• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සිංහලයන්ගෙන් කිරුළ උදුරාගත් වඩුගයන්ගේ අමුතු නීතිය…

September 25, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
සිංහලයන්ගෙන් කිරුළ උදුරාගත් වඩුගයන්ගේ අමුතු නීතිය…
Share on WhatsAppShare on Facebook

හෙළ දීපය සිංහල දීපය තුන් හෙළය සිංහලේ මේ ආදී විවිධාකාරයෙන් හඳුන්වාලමින් වසර දහස් ගණනක ඉතිහාසයක් පුරා මෙරට සිහසුනේ උරුමකරුවන් වූයේ සිංහලුන්ය. රාජධානියෙන් රාජධානියට, පාලනයෙන් පාලනයට කෙලෙස බලය හුවමාරු වුවද ඒ හැම තැනකදීම සිංහලයන් අත කිරුළේ උරුමය රඳා පැවැතියේය. එය අනුරපුර රාජධානි යුගයේ සිට විවිධ හැලහැප්පීම් මැද ඉදිරියට පැවැත ආවේය.

එහෙත් සිංහල කුමාරවරුන්ට උඩරට සිංහාසනයේ උරුමය සිහිනයක් බවට පත් කරන්නට නායක්කාරවරුන්ට ලොකු උවමනාවක් තිබුණේය.

ක්‍රි.ව. 1707 සිට 1739 දක්වා උඩරට රාජධානියේ කිරුළ දරන ලද්දේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. ඔහු සිංහලේ අවසන් සිංහල රජු ලෙසින් කා අතරත් ප්‍රසිද්ධය. ඔහුගෙන් පසු ඇරැඹෙන්නේ නායක්කාරවංශික රජ පෙළපතය. පළමුවැනි විමලධර්මසූරිය රජුගෙන් ඇරැඹි උඩරට රජ පෙළපත 1739දී නායක්කාර නොහොත් වඩුග රජකු පත්වීම ඉතා බුද්ධියෙන් විමසා බැලිය යුතු කරුණකි.

මෙය ඉතා සූක්ෂ්මව සිදුකළ මහාපරිමාණයේ ආක්‍රමණයක් යැයි පැවැසුවද වරදක් නැත. සටන්, ලේ සෙලවීම් නොමැතිව ඉතා පහසුවෙන් බුද්ධියෙන් කළ ආක්‍රමණයක් ලෙසද මෙය හඳුන්වා දිය හැකිය.

1707දී දහහත් හැවිරිදි කුණ්ඩසාලේ කුමාරයා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් උඩරට රජු බවට පත්වන්නේ සිය පියා වූ දෙවැනි විමලධර්මසූරිය රජුගේ අභාවය හේතුවෙනි. දෙවැනි විමලධර්මසූරිය රජු හට බිසෝවරු දෙදෙනකු සිටියේය. විමලධර්මසූරිය රජු සිය මහ බිසව නැතහොත් රන්දෝලිය ලෙස තබාගන්නට ඉන්දියාවෙන් ගෙන්වා ගත්තේ වඩුග බිසවකි. ඇය 1690දී කුණ්ඩසාලේ කුමාරයා බිහි කළද රජු සිංහාසනාරූඪ වීමට ප්‍රථම කුමාර අවධියේදී හේවාහැට ප්‍රදේශයේ දිවි ගෙවූ සිංහල කුමාරිකාවක් සමගද පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර ඇයට රජුට දාව පුත් කුමාරයකු සිටියේය. එම කුමාරයා පට්ටිය බණ්ඩාර නම් වූ අතර, ඔහු කුණ්ඩසාලේ කුමරුට වඩා වයසින් මුහුකුරා ගියද උඩරට සියලු රදළයන්ගේ සහාය ලැබී ඇත්තේ කුණ්ඩසාලේ කුමරුටය.

තමාට උරුමව තිබූ රජකම බලහත්කාරයෙන් ලබාගත්තැයි පට්ටිය බණ්ඩාර සිටියේ කේන්තියෙනි. හෙතෙම කෝපයෙන් යුතුව කැලෑවැද රජුට එරෙහිව සේනා සංවිධාන කළේය. තරුණ ජවයෙන් හෙබි බොහෝ පිරිසක් ඔහු වටා එක්රැස් වෙද්දී කුණ්ඩසාලේ කුමරුගේ රාජ සභාවේ දෙවැනි අධිකාරම්ද රහසේ පට්ටිය බණ්ඩාරට සහාය පළ කළේය. මේ උදව් උපකාර හේතුවෙන් රජු යන එන තැන් පහසුවෙන් දැනගත් පට්ටිය බණ්ඩාර ඇතුළු පිරිස රජු ඝාතනය කිරීමට සැලසුම් කළද දස්කොන් නමැති ප්‍රංශ අසරුවා සහ ලෙව්කේ දිසාවගේ දක්ෂකම මත පට්ටිය බණ්ඩාර පහසුවෙන් අල්ලා ගන්නට රජුට හැකි විය. දස්කොන්ට, නරේන්ද්‍රසිංහ රජුගේ දෙවැනි අධිකාරම් ධුරය හිමිවන්නේ ඒ හපන්කම නිසාමය.

