තවමත් ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ප්‍රසිද්ධියේ සංවාදයට ලක් නොවන මාතෘකාවක් ලෙස මාස් ශුද්ධිය හෙවත් ආර්ථව වීම හැඳින්විය හැකිය. මෙම කරුණු ප්‍රසිද්ධියේ සාක්ච්ඡා වීම සමාජය තුළ අපකීර්තියට ලක්වීමක් ලෙසද සැලකේ. අපගේ සංස්කෘතිය හා බැඳුණු ඇතැම් ආකල්පයන් හේතුවෙන් ආර්ථව වීම සහ ඊට අදාළ සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳ සමාජය තුළ ඇත්තේ උදාසීන ආකල්පයකි.
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වූවද මාස් ශුද්ධිය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ සහ ඊට ඇති පිළියම් පිළිබඳ ඔවුන් තුළද ඇත්තේ අඩු අවධානයකි.
ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල් සේවාවේ ප්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය කාන්තාවන්ගේ ආර්ථව චක්‍රය හා බැඳුණු රෝගාබාධ සඳහා ප්‍රශස්ත වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් සහ විශේෂඥ වෛද්‍ය සහාය ලබාදෙයි.
නවලෝක Serene Centerහිදී සුවනාරි සායන සහ කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍ය සඳහා බලපාන රෝගාබාධ සඳහා ප්‍රතිකාර, පරීක්ෂණ පහසුකම්, පැප් පරීක්ෂණ, මැමෝග්‍රෑම් පරීක්ෂණ, පළපුරුදු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සහාය ඇතිව සිදුකර ගැනීමේ හැකියාව ලබා දී ඇත.











