වසර දහස් ගණනකට එහා දිගු ඉතිහාසයකට එහා සිට ඇදහිය නොහැකි මහා වික්‍රමයන් කළ හෙළයා එදා මුළු විශ්වයේම ක්‍රියාකාරිත්වය විවිධාකාරයෙන් පාලනය කරන්නට ඇත. වලාකුළු, සුළං, අව්ව, වැස්ස පමණක් නොව, හිරුගේ රශ්මි ධාරාවන්ගෙන් පවා විස්මිත ප්‍රයෝජන ගන්නට සමත්කම් පාන්නට ඇත.
මේසා විශාල වික්‍රමයන් කිරීමෙහිලා ප්‍රධාන කොටම සැලකෙන නාමයන් අතර රාවණා නාමයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එදා සිය අසීමිත ශක්තියෙන් විශ්වයේ පාලන බලය සියතට ගන්නට සමත්කම් පෑ හෙළ රාවණා ලක්බිමේ තම බලපරාක්‍රමය පැතිරවීමට සුදුසු විශේෂ ස්ථාන රැසක් තෝරාගෙන තිබූ බව ජනප්‍රවාද ඇසුරෙන් සඳහන් වෙයි. එම සුවිශේෂී ස්ථාන අතරින් ලංකාවේ මධ්‍ය ලක්‍ෂ්‍යය සේ සැලකෙන නාලන්දා ගෙඩිගෙය පිහිටි ස්ථානය සුවිශේෂී වන අතර, විශ්වයේ සියලු ශක්තීන් තම පාලන බලයට යටත් කර ගනිමින් විශ්ව ශක්තිය උපරිම ප්‍රයෝජන ගන්නට රාවණා රජු මෙම ස්ථානය භාවිත කළ බව පැවසේ.
කෙසේ නමුත් අද වෙද්දී නාලන්දා ගෙඩිගේ තිබෙන්නේ එය පෙර පැවැති ස්ථානයේ නොවන මුත්, පෙර ගෙඩිගේ පැවැති ස්ථානය හා සම්බන්ධ විශ්වාසයන් රාශියකි. මහනුවර, යාපනේ ප්‍රධාන මාර්ගයේ මාතලේ සිට දඹුල්ල දක්වා ගමන් කොට හතළිස්අට සැතපුම් කණුව ආසන්නයේ දකුණු දිශාවට වන්නට මෙම සුවිශේෂී ස්ථානය පිහිටා තිබේ. අඩු ගුරුත්වාකර්ෂණ බලයක් හා වැඩි විශ්ව ශක්තියක් මේ ස්ථානයේ තිබෙන බවට පිළිගැනෙන අතර මෙම ස්ථානය ලංකාවේ හරි මැද බවට අදාළ මැනුම් වාර්තාවලින්ද හෙළිව ඇති බව පැවසෙනවා.
නාලන්දා ගෙඩිගෙය රාවණා රජුගේ නිර්මාණයක් බවට අද වෙද්දී බොහෝ දෙනකුගේ පිළිගැනීම වී ඇති අතර, රාවණා රජු සූර්ය බලයෙන් වැඩගත් විශිෂ්ට හෙළයෙක් ලෙසටයි සැලකෙන්නේ. එසේම ඔහු සූර්ය ලිත හෙවත් ශිවා ලිත භාවිත කළ මහා විiාඥයකු ලෙසද ප්‍රකටය. ශිවා ලිත වර්තමානයේද ඌව ප්‍රදේශයේ ජ්‍යොතිෂවේදීන් භාවිත කරන්නකි.
නාලන්දා ගෙඩිගේ සම්බන්ධව ඇති තවත් මතයක් වන්නේ ඍෂිවරයා මියයෑමෙන් පසු ආදාහනය කරන ලද ස්ථානයේ නාලන්දා ගෙඩිගෙය ඉදිකළාය යන්නයි. කුමන හේතුවක් මුල්කොට රාවණා රජු මෙම ඉදිකිරීම කළද එහි අවසන් අරමුණ වී ඇත්තේ සූර්ය ශක්තිය සහ විශ්ව ශක්තිය භාවිතයට ගෙන ජනතාවට උපරිම ආරක්‍ෂාවක් සැපයීමත්, විශ්වය හා සබඳතා පවත්වා සිය බලය විශ්වය තුළ පතුරවා හැරීමක් බව නම් රහසක් නොවේ.
වර්තමානය වෙද්දී සොයාගෙන ඇති කරුණු කාරණා අනුව විශ්වය රඳාපවතින්නේ සූර්ය ශක්තිය මත යන්න රහසක් නොවේ. මෙය නවීන විiාවෙන් සොයා ගන්නට වසර දහස් ගණනකට පෙර හෙළ රාවණා රජු සොයාගෙන තිබූ බව මෙයින් පැහැදිලි වේ.
