• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකයම අල්ලපු සුද්දා ලංකාවේ වැද්දට රැවටුණු තැන…

August 16, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලෝකයම අල්ලපු සුද්දා ලංකාවේ වැද්දට රැවටුණු තැන…
Share on WhatsAppShare on Facebook

දහඅට වංගුව මෙරට පමණක් නොව බොහොමයක් විදෙස් රටවල පවා ප්‍රසිද්ධය. අපේ රටට එන බොහෝ සංචාරකයන් තමන් යායුතු ස්ථාන අතර දහඅට වංගුවත් සටහන්ව තිබෙන්නේ එනිසයි. ලංකාවට ඇවිල්ලත් දහඅට වංගුවෙන් නොගියොත් එය අඩුවක් කියලත් බොහෝ දෙනෙක් හිතනවා. ඇත්තටම මහනුවර ලේවැල්ල හන්දියෙන් ආරම්භ වී මහියංගනය දක්වා දිවෙන ඒ-26 කියන මාර්ගයේ පිහිටා තිබෙන දහඅට වංගුව අද වෙනකොට අතිශය දියුණු මට්ටමකට සංවර්ධනය කළ මාවතක්.

අද ඕනෑම වාහනයකට බයක් සැකක් නැතිව ආරක්ෂා සහිතව මේ වංගු දහඅට ගෙවා දමන්නට ඕනෑවටත් වඩා පහසුකම් තිබෙනවා. හැබැයි එහෙම සුව පහසුවට මේ දුර කතර ගෙවාදමා පරිසර සුන්දරත්වය විඳගෙන දහඅට වංගුවේ යනකොට මතකයේ තබාගෙන සිහිපත් කළ යුතු පිරිසකුත් ඉන්නවා. ඒ තමයි සුන්දගෙ කාලයේ මේ මාර්ගය හදන කොට තමන්ගෙ ලෙයින් දහඩියෙන් ශ්‍රමයෙන් සහ ජීවිතවලින් දායකත්වය සපයපු සිංහලයන්. ඔවුන්ගේ ජීවිත සිය ගණනක් මේ අද ලස්සනට තිබෙන වංගු දහඅට යට සැඟවිලා තිබෙනවාට කිසිදු සැකයක් නෑ.

ඒ මොනවා වුණත් එදා ලෝකයේ විවිධ රටවල සිය ආධිපත්‍යය පතුරුවමින් රටින් රට අල්ලා ගනිමින් යම් ආකාරයක අභිමානයකින් කටයුතු කළ සුදු ජාතිකයා ලංකාවේ වැද්දකුට රැවැටුණු හැරි අපූරු කතාවක් මේ දහඅට වංගුවේම සැඟවිලා තියෙනවා. ඒ කතාව සිද්ධ වෙලා තිබෙන්නෙ මෙහෙමයි.