නරේන්ද්‍රසිංහ රජු අවසන් සිංහල රජු ලෙස හැඳින්වූවද ඔහුගේ මව වඩුග නොහොත් නායක්කාර් වංශික වන නිසා රජු තනි සිංහල ජාතිකයකු ලෙස හැඳින්වීමට නොහැක. තවද නරේන්ද්‍රසිංහ රජුගේ පියා වන දෙවැනි විමලධර්මසූරිය රජුද, දෙවැනි රාජසිංහ රජුට දාව ද්‍රවිඩ කුමාරිකාවක් බිහිකළ කුමාරයෙකි. එම කුමාරවරුන් හට සිංහල සම්භවයක් තිබුණු නිසා ඔවුන් සිංහල කුමාරවරු ලෙස හඳුන්වා ඇත. දෙවැනි රාජසිංහ රජු ආරම්භ කළ දකුණු ඉන්දියානු කුමාරිකාවන් අගබිසව ලෙස තබාගැනීමේ සිරිත ඉන් පසුව රජකමට පත්වූ සියලු සිංහල සම්භවයක් සහිත කුමාරවරු අනුගමනය කළහ.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු හට පුත් කුමාරවරු නොසිටි නිසා ඔහුගෙන් පසුව නායක්කාර් වංශික රජකු පත්වූ බව ඔබ සිතන්නට ඇති. නමුත් එය නිවැරැදි නොවේ. නරේන්ද්‍රසිංහ රජු හට බාල අවධියේ සිටම පෙම් සබඳතාවක් තිබී ඇත. ඒ මොණරවිල පුංචි කුමාරිහාමි සමගය. නරේන්ද්‍රසිංහ රජු, රජකමට පත්වූ පසු තමාව අගබිසව ලෙස නම්කරතැයි සිතා සිටි මොණරවිල පුංචි කුමාරිහාමි හට අවසානයේදී සිදුවූයේ රජුගේ යකඩ දෝළිය නොහොත් උප බිසව බවට පත්වීමටය. එකල සිංහල රාජ සම්මතයන්ට අනුව රජුට බිසෝවරු දෙදෙනෙක් සිටියද වාසළේ එක් බිසවක් පමණක් තබාගැනීමට අවසර හිමිවිය. එබැවින් මොණරවිල පුංචි කුමාරිහාමි හට දිගටම මාතලේ සිය උපන් වලව්වේම දිවි ගෙවීමට සිදුවිය. කුමාර අවධියේදී රජු සමග පැවැත්වූ පෙම් සබඳතාවේ ප්‍රතිඵලයක් ලෙස මොණරවිල කුමාරිහාමි කුමාරයකු බිහි කළාය. ඒ කුමාරයා ‘උනම්බුවේ කුමාරයා’ නම් විය.

අවසන් සිංහල රජුට ලැබුණු අවසන් සිංහල කුමරාගේ ඉරණම වූයේ කුමක්ද..?

නරේන්ද්‍රසිංහ රජුගේ නෑදෑ හිතවතුන් රජු හට දකුණු ඉන්දියාවෙන් සූර්ය වංශික කුමාරිකාවක් ගෙන්වීමට රාජ නියෝජිතයන් පිරිසක් දකුණු ඉන්දියාවට පිටත් කර හැරීය. ඒ වන විටත් දරු ගැබක් එල්ලාගෙන මාතලේ වලව්වේ තනිවී සිටි මොණරවිල පුංචි කුමාරිහාමි ගැන සිතමින් ශෝකයෙන් කාලය ගත කළ නරේන්ද්‍රසිංහ රජු හට රාජ සම්මතයන්ට පිටින් යාමට නොහැකි විය.

