• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රත්තරං දැක්කම මන්තරය අමතක වෙලා ගල් දොර වැහුණා…

September 20, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රත්තරං දැක්කම මන්තරය අමතක වෙලා ගල් දොර වැහුණා…
Share on WhatsAppShare on Facebook

නිදන් හාරන්න ගොස් ලැබූ අතිබිහිසුණු අත්දැකීමක්…

ඉතිහාසයේ විසූ විවිධ පාලකයන් තමන් සතු ධනය, මුතු මැණික්, රන් රිදී ආරක්ෂා කරනු පිණිස විවිධාකාරයෙන් නිදන් කිරීම, සඟවා තැබීම සිරිතක්ව පවත්වාගෙන පැමිණ ඇති අතර ඒ ඒ යුගයන්ට අනුව එලෙස වස්තුව ආරක්ෂාව උදෙසා විවිධ ක්‍රමෝපායන්ට අනුව තැන්පත් කිරීම සිදුකොට තිබේ. ඒ සියලු තැන්පත් කිරීම් නිදන් ලෙස හැඳින්වෙන අතර ඒ ඒ දෑ පිළිබඳ ඉපැරැණි පොතපතෙහි සඳහන් කරන්නටත් එම තැන්පත්කරුවන් කටයුතු කර තිබෙන අවස්ථා දක්නට ලැබේ.

එවැනි සටහන් නිදන් වදුල ලෙසද හඳුන්වන අතර යම් අයකු එසේ තම වස්තුව නිදන් කිරීමේදී එහි ආරක්ෂාවට බහිරවයකු නිර්මාණය කරන බවත් ඒ හා බැඳුණු අපූරු කතාත් ජනප්‍රවාදයේ එයි. ඉන් එක් කතාවකට අනුව එම වස්තුව හිමිකරුවන් තම වස්තුව නිදන් කිරීමට සුදුසු ස්ථානයට ගෙන ගොස් එය ආරක්ෂා කළ හැකි හැඩිදැඩි පුද්ගලයකුද එම ස්ථානයට කැඳවයි. පසුව එම වස්තුව අදාළ පුද්ගලයාට භාරදී වස්තුව නිසි පරිදි ආරක්ෂා කළහොත් ඉන් අඩක් ඔහුට ලබාදෙන බව පවසා වස්තු හිමියා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් පෙර කී පුද්ගලයාට රහසින් පැමිණ ඔහුගේ ගෙල සිඳ මරාදමනු ලබයි. වස්තුව ආරක්ෂා කරගැනීමේ අදහසත්, වස්තුවට ඇති ආශාවත් නිසා එම තැනැත්තා බහිරවයකු වී අදාළ වස්තුව ආරක්ෂා කරන බවට පැරැණි ජන සමාජයේ විශ්වාසයක් වෙයි. මේ හේතුව මත යම් කෙනකු යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කර නිදානයක් ගතහොත් ඉන් අඩකින් පින්දහම් සිදුකළ යුතු බවටද බොහෝ අය අතර මතයක් වේ. එම පින් බහිරව ජීවිතයක් ලබා සිටින පුද්ගලයාට අනුමෝදන් කර යහපත් ආත්මයක් ප්‍රාර්ථනා කළ යුතුය යන්නත් ඇතැම් අය අතර විශ්වාසයක් වෙයි.

එලෙස සඟවා තැබූ නිදන් විවිධාකාරයේ යන්ත්‍ර මන්ත්‍ර භාවිතයෙන් ලබාගැනීම එදා මෙන්ම අදත් දක්නට ලැබෙයි. ඇතැම් අය රහසේ කරන මෙම කටයුත්ත නීති විරෝධී කාර්යයක් වුවද නිදන් ලබාගැනීම සම්බන්ධ විවිධ කතා පුවත් ජන සමාජය තුළ විවිධාකාරයෙන් ඇසෙයි. එසේ ඇසෙන කතා පුවත් අතර ඇතැම් සිදුවීම් අතිශය බියජනක අත්දැකීම් වේ.

දැනට වසර ගණනාවකට ප්‍රථම එක්තරා ප්‍රසිද්ධ ගුරුන්නාන්සේ කෙනකු සමග නිදානයක් ලබාගන්නට ගිය පුද්ගලයකු කිසිවකුටත් නොකියා සඟවාගෙන සිටි කතාවක් හෙළි කළේ මෙලෙසිනි.