එදා යුරෝපීයයන් අපේ රට අල්ලා ගත්තාම ඔවුන්ට හොඳටම තේරුම් ගියා ලංකාව කියන්නේ වගාවට ඉතා සුදුසු සරුසාර භූමියක් කියන එක. ඒ වගේම විවිධ භෝග සඳහා විවිධ පළාත්වල ඇති දේශගුණය ගැනත් යුරෝපීයයන් මනාව තේරුම් ගත්තා. මේ නිසාම ලංකාවේ වතුකරයෙන් ඇරැඹි වතු වගාව සීග්‍රයෙන් දියුණු වෙමින් කඳුකරයම වතු වගාවෙන් ඉහළ පලදාවක් ලබන්න පටන් ගත්තාම සුද්දාට ඕනෙ වුණේ එම නිෂ්පාදන කොළඹට ගේන්න පහසු වෙන විදියට මාර්ග පද්ධතියක් හදන්නයි. එහිදී මහනුවර සිට කොළඹ දුම්රිය මග තිබුණත් මහනුවර අවට ප්‍රවාහනය තරමක් දුෂ්කර වුණා. මේ අතරේ උඩරට කැරැල්ලත් පටන්ගත්තාම සුද්දට අවශ්‍ය වුණා මහනුවර ඉඳලා වැදි ගම්මාන දක්වා එනම් මහියංගනය දක්වා මාර්ගයක් හදන්න. මේ කාලයේ සුද්දා මිනිපේ කොට්ඨාසයට අයත් හුන්නස්ගිරිය අවට එනසාල් සහ කුළුබඩු වගාව පටන් අරගෙන තිබුණෙ. හැබැයි එතැනින් එහාට යන්න මාර්ග පහසුකම් තිබුණෙ නැහැ. මේ නිසා සුද්දා එම මාර්ගය හදන්න මෙරට කෝරලේලා හතර දෙනෙක් ගෙන්වලා උපදෙස් පැතුවා. එහෙම ආව කෝරලේලා සිවුදෙනා තමයි ගම්පහ බස්නාහිර කෝරලේ, ගම්පහ නැගෙනහිර කෝරලේ, ගම්දෙක කෝරලේ, කන්දපහළ කෝරලේ.

සුද්දා තමන්ගෙ අදහස් කෝරලේලා හතර දෙනාට යොමු කළේ කවදත් තමන්ට හිතෛෂීව කටයුතු කරපු ඔවුන් ගැන විශ්වාසයෙන් වුණත් හැමදාම සුද්දගෙ පැත්ත ගත්තු කෝරලේලා එවර සුද්දව මට්ටු කරන්න තීන්දුවක් ගත්තා. ඇත්තටම මේ වැඩේට කෝරලේලා තෝරාගත්තේ වැදි රැහේ නායකයෙක්. ඔහුට තමන්ගෙ අරමුණ කිව්වාම මේ වැදි නායකයා සුද්දට ලේසියෙන් ඔළුව උස්සන්න බැරි වෙන්න හරි අපූරු මාර්ග සැලැසුමක් දුන්නා. මේ විදියට ගම්මාන මගහැරලා කිසිවකු නැති කඳුගැට හරහා මාර්ග සැකසුම හදවන්න කෝරලේලාට අවශ්‍ය වුණේ සුද්දාගෙන් තමන්ගෙ ගම්මල ගැහැනු ළමයි බේරාගන්න කියලත් ජනප්‍රවදයේ සඳහන් වෙනවා.
කෙසේ හෝ සුද්දා නුවර ඉඳලා අමාරුවෙන් මාර්ගය හදාගෙන හුන්නස්ගිරිය නැගලා මහියංගනය පැත්ත බැලුවාම හතර වටෙන්ම පෙනිලා තියෙන්නේ තද බෑවුම් සහිත කඳුකර හෙළ. අන්තිමට මේ දහඅට වංගුව නිර්මාණය කරමින් දැන් හසලක නව නගරය ඇති ප්‍රදේශයට ළං වෙන්නට සුද්දා සමත් වෙලා තියෙනවා. ඒත් මේ මාර්ගය හදලා අවසන් වෙන තුරුම සුද්දට තමන් රැවැටුණු බව නොතේරුණා කියලයි ජනප්‍රවාදයෙ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. එහෙම නැත්නම් තමන් ලංකාවේ වැද්දකුට රැවැටුණාය කියන එක පිළිගන්න අකැමැති නිසා ඒ බව නොදන්නා ලෙසම සිටියාද කියලත් හිතන්න ඉඩ තිබෙනවා. හැබැයි මේ පාර හදන්න උපදෙස් දුන්නු වැදි නායකයා ඉන් පස්සේ කවදාවත් සුද්දා හමු නොවූ බව තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරෙයි! හිමිවරුනුත් ආවාසවලම නිරෝධායනයට!

Next Post

තාමත් රැකියාවක් හොයනවාද…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.