• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පිරිමින් තිස්දෙනෙකු සරණ පාවාගත් අනුලා රැජිනට වැරැදුණු තැන…

October 10, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පිරිමින් තිස්දෙනෙකු සරණ පාවාගත් අනුලා රැජිනට වැරැදුණු තැන…
Share on WhatsAppShare on Facebook

කඩවසම් පිරිමියකු නෙත ගැටුණු විගස ඇගේ දෑස් නොසන්සුන් වන්නීය. ඒ මේ අත චලනය වන දෑසින් ඈ එම තරුණයාගේ අඟපසඟ පමණක් නොව සිතද කියවන්නීය. දෙනෙතින් මුවින් අංග චලනයෙන් ඉඟි කරන්නීය. අවසන එකී පුරුෂයාගේ සිතැඟි කෙසේදැයි අනුමාන කරන්නීය. ඔහු කෙරෙහි තම සිතේ ආශාවක් ආදරයක් උපන් බව ඇගේ දෙනෙතින් පෙන්නුම් කරන්නීය. ඒ බව එකී තරුණයාට දන්වන්නට ඈ හැටහතර මායමටත් වඩා මායම් දැන උන්නාය. තමා වැනි අතිශය රූමත් රාගී කාන්තාවකට අකැමැති වන පිරිමියකු වේ නම් හෙතෙම බෙලහීනයකු පමණකැයි දැන සිටි ඇය තමාගේ සිත් ගත් පුරුෂයා කලකට හෝ තමාගේ කරගන්නීය. ඔහුට ලබාදිය හැකි විශේෂම තනතුරක්ද පිරිනමමිනි. ඒ, හෙළ රාජ්‍යත්වයේ කිරුළයි.

ඇගේ රුවටත්, අනඟ රුඟුමටත් වසඟ වූවෝ හෙළ කිරුළ සැලකුවේ දෙවැනි කොට යැයි පැවැසුවද වරදක් නොවේ. මෙලෙසින් තමාට ඔහු ඕනෑ යැයි සිතක් පහළ වූ විගස එම පුරුෂයාව තම වල්ලභයා කරගත් කාන්තාවක වූ ඇය හෙළ ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේද විසූ එකම කාමුක රැජින යැයි හඳුන්වාදීමද වරදක් නොවේ යැයි බොහෝ ඉතිහාසඥයෝ මත පළ කරති. කෙසේ නමුත් වල්ලභයන් තිස්දෙනකු සරණ කරගත් ඇය හෙළ රාජාවලියේ පළමු රැජින ලෙස ක්‍රි.පූ. 48-44 දක්වා කාලයේදී රජකම දරුවාය. කාමුක රැජින ලෙස එතෙර මෙතෙර නම රැන්දූ ඒ සුන්දර රූමතිය වෙනකකු නොව අනුලා රැජින නම් වූවාය.

මෙරට රාජ්‍ය පාලනයේ අතිශය දුෂ්ට පාලකයකු සේ ප්‍රසිද්ධව ඇති චෝර නාග රජුගේ බිසව වූයේ මේ අනුලා දේවියයි. ක්‍රි.පූ. 72-63 කාලයේ පැවැති චෝර නාග පාලන කාලයේ දමිළයන් විවිධ අරමුණු ඔස්සේ රටට සමීපවී කටයුතු කළ යුගයකි. චෝර නාග රජුගේ බොහෝ තනතුරු දමළියන් අත්පත් කරගත් අතර අනුලා රැජින චෝර නාග රජු තමාට අවශ්‍ය ආකාරයට පාලනය කරන්නට හැකි ලෙස වසඟ කරගෙන සිටියාය.

