• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලිය කුලරත්නගේ දම්රුවන් සාර සංග්‍රහය…

September 21, 2022
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලිය කුලරත්නගේ දම්රුවන් සාර සංග්‍රහය…
Share on WhatsAppShare on Facebook

මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන් ප්‍රකාශිත දම්රුවන් සාර සංග්‍රහය ග්‍රන්ථය ශාස්ත්‍රපති පූජ්‍ය ගොඩගම ධම්මකිත්ති හිමි, දර්ශනපති පූජ්‍ය මාදිපොල විමලකිත්ති හිමි හා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් තල්වත්ත එක්ව සංස්කරණය කළ විවිධ විෂය පිළිබඳ නොයෙක් විද්වතුන් ලියූ සාරගර්භ ලිපි එකතුවකි. මෙම ග්‍රන්ථය ඓතිහාසික හා යුග සංක්‍රාන්තියක සංධිස්ථානයක් නියෝජනය කරන බවද කිවයුතු වේ. එනම් මෙම ග්‍රන්ථය පූජ්‍ය වතුරකුඹුරේ ධම්මකිත්ති හිමියන්ගේ සමාජ හා ජාතික සත්කාරයන් විෂයෙහි උපහාර මුඛයෙන් සම්පාදනය වූ ශාස්ත්‍රීය සංග්‍රහයක් වන බැවිනි.

පූජ්‍ය වතුරකුඹුරේ ධර්මකිත්ති තරුණ හිමියෝ වනාහි ඓතිහාසික වැදගත්කමින් යුත් මහනුවර නෙල්ලිගල පුදබිම සහ බළන්ගොඩ කූරගල පුදබිම කාලයාගේ ඇවෑමෙන් කිසිවකුගේ අවධානයකින් තොරව වන වැදීමට ආසන්නව තිබියදී එකී ස්ථාන නැවත පුනර්ජීවනය කරමින් අති ප්‍රකට වන්දනීය ස්ථාන බවට පත් කරලීමේ පුරෝගාමී වූ බුද්ධ පුත්‍රයකු ලෙස මෑත යුගයේ වෙසෙස් අවධානයට පාත්‍ර වූහ. එමතුදු නොවේ උන්වහන්සේ අනවධානයට පත් තවත් හුදෙකලා බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය කොට ඒ ස්ථාන යළිත් උවසු උවැසියන්ගේ වන්දනීය පුදබිම් බවට පත්කරලීමේ අප්‍රතිහත ප්‍රෝත්සාහයකටද දායක වූ මේ යුගයේ ආදර්ශයට ගත යුතු තරුණ හිමිනමක වීම මෙවන් ග්‍රන්ථයකින් උවසර ලැබීමේ හේතුව වෙයි.දම්රුවන් සාර සංග්‍රහය විවිධ විෂය පරාස පිළිබඳ ප්‍රවීණ උගතුන් රැසකගේ සාරගර්භ ලිපි ලේඛනවලින් සමුපේත වූ බව යට දක්වන ලදී.මෙම වැදගත් ග්‍රන්ථය සඳහා ශාස්ත්‍රීය උපදේශකත්වය ලබාදුන් මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලේ අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ කරුණෙහිදී නිරාමිස ආනන්දයට පත්ව සිටි මේ ප්‍රබල කරුණක් පවතී. ඒ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මකිත්ති හිමියන් වූ කලී ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමියන්ගේ සිසුරුවනක වන බැවිනි. වත්මන් යුගය සංස්කෘතික කර්මාන්ත (Cultural Industry) පෙරටුකරගත් යුගයක් බව වෝල්ටර් ලිප්මන් නම් සමාජ ශාස්ත්‍රඥයා පවසයි. මේ යුගයෙහි වූ උඩුයටිකුරු වූ පුරුෂාර්ථ අතර ආගමික නායකයන් ද වස්තු සම්පත් රැස්කිරීම කෙරෙහි ලොල් වෙද්දී ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමියන් දහසක් බොදු ගැහැනු පිරිමි දරුවන් සඳහා බෞද්ධ විද්‍යාල දෙක නිර්මාතෘ වන අතරේම සැදැහැතියන්ගේ සිත් සතන් බෞද්ධ පුරුෂාර්ථයෙන් සන්නද්ධ කරලීම අරමුණු කරගනිමින් මෙවන් ශිෂ්‍ය ශ්‍රාවකයන්ද බිහි කළහ. සංයුක්ත නිකායේ ආදිච්ච වග්ගයේ වන රෝප සුතුරෙහි කියවෙන ගාථාවක් මෙපරිදි වේ.

‘ආරාමරෝපා වන රෝපා
යේ ජනා සේතු කාරකා
පපංච උද පානං ච
යෙ දදන්ති උපස්සයං’

(යම් කෙනෙක් සතුනටද මිනිසුනට ද සුව සලසා වන ගුල්ම රෝපණය කෙරේ ද, දුෂ්කර මං මාවත් හෙළි කොට පාලම් ආදිය බඳවයි ද, පොකුණු හා වාසස්ථාන ඉදිකරයි ද, ඔවුහු දිවා රෑ එක්රැස් වන පුණ්‍ය සම්භාරය හේතුකොටගෙන දිවි කෙළවර ස්වර්ගගත වෙති.)

ඒ අනුව දහසක් ජනයාගේ සිත් සතන් ආගමික සැදැහෙන් හා නිරාමිස හැඟීමෙන් පුබුදු කරවන ආගමික ස්ථාන ආරාම හා ප්‍රසාද සංවේග උපදවන පරිසර තැනීම මේ තාක්ෂණික යුගයේ වුවද අතිශයින් මාහැඟි කටයුත්තකි. මෙය සිඟාලෝවාද සුතුරෙහි අවධාරණය වන අනවජ්ජ සුඛය හෙවත් චර්යා වර්ධනයකි. තායිලන්තයේ Buddha Education Foundation නම් ජාත්‍යන්තර ආයතනයෙන් මුද්‍රණය කොට ලොව පුරා බෙදාහැර ඇති ‘බෞද්ධ දර්ශනයේ බුද්ධිමත් ආකල්ප’ (Gems of Buddhist Wisdom) නම් ග්‍රන්ථයේ ද පැහැදිලි කෙරෙනුයේ අධිවේගෙන් අරමුණු වෙනස් වන තරඟකාරී වූ මේ නූතන ලෝකයේ සාමාන්‍ය ජනයාගේ සිත්සතන් ඒකාග්‍ර කිරීමද සමාජ සත්කාරයක් වන බවය. මෙවන් ආකල්පමය ගුණයකින් සාමාන්‍ය ප්‍රජාවට යහපත සැලසූ එම බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ මනුෂ්‍යත්වය පිළිබඳ කීර්තිය තවත් ඔපවත් වීමෙහිලා විවිධ විෂයයන් වෙත විද්වත් ප්‍රවේශයක් සලසමින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන් ප්‍රකාශිත මේ හරවත් ලිපි සරණිය අතිශයින් කාලෝචිත බුද්ධි සමර්පණයක් ලෙස අගය කරමි.

SendShareShare
Previous Post

රටේ ප්‍රශ්න විසඳනවට වඩා ජනාධිපතිට ලොකුයි බකිංහැම් මාලිගාවට ගිහින් රැජිනට ශෝකය පළ කරන එක! ඒවට ඩොලර් තියෙනවා! දැන් ජනාධිපති‌ ලේකම් කාර්යාලයේ එංගලන්ත කොඩියත් අඩකුඹු කරලා! තාම හිතන්නේ පරණ විදිහට! විමල් පරල වෙයි! (VIDEO)

Next Post

කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.