අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයකු ඊයේ (12) රාත්‍රියේදී විශේෂ පණිඩුඩයක් රැගෙන කතානායක කරු ජයසූරිය මහතාගේ නිල නිවෙසට ගොස් ඒ මහතා මුණගැසී සාකච්ජා පවත්වා ඇති බව දැනගන්නට ඇත.
ඊයේ (12) රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ පැවැති පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමෙන් පසු අගමැතිවරයාගේ මෙම විශේෂ නියෝජිතයා කතානායකවරයා හමුවීමට ගොස් තිබීම විශේෂ සිදුවීමකි.
මෙම හමුවේදී එම විශේෂ නියෝජිතයා කතානායකවරයාට ලබා දුන් තීන්දුව කුමක්ද යන්න දැනගන්නට නැතත් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක පණිවුඩයක් එසේ ලබා දී ඇති බව වාර්තා වේ.