රියාත්මක වූ බව ප්‍රථම වරට වටහා ගෙන තිබේ.

ලාංකිකයන් අතීතයේ මෙම පනත උපේක්ෂා සහගතව විඳදරා ගත්තේ අතීතයේ මෙහි වින්දිතයන් අන්‍ය භාෂාවක් කතාකරන ප්‍රජාවක් වීම නිසාය. එහෙත් දියුණු ලෝකයේ රටවල් බහුතරයක් මෙකී පනතට අතීතයේ සිටම විරුද්ධ විය. ඒ, බි්‍රතාන්‍යය, කැනඩාව, ඇමෙරිකාව, නෝර්වේ එවැනි රටවල් කිහිපයකි. ඊට අමතරව සංවිධාන රැසක්ද ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එදා සිටම විරුද්ධ විය. යුරෝපා සංගමය, එක්සත් ජාන්තීන්ගේ මානව හිමිකම් කොමිසම එවැනි ආයතන දෙකකි. වරක් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සිය ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි කිරීමටද මෙම පනත ප්‍රධාන හේතුව විය. එදා ලංකාවේ ජාතිකවාදී දේශපාලනය සහ රාජපක්ෂ රෙජීමය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි බටහිර ලෝකයේ විරෝධය හැඳින්වූයේ ‘මවුබිමේ ස්වෛරීත්වයට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ’ ලෙසින්ය. යහපාලන රජය කාලයේ මෙකී පනත අහෝසි කරන්නට උත්සාහ ගත් අතර එය ඍජුවම රට පාවාදෙන්නක් ලෙස සියලු ජාතිකවාදී බලවේග විසින් හඳුන්වන ලදී. ත්‍රස්තවාදය පරාජය කළ බවට උදම් අනන සමාජයක මතු ප්‍රයෝජනයන් උදෙසා අන්තරායකර පනතක් ‘කල් තබාගැනීමට’ හරිහමන් විරෝධයක් නොපෑමේ ප්‍රතිඵලය අද ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය භුක්ති විඳිමින් සිටී.

අන්තරේ කැඳවුම්කරු දින 90ක් රඳවා ගැනීමට ලංකාවේ ආණ්ඩුව උත්සාහ කරන බව දුටු ලෝක නායකයෝ ඊට එරෙහිව නිවේදන නිකුත් කරනට වූහ. වසන්ත මුදලිගේ, ජීවන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පැවැසුවාය. ඇමෙරිකානු තානාපතිනි ජූලී චංග්ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයේ නීති භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සෝදාපාළුවට ලක්විය හැකි බවට අනතුරු ඇඟවූවාය. ඊට අමතරව එංගලන්තය, නෝර්වේ ඇතුළු රටවල්ද, යුරෝපා සංගමය වැනි ආයතනද අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිස රැඳවුම් නියෝගමත රඳවා තැබීම හෙළාදැක ඇත. මෙකී හෙළාදැකීම් හුදු මනුෂ්‍යත්වයට එරෙහි පනතකට එරෙහිව කරන ලද ඒවා ලෙස වටහා ගන්නට අප බුද්ධිමත් විය යුතුය. ලියුම්කරු එසේ පවසනුයේ මෙකී ප්‍රකාශ අරගලය සහ එහි ක්‍රියාකාරීන් විනිශ්චය කිරීමක් ලෙස ඇතැමුන් දැනටමත් හඳුන්වන්නට පටන් ගැනීම නිසාය.