නරේන්ද්‍රසිංහ රජු හට සූර්ය වංශික කුමාරිකාවක් ගෙන්වා ගැනීමට මදුරාවට ගිය සිංහල ප්‍රභූන් හට අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය. මදුරාපුර නායක්කර් වංශික රජු වූ විජය චොක්කනාථ සිංහල ප්‍රභූන් හට අපහාස කොට කුලහීනයන් හට දීමට සූර්ය වංශික කුමාරිකාවන් තමා ළඟ නොමැති බවත් මින් පෙර කිසිදු විවාහ සබඳතාවක් සිංහලේ රජු අතර ඔහුට තිබී නැති බවත් සඳහන් කර සිංහල ප්‍රභූවරුන් එළවා දමා ඇති බව එරට වාර්තාවල දැක්වේ. කිසිදු කුමාරිකාවක් නොදී ඔවුන්ව පලවාහරින ලෙස නියෝග කිරීමට තරම් විජය චොක්කනාථ රජු දරුණු විය. මින් පෙර කිසිදු විවාහ සබඳතාවක් උඩරට රජු අතර තිබී නැති බව සඳහන් කිරීමෙන් දෙවැනි රාජසිංහ සහ දෙවැනි විමලධර්මසූරිය යන රජවරුන් බිසෝවරු ගෙන්වූයේ කුමන දේශයෙන්ද යන්න ඉතිහාසය ප්‍රශ්නාර්ථයක් මතුකර ඇත.

සිංහල ප්‍රභූවරු කුමාරිකාවක් නොමැතිව උඩරට රජුට මුහුණ දීමට නොහැකිව ලන්දේසි නැවෙන් නැවතත් ලංකාව බලා පිටත් වන බව මදුරාපුර සිටි වෙළෙන්දෙක් හට ආරංචි වී ඇත. ඔහු නමින් පිට්ටිනායක්කර් වන අතර කලකට ඉහතදී ඔහු ධන කුවේරයෙක් වුවත් පසුකාලීනව ඉතා දිළිඳුභාවයට පත්වූ අයෙකි. ඔහු සිය දියණිය නරේන්ද්‍රසිංහ රජු හට දීමට එකඟ විය. පිට්ටිනායක්කර්ගේ නාමය වංශවත් නායක්කර්වරුන්ගේ නාමයන් දැක්වෙන එරට ලිපියක සඳහන් වී නොමැති බැවින් පිට්ටිනායක්කර් සූර්ය වංශිකයෙක් නොවන බව පැහැදිලිය. මෙය උඩරට රාජ්‍යයට අපහාස කිරීමට ගෙතූ කතා බව පිරිසක් පෙන්වා දුන්නද පිට්ටිනායක්කර් සිය පවුල සමග ලංකාව බලා පැමිණි ලන්දේසි නැවේ නාවික වාර්තා අධ්‍යයනය කරන විට එය සත්‍යයක් බව වැටහේ.

ලංකාවට පැමිණි පසු උඩරට රාජ්‍යයට දෝලාවලින් ඇතුළු වූ පිට්ටිනායක්කර් පවුල ඉන් පිටතට ගත් උඩරට රන්මොලක අධිකාරම්තුමා එම අඩවියේ දෝලාවලින් ගමන් කළ හැක්කේ රජුට සහ මහ නිලමේවරුන් හට පමණක් බව දන්වා ඇත. නරේන්ද්‍රසිංහ රජු හා පිට්ටිනායක්කර්ගේ දියණිය අතර විවාහ මංගල්‍යයද සිදුවූ අතර පිට්ටිනායක්කර් හට රජු, රාජ සභාවේ මොහොට්ටි තනතුරක්ද ලබාදීමට කටයුතු කර ඇත. පසුකාලීනව ඔහු ලපිට්ටි මොහොට්ටිල නමින් හඳුන්වා දී ඇත.

පිට්ටිනායක්කර්ගේ භාර්යාව වන අභිරාම් දේවිය උඩරටදී නැවතත් ගැබ්ගත්තාය. දරු ප්‍රසූතිය දිනයේ අලුත උපන් පුත්‍රයාගේ කේන්දරය රාජ මාලිගාවේ රාජකීය නැකැත්කරුවා හට දී බලවාගත් පිට්ටිනායක්කර් පුදුම වූයේ එහි සඳහන් වූ කාරණාවකටය. එය නම් පිට්ටිනායක්කර්ගේ අලුත උපන් පුත්‍රයාට රාජයෝගයක් තිබීමය. එය නැකැත්කරුවා සමග රහසක් ලෙස තබාගත් පිට්ටිනායක්කර් ඔහුගේ පුත්‍රයාට රාජ අනුග්‍රහයෙන් සියලු ශිල්ප ශාස්ත්‍ර ලබාදුන්නේය.

