හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ මංගලෝත්සවය අද (12) පැවැත්‌වේ.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසු පෝරුවේ චාරිත‍්‍ර ඥාතීන්ගේ පමණක් සහභාගීත්වයෙන් එහිදීම සිදු කරන අතර විවාහ මංගල උත්සවය මැදමුලනේදී පැවැත්වෙන්නේ පස්වරුවේදීය.
නාමල්ගේ මංගල උත්සවයට අමතරව අද අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ දියණියගේ මංගල උත්සවයද පැවැත්වේ.