නාලන්දා ගෙඩිගෙය නිර්මාණය කර ඇත්තේ සූර්ය ශක්තිය පොළොවට ආකර්ෂණය කරගත හැකි අයුරින් වන අතර, මෙය අංගසම්පූර්ණ වාස්තු සිද්ධාන්තවලට අනුකූලව ඉදිකළ නිර්මාණයක් ලෙසද සැලකෙනවා. එම වාස්තු සිද්ධාන්ත ගළපා ඇත්තේ විශ්වයේ ශක්තිය මනා ලෙස ගෙඩිගෙය හරහා ලැබෙන ආකාරයට බවටත් විශ්වාස කෙරෙනවා. ඒ අනුව සූර්ය ශක්තියෙන් එන විශ්ව ශක්තිය නාලන්දා ගෙඩිගෙයි පැති හතරෙන් ඇදගන්නා අතර, ඉන්පසු එම ශක්තිය ගෙඩිගේ හරි මැදට ඒකරාශි වීමක් සිදුවන බවටත්, එයින් සිවු හෙළයටම අවශ්‍ය ශක්තිය ලැබෙන බවටත් විශ්වාස කෙරෙනවා.
මෙහි සියලු අංගයන් කළුගලින් පමණක් නිර්මාණය කර ඇති අතර, එමගින් විශ්ව ශක්තිය කිසිදු අයුරකින් අපතේ නොයා ලබාදෙන බවටත් පැවසෙනවා. එමෙන්ම මෙහි විශ්වයේ රහස් තාරකා දොරටු විවර කර ගන්නට අවශ්‍ය ඉදිකිරීම් බොහෝමයක් තිබූ බවටත් සාක්‍ෂි සාධක තිබෙනවා. කළු කුහරය, රාශි චක්‍රය, පිටසක්වළ රූප මහා මේරු සිද්ධාන්තය මෙහි දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ හා සමානව මේ අවට විසිරුණු විශ්ව ශක්තිය ඇදගැනීමට භාවිත කළ යාගහෝම කුටි, භාවනා කුටි, ගුවන් පථය, විමාන අංගණ ආදිය මේ වන විට විනාශ වී ඇති බවට අනුමාන කළ හැකියි.
පෙර විශ්ව ශක්තිය ආකර්ෂණය වන අයුරින් නිර්මාණය කළ නාලන්දා ගෙඩිගෙය ඇදනොවන අතර, අද දක්නට ඇත්තේ එහි නව ඉදිකිරීමක් ලෙසටයි. එනිසා මෙහි පෙර තිබූ විශ්ව ශක්තිය ඇත්ද යන්න සැකසහිතය.
පුරාවිiාඥ එච්. සී. පී. බෙල් මහතා 1893දී නාලන්දා ගෙඩිගේ පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, රජය මැදිහත්ව පස්වලින් යටව තිබූ එහි දකුණු පස කොටස් රැසක් පාදාගෙන තිබේ. ඉන්පසු බෙල් මහතා විශ්‍රාම යෑමත් සමග එම කටයුතු ගැන නැවත අවධානය යොමු වන්නේ මහවැලි ව්‍යාපාරයේ බෝවතැන්න ජලාශ ව්‍යාපෘතියත් සමගය.
ජලාශය ඉදිකිරීමෙන් පසු ගෙඩිගේ යට වීමේ අනතුර හඳුනාගත් පසු එය කොටස් වශයෙන් අංක යොදා ගලවා ඉවත් කොට වර්තමානයේ ඇති ස්ථානයේ අඩි 27ක් උස පස් තට්ටුවක් අතුරා ඒ මත යළිත් ගෙඩිගේ ඉදිකළ බවයි පැවසෙන්නේ. ඒ අනුව සලකද්දී රාවණා රජු විශ්වය හා ගනුදෙනු කළ, තරු දොරටු විවර කර ගනිමින් විස්මිත හපන්කම් කළ ලංකා පොළොවේ මධ්‍ය ලක්‍ෂ්‍ය අද වෙද්දී ජලයෙන් යටවී ඇති බව රහසක් නොවේ. ඒ බෝවතැන්න ජලාශය නිසාවෙනි. ජලයෙන් වැසුණු එම මධ්‍ය ලක්‍ෂ්‍යය වෙත විශ්ව ශක්තිය කෙලෙස ලැබෙනවාද යන්න නම් රහසක කාරණාවක්ම පමණකි.
කුමාර රත්නායක