පිට්ටිනායක්කර් සිය පුත්‍රයාව වැලිවිට සරණංකර හිමි වෙත යොමු කළේ සියලු ශාස්ත්‍රයන් නිසි පරිදි ලබාදීමටය. එහිදී පිට්ටිනායක්කර්ගේ පුත්‍රයාට නරේන්ද්‍රසිංහ රජුගේ සිංහල පුත්‍රයා වූ උනම්බුවේ කුමාරයාවද ඇඳිනගැනීමට ලැබිණි. පිට්ටිනායක්කර්ගේ පුත්‍රයා අකුරු ඉගෙනීමේදී පෙන්වූ දක්ෂතා සියල්ලන්ම මවිත කළ අතර ඔහු උනම්බුවේ කුමරුව සියලු අංශවලින් දෙවැනියා බවට පත් කළේ ‘නායක්කර් හාමුදුරුවෝ’ යන නාමයද ලබාගනිමිනි. පිට්ටිනායක්කර්ගේ පළමු කාර්යය ඉන් අවසන් වූයේ සිය පුත්‍රයා මහා පඬිවරයකු බවට පත්කරමිනි.

දෙවැනුව පිට්ටිනායක්කර් සිය පුත්‍රයාව නරේන්ද්‍රසිංහ රජුට සමීප කළේය. දස්කොන් අධිකාරම සහ නරේන්ද්‍රසිංහ රජුගේ බිසව අතර අනියම් සබඳතාවක් ඇති බව දැනගත් රජු ඒ පිළිබඳ නිසි පරිදි සොයා නොබලා දස්කොන්ව මරාදමන්නේ හදිසි රාජ කෝපය නිසාවෙනි. පසුව සිය හොඳම මිත්‍රයා වන දස්කොන් නැති ශෝකයෙන් සිටි නරේන්ද්‍රසිංහ රජුහට සමීප වුණු පිට්ටිනායක්කර්ගේ පුත්‍රයා රජුගේ හොඳ මිත්‍රයෙක් බවට පත්විය.

රජු 1739දී මියයන විට රජුට දාව ප්‍රධාන බිසවට කුමාරයකු නොවීය. උනම්බුවේ කුමාරයා සූර්ය වංශික නොවන බව පවසා සිංහල ප්‍රභූවරු උනම්බුවේ කුමාරයව වාසලෙන් පලවා හැරියෝය. නව රජු පත්කිරීමේදී ප්‍රභූවරුන් පිල් දෙකකට බෙදුණි. ලෙව්කේ දිසාව උනම්බුවේ කුමාරයා පත්කිරීමට වෙහෙස වූවද එවකට අධිකාරම් ධුරය දැරූ නිලමේවරයා සහ සරණංකර හිමි ප්‍රමුඛ සංඝරත්නය ඉල්ලා සිටියේ පිට්ටිනායක්කර්ගේ පුත්‍රයා හට කිරුළ ලබාදෙන ලෙසය. එය එලෙසම සිදුවූ අතර උඩරට රාජ්‍යයට නව නීතියක් හඳුන්වා දෙමින් එතැන් සිට ප්‍රධාන බිසවගේ නොහොත් රන්දෝලියගේ සහෝදරයා හට රජකම ලැබුණි. එය නායක්කර් මරුමක්කත්ථායම් නීතිය ලෙස හැඳින්වූවද එවැනි නීතියක් නායක්කර්වරු පාලනය කළ මදුරාවේ පවා තිබී නැති බව පසුව අනාවරණ විය. මෙරටට පැමිණි නායක්කර්වරු කිරුළ අයත් කර ගැනීමට යෙදූ උපක්‍රමයට සිංහලයා හසුවී ඇති බව ඉන් සනාථ වේ. 1739දී පිට්ටිනායක්කර්ගේ පුත්‍රයා ‘ශ්‍රී විජය රාජසිංහ’ නමින් රජකමට පත්වූයේ සිංහල රාජාවලියේ අවසානය සහ නායක්කර් වංශික රජවරුන්ගේ ආරම්භය සනිටුහන් කරමිනි.

නායක්කර් වංශික ශ්‍රී විජය රාජසිංහ රජු බුද්ධ ශාසනයට විශාල සේවයක් කළ බවද ඉතිහාසයේ සඳහන් වේ…

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මධුසමයේදී මගහැරෙන සුබයෝග…

Next Post

මිරිසවැටියේ සත්දින පිරිත් දේශනයට මහජන බැංකුවේ බැතිබර දායකත්වය…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.