මට එතකොට වයස අවුරුදු 19යි. ඒ, දැනට අවුරුදු හැටකට කලින්. ඒ කාලේ මං හොඳ හයිහත්තිය ඇති ඉලංදාරියා. තනියෙන් කළු ගලක් වුණත් පෙරළන්ට ඇහැකි ශක්තියක් අපට තිබුණා. කෑවෙ කොස්, දෙල්, අල, බතල. දැන් වගේ වස විස කෑවෙත් නැහැ නොවැ. ඉතින් හොඳ හයි හත්තිය ඇතිව බේතක් හේතක් නැතිව යසට උන්නා. ඔය සන්දියෙ අපේ ගමේ හිටිය වෙද මහත්තැන් කෙනෙක්. මං එයැයි ළඟ ආවතේවකම් කරන්නත් යනවා. දවසක් ඔහොම ගිය වෙලාවක වෙද මහත්තයා ඇහුවා ‘බණ්ඩා මනාප නැද්ද ලොකු සල්ලිකාරයෙක් වෙන්ඩ?’ කියලා. මං කිව්වා මනාපයි කියලා. ඒ ගමන ඇහුවා නිදානයක් තියෙනවා ගමුද කියලා. සල්ලි තණ්හාවට නොවුණත් මං කැමැති වුණා. වෙද මහත්තය කිව්වා මං සේරම ලෑස්ති කරගෙන කියන්නම් කියලා.

දවස් ගානකට පස්සෙ දවසක් වෙද මහත්තයා මට ගමනට කතා කළා. වෙද මහත්තයගෙ මස්සිනා කෙනකුත් ගමනට සම්බන්ධ වුණා. අපි තුන්දෙනාගේ උදව්වට වෙද මහත්තයාගෙ ගෙදර හිටපු ගොළු මනුස්සයත් ආවා. අඩුම කුඩුම අරගෙන රෑ දහයට විතර කට්ටියම කැලේට ගියා. ලොකු ගලක් ළඟ නතර වෙලා පූජාව පටන් ගත්තා. සෑහෙන වෙලාවක් එක එක මන්ත්‍ර කියමින් දුම් අල්ලමින් වෙද මහත්තයා ගල දිහා බලමින් හිටියා. පස්සේ මට කතා කරලා කිව්වා බණ්ඩා දැන් මෙතැන ගල් දොරක් ඇරෙයි. උඹත් මේ මලු දෙක අරගෙන මගෙත් එක්ක වරෙන් කියලා. ඒ කියලා වැඩි වෙලාවක් ගියේ නෑ. ගල් පර්වතේ අයිනෙ තිබුණු ලොකු ගල් පතුරක් එහාට තල්ලු වුණා. එතැන ගල් ගුහාවක් තිබුණේ. වෙද මහත්තයා පන්දමත් අරගෙන මතුරමින්ම ඇතුළට ගියා. මාත් මලු දෙක අරගෙන ගියා. එක තැනක ගල් මේසයක් වගේ එකක් තිබුණා. ඒක උඩ පොට්ටනි තුන හතරක් තිබුණා. වෙද මහත්තයා මතුරමින් පොට්ටනියකට අත තියද්දි ඒක ඉරිලා ගිහින් රත්තරංද කොහෙද හැම තැනම විසිවුණා.

‘විනාසයි. ඉක්මනින් අහුලාපිය ඔව්වා…’ කියලා වෙද මහත්තයා කෑගැහුවා. එතකොට මන්තර කියවිල්ල නතර වුණා. ඒ එක්කම එළිය හිටිය අයකු කෑගහන සද්දයක් ඇහුණා. මං වෙද මහ්තතයාට කිව්වා යං යං කියලා. ඒත් වෙද මහත්තයට වගක් නෑ. එයා වැටිච්ච රත්තරං අහුලනවා. මං ටක්ගාලා වෙද මහත්තයවත් ඇදගෙන එළියට දුවගෙන ආවා. ඇවිත් තත්පරයක්වත් ගියෙ නෑ ගල් දොර ආයෙත් වැහුණා. වෙද මහත්තයා මට බණිනවා. ඒත් එයාගෙ මස්සිනා කිව්වා පණ බේරගෙන ආව එක ලොකු දෙයක්. මස්සිනා මන්තර ජපය නතර කරපු නිසයි මේ වින්නැහිය කියලා. වෙද මහත්තයත් ඒක පිළිගත්තා. එදා වෙද මහත්තයා එයාගෙ අතේ ගුළි කරගෙන ආපු රත්තරන් කාසියක් වගේ එකක් වෙද මහත්තයා මියැදෙනකම්ම ළඟ තිබුණා. ඊට පස්සෙත් කීප වතාවක් ඔය නිදානෙ ගන්න වෙද මහත්තයා උත්සාහ කළා. ඒත් හරිගියේ නෑ. මං හිතන්නේ ඒ නිදානේ දැන් නැතිව ඇති. මෑතකදි ඒ ගල යන්ත්‍ර සූත්‍ර දාලා කඩනවයි කියලා අපේ ගෙවල් ළඟ දරුවෙක් කාටදෝ කියනවා මං අහගෙන.
සත්‍ය කතාවකි.

නම්ගම් සියල්ල මනඃකල්පිතයි.
සටහන – කුමාර රත්නායක

SendShareShare
Previous Post

වාස්තු සහ සල්ලි…

Next Post

ගුරුවරුත් ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.