එහෙත් ඇගේ රාගී සිත චෝරනාගයන්ගෙන් සෑහීමකට පත්වූයේ නැත. ඒ සිත කුඩා තිස්ස වෙත බැඳුණේ නොසන්සිඳෙන ආශාවන් සනසා ගැනීමට දෙවැනි පියවරට ඇයව යොමු කරවමිනි. ඒ අනුව චෝරනාග රජුට වස දී මරන අනුලා බිසව, කුඩා තිස්ස සිය වල්ලභයා කරගන්නේ සිහසුනේ කිරුළ ඔහුගේ හිස පලඳවමිනි. එහෙත් රජ ගෙදර ඔබමොබ යනෙන අතරේ අනුලා රැජිනට සිව නම් දොරටුපාලයාගේ කඩවසම් පෙනුම දැක දරාගෙන සිටිය නොහැකි තරමේ ආශාවක් උපන්නාය. කුඩා තිස්සට වස දී මරන්නට නොපැකිල වූ අනුලාවන් සිය සිරුරේ අයිතියත් කිරුළේ උරුමයත් සිවට ලබා දුන්නාය. ලංකා ඉතිහාසයේ රජකමේ වගකීම දමිළ දොරටුපාලකයකු අතට පත්වන්නේ ඒ ආකාරයට වුවද, අනුලා රැජිනට එහි වගක් නොවීය. ඇයට අවශ්‍යව තිබුණේ සිය ආශාවන් සන්තර්පනය පමණක්ම වුවද කෙලෙස කවුරුන් සිහසුනේ වාඩි කරවුවද එම පුද්ගලයා තමාගේ වචනයට පිටින් නොයන්නට මෙල්ල කරගන්නට ඇය සිය අනංග රංගනය උපයෝගී කරගත්තාය.

එතෙක් අනුරාධපුරයේ පැවැති ශාසන දියුණුවත්, විනයගරුක බවත් ප්‍රෞඪත්වයත් අනුලා රැජිනගේ මේ ක්‍රියාකලාපය හේතුවෙන් පිරිහීමට පත්වූයේ බලා සිටියදීමය. ධාර්මික රාජ්‍යයක්ව තිබූ අනුරාධපුරයත්, රටත්, රජ මාලිගයත් කාම රාජ්‍යයක් බවට පත්ව තිබුණේය. මාලිගය විනය නීති රීති කිසිවක් නැති තැනක් බවට පත්ව තිබිණි. එක් පුරුෂයකුගෙන් සෑහීමකට පත් නොවූ අනුලා බිසව දොරටුපාලයාටද පාලනය කරගන්නට හැකි නොවීය. අවසානයේ දොරටුපාලයාට වසදී මරාදැමූ ඇය වටුක නම් දමිළයාට ළංවූවාය. වටුක සිහසුනට පත්වෙද්දී හෙළ කිරුළට සැබෑ උරුමයක් තිබූ කූඨකන්න තිස්ස කුමරු මතු දිනයක රාජ්‍යත්වය අපේක්ෂාවෙන් සිය ආරක්ෂාව පතා පැවිදි වූයේ කාමයෙන් උමතු වූ අනුලා රැජිනගෙන් ගැලවී සිටීමේ උපක්‍රමයක් ලෙසිනි.

කෙදිනක හෝ අනුලා රැජිනගේ මේ දුෂ්ට දරදඬු කාමුක පාලනය නවතා රටත් ශාසනයත් ආරක්ෂා කරනවා යැයි කූඨකන්න තිස්ස කුමරුගේ සිතේ අධිෂ්ඨානයක් ඇතිවී තිබිණි.

මේ කාලයේ රටේ සියලු වගකීම් සහිත පාලන බලතල දමිළයන් සතුව තිබූ අතර රජුගේ උපදේශක ආදී තනතුරු දැරුවේද දමිළයන් විසිනි. මේ අතර වටුකගේ ක්‍රියාකලාපයන්ගෙන් සිය සිතැඟි මනස ඉටු නොවෙතැයි සිතූ අනුලා රැජින දරුනාටිකතිස්ස තම වසඟයට ගන්නේ වටුකට වස දී මරාදමමිනි.