ත්‍රස්තවදය වැළැක්වීමේ පනත ත්‍රස්තවාදීන්ට වඩා දේශපාලන වශයෙන් විරුද්ධවාදීන් මර්දනය කිරීමට යොදාගත් මුල්ම අවස්ථාව මෙය නොවේ. වරක් විශේෂාංග ලිපියක් ලිවීම සඳහා දෙනියාය ප්‍රදේශයට ගිය ‘ලංකා’ පුවත්පතේ රවීන්ද්‍ර පුෂ්පකුමාර, ශාලික විමලසේන සහ දයා නෙත්තසිංහ යන පුවත්පත් කලාවේදීන් තිදෙනා දෙනියාය පොලීසිය විසින් අත් අඩංගුවට ගත්තේද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. අනතුරුව ඔවුන්ට රාජ්‍ය නායක මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල කරන ලදී. එහෙත් එම මාධ්‍යවේදීහු පොතේ හැටියටම රාජකාරිය කර තිබුණේය. ඔවුහු අගිය තැන් සියල්ලේම තොරතුරු සිය සටහන් පොත්වල සටහන් කර තිබිණි. ඊට අමතරව මේ ආටල්පහුරු චෝදනාවට මුහුණදී පොලිසිය ‘නොකවුට්’ කිරීමට මාධ්‍යවේදීන් සූදානමින් සිටි නිසාත් පොලීසිය මඳක් පසුබා සිටියේය. දින කිහිපයකට පසු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගත් පිරිසට පැනවූ නඩුව අයුතු ඇතුළුවීම යන චෝදනාව යටතේ පමණක් ඉදිරියට ගෙන යාමට කැමැත්ත පළකළ පොලිසිය ඉන්ද නොනැවතී සිද්ධිය සමථ මණ්ඩලයේදී විසඳා ගැනීමටද එකඟ විය. රාජ්‍ය නායක ඝාතන චෝදනාව සමථ මණ්ඩලය දක්වා පසුබැස්සවීමට පොලීසිය සූදානම් වුවද විත්තිකාර මාධ්‍යවේදීහු ඊට එකඟ නොවූහ. ඔවුන් නඩුවට නොපැකිලව මුහුණ දීම නිසා පොලීසිය ගලේ පැහැරූ බළල් තඩියකුගේ තත්ත්වයට පත්විය. අවසානයේ වසර හතකට අසන්න නඩු විභාගයකින් පසු මාධ්‍යවේදීන් අධිකරණයෙන් නිදහස් විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කළ මෙවැනි අවස්ථා ඕනෑ තරම්ය.

එදා උතුරු නැගෙනහිර මවුපියන් බියගැන්වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අද දකුණේ මවුපියන් බිය කරමින් සිටී. එදා ත්‍රස්තවාදය වළක්වන්නට අත්‍යාවශ්‍යම ‘ටූල්’ එකක් ලෙස දකුණේ ඇත්තන් එක හෙළා පිළිගත් ත්‍රස්තවාදය වැළැක්වීමෙ පනත අද අරගලකරුවන් දඟගෙයිලන්නටද ‘ටූල්’ එක වී ඇත්තේය. පොදු සතුරා හඳුනාගෙන ඊට එරෙහිව එකම පෙරමුණක සිට සටන් කිරීමට උතුරේ සහ දකුණේ අරගලකරුවන් කටයුතු නොකිරීම නිසා එකම මුගුරෙන් දෙපැත්තටම තළන්නට බලලෝභී ආණ්ඩු කටයුතු කරමින් සිටී. සැබෑ සිස්ටම් චේන්ජ් එක යනු මෙන්න මේ සැබෑ සතුරා හඳුනාගෙන උතුරු දකුණු බළමුළු එක පෙරමුණකට එක්ව මිනිස් අයිතීන් වෙනුවෙන් සටනට පිවිසීමය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සහජාත පියා ජේ.ආර්. ජයවර්ධනය. ජේ ආර් මේ පනත ගෙන ආ කාලයේ ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමග දරුණු ගැටුමකට පැටලී සිටියේය. පසු කලක ජනපති ධූර හෙබවූ ආර්.ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරණතුංග මහින්ද රාජපක්ෂ, යන සුළු මව් පියවරුන් ද කිසි වෙනස් කමක් නොකර ජේ ආර් ගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නම් දරුවා රැක බලා ගත්තේය. එහෙත් ඒ සෑම කලයකම උතුරේ පමණක් නොව දකුණේද ගැටුම් බහුලව තිබුණේය. වෙඩි තැබිම්, බෝම්බ පිපිරවීම් වාර්තා නොවූ දිනයක් නැති තරම් ය. එහෙයින් එකි ක්‍රියා මැඩලීමටයයි කියමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පවත්වාගෙන යාම සක ඉන් වැඩ ගැනීම සිදු විය. එහෙත් අද රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඔහු ජේ.ආර් ගේ බෑණාය. නමුත් අද වන විට උතුර මෙන්ම දකුණද සන්සුන් ය. යුද්ධයක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැත්තේමය. එහෙත් ජේ.ආර් ගේ බෑණා ත්‍රස්තවදය වැළැක්වීමේ පනත තවමත් දැඩිව වැළඳගෙන සිටී. අවාසනාවට ඔහු එය භාවිත කාරනුයේ නිරායුධ අන්තරේ සාමාජිකයන් මඩින්නටය.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

එළියට එන්න පැය කිහිපයකට කලින් රන්ජන් ගහපු ගේම් එක…

Next Post

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

MORE NEWS

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Load More
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට...

Read more
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.