• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වසර දහස් ගණනකට පෙර සෘෂිවරු එල්ල කළ ප්‍රථම න්‍යෂ්ටික ප්‍රහාරයේ කතාව…

March 12, 2022
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
වසර දහස් ගණනකට පෙර සෘෂිවරු එල්ල කළ ප්‍රථම න්‍යෂ්ටික ප්‍රහාරයේ කතාව…
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ ලොව පුරා යුදමය භීතිකාවක් පැතිර යන බව පෙනෙන්නට තිබේ. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ රුසියාවේ යුක්රේන ප්‍රහාර මාලාවයි. දිනෙන් දින රුසියාව සිය ප්‍රහාර වැඩිකරමින් දියුණු කරමින් බල ගන්වමින් යුක්රේනයට දැවැන්ත පීඩනයක් එල්ල කරමින් සිටින අතර එම පුවත් ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යනු ලබන්නේ මේ සම්බන්ධව කාගේත් ඇති මහා උනන්දුව නිසාමය.

මල්ටි බැරල් මිසයිල ආදී තවත් බොහෝ නවීන යුදමය ප්‍රහාර මාලාවන් ගැන පුවත් ඇසෙන අතරේ විටින් විට න්‍යෂ්ටික අවි ගැනත්, න්‍යෂ්ටික ප්‍රහාර ගැනත් ඉඟි පළකරන්නටත්, එවැනි සැකයක් බියක් ලෝකයේ අනෙකුත් රටවලට දැනෙන්නට හැරීමටත් රුසියාව උත්සාහ කරනවාදැයි විටෙක සිතෙයි.
මන්ද විවිධ අවස්ථාවන් උපයෝගී කරගනිමින් සිය න්‍යෂ්ටික බලය පිළිබඳ කුමක් හෝ පුවතක් මැවීමට රුසියාව උත්සාහ කරමින් සිටිණු දැකිය හැකි අතර පසුගියදා සිය න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමක් පිළිබඳද කසුකුසුවක් පැතිර යමින් තිබිණි.

අද වෙද්දී රුසියාව මෙන්ම ලොව ප්‍රබල යැයි සම්මත බලවත් යැයි කියාගන්නා ප්‍රධාන පෙළේ රටවල් සිය බලවත් බව දියුණුව කියාපාන ප්‍රධාන සාධකයක් ලෙස ප්‍රධාන අංගයක් ලෙස යුදමය ශක්තිය සහ යුදමය දියුණුව පෙන්වන්නට කටයුතු කරති. ඒ අතර ප්‍රමුඛතම සාධකයක් ලෙස න්‍යෂ්ටික අවි ආයුධ සම්බන්ධ ශක්තීන් විශේෂ කොට උලුප්පා පෙන්වන බවද රහසක් නොවේ. මේ නිසාම ලොව ප්‍රධාන ගණයේලා සැලකෙන රටවල් දිනෙන් දින විවිධ න්‍යෂ්ටික අත්හදාබැලීම් කරමින් සිටිනුයේ එකෙකුට එකෙක් නොදෙවැනි වීමේ අරමුණ ඇතිව බව පැහැදිලිය.

වර්තමානයේ මේ ආකාරයට බලවත් යැයි සම්මත රටවල් කොතරම් න්‍යෂ්ටික හැකියාවන් ගැන කතා කළද ලොව ප්‍රථමවරට න්‍යෂ්ටික අවි සොයාගන්නේ කවුද යන්නත්, ඒවා භාවිත කළේ කවුද යන්නත් සොයා බැලීම ඉතා වැදගත් වේ. එසේ පියවරෙන් පියවර ඉතිහාසය පුරා සොයා බලද්දී වර්තමානයේ දියුණු යැයි සම්මත රටවල් න්‍යෂ්ටික අවි ගැන සිහිනයක් හෝ දැක නැති වසර අටදහසකට පමණ එහා යුගයකට මේ කතාව ඇදී යයි.

ඒ අනුව මුලින්ම න්‍යෂ්ටික අවි සම්බන්ධව සොයාගත් බවට විවිධ මූලාශ්‍ර සහ ජනප්‍රවාද ඇසුරේ හෙළිවන ප්‍රධානම කාරණයක් වන්නේ ඉන්දියාවේ පුරාණයේ විසූ ඍෂිවරුන් මේ සම්බන්ධව සිය දියුණු කළ චිත්ත ශක්තිය ඇසුරින් කළ සොයාගැනීම්ය.