පිරිමින් කෙරෙහි අතිශය ළොල්ව කටයුතු කළ අනුලා, පිරිමින් තිස්දෙනකු සිය සැමියන් කරගත්තාය. ඇගේ මේ නොසන්සිඳෙන ආශා ගින්න නිසාම රාජ්‍යයේ උපදේශකයකු වූ නිළිය බමුණාටත් ඇගේ වල්ලභයකු වීමට අවස්ථාව හිමිවිය. එහෙත් ඇගේ කාම ගින්න නිවා දමන්නට ඔහුටත් හැකි නොවීම අරුමයක් නොවේ. ඒ, ඇගේ සිත කිසිවකින් සෑහීමකට පත් නොවන නිසාමය. ඇයට ඒ සෑම වල්ලභයකු කෙරෙන්ම පෙනුණේ අඩුවකි. මොහුට වඩා තවත් ශක්තිමත් කඩවසම් පුරුෂයකු වේ නම් හොඳ යැයි සිතමින් ඇය එවැනි පුරුෂයකු හමුවන තුරු සිය කාම ගින්න නොනිමා පවත්වාගෙන ගියාය. නිළියගෙන් පසුව අනුලා රැජිනට හෙළ රජ කිරුළ පිළිබඳ ආශාවක් උපන්නා විය යුතුය. ඒ අනුව නිළිය බමුණාට වස දී මරාදැමූ ඇය, ලංකා ඉතිහාසයේ පළමු රැජින ලෙස ක්‍රි.පූ. 48-44 දක්වා කාලයේ කිරුළ දැරුවාය. මේ කාලය රටටත් ජනතාවටත් ඉතා අඳුරු කාලයක් වූ අතර මහණදම් පුරමින් සිටි කූඨකන්න තිස්ස සිවුරෙන් මිදී රටත් ජනතාවත් අනුලාවගෙන් බේරාගනිමියි සිතා අනුලා හා සටනට පැමිණියේය. මරණයට අතිශයින්ම බිය වූ අනුලා රැජින ඉන් බේරීමට කළ හැකි සියල්ල කළද අවසන් මොහොතේ කූඨකන්න තිස්ස අතින් මරණයට පත්වන්නට ඇයට සිදුවිය.

රටත් ශාසනයත් අනතුරට අඳුරට හෙළා කාම ගින්නෙන් දැවුණු කාම ධේනුවක විසූ රාජ මාලිගය කෙරෙහි නොපැහැදුණු කූඨකන්න තිස්ස, මාලිගය ගිනිබත් කර දැමුවේ ඇගේ අපිරිසිදු මතකයන් රටේ ජනතාව කෙරෙන් තුරන් කිරීමේ අරමුණ ඇතිවය. එහෙත් එයින් මතුවටද රැජිනක සිහසුනට පත්වීම ගැන ජනතාව සිටියේ දෙගිඩියාවෙනි. බියෙනි. ඒ තරමටම අනුලාගේ පාලන කාලය ජනතාවගේ සිත් සතන් තුළ අප්‍රසාදයට පත්ව තිබිණි.

කාලයක් පුරා පිරිමින් තිස් දෙනකු හා සරණ යමින් ඔවුන් වස දී ඝාතනය කරන්නට තරම් සූක්ෂ්ම වූ අනුලා රැජින, මේ සියලු පිරිමින් එලෙස සූක්ෂ්ම ඝාතන සඳහා යොදාගත්තේ කිනම් වස වර්ගයක්ද යන්න එතෙක් මෙතෙක් හෙළි නොවූ රහසක් බවට පත්ව ඇතත් ජනප්‍රවාදයන්ට අනුව ඇය මේ පිරිමින් මරණයට පත් කිරීමට භාවිත කර ඇත්තේ කිසිවකුත් නොසිතන එහෙත් ඉතා පහසුවෙන් සොයාගත හැකි යම් ද්‍රව්‍යයන් කිහිපයක් එකතු කරමින්ය. එම වස මිශ්‍රණය ඇය විසින්ම සොයාගත් විශේෂ මිශ්‍රණයක් බවත් විවිධ ජනප්‍රවාදවල අදටත් පැවැත එයි.

කෙසේ නමුත් නොසන්සිඳෙන කාම ගින්නෙන් දැවුණු අනුලා රැජිනගේ අවසානය මරණයෙන් කෙළවර වන තෙක්ම ඇගේ ආශාවන් කෙළවර වූ බවක් හඳුනාගන්නට නැත.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

පැන්ඩෝරාවෙන් ආණ්ඩුව හෙල්ලෙයි! මහින්ද-බැසිල්-නාමල්ගෙන් මහින්දට ඇමතුම්! ජනපතිගේ මේසයට ආ රහස් වාර්තාව! සජිත්ගෙන් ආණ්ඩුවට කොන්දේසි! (රාජ්‍ය රහස්)

Next Post

ඔබේ වාසනාව අවසන් වෙයිද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.