එදා විසූ ඍෂිවරුන් තම සිත දියුණු කිරීමෙන් ගොඩනගාගත් විශේෂ දැනුම් සම්භාරයක් තිබී ඇති අතර වර්තමානයේ ඇතැම් විද්‍යාඥයන් සොයාගන්නා බොහෝ දේ එදා වසර අටදහසකට පමණ පෙර මෙම ඍෂිවරුන් ඉතා නිවැරැදිව පවසා තිබේ.

මෙලෙස සුවිශේෂ හැකියාවන් ප්‍රගුණ කළ පිරිසක් ලෙස පුරාණයේ ඉන්දියාවේ විසූ සිද්ධාර්වරුන් ලෙස ප්‍රචලිත ඍෂිවරුන් හඳුන්වා දිය හැකිය. ඔවුන්ට භාවනාවෙන් ලබාගත් විස්මිත හැකියාවක් තිබූ අතර ඒ හරහා ගොඩනගා ගත් විශේෂ බලයක්ද තිබී ඇත. ශරීර අභ්‍යන්තරය පවා ඉතා ඉක්මනින් වෙනසකට භාජනය කිරීමේ නිපුණතාව මේ අය සතු විය. එමගින් ඔවුන් කාලය සහ අවකාශයද වෙනස් කළ බව සඳහන් වේ.

එමෙන්ම එදා සිද්ධාර්වරුන් ලියූ ඇතැම් ශ්ලෝක හා කවි වර්තමාන විද්‍යාඥයන්ට පවා තවමත් තේරුම් ගන්නට බැරි ගැඹුරු ස්වභාවයේ පවතින අවස්ථාද අනන්තවත් හමුවී තිබේ. මෙමගින් එදා මෙම ඍෂිවරුන් තවත් වසර දහස් ගණනක් ඉදිරියට දැක ඇති බව මනාව පැහැදිලි වේ. එසේම අමරණීයත්වයට පත්වීමේ විස්මිත හැකියාව ලද ඍෂිවරුන්ද එදා සිටි බවට තොරතුරු හෙළිව තිබේ. ඒ අනුව ඔවුන් සතු වූ විශේෂ හැකියාවන් අටක් හඳුනාගෙන තිබේ. ඒවා නම්, අනුවක් හෝ අනුවක කොටස් බවට පත්වීමේ හැකියාව, ලෙස විය නොහැකි විශාල දෙයක් බවට පත්වීමේ හැකියාව, ආලෝකයක් හෝ විෂ්පයක් බවට පත්වීමේ හැකියාව, අසීමිතව බර දෙයක් බවට පත්වීමේ හැකියාව, අන් අයගේ ශරීර විනිවිද යෑමේ හැකියාව, අවශ්‍ය මොහොතක ඕනෑම දෙයක් බවට පත්වීමේ හැකියාව, එකම දෙයක ප්‍රධානියා වීමේ හැකියාව ආදී වශයෙන් විශේෂ හැකියාවන් තිබීම නිසාම මේ අයට බඩගින්න පිපාසය නොදැනෙන අතර අසීමිත දුරක සිට කතා කරන දේ ඇසීම, පෙනීම, අන් අය සිතන පතන දේ දැනීම ඇතුළු තවත් හැකියාවන් රාශියක් තිබී ඇත.

මෙම හැකියාවන් නිසාම වර්තමානයේ විද්‍යාඥයන් සොයාගන්නා බොහෝ කාරණා වසර දහස් ගණනකට පෙර දකින්නට සිද්ධාර්වරුන්ට සහ එලෙස සිත දියුණු කළ අනෙකුත් ඍෂිවරුන්ට හැකිවී තිබේ.

ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ විසූ තිරුමලර් නම් සිද්ධාර්වරයා සිය දැනුම තරුමන්තිරම් නම් ග්‍රන්ථයක් හරහා අනාගතයට දායාද කළ බව ප්‍රකාශ කෙරෙන අතර ඉන් පසුවද තවත් එවැනිම විශේෂ හැකියාව ලද සිද්ධාර්වරුන් රැසක් ගැන තොරතුරු හෙළිවේ.

මෙලෙස ඔවුන් සතු විශේෂිත දැනුම මනාව ලොවට දායාද කළ දෙයක් ලෙස භගවත් පුරාණය හඳුන්වා දිය හැකිය. මෙම පුරාණ ග්‍රන්ථයේ කලලයක වර්ධනය පිළිබඳ අතිශයින්ම විස්මිත හැඳින්වීම් කර තිබීම විශේෂයකි. එනම් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් හරහා වෛද්‍යවරයකු පරිගණක තිරයෙන් දකින ආකාරයට නොදෙවැනි වන සේ මෙම ග්‍රන්ථයේ එම ක්‍රියාවලිය මනාව විස්තර කර තිබීමෙන් එදා ඍෂිවරුන් ලබා සිටි දැනුම කොතරම්ද යන්න පැහැදිලි වේ.

මේ ආකාරයේ අසීමිත හැකියාවන් ප්‍රගුණ කළ ඍෂි පරපුරක් වාසය කළ ඉන්දියාවේ ලොව පළමු වරට න්‍යෂ්ටික අවි භාවිත කළ බවටද තොරතුරු හෙළිවේ. ඒ අනුව පුරාවිද්‍යාඥ ෆ්‍රැන්සිස් ටේලර් හඳුනාගත් ලියවිල්ලක් විශේෂ වෙයි. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයෙන් හමුවූ මෙම ලියවිල්ලට අනුව හිරුගේ කිරණ මෙන් දහස් ගුණයකින් යුත් කිරණ සහිත ප්‍රහාරයකින් බේරෙන්නට හැකි ආකාරයක් ගැන දෙවියන්ට කළ යාඥාවක් ගැන හඳුනාගෙන තිබේ. එමෙන්ම න්‍යෂ්ටික බලය පුරාණ ඉන්දියාවේ බ්‍රහ්මස්ත ලෙස හැඳින්වූ බවද සොයාගෙන තිබේ. එමෙන්ම වර්තමානයේදී ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල විකිරණශීලී අළු වලාවක් පැතිර ඇති බවටත්, එම ප්‍රදේශ තුළ ආබාධ සහිත දරු උපත් සිදුවන බවටත් හඳුනාගෙන ඇත. මේ විකිරණශීලී වලා අදට වසර දහස් ගණනකට පෙර එල්ල කළ න්‍යෂ්ටික ප්‍රහාරයන්ගේ ශේෂ ලෙස හැඳින්වෙයි. ඒ අනුව න්‍යෂ්ටික තාක්ෂණය සහ ඒ පිළිබඳ දැනුම පුරාණ ඉන්දියානු ඍෂිවරුන් හඳුනාගත් බවට පැහැදිලි වෙයි.

මෙයට අමතරව ඉන් එහාට ඉතිහාසයේදී හෙළයේ රාවණයන් සතුවද මෙම න්‍යෂ්ටික අවි පිළිබඳ තාක්ෂණය තිබූ බවට ජනප්‍රවාද ඔස්සේ විවිධ පුවත් වාර්තා වන අතර රාවණ රජුගෙන් ලද දැනුම ඔස්සේ ඉන්දියානු ඍෂිවරු මෙම න්‍යෂ්ටික අවි පිළිබඳ සොයා බැලුවාද යන්නත් අනුමාන කළ හැකිය. එසේම ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ඇතැයි පැවසෙන විකිරණශීලී අළු වලාවක් එදා රාම රාවණ යුද්ධයේදී රාවණ විසින් එල්ල කළ න්‍යෂ්ටික ප්‍රහාරයක ශේෂයක්ද යන්නත් අනුමාන කළ හැකිය. කෙසේ නමුත් විශ්වය හා ගනුදෙනු කළ, මනා ලෙස සිය චිත්ත ශක්තිය මෙහෙයවූ රාවණ රජු, න්‍යෂ්ටික අවි ගැන රසායනික ප්‍රහාර ගැන නොදැන සිටියා යැයි තර්ක කිරීමද අනුවණකමකි. එහෙයින් ඉතා බුද්ධිමත්ව මේ ගැන විමසීම වැදගත් වනු ඇත.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ගෝඨා ආයෙත් පරණ වැඩේට අත තියයි! දෙස් විදෙස් සංචාරකයන් ඇදගන්න නගර කිහිපයක් ලස්සන කරන්න යයි!

Next Post

මහජන බැංකුව ප්‍රංශයේදී පැවැති කලාපීය තිරසර මූල්‍ය සාකච්ඡාවට එක්වේ…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.